අල්ලස් ගත්තැයි කියන පොලිස් සැරයන්වරයකුගේ සිද්ධියකදී පොලිසියේ උසස් නිලධරයකු මෑතදී සහකාර පොලිස් අධිකාරී සමග නැගෙනහිරට ගොස් සියලු පොලිස් නිලධරයන් රැස්වීමකට කැඳවා පැය භාගයක් ඔවුන් දණගැස්වූ බව දැනගන්නට ඇත.
සහකාර පොලිස් අධිකාරීට දුන් දඩුවම පැය භාගයක් දෙඅත් ඔසවාගෙන සිටීමයි.
දඩුවම නතර කර ඇත්තේ දඩුවම් විදිමින් සිටි දෙදෙනකු ක්ලාන්ත වීමෙන් පසුවය.
මේ බව කිසිවකුටත් නොකිව යුතු බවත්, එසේ කියා තිබුණහොත් තම උසස් වීමත් සමග අනාගතයේදී සුදුසු දඩුවම් ලැබෙනු ඇති බවත් ඔහු කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිපේ, මමත් කියන්න හැදුවේ ඔය ටිකම තමා.මම හමුදාව ගැන නම් දන්නේ නැහැ. නමුත් පොලිසියට බැහැ කිසිම කෙනෙකුට දඩුවම් කරන්න. ඒ අයට පුළුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම විතරයි. එසේ කලත් සාක්ෂි තිබිය යුතුයි.(නදී)
මිනිස්කමට නිගා දෙන වැඩ මේවා. අපි බොහොම පිළිකුල් කරනවා මේ වැඩ. මේ අතරේ ලොකු මහත් වුණ දරුවෝ ඉන්න පියවරු ඉන්න ඇතිද ? ඒ මිනිස්සු ගෙදර ගිහින් දරුවන්ට බිරින්දෑවරුන්ට අහල පහල මිනිස්සුන්ට මුහුණ දෙන්නේ කොහොමද අඩුම තරමේ තමන්ගේ රාජකාරිය ආත්ම ගෞරවයක් ඇතුව කරන්නේ කොහොමද ? කවුරු කලත් මේවා මෝඩ වැඩ , පොලිස්පතිතුමනි වහාම මේ ගෙන සොයා බලා අදාළ අයට දඬුවම් කල මැනවි. (ස)
ඉතිහාසගත වාර්තාවක්. දුෂණය පිටුදකින්න හොඳ ආරම්භයක්. මම දැනගෙන හිටියේ නැහැ මෙච්චර දෙයක් කරන්න පුළුවන් නිලධාරියොත් ඉන්නවා කියලා. ඒ වැනි නිලධාරීන් තව කීප දෙනෙක් ඉන්නවා නම් පොලිසිය විතරක් නෙමෙයි හැමතැනම සිදුවන දුෂණ නවත්තන්න පුළුවන්. ඒ නිලධාරියට මල් මිටක්. (නි)
නැගෙනහිර පළාතේ පොලිස් ස්ථායන්හි සේවය කරන රථවාහන අංශයේ බොහෝ නිලධාරීන් පගා මරුවන් ඔවුන් විසින් (පිට පළාත්වලින් පැමිණෙන) වාහන නතර කර කුමන හෝ වරදක් අල්ලාගෙන එම බලපෑමෙන් රුපියල් 100.00 සිට 500.00 දක්වා මුදලක් ලබා ගෙන යැවීමට කටයුතු කරන අවශ්ථා විශාල වශයෙන් තියෙනවා. කොළඹ සිට ත්‍රිකුණාමලය යන විට විශේෂයෙන් ගල්ඔය පොලිස්ථානය එවැනි එක් පගා මරුවන් සිටින තැනක් බව මා නොබියව පවසනවා.(නදී)
නියමයි නියමයි එහෙම තමයි වෙන්න ඕන, මේකේ කිසිම වරදක් මට පෙන්නේ නැහැ (දී)
කාලෙකට පස්සේ පොලිසියෙන් හොඳ වැඩක්.මම නම් පාරක දැක්කත් පොලිසියේ කෙනෙක්ව වාහනේට නග්ග ගන්නේ නැහැ. (ස)
හමුදා කදවුරු ඇතුලෙ ඔය වගෙ දඩුවම් අපි ඕන තරම් දැකලා තියෙනවා.කාලයේ හැටියට හොඳ වැඩක්. කොතනින් හරි පටන් ගත්ත එක හොඳයි.පොලිසිය විනයාණුකූල විය යුතුයි. (ස)
ලංකාවේ පොලිසියේ ඉන්න ගොඩක් දෙනා දැන් මානසික ලෙඩ්ඩු. අනිත් මිනිහට ආත්ම ගෞරවයක් තියෙනවා කියලා දන්නේ නැහැ. කවදාහරි දවසක මේ වගේ අයට නිසි දඬුවම් දෙන ක්‍රමයක් පොලිසිය තුළ ඇතිකරන්න ඕනෑ. (නි)
නියමයි !(නදී)
මෙම උසස් නිලධාරියා කොහේ කෙනෙක්ද?(නදී)
