එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක රැස්වීමක සැරැසිලි කරමින් සිටි ආධාරකරුවකු සන්ධානයේ ආධාරකරුවකුගේ පහරකෑමකින් මිය ගිය බව පොලීසියට පැමිණිලි කැර ඇත.
දොම්පේ කිඹුල්විල වත්තේදී මේ ඝාතනය සිදු වී ඇත.
ඔහු සිව් දරු පියෙකි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක රැස්වීමක සැරැසිලි කරමින් සිටි ආධාරකරුවකු සන්ධානයේ ආධාරකරුවකුගේ පහරකෑමකින් මිය ගිය බව පොලීසියට පැමිණිලි කැර ඇත.
දොම්පේ කිඹුල්විල වත්තේදී මේ ඝාතනය සිදු වී ඇත.
ඔහු සිව් දරු පියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුණු බටහිර රටවල මිනිස්සු උගත් සහ ශීලාචාරයි. ඒ අය ඡන්ද වලට ලංකාවේ මිනිස්සු වගේ කපා කොටා ගන්නේ නැහැ.(නදී)
අර හංවැල්ලේ අසරණයන්ට ගහන්න පොලිසියේ හාර පන්සීයක් දාලා තිබුනා. බලන්නකෝ මෙතන ඉන්නේ එක්කෙනයිනේ.(නදී)
ලංකාවේ අසරණ මිනිසුන්ගේ ජීවිත "බල්ලෝ බළල්ලු " ගානට වැටිලා. (නදී)
වෙන මිනීමැරුමක් වුනානම් දාන්නේ පොලිසියේ සහ අපරාද පරීක්ෂන අංශයෙන්. මේ මිනීමැරුමට දාල තියෙන්නේ වාහන හොයල දඩ කොළ දෙන පොලිසියෙන්. (නදී)
අනුන් රජ කරන්න තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවන්නෙ ඇයි. අහිංසක දරු පවුල ගැන දැන් දේශපාලකයෝ බලයිද? (නදී)
ඔය මිනිස්සු ඔය දේශපාලන වැඩ කරන්නේ කීයක් හරි හොයාගන්න. ඒකට ගරහන්න එපා. (නදී)
මිනීමරු දේශපාලනයට විරුද්ධව සියළු දෙනා පෙලගැසෙමු. අහිංසක ජනතාව නොමරා දේශපාලනය කිරීම බලවතුන්ගේ වගකීමක්.(නදී)
නිම්මි පෙරේරා ඔය ටික ආණ්ඩුවට කඩේ යන අයටත් කියන්න. ඔය වගේ දෙන දෙයක් කාල ගෙදරට වෙලා ඉන්න අය නිසා තමයි රටේ මෙතරම් අවනීතිය රජ වෙලා තියෙන්නේ.(නදී)
එයාම ගහගෙන මැරුණා කියල ඒ මැරුණු අයගේ ආත්මය ඇවිල්ල මගෙන් දිවුරුම් ප්‍රකාශයක් අරන් ගීයා. සිද්දිය අහල අපි කෝපි එකක් බොමුද කියල අරයත් ඇහුවා.(නදී);
ඔය පෝස්ටර් ගහන වෙලාවේ උදැල්ලක් අරගෙන අලබතල ටිකක් හිටෙව්වා නම් අහවරයිනේ.(නදී)
බලන්න මේ මියගිය කෙනා දේශපාලනය කරලා තමන්ට මොනවද කරගෙන තියෙන්නේ කියලා. ගෙදර හැටි දැක්කම මොකද හිතෙන්නේ බදාගෙන දේශපාලනය කරන එක මෝඩ දෙයක් නේද ?(නදී)
බල ලෝභී දේශපාලනය නිසා මරා ගන්නවා. මේ වගේ අය ගැතිකම් කරන දේශපාලුවන්ට ඡන්දය දෙන අයටත් සාප වෙනවා. ජීවිතයක වටිනාකම නොදන්නා මිනිසුන්. (නදී)
මිනීමරුවා කියයිද දන්නේ නැහැ ඒකත් අමතක වුනා කියලා.(නදී)
