IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


එංගල්නත රජ පවුලට ඉන්දියා ජාන

බ්‍රිතාන්‍යයේ ඔටුන්නට ඉන්දියාවේ ලේ නෑකමක් ඇතිවේයැයි එඩින්බරා සරසවියේ ජාන විශේෂඥ මහාචාර්ය ජිම් විල්සන් මහතා පවසයි. ඔටුන්න හිමි දෙවැන්නා වන විලියම් කුමරුගේ සමීතම ඥාතීන්ගෙන් ලබාගත් ජාන පරික්ෂා කිරිමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශකැර තිබේ. මහාචාර්ය වරයා පවසන්නේ විලියම් කුමරුගේ මව වූ ඩයනා කුමරියගේ මී මුත්තා ස්කොට්ලන්ත ජාතික තියඩෝර් ‍‍ෆෝබ්ස් නමැත්තෙකු බවයි. ඔහු නැගෙනහිර ඉන්දියානු වෙළඳ සමාගමක සේවය කළ කාලයේ ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ සුරත් නගරයේ වාසය කළ බවත් එකළ ඔහුගේ නිවසේ සේවය කළ සුරූපී එලිසා කෙවන් නමැති ඉන්දීය තරුණියකට ‍ෆෝබ්ස්ට දාව දරුවන් දෙදෙනකු ලැබුණු බවත් විලියම් කුමරුගේ පෙලපත පැමිණි ආකාරයේ දැක්වේ. ඒ දියණියන් දෙදෙනා අතරින් ෂෑන් කිඩ් පසු කළෙක ජෝන් ස්පෙන්සර් සමග විවාහ වීමෙන් 1961 ජූලි 01 දා ඩයනා කුමරිය උපත ලැබුවාය. ජාන සම්බන්ධතාවය පරපුරෙන් පරපුරට උරුම වන්නේ මව් පාර්ශවයෙන් බැවින් ඉන්දියාවේ එලිසා කෙවන්ගේ ජාන විලියම් කුමරු දක්වාම සෘජුවම පැමිණ තිබේ. එය දැන් පර්යේෂණ මගින් සනාථ වී ඇත. නමුත් විලියම් කුමරුගේ දරුවන්ට ඉන්දීය ජාන නොලැබෙන බව ද මහාචාර්ය විල්සන් පවසයි.

 



අදහස් (0)

එංගල්නත රජ පවුලට ඉන්දියා ජාන

මහේල Saturday, 15 June 2013 11:30 AM

මෙහෙම බලාගෙන යනකොට මුළු ලොව වැසියෝ සියලු දෙනාම එකම පවුලකට හෝ පවුල් කිහිපයකින් පැවත එන බවට අනාවැකි පලවෙන්නත් ඉඩ තියේවි (අ)

:       0       0

සාෆා Saturday, 15 June 2013 04:46 PM

දැන් ඔය ලේ රතුපාට නෙවෙයිලුද? මනුස්ස ගුණධර්ම තියෙනවා නම් ලේ වතුර වුනත් මොකද? (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 15 June 2013 11:51 AM

බලන්න බලන්න. වානර සම්භවයක් එහෙම නැද්ද කියලත්. මොකද ඩාවින් එහෙම එකක් කියලා තියෙනවනේ (නි)

:       0       0

රීටා Sunday, 16 June 2013 02:38 AM

මේ ලෝකේ සියලුම දෙනාම නෑයෝ,සහෝදරයෝ, එකම පවුලේ අය වෙමු (නි)

:       0       0

උදය Saturday, 15 June 2013 05:24 PM

අද ඉන්දියාව කියන්නේ සුද්දට ආඩම්බරයක්. හැබැයි මුස්ලිම් ජාන ආවා නම් විලියම් කුමාරයට දෙයියන්ගේ පිහිටයි (නි)

:       0       0

ජනිදු Saturday, 15 June 2013 12:24 PM

ඕකනේ මම හැමදාමත් කීවේ ඉන්දියාවත් එක්ක කචල් දාගන එපා කියල (අ)

