IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


උලත් එකයි පිලත් එකයි මගේ පළමු සිනමා රංගනයයි

2016-08-26-ent-38

නිරූපණ ශිල්පිණියක ලෙස කලා ලෝකයට පා තැබූ ඇය වෙළෙඳ දැන්වීම් කලාව, ටෙලිනාට්‍ය, වේදිකාව තුළින් නිතර මුණ ගැසෙන මේ දිනවල කා අතරත් ජනප‍්‍රිය රුක්‍ෂානා දිසානායක අද අපේ කථාබහට එකතුකරගන්න හිතුවා. තවත් නොබෝ දිනකින් පේ‍්‍රක්‍ෂක ඔබ හමුවට එන හර්ෂ උඩකන්දගේ ‘‘උලත් එකයි පිලත් එකයි’’ සිනමා නිර්මාණයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන රුක්‍ෂානා ඇයගේ ප‍්‍රථම චිත‍්‍රපටි රංගනය ගැන සඳැල්ල අප සමඟ සොඳුරු කතාබහකට එකතුවුණේ මෙලෙසින්.

 

රුක්‍ෂානාට මේ දවස්වල පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර වැඩියි කියන්නේ ඇත්තද?

2016-08-26-ent-36මේ දවස්වල උතුම් පැතුම්, වස්සානේ සිහිනයත් එක්ක වැඩ කරනවා. ඊට අමතරව තවත් නාට්‍ය කිහිපයකම වැඩ කළා. මගේ රංගනයට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඒක වැඩිද අඩුද කියන්න දන්නේ නැහැ. ලැබෙන හැම ප‍්‍රතිචාරයක්ම ආදරයෙන් භාර ගන්නවා.

 

නිරූපණ ශිල්පිණියක් විදිහට ක්ෂේත‍්‍රයට ආපු රුක්‍ෂානා කෙටි කාලයදීම ජනප‍්‍රිය චරිතයක් බවට පත්වුණා. කලාවට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

පුංචි කාලේ ඉඳලම කලාවට ලොකු ආසාවක් තිබුණා. විශේෂයෙන්ම නිළියක් වෙන්න. ඒත් රංගනයට ආසාව, කැමැත්ත තිබුණට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔය අතරතුර ‘‘උතුම් පැතුම්’’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක උපුල් ජයසිංහ මහත්මයා මට රංගනයට පුංචි අවස්ථාවක් ලබා දුන්නා.

 

ඒ අවස්ථාව ලැබුණේ නෑදෑ හිතවත්කමකට ද එහෙම නැත්නම් හැකියාවට ද?

ඇත්තටම උපුල් ජයසිංහ මහත්මයා අපේ අසල්වැසියෙක්. හිතවත්කමක් තිබුණා. ලැබුණු අවස්ථාවෙන් මම මගේ හැකියාව උපරිමයෙන් පෙන්වන්න උත්සාහ කළා. ඒ අවස්ථාව මට ලොකු අභියෝගයක් වුණා. පසුව මම ලලිත් ප‍්‍රියන්ත මහත්මයා යටතේ රංගනය පිළිබඳ හැදෑරීමක් කළා. මට රංගනයට එන්න පාර කැපෙන්නේ ඔය විදිහට.

 

උලත් එකයි පිලත් එකයි’’ චිත‍්‍රපටයෙන් පළමුවරට රිදී තිරයට එන රුක්‍ෂානා ලැබූ ඒ අද්දැකීම කොහොමද?

