IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


උපවාස පිට උපවාස

බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමයත් ඒ ආසන්නයේ පිහිටි විශ්ව සමාධි ධර්මායතනයත් අතර  පවත්නා ආරවුලට සම්බන්ධ සියලු පාර්ශව  බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට බදාදා(18) කැඳවා ඇත.

බුද්ධ ශාසන අමාත්‍යංශය හා පොලීසියද ඊට සහභාගී වීමට නියමිතය.

 ධර්මායතනය පසුගිය 12 වැනිදා ගිනි තැබිණි.

මෙම පන්සල යළි ඉඳි නොකරන්නැයි  ඈගල්ල සුනන්දාරාමාධිපති නවදගල චන්ද්‍රසිරි හිමි අද තුන්වැනි දිනයටත් උපවාසයේ යෙදී සිටීති.

දිවලකඩ විහාරාධිපති  ඤාණසාර හිමියෝද  බුලත්සිංහල නන්දසාර හිමියෝද ඒ හිමියන්ගේ සහයට  අද (17) උපවාසයට එක් වුහ.

 විශ්ව සමාධි ධර්මායතනයේ පැවැත්ම සහතික කරන ලෙස ඉල්ලමින්  වෑවල සීලරතන හිමියෝද අද උපවාසයක් ඇරැඹුහ.

 

 

 

 

 



අදහස් (0)

උපවාස පිට උපවාස

පද්මිණි Tuesday, 17 September 2013 09:32 PM

අයි, අනිත් පන්සල හැදුනම දෙකට බෙදෙන නිසාද හාමුදුරුවනේ? (අ)

:       0       0

සුජීව Tuesday, 17 September 2013 09:54 PM

පන්සල් නම් කොච්චර හැදුනත් වැරැද්දක් නැහැ තමයි. ඒත් එක ගමක් ඇතුලේ පන්සල් 2ක් හදාගෙන ගමේ මිනිස්සු 2ට බෙදෙන්නේ මොකටද..? බුදුදහම මහායාන,ථෙරවාද කියල බෙදුනා. ඊට පස්සේ ලංකාවේදී සියම් නිකාය, මල්වතු,අස්ගිරි..කුල කීයකට බෙදිලද? හැම හාමුදුරු නමක්ම අපේක්ෂා කරන්නේ ජනතාවට සේවයක් කරන්න නම් අපේ දේශපාලන පක්ෂ බෙදුනා වගේ බෙදෙන්නේ ඇයි කියන එක තමයි හිතල බලන්න ඕනේ. මේ දේවල් වලින් වෙන්නේ මිනිස්සුන්ට අපේ හාමුදුරුවරු ගැන තියෙන පැහැදීම නැති වෙන එක විතරයි.(නදී)

:       0       0

සුමේධ Wednesday, 18 September 2013 11:10 AM

වර්තමානයේ භික්ෂුන් වහන්සේලා තථාගත ශ්‍රී සද්ධර්මයේ ගැඹුරු ධර්ම කාරනා ඉගෙන ගන්නවා වෙනුවට ඉගෙන ගන්නේ භෞතිකත්වය අරමුණු කරගත් ලෞකික විෂයන්. මේ හේතුවෙන් සිද්ධ වන්නේ උත්තරීතර මනුස්ස ධර්මයන් චිත්ත සන්තානයේ ඇතිවෙනවා වෙනුවට වෛරය, හිංසාව, ඊර්ෂ්‍යාව, ආත්මාර්තකාමය වැනි පටු ආකල්ප ඇතිකරගෙන තමනුත් වැනසිලා බුද්ධ ශාසනයත් වනසන එකයි. ඒ නිසා ශ්‍රී සුනන්දාරාමයේ මහා නායක හාමුදුරුවනේ මේ ගැන මදක් සිතන්න. (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 17 September 2013 10:37 PM

ගිහි බෞද්ධයෝ ශාසනය රැකගන්න දිව රෑ වෙහෙසෙනවා. තණ්හාව, ක්‍රෝධය හිතේ පුරවාගත් සිවුරු පොරොවාගත් අය තම ආත්ම ලාබය තකා බෞද්ධයන්වම විකුණාගෙන කනවා. කෝටියක් නැහැදිච්චකම් ගැන කියන්න ලැජ්ජයි. මම හොද බෞද්ධයෙක්.අන්‍ය ලබ්ධිකයෙක් නොවෙයි (නි)