:       0       0

ගිම්හානි Saturday, 15 June 2013 12:27 PM

මෙයාලාට පිස්සු .(අ)

:       0       0

සානුල් Saturday, 15 June 2013 12:44 PM

සිංහලයා විජය රජ්ජුරුවන්ගෙන් පැවත එනවා කියන අය දැන් කියනවද එන්ගලන්තයේ රජ පරපුරත් එන්ගලන්තයට පිටින් ආපු අය කියලා.අපෙත් ජාන වල ඉන්දියානු සම්භාවයක් ඇති. මේ ලෝකේ 100% පිරිසිදු ජාතියක් නැහැ. ජාතිය තීරණය වන්නේ සංස්කෘතියෙන් මිස සම්භවයෙන් නෙමෙයි. සිංහල සන්ස්කෘතියේ ප්‍රධාන සංරචකය මේ රටේ සිටි යක්ෂ, නාග ජන කොටස්. එනිසා තමයි කවුරු මේ රටට වරින් වර කවුරු ආවත් තවමත් බුදු දහම මේ රට තුල මෙපමණකින් හෝ ආරක්ෂාවී තිබෙන්නෙ. (නි)

:       0       0

රාජු Saturday, 15 June 2013 12:47 PM

එතකොට අපි ඉන්දියානුවෝ ?මොකද විජය ඉන්දියන්කාරයෙක්. එහෙනම් ඉන්දියාවට ලංකාවේ මිනිස්සු ගැන කතාකරන අයිතියක් තියනවා. (නි)

:       0       0

නිපුන Sunday, 16 June 2013 06:39 AM

මෙතන තියෙන ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා. ලංකාවේ මිනිස්සුන්ගේ සාමාන්‍ය විද්‍යාත්මක දැනීම ගැන. විස්තර අඩු නිසා මේ අය වැරදියට තේරුම් ගන්නේ. ලාංකිකයන් ප්‍රදාන වශයෙන් ඉන්දියාව සම්බන්ධව හා අපි වානරයන් ගෙන් පැවත ඒම පිළිබද කරුනු විද්‍යාත්මකව තහවුරු උන සත්‍යන් . මෙතන ඉන්නේ වැඩිදෙනා මේ 8 පන්තියේ දනිමවත් නැති හැඩයි.(නදී)

:       0       0

නන්දන Saturday, 15 June 2013 01:07 PM

ආ සනුල් අදත් ආව ද මහාචාරිය නලීන්ද සිල්වා මහත්තයාගේ පොත් වලින් කොපි කරන්. කවුරුත් පිළිගන්නේ නැති තර්ක කරලා කාලේ කන්න එපා. (අ0

:       0       0

සිරිමල් Saturday, 15 June 2013 01:15 PM

විජය රජුගේ කතාව මහා වංශය කතුවරයා ලියන්න ඇත්තේ සිංහල ජාතිය බුදුන් වහන්සේගේ ආර්ය වංශයට සම්බන්ධ කිරීමේ අවංක චේතනාවෙන් බවත්, විජය නමින් කෙනෙක් ලංකාවට පැමිණි බවට කිසිදු පුරාවිද්‍යාත්මක සාධක නොමැති බවත් සදහන් කළ ප්‍රකාශයක් යමෙකු විසින් කළා නේද? මේ කියමනත් භාවාත්මක හෝ චිත්තවේගී චින්තනයකින් බැහැරව විද්වතුන්ගේ සාකච්චාවට භාජනය විය යුතු දෙයක් කියලයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

රුවන් Saturday, 15 June 2013 01:27 PM

කොළඹ ඉන්න හැම කෙනාගේම ජන දක්කුණේ... කුරුදුවත්තේ ඉන්න 99.9% දකුණේ. ඔවුන්ට තියෙන්නේ වසර 45 ට අඩු ඉතිහසයක් විතරි හැමෝටම තියෙන්නේ.(අ)