‘‘උලත් එකයි පිලත් එකයි’’ චිත‍්‍රපටයට මාව තෝර ගන්නකොට මම රඟපාලා තිබුණේ උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ විතරයි. අද්දැකීම්නම් චුට්ටක්වත් තිබුණේ නැහැ. චිත‍්‍රපටයට තෝරා ගැනෙද්දී තිර පරීක්‍ෂණයක් තිබුණා. තිර පරීක්‍ෂණය තිබුණදා හවසම ක්‍්කක කරලා මාව තෝර ගත්ත කිව්වම හිතුණේ මොකක් හරි පුංචි චරිතයකට වෙන්න ඇති කියලා. ප‍්‍රධාන චරිතයට මාව තෝර ගනීවි කියලා හිතුණෙම නැහැ. ලැබුණ මේ අවස්ථාව මගේ ජීවිතේට ගොඩාක් විශේෂයි.

 

චරිතය ගැනත් කථා කරමු?

මේ චිත‍්‍රපටයේ එන ප‍්‍රධාන චරිත තුන හතර ඇතුළත රොෂාන් රණවනගේ නංගි විදියට මම රඟපාන්නෙ. ඒ කියන්නේ මගේ චරිතයත් මේ කතාව පුරාවට ගලාගෙන යනවා. චරිතය ගැන කිව්වොත් මුඩුක්කු පරිසරයක ජීවත්වන ගැහැණු ළමයෙක්. කටකාර, දඟකාර කාටවත් යට වෙන්නේ නැති අමුතුම චරිතයක්. මෙහි විශේෂත්වය තමයි ක‍්‍රියාදාම චිත‍්‍රපටයක් වගේම කොමඩි පැත්තත් සමබරව ගලාගෙන යන චිත‍්‍රපටයක්. මුඩුක්කු සමාජයේ ඉන්න මිනිස්සු කොහොමද ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නේ, සමාජය ඒ අය දිහා බලන කෝණය විවිධාකාර වුණත් ඒ සමාජයේත් ජීවත් වෙන්නේ අර විවිධ කෝණවලින් බලන අය වගේම සාමාන්‍ය මිනිස්සු කියන දේ හර්ෂ උඩකන්ද මහත්මයා දක්‍ෂ විදිහට නිර්මාණය කරලා තියෙනවා. ආදරය, විරහව, සතුට, සැප දුක මේ සියලූදේම අඩු වැඩි නැතුව එකතු වෙච්ච වටපිටාවක නිර්මාණය වුණු ලස්සන කථාවක්. මම කියනවාට වඩා නොබෝ දිනකින් නරඹලම රස විඳින්න කියලා ආරාධනා කරනවා.

 

දැන් වැඩි කැමැත්ත ටෙලිනාට්‍යවලටද? චිත‍්‍රපටවලටද?

විශේෂයක් නැහැ. මගේ මුල්ම චිත‍්‍රපටය නිසා අලූත් අද්දැකීම් ගොඩක් ජීවිතයට එකතු වුණා. මේ වෙලාවේ මතක් කරන්න ඕන චිත‍්‍රපට අධ්‍යක්‍ෂ හර්ෂ උඩකන්ද අයියා, ප‍්‍රසාද් අයියා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මීටපෙර චිත‍්‍රපටයක රඟපාල තිබුණේ නැති නිසා. වැරදෙන තැන්, අඩුපාඩු ගොඩාක් තිබුණා. ඒ චිත‍්‍රපටය රඟපානකොට රංගනය පැත්තෙන් මම හිටියේ ගොඩක් ප‍්‍රාථමික මට්ටමේ. දැන් මම උසස් මට්ටමේ කියලා කියන්නේ නැහැ. හැදෑරීම්, අද්දැකීම් එක්ක දක්‍ෂ රංගන ශිල්පිණියක් වෙන්න තමයි මගේ අරමුණ. ටෙලි නාට්‍ය, වේදිකාව, සිනමාවට මම ගොඩක් ආදරෙයි.

 

ප‍්‍රථම චිත‍්‍රපටි අද්දැකීම නිසා ජීවිතේ අමරණීය මතක සටහන් එහෙම ඇතිනේද?

