අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් විද්‍යා, කලා, වාණිජ පන්ති ඇති පාසල්වල (1ඒබී පාසල්) සිසුන් ජනප්‍රිය පාලසකට ඇතුළු වීම වලක්වාලමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයට විරුද්ධව අධිකරණයට යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
‘උසස් පෙළ ජනප්‍රිය පාසල් අහිමි සිසුන්ගේ දෙමාපිය සංසදයේ‘ රැස්වීමක් අමතමින් ඔහු එළෙස ලෙස සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ ඒ 9 හා ඒ 8 සාමාර්ථ ලබා ගත් සිසුන්ගේ දෙමාපියෝ 60ක් පමණ එම රැස්වීමට සභාගී වූහ.
කොළඹ ප්‍රසිද්ධ පිරිමි විද්‍යාලයයකට උසස් පෙළට අයදුම් කළ සිසුන්ට එහි සම්මූඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු ඇතුළත් වීමට සුදුසුකම් ඇතැයි කියමින් අස්වීම් සහතිකය රැගෙන ඒන ලෙසට ලිඛිතව දන්වා ඇති බවත්, අස්වීම ගෙන ජනප්‍රිය පාසලට ගිය විට නව චක්‍රලේඛය නිසා ඇතුළත් කර ගත නොහැකි බව දැන්වා ඇති බවත්, ඒ නිසා දැන් තම දරුවන්ට පාසල් දෙකම අහිමි වූ බවත්, තම දරුවන් දැඩි මානසික පසුබෑමකට ලක්ව ඇති බවත් දෙමාපියෝ පැවසූහ.
එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙසේ ද පැවසීය.
‘නව චක්‍රලේඛය නිසා බොහෝ සිසුන් මානසිකව ඇද වැටිලා ඉන්නේ. සමහර පාසල්වල සිසුන් ගන්නවා කියලා ලිඛිතව දන්වා තිබියදීත් නව චක්‍රලේඛය නිසා ඇතුළු කර ගන්නේ නෑ. ඒ 9, ඒ 8 ගත්ත දක්ෂ සිසුන්ට කැමති පාසල් අහිමි වෙලා.‘
ලබන සතියේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ද දෙමාපියෝ කතිකා කර ගත්හ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උසස් පෙළ දක්ෂයෝ සටන අත නාරිති
ලක්මාල් Friday, 31 May 2013 10:00 AM
ඇමතිතුමා හංවැල්ල මධ්‍ය විද්‍යාලයයේ ඉඳන් උසස් පෙළට ලුම්බිණියට ආපු එක අමතක වෙලා. (ත)
රාජදාස Thursday, 30 May 2013 06:18 PM
නිල්මිණි නොදන්නා දෙයක් සම්බන්ධයෙන් කතාකරන්න එපා. චක්‍රලේඛනයට අනුව ජාතික පාසලකින් ජාතික පසෙලකට ඇතුලත් කර ගැනීම තහනම් (නි)
දර්ශන් Thursday, 30 May 2013 07:49 PM
ුදක් විදින සිසුන්ගේ සහ දෙමාපියන්ගේ මානසික තත්ත්වය අපි වටහාගත යුතුයි (නි)
කුමාරසිරි Friday, 31 May 2013 11:03 AM
මේ චක්‍රලේකය නිදහස් අධ්‍යාපනයට මරුපහරක් නොවේද? (නි)
වසන්ති Thursday, 30 May 2013 08:44 PM
ළමයින්ට පාසල් මාරු කිරීමේ අයිතිය ලබා දීම සුදුසුයි. (නි)
කුමාරසිරි Friday, 31 May 2013 12:39 PM
ගිය අවුරුද්දෙත් ඔය ප්‍රශ්නයට මම මුහුණ දුන්නා මගේ ළමයා නිසා .මම නමුත් ළමයාගේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමාටත් ලිවුවා.එමනිසා මම දිනුවා.ඔය එක ඇමති කෙනෙකුගේවත් ළමයි අපේ ළමයි වගේ දක්ෂ නැහැ .ඒ නිසා ඒ අය කැමති නැහැ අපේ උත්සාහයන් ළමයිගේ දක්ෂකමෙන් ලංකාවේ උස්ස පෙළ කරන්න පහසුකම් තියන පාසලකට අපේ ළමයි යනවට. මෙහෙම ගියොත් රටේ උගත්තු නැතිවෙලා "දිනු දේශය " විකුණන් කන අය ටිකක් තමයි ඉතිරි වන්නේ (නි)
උපාලි Friday, 31 May 2013 02:18 AM
මේ කියන චක්‍රලේඛය මහා අසාධාරණ එකක් බව අපිත් දැක්ක. නමුත් අමාත්‍යාංශය ඒක නිවැරදි කරන්නේ නැහැ, කොයි තරම් කරුණු දැක්වුවත්. ස්ටාලින් ඉතාම සාධාරණ අරගලයක් කරන්නේ දෙමවුපියන් වෙනුවෙන් අධිකරණයට ගිහින්. ජෝසප් ස්ටාලින් තියා ලෙනින් ඇවිත් අමාත්‍යාංශය නම් කන්දෙන්නේ නැහැ. (ත)
නිල්මිණි Thursday, 30 May 2013 05:21 PM
අපිට නම් ඕක එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද අපි ඒ 9ය තියෙන අය (නි)
තිලා Friday, 31 May 2013 08:24 AM
නිල්මිණි ඒ 9 පාරේද හිට්යේ දන්නේ නැ නේද? නිකන් මෝඩ කතා කියන්නේ නැතිව ඉන්න බොළද කෙල්ල .. තාත්තට සල්ලි තියෙනව නේද? (දී)
දිල්රුක්ෂි Saturday, 14 January 2023 06:10 PM
මේ කියන චක්‍රෙල්ඛයේ අංකය මොකක් ද?