IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


එංගලන්ත වීසා නීතියේ වෙනසක් වෙයි

බ්‍රිතාන්‍යයට යෑම සඳහා අන්තර්ජාලය ඔස්සේ වීසා බලපත් ලබා ගැනීම සඳහා වන ගාස්තුව ඇමෙරිකා ඩොලර්වලින් මාස්ටර්කාඩ් වර්ගයේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පතකින් ගෙවිය යුතු යැයි කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මේ වැඩපිළිවෙළ 2014 ජනවාරි 14 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව ද මහකොමසාරිස් කාර්යාලයය කියයි.

එසේම වීසා බලපත් ලබා ගැනීම සඳහා අයදුම් කිරීමේ දී දත්ත ඇතුළත් කර අන්තර්ජාලය ඔස්සේ එම වීසා බලපත් ලබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය සඳහන් කරයි.

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න - බ්‍රිතාන්‍ය මහා කොමාසරිස් කාර්යාලයයේ වෙබ් අඩවිය



අදහස් (0)

එංගලන්ත වීසා නීතියේ වෙනසක් වෙයි

මොහමඩ් Tuesday, 10 December 2013 08:12 PM

සුනිල්ගේ කතාව හරි (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 10 December 2013 03:03 PM

සරසි හැම රටකම අධිවේගී මාර්ගවල මුදල් අයකරනවා කියන ඔබගේ අදහස මම බැහැර කරමි. ජර්මනියේ අධිවේගී මාර්ගවල මුදල් අය නොකෙරේ. නමුත් යුරෝපයේ අනිත් සියලුම රටවල මුදල් අය කෙරේ. නමුත් එහි මුදල් අය කරන්නේ මිනිසුන් ලබන වැටුපට සාපේක්ෂවය. , කටුනායක -කොළඹ මාර්ගයේ කිලෝමීටර 29 රුපියල් 300 අයකිරීම අසාධාරණය. කොළඹ - ගාල්ල මාර්ගයේ අය කරනු ලබන්නේ කිලෝමීටර 100 රුපියල් 400 කි. කොළඹ කාටුනයක මාර්ගයේ අය කරන මුදල ඉතාලියේ අධිවේගී මාර්ග වල ඇතිකරන මුදලට වඩා වැඩිය. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 10 December 2013 03:35 PM

අපේ රටට එන විදේශිකයන්ගෙන් සිගිරිය, අනුරාධපුර, පොලොන්නරුව, ජාතික වනෝද්‍යාන වැනි ස්ථාන නරබන්න ශ්‍රී ලාංකිකයකු ගෙවන මුදලට වඩා දස ගුණයකටත් වඩා වැඩි මුදලක් අයකරනවා. ඔන්ලයින් ක්‍රමයට විසා දෙන්න යුරෝ 30 මුදලක් අය කරනවා. ඉතින් එම රටවල් වල බලධාරිනුත් අපේ රටෙන් එන සංචාරකයන් ගෙන් අය කරන මුදල් වැඩි කරනවා. (ස)

:       0       0

සත්‍යා Wednesday, 11 December 2013 02:24 AM

ඒ කියන්නේ වීසා කාඩ් තියෙන අයට විතරයි ඒ රටට එන්න සුදුසුකම තියෙන්නේ.එහෙම නේද? (නි)

:       0       0

සුනිල් Tuesday, 10 December 2013 12:46 PM

ලොව පුර සංචාරය කිරීම මිනිස් වර්ගයාගේ අයිතියක්. මේ අයිතිය මිනිසා පාවිච්චි කිරීමේදී යම්කිසි රටකට ඇතුල් වීමට ඒ රටේ නීතියට අනුකුල විදියට විසා බලපත් ලබා ගැනීම කල යුතු වෙනවා. එසේ ලබාගන්නා විසා බලපත්‍රය නීතියට අනුකුලව ලබා ගැනීමත් පාවිච්චි කිරීමත් කිරීම වැදගත්. මිනිසාට තියෙන මේ අයිතිය යම්කිසි රටක් විසින් තම වාසියට, මුදල් උපයා ගැනීමේ උපක්‍රමයක් විදියට පාවිච්චි කරනවා නම් ඒක වැරද්දක් විතරක් නෙවි මිනිසාගේ ධනය කොල්ල කෑමක් ද වෙනවා. (ස)