:       0       0

මොහමඩ් Sunday, 16 June 2013 10:04 AM

නිපුන ඔබගේ සේයා රුවක් අපට බැලීමට හැකි ආකාරයට පල කරන්න. ඔබත් වානරයෙක් වගේද බලන්න. ඔබම කියන ආකාරයට මෙතන ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා පළමුව මට දුක ඇති වුනේ ඔබගේ ප්‍රතිචාරයට.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 01:45 PM

මේවා හොයනවා නම් හොදයි. ඉන්දියන් කාරයෝ කියල අපහාස කරන අවස්ථා ඕනෑ තරම් දැකල තියෙනවා. ශ්‍රී ලංකා කිවුවට හුගක් දෙනා හිතන්නේ ඔක්කොම එක අය කියලා.ඔය පොඩ්ඩක් හරි ගෑවිලා තිබුනත් ඇති. අපටත් කට ගහන්න බැරියෑ (නි)

:       0       0

ජයා Saturday, 15 June 2013 01:49 PM

අර සින්දුව "අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ.....". ඕක දැන් රැප් කරලා මොඩිෆයි කරලා ගන්න වෙයිද? (නි)

:       0       0

ශීලා Saturday, 15 June 2013 01:56 PM

ඕක පුදුමදෙයක් නොවේ. ඉන්දියන්කාරයෝ හදෙත් ඉන්නවා කියලා ඔය කියන්නේ (නි)

:       0       0

දම්මික පෙරේරා Saturday, 15 June 2013 01:59 PM

ආදරයට සීමාවක් ජාතියක් ආගමක් නැත (නි)

:       0       0

දේනම්-දෝහා Sunday, 16 June 2013 10:56 AM

යටත්විජිත සමයේ, බ්‍රිතාන්‍ය කාන්තාවන් ඔවුන්ගේ අඹු සැමියන් සමග ඉන්දියාවට ඇවිත් හිටියා. (නදී)

:       0       0

සුගත් Saturday, 15 June 2013 02:04 PM

ජාන වර්ගය මොන එකක් වුනත් වැඩක් නැහැ.පැවත එන්නාගේ ගති ලක්ෂණ තමයි බොහොම වැදගත් වෙන්නේ ,මොකද දැන් දැන් අපේ රටේ නරක වැඩ කරන සමහර අය මොකද කියන්නේ? මම අහවල් රජ පරපුරේ කියනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු (නි)

:       0       0

ධනංජය Sunday, 16 June 2013 11:01 AM

ආ ආ ආ ආ එහෙනම් එයාලත් ඉන්දියාවේ. ඉන්දයාවේ අයත් නරකම නැනේ අපි හිතුව තරම්?(නදී)

:       0       0

සානුල් Saturday, 15 June 2013 02:06 PM

නන්දන, ලේ දුන්නට මොළය දෙන්න බෑ කියලා කියන්න විතරයි මට තියෙන්නෙ. ඕනෑ තරම් විද්වතුන් සිංහලයාගේ සම්භවය පිලිබද පොත් පත් ලියා තිබෙනවා කරුනු සහිතව. අඩුම තරමින් ඔබ සෝම හාමුදුරුවන්ගෙ බණ පදයක්වත් අහපු නැති අබෞද්ධයෙක් බව බොහොම පැහැදිලියි. අබෞද්ධයන්ට කොහොමත් මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද ප්‍රශ්නයක් තියෙනව. මතක තියා ගන්න රජරට ගොවීන්ගෙ ජීවිත දහස් ගණනක් බේරුනෙ ඔබ ඔය කියන පුද්ගලය නිසා කියලා.කරුණාකර වැදගත් මිනිස්සුන්ට අපහාස කිරීමෙන් වලකින්න. (නි)

:       0       0

සම්පත් Saturday, 15 June 2013 02:10 PM

ඉන්දියාවේ ජාන තිබේ නම් එය ඔවුන්ට ලැජ්ජාවට කරුණක් නේද? (නි)