අනේ ඉතින් මෙයාට තවත් උසස් වීමක් ලැබුනොත් ඉතිරි අයටත් දෙයියන්ගේම පිහිටයි.(නදී)
පොලිස් ලොක්කා අවසානයේදී සියලු දෙනාටම තර්ජනයත් කරලා. මේ වරද ඇති ඉහල ලොක්කව ගෙදර යවන්න.(නදී)
අපේ පොලිසිය දැන් මිලිටරි පාලනයක්ද (දී)
පොලිසියෙ ඉහළම නිල වල අය පගා ගහනවා බොහොම අඩුයි. ඕක පටන් ගන්න මට්ටමක් තිබෙනවා. ඉහළම ඉන්න අයට තිබෙන ලෙඩේ ඕක නෙමෙයි. ඔවුන්ට පගා ගහන්න වුවමනාවක් නැහැ. පොලිසිවල ලොකුම පුටුවල ඉන්න අය හදන්න බැහැ. මොකද ඒ අයට හැදෙන්න නම් දේශපාලනය කියන එක ලංකාවෙන් නැති වෙන්න ඕනෑ (නි)
එතන හරිහමන් එක්කෙනෙක්වත් ඉදලා නැද්ද? (නි)
කව්ද මේ උසස් නිලදාරියා?මේ ආකාරයේ ඉතාම පහත් දඩුවම් දීමට ඔහුට කිසිම අයිතියක් නැහැ. මේ නිලදරියාට විරුද්ධ නඩු මගට බැසිය හැක. පොලිස් දෙපාර්තමේන්තුවෙන් වන්දියක් ගත හැක.(නදී)
සුරන්, පොඩි අය පමණද හදන්න ඕනා? ලොකු අය හැදෙන්නේ කවදාද?(නදී)
මෙව්වා හමුදාවේ පොලිසියේ අය එයාලගේ විනය රැකගන්න කරන සාමාන්‍ය දේවල්. මේවගේ දේවල් නිතර වෙන්නේ නැති එකෙන් තමා පොලිසියේ විනය පිරිහිලා තියෙන්නේ. මේක බලන එක්කෙනා මේ පණිවුඩේ අනිත් යට දුන්නහම ඇති. (නදී)
ඕවා පොලිසි වල අලුත් දෙයක් නෙවෙයි. බොහෝ විට අවස්ථා දෙකක් හෝ තුනක් ලැබෙනවා අවවාද. ඒත් ඒවා නතරකරගන්න බැරි උනොත් ඕවා තමා හම්බවෙන්නේ. පොලිසියක පොඩි අය හදන්න නම් ලොකු අය හදලා ඉන්න ඕනා. සැරයන් 2000ක් පගාව ගහනවා නම් ඒකෙන් 1000ක් යන්නෙ එස්. අයි ට. ඒ නිසා ඒ අය දන ගැස්සුවම නිකංම්ම පොඩි එකා දන ගැස්සෙනවා. පගාව කියන එක මකුලු දැලක්. හැම කෙනාම එක එක කෙලවරේ ඉන්නවා. දැන් කට්ටිය කෑ ගහන්න එපා. මොලෙන් කල්පනා කලොත් තේරෙයි ඕක හොද වැඩක් කියලා. සහකාර පොලිස් අධිකාරී කෙනෙක්ට ඊට පහල නිලයන් ඉස්සරහ අත් උස්සන් ඉන්න කියලා දඩුවමක් කලාම එයා පත් වෙන්නෙ අන්ත අසර්න තත්වයකට. තරු පටි ගහපු පොලිස් කාරයෙක්ට ඒක දරාගන්න සෑහෙන්න අමාරුයි. ඉතින් ඊට පස්සෙ කවදාවත් සහකාර පොලිස් අදිකාරිට අයිති කලාපේ ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්නේ නෑ. හෙට අනිද්දට බලන්න පොලිසි වල කොස්තාපල්, සැරයන්, සහ පහල නිල වල ඉන්න අයට අමා සුව සනීපයක් හම්බ වෙයි. ක්‍රමේ එකයි. දැනෙන්න ගහන්න ඕන තැනට තමා වැදිලා තියෙන්නෙ.(නදී)
අනේ මන්දා මට නිකම් පොලීස් වැඩ වගේ.(නදී) .
අරයා එක්කන් ගියානම් කට්ටිය ගස් බදීන්නත් තිබුනා.(නදී)
මොනව කරන්නද මහත්තයෝ උසස් පොලිස් නිලධාරියෙක් උනත් එයත් තවත් පොලිස් කාරයෙක්නේ. (නදී)
පැය බාගයක් දනගහගෙන ඉන්න බැරුව කලන්තේ දාලා වැටෙන පොලිස් පොඩ්ඩෝ ඉන්න එක පුදුමයක් නෙමෙයි. වයස 30 පනිද්දී හොද්ද බොර වෙන කට්ටියගේ බෙල්ල පේන්නේ නැති වෙනවා. පහල බලාගන්න කන්නාඩියක් ඉස්සරහට යන්න වෙනවා. හොද්ද බොර වෙන්නේ නැති කට්ටිය පාරේ ඇවිදිද්දී හුලගටත් ගහගෙන යනවා. එහෙම පොලිසියක් අපිට තියෙන්නේ.(නදී)