IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


එක්සත් ජනපද යෝජනාවට යුක්රේන ජනපති පිටුපායි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුක්රේනයෙන් බේරාගැනීමට එසේත් නැතිනම් ඉවත් කර ගැනීමට සුදානම් බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

තම රජය පාලනය කිරීම කියෙව් හැර වෙනත් ස්ථානයක සිට කළ හැකි බව ඇමෙරිකානු රජය පවසයි.

නමුත් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ තමන් තම ජනතාව අත්නොහරින බවත් අන්තිම මොහොත තෙක් තම රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වදින බවයි.

කියෙව් අගනුවර මාධ්‍යයට ගමන් කරන මාර්ගයේ වෙඩිහුවමාරු සිදුවෙන බවත් තැනින් තැන පිපිරීම් සිදුවන බවත් යුක්රේන මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන මාධ්‍ය වාර්තා කර සිටියේ යුක්රේන අගනගරයේ ජනාකීර්ණ ප්‍රදේශයට ළඟා වීමට රුසියානු හමුදාවලට ඇත්තේ තවත් කිලෝ මීටර 40 ක් පමණක් බවයි.එම ප්‍රදේශයේ යුක්රේන පාර්ලිමේන්තුව "වර්කොව්නා රාධා"ද පිහිටා තිබේ.

යුක්රේන මාධ්‍ය වාර්තා කළේ වැසිල්කිව් නගරයට රුසියානු පැරෂුට් භටයන් සාර්ථකව ගොඩබැස ඇති අතර එහි සිට යුක්රේන පාර්ලිමේන්තුව වන "වර්කොව්නා රාධා" වෙත ඇත්තේ කිලෝ මීටර් 38 ක් බවයි.

මේ අතර රුසියාවේ සන්නද්ධ හමුදාවන්ට එකතු වීමට චෙච්නියානු සටන්කාමීන් 12000 කැමැත්තෙන් සිටින බව චෙච්නියා ජනරජයේ නායක රම්සාන් කැඩිරොව් ප්‍රතිඥා දී ඇත.චෙච්නියානු සටන්කාමීන් මොස්කව් මැදිහත්වීමට සහාය දෙන බව චෙච්නියා ප්‍රධානියා ප්‍රකාශ කරයි.

සිකුරාදා,චෙච්නියා අගනුවර වන ග්‍රොස්නි හි මධ්‍යම චතුරශ්‍රයේ චෙච්නියා සටන්කාමීහු 12,000 ක් රැස් වූහ. ක්‍රෙම්ලිනයට සහය දැක්වීමට සහ එහි අරමුණුවලට ආධාර කිරීමට ඔවුන්ගේ සූදානම පෙන්වීමට සංවිධානය කරන ලද රැලිය ගැන කැඩිරොව් ‘චෙච්නියා සෙගොඩ්නියා’ පුවත් සේවය වෙත ප්‍රකාශයක් ලබා දී තිබුණි.“මේ අය අපේ රාජ්‍යයන් සහ අපේ ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා ඕනෑම වේලාවක ඕනෑම විශේෂ මෙහෙයුමක් සඳහා පිටත්ව යාමට සූදානම්ව සිටින ස්වේච්ඡා සටන්කාමීන් ”යැයි නායක කදිරොව් සෙගොඩ්නියා පුවත් සේවයට පැවසීය,නමුත් “ප්‍රධාන අණ දෙන නිලධාරියා” පුටින් ගේ අණ ලැබෙන තුරු සටන්කාමීන් බලාසිටින බව කැඩිරොව් වැඩි දුරටත් පැවසීය.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව සමඟ සටන් විරාමයක් සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඔහුගේ ප්‍රකාශකයා පැවසූ අතර කියෙව් ක්‍රෙම්ලිනය සමඟ සාකච්ඡා කළ හැකි ස්ථානයක් සහ දිනයක් ක්‍රෙම්ලිනය ලබාදෙන තුරු බලාපොරොත්තුවෙන් සිටින බව වැඩි දුරටත් පැවසීය. මුලදී සාකච්ඡාවලට එකඟ වීමෙන් පසු යුක්රේන නායකයා "අතුරුදහන් වූ" බව මොස්කව් මීට පෙර ප්‍රකාශ කළේය.