ගුණවර්ධනගේ කතාව හරි 1977 ට පසුව එජාපය පරදන්න බැරිවේවි කියල හිතපු අය 1988 ,1989 අවුරුදුවල එජාප නායකයන් පමණක් නොව සාමාන්‍ය සාමාජිකයනුත් මරා දැමුවා. මෙයින් පෙනෙන්නේ එය තාමත් සිදුකරන බවයි. මේවා කරකර විදුලි පුටුවක් ගැන කතාකරනවා ඡන්ද දායකයෝ. දැන්වත් මේක තේරුම් ගත්තොත් හොඳයි.(නදී)
ලංකාව කවදාවත් ගොඩ ගන්න බැරි රටක්. පක්ෂ දේශපාලනය මිනිස්සුන් ගොන්නු කරලා. මම හිතන්නේ අපේ රටේ මිලිටරි ජුන්ටාවක් ඇවිත් රට නියම පාරට අරගන සිවිල් පාලනයක් දෙනවා නම් හොඳයි කියලා. ඉතාම සුළු කටයුත්තක් පවා දේශපාලනීකරණය වෙලා. දේශපාලකයෝ බඩවල් පුම්බාගන අව් කන්නාඩි දාගෙන දුප්පත් මිනිස්සුන්ගේ කර උඩ යනවා. අහිංසකයෝ තැලෙනවා. දිළිඳු කම මිනිසුන්ට දරා ගන්න බැහැ තට්ටු මාරු ක්‍රමයට බලය ලබා දිදී අමනයෝ ලෙස පක්ෂ බදාගෙන උඩ පනින්නේ නැතිව බඩ වියත සොයා ගැනීමට හා දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතමින් බුද්ධිමත් ලෙස ක්‍රියා කරපල්ලා. විදේශ වල සිට අපේ රට ගැන හිතනකොට හරිම සංවේගජනකයි . නිදහස ලැබිලා අවුරුදු හැට පැන්නත් අපි අගාධයටම යනවා.(නදී)
පිසා කියන කතා කොච්චර ඇත්ත උනත් මේ අයට ඒක කවදාවත් තේරුම් ගන්න බෑ. රටට මෙහෙම වෙන්න මේ වගේ අයත් වග කියන්න ඕනා.(නදී)
අපි දේශපාලනය කරන හැටි ඉගෙන ගන්න ඕනා බටහිර රටවලින්. ඡන්දෙ තියනවා කියල කිසි කෙනෙකුට ගානක්වත් නැහැ. දිනුවා කියල ගානක්වත් නැහැ. රටේ ප්‍රතිපත්තිය කවුරු ආවත් ඉදිරියට ගෙනියනවා.(නදී)
දුකයි මැරුන කෙනාට නිවන් සුව.(නදී)
පව් අසරණ මිනිස්සු (දිල්)
තුට්ටු දෙකේ දේශපාලනය නිසා අසරණ මිනිස් ජිවිත විනාසවී යනවා වගේම සමාජයේ ඉදිරිය බාරගන්න ඉන්න අසරණ දරුවන්ගේ ජිවිත කඩාකප්පල් වී යනවා. මිනිසුනේ ඇස් ඇර මොලයෙන් බලපන්. ජිවත් වෙන්න සටන් කරපන්. නුඹලා නිසා ජිවත්වි සිටිනා දරු පවුල වෙනුවෙන් නුඹලාගේ ජිවිත කැපකරපල්ලා. නුඹලා එක වාසියක් බලාගෙන දේසපාලුවන් වෙනුවෙන් වැඩකරන කම් මේ සමාජය කවරම දිනකවත් සාදාරන වෙන්නේ නැහැ. එකෙක් දිනන විට තව දහසක් පරදින බව මතක තියා ගනිල්ලා.(නදී)
පිසා එක්ක මමත් එකග වෙනවා.(නදී)
පිටරටවල ඡන්දයක් තියෙන කොට ,ඡන්දයක් තියෙනවද කියලවත් හිතා ගන්න බැහැ.ඒ තරම් නිශ්ශබ්දයි. (අ)