:       0       0

රෝහණ Wednesday, 18 September 2013 11:46 AM

මේ සංඝයා වහන්සේලා මහජනතාවට දෙන ආදර්ශයද? කොහොමද මෙවැනි සංඝයා වහන්සේලා මහජනතාවගේ ආරවුලක් වුන අවස්ථාවකදී අර්ථයෙන් ධර්මයෙන් අවවාද දෙන්නේ. අර කතාවක් තිබෙනවානේ “ඔවා දෙනු පරහට තමන් සම්මයේ සිට කියලා“. කොළඹ 5 පන්සල් තුනක් සීමාවක දුරින් තිබෙනවා. වජිරාරාමය, අශෝකාරාමය, ඉසිපතනාරාමය මෙම පුජනීය ස්ථාන වලින් කලේ බුදු දහම පැතිරීම මිස කුලල් ක ගැනීම නොවේ. (ස)

:       0       0

අසෝක Tuesday, 17 September 2013 11:32 PM

හාමුදුරුවරුන්ට එකට ඉන්න බැරි එකේ තව කොහොමද මිනිසුන්ට බණ දේශනා කරන්නේ? ඔය වැඩේට නෙමෙයි උපවාස කරනවා නම් කරන්න ඕනෑ. කමකට නැති උපවාස කරලා බුදු දහම වනසන්න එපා. (නි)

:       0       0

කුමාරි Wednesday, 18 September 2013 12:07 AM

බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් උන්වහන්සේ නැවතත් පාරිලෙය්‍ය වනයට වඩිනවා. (නි)

:       0       0

වරුණ Tuesday, 17 September 2013 04:48 PM

නිර්මල බුදුදහම හෑල්ලුවට ලක්කරන එක තමා හැමෝම කරන්නේ (නි)

:       0       0

සුගත් Tuesday, 17 September 2013 04:59 PM

ඉතින් බුද්ධාගම නැති වෙන එක අහන්න දෙයක්ද? අපේ අයම තමයි බුද්ධාගම නැති කර ගන්නේ. අපිට තව පන්සල් ඕනෑ. (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Tuesday, 17 September 2013 05:00 PM

බුදු බනේ ඔහොම තියෙනවද අපේ හාමුදුරුවනේ? (නි)

:       0       0

ගාමිණි Tuesday, 17 September 2013 05:04 PM

එකට ඉන්න බැරි ජාතියක් තමයි හාමුදුරුවරු කියන්නේ. මස් කඩවලට කළ දෙවල්මයි මේවටත් වෙන්නේ (නි)

:       0       0

නිශාන් Tuesday, 17 September 2013 05:05 PM

ටික දවසක් යනකොට කුමක් වෙයිද මන්දා (නි)

:       0       0

හේරත් Wednesday, 18 September 2013 02:06 AM

දේවදත්තට ආරාධනා නැද්ද? (නි)

:       0       0

ආනන්ද Wednesday, 18 September 2013 05:54 AM

අනේ මන්දා අපේ රටට ගිය කලක්. කෝ අර සංවිධාන වල්.(නදී)

:       0       0

සුනිල් අබේරත්න Tuesday, 17 September 2013 05:51 PM

බුලත්සිංහල ඈගල්ඔය කියන්නේ පර්චස් දහය පහළොව ඉඩම් තිබෙන ගම් නොවේ.ජනගහනය විසිරිලා ඉන්නේ ලොකු ඉඩම් වලට ,අද කාලෙ මිනුස්සුන්ගේ කාර්යබහුලත්වයත් එක්ක පන්සල් දෙකක් තිබුනට වැඩි නැහැ. අපි ඉන්න සෞදි අරාබියේ ගෙවල් දහයකට එක පල්ලියක් ගානෙ තියෙනවා. ඉස්සර ගම් ගොඩ නැගුනේ පන්සල මූලික කරගෙන. අපි නිර්මල බුදුදහම අදහන රටක්. මෙහෙම පන්සල් ගිනි තියනකොට ලෝකයා අපිට හිනා වෙනවා (නි)

:       0       0

ජබීර් Wednesday, 18 September 2013 06:19 AM

විශ්ව සමාධි ධර්මායතනයේ නායක ස්වාමින් ඉතාම ලාබාල ස්වාමින් වහන්සේ කෙනෙක්.තවම නායකත්වයට දැනුම අවබෝදය මදි නේද?ඒකයි ප්‍රශ්නය.ධර්මය ප්‍රචාරයේදී මුහුකුරාව අවබෝධය විනය ඉතාම අත්‍යවශ්‍යය දෙයක් (නි)