රූගත කිරීම් අතරතුර හරි සුන්දර දේවල් ගොඩක් වුණා. මට මතකයි එක සීන් එකක් තිබුණා රජිත අයියාට ගහන්න කුඬේකින්. ඇක්ෂන් කට් කිව්වත් රජිත අයියා අම්මෝ ඇති කියලත් කුඬේ කැඩෙනකම් ගැහුවා. ඒ වගේ හරි සුන්දර අද්දැකීම් තිබුණා. අනන්ත අප‍්‍රමාණ වැරදුණා. ඒත් හැමෝගෙම සහයෝගය ලැබුණ නිසා ලොකු ගැටලූවක් වුණේ නැහැ.

 

ඉදිරියේදී මොනවද අලූත් වැඩ?

මේ දිනවල ෂෙල්ටන් ප‍්‍රනාන්දු මහත්මයාගේ ‘‘මතු සම්බන්ධයි’’ නාට්‍යයේ වැඩ කරනවා. ඊට අමතරව ලක්‍ෂ්මන් පුෂ්පකුමාරගේ ‘‘ආදරේ සුවඳ අරන්’’ නාට්‍යයේ වැඩ කරනවා. අලූත් නිර්මාණ කිහිපයකුත් කළා. තව චිත‍්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

 

රුක්ෂාණා වේදිකාව එක්කත් හරි හරියට වැඩ නේද?

වේදිකාව කියන්නේ රංගනය පිළිබඳ හොඳ දැනුමක් අද්දැකීමක් ගන්න පුළුවන් තැනක්. මම නවකයෙක් විදිහට වේදිකාවෙන් උගත් දේ බොහෝයි. වේදිකාව එක්ක මට ගොඩක් වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මෙවර යෞවන සම්මාන උළෙලේ හොඳම නිළියටත් මම නිර්දේශ වුණා. හොඳම නිළිය නොවුණත් නිර්දේශවීම මගේ රංගන ගමනට හොඳ ශක්තියත් ලබා දුන්නා. ඇත්තටම නාට්‍ය උළෙලෙන් පසුව මට වේදිකාව පොඞ්ඩක් මඟ ඇරුණා. ඉදිරියේදී වේදිකා නාට්‍ය දෙක තුනකම රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අධ්‍යාපන කටයුතු එක්ක මඟ හැරුණු වේදිකාවට ආයෙම ළඟදීම ගොඩවෙනවා.

 

රංගන කටයුතු අධ්‍යාපනයට බාධාවක් නැද්ද?

කාලය කළමනාකරණය කරගත්තොත් කරන්න බැරි දෙයක් නැහැ. මම දැනට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගන්නේ. ඊට අමතරව නර්ථන ශිල්පිනියක්. කලාව මගේ අධ්‍යාපනයට කවදාවත් බාධාවක් වුණේ නැහැ. කොච්චර කාර්යබහුල වුණත් කලාව අධ්‍යාපනයට බාධාවක් කර ගන්නේ නැහැ.

 

ඉදිරියේදී නිළිකම වෘත්තිය වේවිද?

සමහරවිට. ඒක ඉදිරියේදී තීරණය වේවි.

 

ඒ කියන්නේ උපාධියෙන් වැඩක් ගන්න බලාපොරොත්තුවක් නෑ?

උපාධිය ගත්තට පස්සේ වෘත්තිය කොයි විදිහට තීරණය වේවිද කියන්න දන්නේ නැහැ. උපාධියත් කලාවට සම්බන්ධ නිසා, ඒ හැමදේම ඉදිරියේදී තීරණය වේවි.

 

විවාහයත් එහෙමද?

අනේ නැහැ.

 

ඒ කියන්නේ විශේෂ කෙනෙක් නැද්ද?

ඉන්නවා. ඉන්නවා. පස්සේ කියන්නම්.

 

 

නදීශා අතුකෝරළ

 

2016-08-26-ent-37



අදහස් (0)

උලත් එකයි පිලත් එකයි මගේ පළමු සිනමා රංගනයයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 12 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1529 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 659 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1537 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1259 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 618 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site