:       0       0

සීල Tuesday, 10 December 2013 01:09 PM

සුනිල් මහතාණනි, බොහොම හොද අදහසක්. එතකොට අපි මේ බාවිතා කරන අදි වේගී මාර්ග වලට ගෙවන ඉතා අදික මුදල් ප්‍රමාණය ගැන යමක් කිව්වොත් හොදා?.(නදී)

:       0       0

හේමන්ත Wednesday, 11 December 2013 05:51 AM

දැන් ඉතින් ඕනෑ කෙනෙකුට එහෙ යන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

අකිනාද් Tuesday, 10 December 2013 01:11 PM

නැත්නම්, බ්‍රිතාන්‍යයට ලැබෙන මුදල දවසින් දවස අඩු වෙනවා. ඒ වුණාට, බ්‍රිතාන්‍ය පවුම් වලින් ගන්නෙ නැතුව ඩොලර් වලින් ගන්නේ මොකද ? (නදී)

:       0       0

මාලා Tuesday, 10 December 2013 01:44 PM

සුනිල් මහත්තයෝ ඔය කියන තර්කෙ හරි තුන්වෙනි ලෝකේ රටවලින් යන මිනිස්සුන්ගෙන් එහෙ ආර්ථිකයට වැඩක් වෙනවා නම්. සුද්දෙක්, ජපනෙක් ලංකාවට අවාම ගුවන්තොටුපොළේ ඉදන් වියදන් කරන්ට අකමැත්තෙන් හෝ සිද්ද වෙනවා. අපේ අය එහෙ යන්නේ මුදල් උපයන්න. ඒ අතරේ ත්‍රස්තවාදී වැඩ අපරාද වගේ දේත් කරනවා. අන්න ඒකයි මේ තරම් අමාරු කරන්නේ.(නදී)

:       0       0

සාරසී Tuesday, 10 December 2013 01:48 PM

හැම රටකම අධිවේගයට යන විට ගෙවන්න වෙනවා තමා, ලංකාවේ විතරක් නෙවේ. (ස)

:       0       0

සුනිල් Tuesday, 10 December 2013 02:32 PM

මාලා, ඔබ තුමියගේ කතාව ඇත්ත. ඒ නිසා තමා මම කිව්වේ නීතියට අනුකුලව ලබාගන්න විසා බලපත්‍රය ඒ අදාල රටේ නීතියට අනුව භාවිතා කල යුතු බව. (ස)

:       0       0

සිරියලතා කෙන්ය Tuesday, 10 December 2013 02:34 PM

සීල, ඔයාට අධීවේගයේ යනකොට ගෙවන්න ඕනෙ නම් මන්ද වගේ මාර්ග හොයාගෙන යන්නත් පුළුවන්.ඒකට ගෙවන්න ඕනේ නැහැ. (ස)

:       0       0

කුෂ් Tuesday, 10 December 2013 07:36 PM

ලෝකයේ බොහෝ රටවල අධි වේගී මාර්ග වල මුදල් අය කරනවා යයි කීම සම්පුර්ණ සත්‍යයක් නොවේ. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයේ මුදල් අය කරන අධිවේගී මාර්ග ඉතා සීමිත අතර, නොමිලේ භාවිතා කල හැකි අධිවේගී මාර්ග සුලභය. (නදී)

:       0       0

රාජකරුණා Tuesday, 10 December 2013 02:42 PM

අපේ රටට පැමිණෙන සංචාරකයන් පවා දැන් අන්තර් ජාලයෙන් මුදල් ගෙවා "ක්‍රෙඩිට් කාර්ඩ් "වලින් ඕන් ලයින් විසා ගන්නවා. අය කරන මුදල රටෙන් රටට වෙනස්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 241 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 263 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 354 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 421 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 398 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 738 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site