:       0       0

නිශා Tuesday, 17 September 2013 05:58 PM

අනුන් හැදෙන්න ඉස්සර තමන් හැදිලා ඉන්න ඕනා. කඩේ යන සංවිධාන මේවට කතා කරන්නේ නෑ. ඕන තරම් ජාති වාදයක් අවුස්සලා ලේ විලක් කරන්න තමයි ඉන්නේ. බුද්ධාගම හෑල්ලුවට ලක් කරලා ඉවරයි.(නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 18 September 2013 06:42 AM

පින්වත් දායක මහත්වරුනේ මේ පන්සල් වල සමගිය ඇති වන තුරු දාන මාන නොදී අත්හරින්න. දාන මාන නොදී හිටියාම සමගි වෙන්න සිද්ද වෙනවා. ලාභ සත්කාරවලට තියෙන තණ්හාව. බුදු හාමුදුරුවෝ අනුගමනය කරමින් බ්‍රහ්ම දණ්ඩනය දිය යුතුමයි. ශාසනය අතුරුදහන් කරන්න අවස්ථාව නොදිය යුතුයි. වහාම ධර්ම සංඝායනාවක් කරන්න. සතර වරම් දෙවියන්ටවත් සිතක් පහළවේවා , අපේ රටටත් බුද්ධාගමටත් , කාගෙවත් පිහිටක් නැද්දෝ.(නදී)

:       0       0

රවී Wednesday, 18 September 2013 01:26 PM

හැම ගෙයක්ම පන්සලක් වෙන්න ඕනේ කාලය ඇවිල්ලා. මේගොල්ලෝ පන්සලකට උපවාස. බාර් එකක් දැම්මනම් බලාගන්න තිබ්බා.(නදී)

:       0       0

ලංකර හිමි Wednesday, 18 September 2013 07:17 AM

හාමුදුරුවරු මොනවද මේ කරන විකාර. කට්ටියක් ඉන්දියන් මිත්‍යාවක් අල්ලාගෙන විකාරයක් කරනවා. උඩ බලාගෙන කෙල ගසා ගන්න එපා. ලංකාවේ පන්සල් විශාල ප්‍රමාණයක හාමුදුරුවරු නැහැ කියල පුවතක් තිබුනා. එහෙනම් මොන එහෙකටද ඕක අස්සෙම තවත් පන්සල් හදන්න යන්නේ. සේවයක් කරන්න ඕනිනම් එන්න දුෂ්කර පළාතකට.(නදී)

:       0       0

නිල්කමල් Wednesday, 18 September 2013 07:30 AM

මේකත් අන්‍යාගම් වල කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ? (නි)

:       0       0

රණා Tuesday, 17 September 2013 06:25 PM

සිවුරත් පාත්‍රයත් පමණක් හිමිවූ, නිහතමානී, මුදු, නිවනට මග පිළිවත් පුරන භික්ෂුන් අදද මේ පොළව මත සිටී. දුෂිතයෝ හොර රහසේ මෙම භික්ෂුන්ට එරෙහිව කටයුතු කිරීමට ඇතැමුන් පොළබවන බවත් පෙනී යයි (නි)

:       0       0

ඉෂාන් Tuesday, 17 September 2013 06:28 PM

නිර්මල බුදු දහමට නිගා දෙන්නේ (අ)

:       0       0

අචිනි Wednesday, 18 September 2013 02:16 PM

ඇයි මෙහෙම කරන්නේ.(නදී)

:       0       0

මහින්ද Tuesday, 17 September 2013 08:14 PM

තණ්හාය ජායති සෝකෝ ....මිනිසුන්ට කලින් සංඝයා වහන්සේලා අල්පේච්ච වියයුතු වෙනවා (අ)

:       0       0

රතන Tuesday, 17 September 2013 08:35 PM

විශ්ව සමධි ධර්මායතනට මේතරමි විරැද්ධ වන්නේ ඇයි? ඒඅයෙ බෞද්ධ භික්‍ෂුහු නොවෙයි? ආරාමය ගිනි තැබීමට හවුල් වීම මහ පවක්.මේ අයෙග් ක්‍රියා කලාපයමේ අයෙග් පිරිහීම මිස,බුද්ධ ධර්මය කිසිදිනනොපිරිහෙනු ඇත. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 833 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5226 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3052 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1415 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1522 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28247 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site