මීට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසුවේ යුක්රේන නායකයන් සමග සාකච්චා කරනවාට වඩා යුක්රේන හමුදා සමග සාකච්ඡා වඩාත් පහසු වෙනු ඇති බවත් යුක්රේන හමුදා රටේ පාලනය ලබා ගැනීම වඩාත් සුදුසු බවත්ය.

(034)

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (11)

එක්සත් ජනපද යෝජනාවට යුක්රේන ජනපති පිටුපායි

de silva Saturday, 26 February 2022 03:30 PM

යුක්රේන ජනාධිපති සහ කිව් නුවර නගරාධිපති විටලි ක්ලිච්කෝ, ජාතික වීරවරයින් අසීරු අවස්ථාවේ ජීවිත පරිත්‍යාගයෙන් ජනතාව සමග එකතුවෙලා සතුරාට විරුද්ධව රට වෙනුවෙන් සටන් කරනවා. අපේ මිනිස්සු නම් මෙලහකට ඇමෙරිකාවට පැනලා ගිහින්...

:       85       27

siraSunday, 27 February 2022 11:23 PM

කොයිතරම් ගැටලු තිබුණත් රටේ අභිමානය නැති කරන්න එපා හැමවිටම අපේ රට දෙකේ කොලේට දාලා කතා කරන්න හොඳ නැහැ

:       0       0

රටවැසියා Saturday, 26 February 2022 03:45 PM

අපේ රටත් ඔය වගේ දේකට මැදි වුණොත් අපේ නායකයන් යුක්රේන් ජනපති කියපු විදිහටම කියයි නේද?...

:       16       18

beau Saturday, 26 February 2022 03:52 PM

ඇමෙරිකාවට ඕනේ... මේ අයට දිරච්ච ලණු දුන්නා මදිවට, මෙයාව ඉත්තෙක් කරගන්න. දැනුයි මෙයාට මොලේ ඇවිල්ලා තියෙන්නේ. මුලදිම ඔය මොලෙන් වැඩකළානම් ඔය අගාධයට වැටෙන්නේ නැහැ.

:       9       87

beau Saturday, 26 February 2022 03:53 PM

මෝඩ බද්‍රානි, කාගේ ආප්පද කෑවේ..?

:       6       68

බද්රානි Saturday, 26 February 2022 04:27 PM

මම නම් කියන්නේ යුක්රේන ජනාධිපතිතුමාව අපේ රටට ගෙන්වාගෙන අපේ විරෝධය රුසියාවට දක්වන්න ඕනේ...

:       68       7

බමුණු ආච්චි.Sunday, 27 February 2022 06:57 AM

මෝඩකමට එහෙම හිතෙනවා. තල්මසුන්ගේ සටනේදී හාල්මැස්සා මොනවා කරන්නද? කන්න නෑ, තෙල් ගන්න සල්ලි නෑ, තියෙන ප්‍රශ්න මදිවාට අහක තියෙන කරදර ගේන්න කියනවා. මොනවට බෙහෙත් තිබුණත්, මෝඩකමට බෙහෙත් නැහැ. අපි රුසියාවට විරෝධය පළකරා කියලා දැන් රුසියාව බයවෙයි. නිකං ගොන් කතා කියලා මේ තීරය අවලස්සන කරන්න එපා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 131 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 71 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 710 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා
2025 අප්‍රේල් මස 24 156 0

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.


මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් තලවතුගොඩින් අල්ලයි
2025 අප්‍රේල් මස 24 263 0

හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත


දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්
2025 අප්‍රේල් මස 24 818 0

නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site