:       0       0

ජෙෆ් Saturday, 15 June 2013 02:21 PM

සානුල්,රාජු ඔයාලා නම් ඉන්දියාවෙන් පැවත එන්නන් හෝ ඉන්දියාවෙන් පැනලා ආපු අය බව අපි පිලිගන්නවා. ඔයාලගේ ජාන ඉන්දියන්ම තමයි. නමුත් සිංහලයා පවතින්නේ ඔබලා ඔය හදපු විකාර පුහු තර්කය උඩ නොවන බව පිළිගන්න. ඔයාලා අලුතෙන් අතීතයක් හදමින් පොත් ලියපුබව අපි දන්නවා. (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 02:23 PM

ඔව් සම්පත් ඔබ හරි, මුනට පෙන්නුවේ නැතුවට හරිම ආඩම්බර අය ඉන්නවා.මහා ලැජ්ජාවක් වේවි. (නි)

:       0       0

ලලිත් Saturday, 15 June 2013 02:25 PM

ඇයි එංගලන්තයට විතරක් ? අපේ රටේ හැමෝටම වගේ තියෙන්නේ ඉන්දියන් ජාන නේද? ඒ තරම් ඉන්දියන්කරණය වෙලා නේ. (නි)

:       0       0

ලංකාසිරි Saturday, 15 June 2013 02:28 PM

එංගලන්තේ රජ පව්ලේ ලේ මිශ්‍ර සහගතයි නමුත් ඩයනා කුමරියට චාර්ල්ස් කුමරුට වඩා වැඩි ඉංග්‍රීසි ලේ ප්‍රතිශතයක් ඇති බව කියවේ. (අ)

:       0       0

බණ්ඩාර Saturday, 15 June 2013 08:12 PM

ජාන විතරක් නොවෙයි ලලිත් අපේ අයගේ මොළෙත් ඉන්දියන් වෙලානේ. (නි)

:       0       0

චරිත් සේරසිංහ ස්විස් Saturday, 15 June 2013 02:31 PM

කොහොමත් දැන් ඉන්දියාවේ ආර්ථිකයේ රජවරු තමා එංගලන්තයේත් රජ කරන්නේ. ලන්ඩන් වල සෑම සාප්පුවක්ම වගේ අයිති ඉන්දියන් අයට. මා පළමුවර ලන්ඩන් ගිය වෙලේ සිතුවේ මම සිටින්නේ ඉන්දියාවේ කියා (නි)

:       0       0

මංජු Saturday, 15 June 2013 10:26 AM

අපිට මොකද අනේ ඉතින්? (නි)

:       0       0

තිසල් Saturday, 15 June 2013 03:31 PM

නීල් අම්ස්ට්‍රොන්ග් හදට යනකොටත් එකේ තිබුනලු තිබුනලු ඉන්දියන් කඩයක්.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 15 June 2013 03:33 PM

රජ පවුල දැන් ඉල්ලා අස්වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

මිනිපේ Saturday, 15 June 2013 09:32 PM

ඔන්න දැන් ඉන්දියන්කාරයෝ චිත්‍රපටයක් හදන්න යනවා ඔය කේස් ඒකගැන.ඔටුන්න හිමි කුමාරයා, බකිම්හම් මල්වත්තේ සින්දුවක් පටිගත කරනවා.(අ)

:       0       0

සරත් ඩු Saturday, 15 June 2013 09:41 PM

ඔය එංගලන්තේ ජානේ තමා ලංකාව කෑවේ. එදා ඔය කියන සුද්දෝ රට බාර දෙනකොට නියම සිංහලයටවත් නියම දමිලයටවත් හරියටම නිදහස හම්බ වෙන්නේ නැහැ. මොකද එදා රට බාරදීලා ගියේ කළු සුද්දන්ට. ඉතින් ඔය කලවන් වෙච්ච් කළු සුද්දන්ට කොහොමද ජාතියක් ආගමක් ගැන හැගීමක් එන්නේ? එදා ඉදලා රට කරවපු වැඩි දෙනෙක් මිනුසුන්ට සීනිබෝල දීලා බලයට ආවේ. රටට මොනාහරි කරානම් කරේ බලයේ ඉන්න. වර්තමානේ නැවතත් යුදමය වශයෙන් යටත් නොවුනාට නය බරින් යටත් වෙලා හාමරයි.(නදී)

