IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


උස්සංගොඩට සෙනසුරු ගොඩවේ

අම්බලන්තොට උස්සංගොඩ ජාතික උද්‍යානය නැරඹීමට එහි පැමිනෙන සංචාරකයිනට  කිසිදු පහසුකමක් ලබා දි නොමැති බව සංචාරයට පැමිනෙන අය පවසති.

මෙරට 21 වැනි ජාතික උද්‍යානය ලෙස 2010 සැප්තැම්බර් මස 30 දින වනජීවි දෙපාර්තුමේන්තුව උස්සංගොඩ ජාතික උද්‍යානය ගැසට් කර ප්‍රකාශයට පත් කර තිබේ.හුංගම කලමැටිය කුරුළු අභය භූමියට යාබදව  වැලිපටන්විල ධීවර වරායට බටහිරින් හෙක්ටයාර 349 ක පමණ භූමිභාගයක උස්සංගොඩ ජාතික උද්‍යානය පිහිටා තිබේ.

ජාතික උද්‍යානයක සිදු නොකළ යුතු මිනිස් ක්‍රියාකාරකම් දැක්වෙන නාම පුවරු වලට පමණක් උස්සංගොඩ උද්‍යානය සීමාවී තිබෙන බව එහි එන සංචාරකයෝ පවසති.

උල්කාපාතයක් පොළව මතට වැටිමෙන් ගිනි ගැනිම නිසා උස්සංගොඩ පොළව තද රතු පැහැ ගැනි වී ඇති බව ජනප්‍රවාදයේ සඳහන්වේ. උස් නොවූ තැනිතලා භූමියක  අක්කර සියයක පමන ගස් කොලන්උසට නොවැඩී සූර්ය ක්‍රාන්ති, විශ්ණුක්‍රාන්ති,චන්ද්‍ර කාන්ති යන ඖෂධ පැලෑටි පමණක් මෙම භූමියේ දක්නට ලැබීම විශේෂත්වයකි.

රාවණා රජුගේ මාළිගාවක් තිබූ බවටත්, මංගර දෙවියන් මෙහි වැඩ සිටි බවටත් අතීත ජනප්‍රවාදවල සඳහන්වේ.

වාහන ගාල් කර තැබීමට හා එහි ආරක්ෂාවට කිසිදු වැඩපිළිවෙළක් නොමැත.සති අන්ත දිනවල  උපකාරක පංති වලට යන සිසුන් ගෙන් වැඩි පිරිසක් ජෝඩු වශයෙන් ලඳුකැළා වල  සැරි සරති. රන් මාල කඩා ගැනිම්, මුදල් හා ජංගම දුරකථන සොරකම්කිරීම්, වෙනත් අපචාර සිද්ධී , මත් පැන් පානය කිරීම් වැනි ක්‍රියා නිසා අම්බලන්තොට හා හුංගම පොලිසිවල  එවැනි සිද්ධින් සම්බන්ධව පරීක්ෂණ පවත්වා තිබේ.

ජාතික වශයෙන් වැදගත් මෙම උද්‍යානය නමට පමණක් නම්කර අත හැර දැමීමෙන් එහි ප්‍රතිපල ලබා ගත නොහැකි බව ප්‍රදේශවාසිහු කියති.

කලමැටිය අඩවි  ආරක්ෂක කාර්යාලයෙන් මෙම උද්‍යානය පාලනය වුවද එහි නිළධාරීන්ට සිය රාජකාරී කටයුතු කිරීමට වත් කාර්යාලයක් ඉදිකර නොමැත.එම නිළධාරින් යතුරු පැදිවලින් ජංගම මුර සංචාරයේ යෙදීම සිදුකෙරේ.

මේ සම්බන්දව දකුණු කලාපය භාර වනජිවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා කියා සිටියේ උස්සංගොඩ ජාතික උද්‍යානය සංවර්ධන සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකසා ඉදිරිපත් කර ඇති බවයි. මුරකුටියක්, වාහන ගාල් කිරිමට රථ ගාලක් , උද්‍යානයට වාහන ඇතුල් කිරීමට නොහැකි වන සේ අමතර මාර්ග වසා දැමිම වැනි යෝජනා මෙයට ඇතුලත් කර ඇති බවය.

මෙම උද්‍යානය තුළ සංචාරක හෝටල් ඉදිකිරීමට  විවිධ පාර්ශව පසුගිය කාලේ විවිධ උත්සාහයන් දැරුවත් උස්සංගොඩ ජාතික උද්‍යානය අවට  පදිංචි කරුවන්ගේ දැඩි විරෝධතා හමුවේ එම ව්‍යපෘති නම් ඉවත් කර ගැනිම සිදු කළ බව ජනතාව පවසති.

Usangoda_201511290 Usangoda_201511290-2 Usangoda_201511290-3 Usangoda_201511290-4



අදහස් (0)

උස්සංගොඩට සෙනසුරු ගොඩවේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 773 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1703 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 811 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 37 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 786 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 774 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20095 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16794 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site