බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමයත් ඒ ආසන්නයේ පිහිටි විශ්ව සමාධි ධර්මායතනයත් අතර පවත්නා ආරවුලට සම්බන්ධ සියලු පාර්ශව බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට බදාදා(18) කැඳවා ඇත.
බුද්ධ ශාසන අමාත්‍යංශය හා පොලීසියද ඊට සහභාගී වීමට නියමිතය.
ධර්මායතනය පසුගිය 12 වැනිදා ගිනි තැබිණි.
මෙම පන්සල යළි ඉඳි නොකරන්නැයි ඈගල්ල සුනන්දාරාමාධිපති නවදගල චන්ද්‍රසිරි හිමි අද තුන්වැනි දිනයටත් උපවාසයේ යෙදී සිටීති.
දිවලකඩ විහාරාධිපති ඤාණසාර හිමියෝද බුලත්සිංහල නන්දසාර හිමියෝද ඒ හිමියන්ගේ සහයට අද (17) උපවාසයට එක් වුහ.
විශ්ව සමාධි ධර්මායතනයේ පැවැත්ම සහතික කරන ලෙස ඉල්ලමින් වෑවල සීලරතන හිමියෝද අද උපවාසයක් ඇරැඹුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහි බෞද්ධයෝ ශාසනය රැකගන්න දිව රෑ වෙහෙසෙනවා. තණ්හාව, ක්‍රෝධය හිතේ පුරවාගත් සිවුරු පොරොවාගත් අය තම ආත්ම ලාබය තකා බෞද්ධයන්වම විකුණාගෙන කනවා. කෝටියක් නැහැදිච්චකම් ගැන කියන්න ලැජ්ජයි. මම හොද බෞද්ධයෙක්.අන්‍ය ලබ්ධිකයෙක් නොවෙයි (නි)
ඇයි මෙහෙම කරන්නේ.(නදී)
හැම ගෙයක්ම පන්සලක් වෙන්න ඕනේ කාලය ඇවිල්ලා. මේගොල්ලෝ පන්සලකට උපවාස. බාර් එකක් දැම්මනම් බලාගන්න තිබ්බා.(නදී)
මේ සංඝයා වහන්සේලා මහජනතාවට දෙන ආදර්ශයද? කොහොමද මෙවැනි සංඝයා වහන්සේලා මහජනතාවගේ ආරවුලක් වුන අවස්ථාවකදී අර්ථයෙන් ධර්මයෙන් අවවාද දෙන්නේ. අර කතාවක් තිබෙනවානේ “ඔවා දෙනු පරහට තමන් සම්මයේ සිට කියලා“. කොළඹ 5 පන්සල් තුනක් සීමාවක දුරින් තිබෙනවා. වජිරාරාමය, අශෝකාරාමය, ඉසිපතනාරාමය මෙම පුජනීය ස්ථාන වලින් කලේ බුදු දහම පැතිරීම මිස කුලල් ක ගැනීම නොවේ. (ස)
වර්තමානයේ භික්ෂුන් වහන්සේලා තථාගත ශ්‍රී සද්ධර්මයේ ගැඹුරු ධර්ම කාරනා ඉගෙන ගන්නවා වෙනුවට ඉගෙන ගන්නේ භෞතිකත්වය අරමුණු කරගත් ලෞකික විෂයන්. මේ හේතුවෙන් සිද්ධ වන්නේ උත්තරීතර මනුස්ස ධර්මයන් චිත්ත සන්තානයේ ඇතිවෙනවා වෙනුවට වෛරය, හිංසාව, ඊර්ෂ්‍යාව, ආත්මාර්තකාමය වැනි පටු ආකල්ප ඇතිකරගෙන තමනුත් වැනසිලා බුද්ධ ශාසනයත් වනසන එකයි. ඒ නිසා ශ්‍රී සුනන්දාරාමයේ මහා නායක හාමුදුරුවනේ මේ ගැන මදක් සිතන්න. (නි)
මේකත් අන්‍යාගම් වල කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ? (නි)
හාමුදුරුවරු මොනවද මේ කරන විකාර. කට්ටියක් ඉන්දියන් මිත්‍යාවක් අල්ලාගෙන විකාරයක් කරනවා. උඩ බලාගෙන කෙල ගසා ගන්න එපා. ලංකාවේ පන්සල් විශාල ප්‍රමාණයක හාමුදුරුවරු නැහැ කියල පුවතක් තිබුනා. එහෙනම් මොන එහෙකටද ඕක අස්සෙම තවත් පන්සල් හදන්න යන්නේ. සේවයක් කරන්න ඕනිනම් එන්න දුෂ්කර පළාතකට.(නදී)
පින්වත් දායක මහත්වරුනේ මේ පන්සල් වල සමගිය ඇති වන තුරු දාන මාන නොදී අත්හරින්න. දාන මාන නොදී හිටියාම සමගි වෙන්න සිද්ද වෙනවා. ලාභ සත්කාරවලට තියෙන තණ්හාව. බුදු හාමුදුරුවෝ අනුගමනය කරමින් බ්‍රහ්ම දණ්ඩනය දිය යුතුමයි. ශාසනය අතුරුදහන් කරන්න අවස්ථාව නොදිය යුතුයි. වහාම ධර්ම සංඝායනාවක් කරන්න. සතර වරම් දෙවියන්ටවත් සිතක් පහළවේවා , අපේ රටටත් බුද්ධාගමටත් , කාගෙවත් පිහිටක් නැද්දෝ.(නදී)