:       0       0

විල්සන් Saturday, 15 June 2013 03:40 PM

මොකද්ද ඒ පාර ඒ වෙන්න යන්නේ (දී)

:       0       0

දම්මික පෙරේරා Saturday, 15 June 2013 10:01 PM

මේවගේම අපේ ලංකාවෙත් මෑතක කාටදෝ දුටුගෙමුනු රජාගේ ජාන තියෙනවා කියල පාර්ලිමන්ට් ජෝක් එකක් ගියා. සිහිනෙන් හෝ රජ පවුලක ජාන තිබෙය කියල හිතා ගමු අපිත්(අ)

:       0       0

සරෝජ් Saturday, 15 June 2013 10:15 PM

මම හිතන්නේ අපේ ලංකික යන්ටත් තිබෙන්නේ බොහෝ විට ඉන්දියානු ජාන . එකනේ අපි ඉන්දියානු ක්‍රමයට අඳින්න කන්න බොන්න නටන්න , බොහෝ නම් ඉන්දියන් සම්බවයක් තිබෙන ලාංකිකයෝ ඉන්නේ . අනික් එක දැන් අපි ඉන්දියාවේ නීතිමය නොවන ප්‍රාන්තයක් වෙලා . ආර්ථිකව සහ සංකෘතිය ඉන්දියාව විසින් අපව යටපත් කරගෙන. අපේම උගත් අය කියන විදියට අප උතුරු ඉන්දියානු විජයගෙන් පැවැත එන ආර්ය ගනයේ අයලු . මේ මට පේන විදිය ගැන මගේ අදහස. අද අපට ඉන්දියාව නැතිව බැරි තත්වයක් ඇවිත්. සිංහල ගුවන් විදුලියේ සියයට 60 ක් අප අසන්නේ ඉන්දියානු සංගීතය සමග හින්දි සින්දු දවස ගානේ . කරුණාකර මෙය අනික් අයට කියවීමට ඇතුලත් කරනමෙන් ලංකාදීප කතු ගෙන් ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

මාටින් Saturday, 15 June 2013 03:51 PM

චරිත යන්න ඇත්තේ ඉන්දියාවේ ලන්ඩන් වලට මයේ හිතේ.(නදී)

:       0       0

ගාමිණී-සිරි Saturday, 15 June 2013 10:57 AM

විජය රජ්ජුරුවෝ නිසා සමහර විට ,රජපවුල සමග නෑකමක් ලංකික අපිටත් ඇති බව හෙළි උනා නම් අපේ අයට හොරෙන් යන්න උවමනා නැහැ. නෑයින් බලන්න ,විසා දෙන්නම වෙනවානේ. (අ)

:       0       0

ගයාන් Saturday, 15 June 2013 11:17 AM

"ජාන සම්බන්ධතාවය පරපුරෙන් පරපුරට උරුම වන්නේ මව් පාර්ශවයෙන් බැවින් " කියන එක වැරදියි. ජාන සම්බන්ධතාවය මව් පිය දෙපාර්ශවයෙන්ම එනවා. මෙ කියන්නෙ මයිටකොන්ඩ්‍රියල් ජාන (Mitochondrial DNA) ගැන. එය නම් එන්නෙ මවගෙන් පමණයි. (අ)

:       0       0

ටේෂාන් Saturday, 15 June 2013 11:18 AM

දැන් ඉන්දියාව බ්‍රිතාන්‍යයේ ඔටුන්නටත් අයිතිවාසිකම් ඉල්ලයි (අ)

:       0       0

සම්පත් ප්‍රියංකර Saturday, 15 June 2013 11:16 AM

තමිල්නාඩුවේ නැතුව...නැගෙනහිර ඉන්දියාවේ නිසා කමක් නැ....(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 91 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 287 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 144 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4014 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2119 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site