මේ මරණය ගැන කනාගටුයි..ඔහුට නිවන් සුව පතනවා..අදහස් බැලුවමනම් හිනත් යනවා..දේශපාලනය වෙනුවෙන් තොග ගානට මිනි මරපු එවුන්ට කඩේ යන අසරණයන්ගේ කිබුල් කදුළු දැක්කම. මේ ආණ්ඩුව පෙරලුනු දවසක ගෙදර එන්න ඉන්න ඩුබයි තිලක්ට ගෙදර එන්න වෙන්නේ මල මිනි දෙපැත්තට කරගෙන තමයි..යු අන් පී එක ගැන අපි හොදට දන්නවා..77 දීත් 2002 දී ජනාධිපතිගේ විධායක බලය තියෙද්දිත් ඒගොල්ලෝ හැසුරුණු විදිය ඔය මදුසංක වගේ මොන්ටිසෝරි ළමයින්ට හොදින්ම බලාගන්න ,මරණ හැටි මැරෙන හැටි දේසපාලන ප්‍රචණ්ඩත්වය කියන්නේ මොකක්ද කියල සැබෑවටම අත් විදින්න ඉතින් මේ ආණ්ඩුව පෙරලෙනකම්ම ඉන්න වෙනවා.(අ)
අපි අසරනවෙලවගේ ලොවට දැනෙනවා බුදුහාමුදුරුවනේ (නදී)
මිනිසුනි මිනීමරුවන්ට විරුද්ද වෙමු. සියලුම දෙනා ඡන්ද පොලට ගොස් නිවැරදි තීන්දුවක් ගනිමු. (නදී)
ඔව් රණතුංග අද නෙදර්ලන්තයේ නගරසභා මැතිවරණය 19-3-14 චන්ද මද්‍යස්ථාන රාත්‍රී 9.00 වෙනකම් ඇරලා තිබෙනවා හරිම සාමකාමියි , චන්දයක් තිබෙනවද කියලත් හිතාගන්න බැහැ .ඇයි අපේ රටෙත් මේක කරන්න බැරි ඉතින් මමත් වැඩ ඇරිලා ආවට පස්සේ චන්දේ දාන්නට යනවා (දී)
දැන් මේ මනුස්සයා නැති පාඩුව දැනෙන්නේ කාටද (දී)
මැර පුජකයෙකු මාධ්‍ය ඉදිරියට පැමිණ මුළු රටටම ඇසෙන සේ අපේ රටේ අධිකරණ ඇමතිට "පරයා"නමින් අමතමින් තර්ජනය කිරීමට තරම් සුපිරි ප්‍රජාතන්ත්‍ර වාදයක් රට තුල ක්‍රියාත්මක වෙද්දීත්, එතුමා, අහිංසකයෙකු විලස කරබාගෙන සිටින මෙවන් මනරම් සමයක මිනිස්සු මොනවට මරා ගන්නවද මන්ද??(දී)
අරක්කු ටිකටයි බත් පැකට් එකටයි ඔය වගේ වැඩ කරන මිනිස්සු දැන් ඕන තරම් එනවා (දී)
කාටවත් වැඩක් නැතී ඡන්දයක් නිසා අහිංසක මිනිස්සු නිකන් දුක් විදිනවා.(නදී)
දේශපාලනය නිසා බොරුවට ගහ මරා ගන්න එපා. මොකද දේශපාලකයෝ යාළුවො වගේ ඉන්නේ අපි තමයි මරා ගන්නේ (දී)
දේශපාලන පාලි ගැනීම් නවත්වන්න චන්දෙ නිසා ජිවිත විනාශ කර ගන්න එපා (දී)
කි දෙනෙක් නම් මැරුණද මේ චන්දෙදි (දී)
මේවත් ජිනීවා යනවා , මෝඩයෝ නොවී දේශපාලනය කරන්න.(නදී)
පිසා.., ඔයාගේ කීම හරියටම හරි.., කවුරු දිනුවත් අපි හම්බ කරන්න ඕන කන්න.., මෝඩ මිනිස්සු ඒක දන්නේ නැහැ ඒකයි මට කනගාටු.(නදී)
තව එකක්... ලංකාවෙ වගේ මෝඩ විදියට දේශපාලනය කරන ආධාර කරුවො ඉන්න රටක් වෙන කොහෙවත් නැතුව ඇති. නිකමට ටිකක් හිතල බලන්න. ඕවට පත් වෙලා යන උන් යනවා. ඒත් ඊට පස්සෙ දවසෙ ඉඳල මරණෙට මඟුලට හැම එකටම ඉන්නෙ ගෙවල් ලඟ එහෙම නැත්නම් ගමේ මින්ස්සු. බඩගින්නක් උනත් කන්න නැතිනම් ගෙදරකට ගිහින් කෑම ටිකක් ඉල්ලන් කන්න පුලුවන් තවමත්. ඉතින් කොහෙවත් නැති අය පත් කරන්න ඇයි අපි මරාගන්නෙ? එහෙම යන අය නිකන් වත් අපි ගැන හරි රට ගැන හරි අවංකවම හිතල වැඩක් කරනවද? දැන්වත් හිතන්න පුරුදු වෙන්න. මට නම් ලංකාව තිත්ත වෙල තියෙන්නෙ මේ සිද්ද වෙන දේවල් දැකලා.(නදී)
එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ,මැරුන කෙනාමයි වැරදි වෙන්නේ.(නදී)
මේක තමයි ඇත්ත. තව ඉස්සරහට හොද හොද පරිප්පු කන්න වෙයි.(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
මම ලංකාදීප කියවන්නෙ ගොඩක් කාලෙක ඉඳල. ඒත් මේක බලන අය දාන ඒව දැක්කම අදහස් දාන්න කැමති නැහැ. මේ අදහස දාන්නෙත් හිතේ අමාරුව වැඩි කමට. ලංකාවෙ මිනිස්සුන්ට ඉතින් කවදා මේවා තෙරේවිද දන්නෙ නෑ. හැමදාම මැරෙන්නෙ, තැලෙන්නෙ-පොඩි වෙන්නෙ මේවගේ ගෙවල් වල ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු. ඡන්දෙ ඉල්ලන හා ඡන්දෙන් පත් වෙලා ඉන්න මොකෙක්වත් ඔහොම දේවල් වලට මුහුණ දෙන්නෙ නෑ. උන් හැමදාම සුර සැප විඳිනවා. අහිංසක එවුන් නිකන් පරිප්පු කනවා. මොකා දින්නත්/පැරදුනත් අපි හම්බ කරන් ඕනා අපි කන්න. දැන්වත් ඕක තේරුම් ගනිල්ලා.(නදී)
ගෙදරට වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්නේ නැති අයට හොද වැඩේ.(නදී)
මරල තියෙන්නේ බුදුන් ගේ පිළිරුව අසලද ? (නදී)
ලංකාවේ දේශපාලනය ගැන අහන තරමට පිළිකුලක් වෙලා .ඒ මොකද ?මරාගන්න එකම තමයි දැන්,දැන් සිද්ධ වෙන්නේ .(අ)
ඇත්තටම දුකයි මිනිසුන් මේ තත්වයට ගෙනත් තියේන්නේ කවුද? නුගත් මිනිසුන් හා රටට ආදරයක් නැති දේශපාළකයන් නොවේද? බලන්න මේ අපරාදය කරලා තියෙන්නේ බුදු මැදුරක් ලග නේද? මේ මරා ගන්නේ අපේම සිංහල ජාතිය නේද දේසපාළකයෙනි අපේ සිංහල මිනිසුන්ට සමගි වෙන්න දීපල්ලා බල ලෝබයට රට ජාතිය වීනාස කරන්න එපා කරන මගෝඩියක් සමාදානයේන් කරනගනිල්ලා.(නදී)
මධුෂංක, ඔයා වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද? මේ මිනිස්සු කිසි වැඩකට නැති දේශපාලනයක් බදාගෙන නිකම් වටිනා ජීවිත නැතිකරගන්නවා. අන්තිමට වෙන්නේ බිරිඳකට තමන්ගේ ස්වාමියාවයි දරුවන්ට තමන්ගේ තත්තව නැති උන එක විතරයි. දේශපාලුවෝ මල ගෙදර ඇවිත් ශෝකය පලකරලා ලකුණු දාගෙන යයි.(නදී)
පිටිගල මහත්තයෝ මධුෂංක කියන්නේ හොරුන් දිනවීමේ මෝඩයන්ගේ මහා සටන ගැන නොව. (නදී)
ලංකාවේ විපක්ෂය දුර්වලයිලු ආණ්ඩුව කියනවා , එහෙනම් විපක්ෂයේ මිනිස්සු මරන්නේ මොකටද ? විපක්ෂය ශක්තිමත් කරන්නද ? (අ)
දුප්පතුන් මරා දමන සටන ගැනනේ ඔය මධුෂංක කියන්නේ.(නදී)
උන් රජ වෙනවා. අහිංසකයෝ මැරෙනවා.(නදී)
මොන සටනක් ගැනද ඔය කියන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න මධු.(නදී)