විශ්ව සමාධි ධර්මායතනයේ නායක ස්වාමින් ඉතාම ලාබාල ස්වාමින් වහන්සේ කෙනෙක්.තවම නායකත්වයට දැනුම අවබෝදය මදි නේද?ඒකයි ප්‍රශ්නය.ධර්මය ප්‍රචාරයේදී මුහුකුරාව අවබෝධය විනය ඉතාම අත්‍යවශ්‍යය දෙයක් (නි)
අනේ මන්දා අපේ රටට ගිය කලක්. කෝ අර සංවිධාන වල්.(නදී)
දේවදත්තට ආරාධනා නැද්ද? (නි)
බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් උන්වහන්සේ නැවතත් පාරිලෙය්‍ය වනයට වඩිනවා. (නි)
හාමුදුරුවරුන්ට එකට ඉන්න බැරි එකේ තව කොහොමද මිනිසුන්ට බණ දේශනා කරන්නේ? ඔය වැඩේට නෙමෙයි උපවාස කරනවා නම් කරන්න ඕනෑ. කමකට නැති උපවාස කරලා බුදු දහම වනසන්න එපා. (නි)
නිර්මල බුදුදහම හෑල්ලුවට ලක්කරන එක තමා හැමෝම කරන්නේ (නි)
පන්සල් නම් කොච්චර හැදුනත් වැරැද්දක් නැහැ තමයි. ඒත් එක ගමක් ඇතුලේ පන්සල් 2ක් හදාගෙන ගමේ මිනිස්සු 2ට බෙදෙන්නේ මොකටද..? බුදුදහම මහායාන,ථෙරවාද කියල බෙදුනා. ඊට පස්සේ ලංකාවේදී සියම් නිකාය, මල්වතු,අස්ගිරි..කුල කීයකට බෙදිලද? හැම හාමුදුරු නමක්ම අපේක්ෂා කරන්නේ ජනතාවට සේවයක් කරන්න නම් අපේ දේශපාලන පක්ෂ බෙදුනා වගේ බෙදෙන්නේ ඇයි කියන එක තමයි හිතල බලන්න ඕනේ. මේ දේවල් වලින් වෙන්නේ මිනිස්සුන්ට අපේ හාමුදුරුවරු ගැන තියෙන පැහැදීම නැති වෙන එක විතරයි.(නදී)
අයි, අනිත් පන්සල හැදුනම දෙකට බෙදෙන නිසාද හාමුදුරුවනේ? (අ)
විශ්ව සමධි ධර්මායතනට මේතරමි විරැද්ධ වන්නේ ඇයි? ඒඅයෙ බෞද්ධ භික්‍ෂුහු නොවෙයි? ආරාමය ගිනි තැබීමට හවුල් වීම මහ පවක්.මේ අයෙග් ක්‍රියා කලාපයමේ අයෙග් පිරිහීම මිස,බුද්ධ ධර්මය කිසිදිනනොපිරිහෙනු ඇත. (අ)
තණ්හාය ජායති සෝකෝ ....මිනිසුන්ට කලින් සංඝයා වහන්සේලා අල්පේච්ච වියයුතු වෙනවා (අ)
නිර්මල බුදු දහමට නිගා දෙන්නේ (අ)
සිවුරත් පාත්‍රයත් පමණක් හිමිවූ, නිහතමානී, මුදු, නිවනට මග පිළිවත් පුරන භික්ෂුන් අදද මේ පොළව මත සිටී. දුෂිතයෝ හොර රහසේ මෙම භික්ෂුන්ට එරෙහිව කටයුතු කිරීමට ඇතැමුන් පොළබවන බවත් පෙනී යයි (නි)
අනුන් හැදෙන්න ඉස්සර තමන් හැදිලා ඉන්න ඕනා. කඩේ යන සංවිධාන මේවට කතා කරන්නේ නෑ. ඕන තරම් ජාති වාදයක් අවුස්සලා ලේ විලක් කරන්න තමයි ඉන්නේ. බුද්ධාගම හෑල්ලුවට ලක් කරලා ඉවරයි.(නදී)
බුලත්සිංහල ඈගල්ඔය කියන්නේ පර්චස් දහය පහළොව ඉඩම් තිබෙන ගම් නොවේ.ජනගහනය විසිරිලා ඉන්නේ ලොකු ඉඩම් වලට ,අද කාලෙ මිනුස්සුන්ගේ කාර්යබහුලත්වයත් එක්ක පන්සල් දෙකක් තිබුනට වැඩි නැහැ. අපි ඉන්න සෞදි අරාබියේ ගෙවල් දහයකට එක පල්ලියක් ගානෙ තියෙනවා. ඉස්සර ගම් ගොඩ නැගුනේ පන්සල මූලික කරගෙන. අපි නිර්මල බුදුදහම අදහන රටක්. මෙහෙම පන්සල් ගිනි තියනකොට ලෝකයා අපිට හිනා වෙනවා (නි)
ටික දවසක් යනකොට කුමක් වෙයිද මන්දා (නි)
එකට ඉන්න බැරි ජාතියක් තමයි හාමුදුරුවරු කියන්නේ. මස් කඩවලට කළ දෙවල්මයි මේවටත් වෙන්නේ (නි)
බුදු බනේ ඔහොම තියෙනවද අපේ හාමුදුරුවනේ? (නි)
ඉතින් බුද්ධාගම නැති වෙන එක අහන්න දෙයක්ද? අපේ අයම තමයි බුද්ධාගම නැති කර ගන්නේ. අපිට තව පන්සල් ඕනෑ. (නි)