අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් විද්‍යා, කලා, වාණිජ පන්ති ඇති පාසල්වල (1ඒබී පාසල්) සිසුන් ජනප්‍රිය පාලසකට ඇතුළු වීම වලක්වාලමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයට විරුද්ධව අධිකරණයට යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
‘උසස් පෙළ ජනප්‍රිය පාසල් අහිමි සිසුන්ගේ දෙමාපිය සංසදයේ‘ රැස්වීමක් අමතමින් ඔහු එළෙස ලෙස සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ ඒ 9 හා ඒ 8 සාමාර්ථ ලබා ගත් සිසුන්ගේ දෙමාපියෝ 60ක් පමණ එම රැස්වීමට සභාගී වූහ.
කොළඹ ප්‍රසිද්ධ පිරිමි විද්‍යාලයයකට උසස් පෙළට අයදුම් කළ සිසුන්ට එහි සම්මූඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු ඇතුළත් වීමට සුදුසුකම් ඇතැයි කියමින් අස්වීම් සහතිකය රැගෙන ඒන ලෙසට ලිඛිතව දන්වා ඇති බවත්, අස්වීම ගෙන ජනප්‍රිය පාසලට ගිය විට නව චක්‍රලේඛය නිසා ඇතුළත් කර ගත නොහැකි බව දැන්වා ඇති බවත්, ඒ නිසා දැන් තම දරුවන්ට පාසල් දෙකම අහිමි වූ බවත්, තම දරුවන් දැඩි මානසික පසුබෑමකට ලක්ව ඇති බවත් දෙමාපියෝ පැවසූහ.
එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙසේ ද පැවසීය.
‘නව චක්‍රලේඛය නිසා බොහෝ සිසුන් මානසිකව ඇද වැටිලා ඉන්නේ. සමහර පාසල්වල සිසුන් ගන්නවා කියලා ලිඛිතව දන්වා තිබියදීත් නව චක්‍රලේඛය නිසා ඇතුළු කර ගන්නේ නෑ. ඒ 9, ඒ 8 ගත්ත දක්ෂ සිසුන්ට කැමති පාසල් අහිමි වෙලා.‘
ලබන සතියේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ද දෙමාපියෝ කතිකා කර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් ඕක එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද අපි ඒ 9ය තියෙන අය (නි)
නිල්මිණි නොදන්නා දෙයක් සම්බන්ධයෙන් කතාකරන්න එපා. චක්‍රලේඛනයට අනුව ජාතික පාසලකින් ජාතික පසෙලකට ඇතුලත් කර ගැනීම තහනම් (නි)
ුදක් විදින සිසුන්ගේ සහ දෙමාපියන්ගේ මානසික තත්ත්වය අපි වටහාගත යුතුයි (නි)
ළමයින්ට පාසල් මාරු කිරීමේ අයිතිය ලබා දීම සුදුසුයි. (නි)
මේ කියන චක්‍රලේඛය මහා අසාධාරණ එකක් බව අපිත් දැක්ක. නමුත් අමාත්‍යාංශය ඒක නිවැරදි කරන්නේ නැහැ, කොයි තරම් කරුණු දැක්වුවත්. ස්ටාලින් ඉතාම සාධාරණ අරගලයක් කරන්නේ දෙමවුපියන් වෙනුවෙන් අධිකරණයට ගිහින්. ජෝසප් ස්ටාලින් තියා ලෙනින් ඇවිත් අමාත්‍යාංශය නම් කන්දෙන්නේ නැහැ. (ත)
නිල්මිණි ඒ 9 පාරේද හිට්යේ දන්නේ නැ නේද? නිකන් මෝඩ කතා කියන්නේ නැතිව ඉන්න බොළද කෙල්ල .. තාත්තට සල්ලි තියෙනව නේද? (දී)
ඇමතිතුමා හංවැල්ල මධ්‍ය විද්‍යාලයයේ ඉඳන් උසස් පෙළට ලුම්බිණියට ආපු එක අමතක වෙලා. (ත)
මේ චක්‍රලේකය නිදහස් අධ්‍යාපනයට මරුපහරක් නොවේද? (නි)
ගිය අවුරුද්දෙත් ඔය ප්‍රශ්නයට මම මුහුණ දුන්නා මගේ ළමයා නිසා .මම නමුත් ළමයාගේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමාටත් ලිවුවා.එමනිසා මම දිනුවා.ඔය එක ඇමති කෙනෙකුගේවත් ළමයි අපේ ළමයි වගේ දක්ෂ නැහැ .ඒ නිසා ඒ අය කැමති නැහැ අපේ උත්සාහයන් ළමයිගේ දක්ෂකමෙන් ලංකාවේ උස්ස පෙළ කරන්න පහසුකම් තියන පාසලකට අපේ ළමයි යනවට. මෙහෙම ගියොත් රටේ උගත්තු නැතිවෙලා "දිනු දේශය " විකුණන් කන අය ටිකක් තමයි ඉතිරි වන්නේ (නි)
මේ කියන චක්‍රෙල්ඛයේ අංකය මොකක් ද?