එකා පිට එකා මහපාරේ මරා දැමුවත් දල රල පෙළක් සේ උසට නැගෙන සටන අත නොහරිමු. (නදී)
පව් අසරණ ළමයි.(නදී)
මිනිස් දේශපාලනයෙන් තිරශ්චීන දේශපාලනයකට අපි අවතීර්ණ වී බොහෝ කල්. මේකට දේශපාලන සටනක් කියනවාට වඩා "බලු පොරයක්" කියනවා වඩාත් හොඳයි. දේශයේ ප්‍රධානම ආගම වූ බුදු දහමටත් නිගා දෙන අන්දමින් මේ බුදු පිළිමය ට රැකවරණ දෙන තාප්පයේත් මේ "පින්වත්" අයගේ මුහුණු අලවල විතරක් නොවේ මහා කාරුනිකවූ බුදු පියාණන් අභියස මේ අපරාධය කරන්න තරම් සාහසි වෙලා තියෙනවා. (නදී)
අපි හැමදාමත් මහා පාරේ තමා.(නදී)
සිංහලයා මෝඩයා කියල කිව්වේ 1505 දී. ඒක තවමත් එහෙමමයි. ඉස්සරහටත් එහෙමමයි. ද්‍රවිඩ, මුස්ලිම් අය මරා ගන්නේ නැතුව ගානට වැඩේ දෙනවා. සිංහලයා බෙදිලා කොටස් 52 කට. මෝඩයාම තමයි තවම. බංග්ලිදේශයේ බෞද්ධයාට අත් වෙලා තියෙන ඉරණම මේ අයට පේන්නේ නැහැ. බල තන්හාවෙන් අන්ධ වෙලා. (නදී)
මේ ඝාතනයට සෘජුවම වග කිව යුත්තේ කව්ද? (නදී)
මෙවන් මිනිසුන් අතරේ අප ඉපදුනේ ඇයි.(නදී)
අපි මෝඩ නැතිනම් ? (නදී)
ස්තුතියි සුජිත් ! දැන් නම් පැහැදිලියි.(නදී)
නිම්මි පෙරේරා නමින් අදහස් දමා ඇත්තේ මිනීමරුවා හෝ ලඟම ඥාතියෙක් විය යුතුය.(නදී)
තව පොඩ්ඩයි තියෙන්නේ බුද්ධ ප්‍රතිමාවත් වැහෙන්න.(නදී)
කවුරු කාට චන්දෙ දුන්නත් කමක් නැහැ, ඒත් නිකන් බොරුවට ගමේ ගොඩේ අහල පහල අය මරාගන්න එපා. ඔය ඡන්දෙ ඉල්ලන අය දිනුවත් පැරදුනත් මතු දවසක අපේ දුක සැප බලන්න එන්නේ නැහැ. අහල පහල ගමේ ගොඩේ කෙනෙක් තමයි හදිසි අවස්ථාවක පිහිටට එන්නේ. ඡන්දෙ දිනන කෙනා ඉදිරි දවසක අපි පාරේ යනවිට පාරේ වතුර වළකින් මඩ වතුර පාරක් අපිට ගහ ගෙනම ජීප් එකෙන් යයි අපේ දිහාවත් නොබලා. අන්න ඒ නිසා පොදු ජනයිනි. නිහඩව තමුන්ගේ කතිරය කැමති කෙනාට ගහන්න. අහිංසක ජිවිත රැක ගෙන සමගියෙන් ගම දියුණු කර ගන්න. ''තමන් හිසට තම අතමය සෙවනැල්ල''...හොදින් මතකයට ගන්න ඕනේ.(නදී)
මේවා දකිනකොට හිතෙනවා මේ රටේ පාලනයක් නැහැ කියලා. මේවා නො නැවත්වුවොත් කවද හරි මේවා කරවන අයටත් මේ ඉරණම ම අත්වෙන එක වලක්වන්න බැහැ.(නදී)
දේශපාලනය නිසා වන ඝාතන තරයේ හෙලා දකිමි.(නදී)
මිනිස්සුන්ව මේ තත්වයට පත් කර තියෙන්නේ අවස්ථාවාදී දේසපාලුවෝ. වැඩ පෙන්නපු තරමට තමා ගෝස්තරය ලැබෙන්නේ.මේකත් ඒ වැඩ පෙන්නීමක්. අනිත් පැත්තෙන් ලකුණු සොයන අයට හොද අවස්ථාවක්. දැන් දේසපාලනය කියන්නේ පිළිකුල් සහගත රැකියාවක්.(නධී)
නිම්මි ඔයාටත් ඔහොම උන දවසට දුක දැනේවි. අනිත් අයගේ වේදනා තේරුම් අරගන්න උත්සහ කරන්න. (නදී)