එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතාගේ දේශනයක් ලබන ජුනි පළමු වැනි දින මිලානෝ නුවරදි පැවැත්වීමට යයි.
එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතාගේ දේශනයක් ලබන ජුනි පළමු වැනි දින මිලානෝ නුවරදි පැවැත්වීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරින් ප්‍රනාන්දු මහතාගේ නිවැරදි දැක්ම සහ නොබියව අදහස් ප්‍රකාශ කිරීම තුළ යෞවනත්වය හදවත් තුළට අර්ථයක් වී ඇති බැව් සත්‍යයක්. නන්දන පනාගොඩ මහතා කී පරිදි,මෙවර එසේ නොවන බැව් නිසැකයෙන්ම කිව හැකියි. පාට දේශපාලනයෙන් තොරව අදහස් ප්‍රකාශ කළ සැමට තුති! (නි)
රොමේටත් එනවා (අ)
මගේ පදිංචිය නුවරඑළියේ. මේකේ දමා තිබෙන අදහස් කියවනකොට මට 'අනේ' කියලා හිතුනා. ලෝකය දෙස මිනිස්සු බලන්නේ සංසාරගත පුරුද්දට විනා මනසට ළං වූ ඇස් දෙකින් නෙමෙයි කියලා හොඳින්ම තේරුම් ගියා. (නි)
මගේ සිතෙත් මැවී තිබෙනවා සිහින පාර්ලිමේන්තුවක්... (නි)
අපි හරින් මන්ත්‍රීතුමාට දොස් කියන්නෙ නැහැ. ඒත් මතක තබා ගන්න මෙතුමත් කරු ජයසූරිය මැතිතුමාල සමග එජාපයේ එකඟතාවයකින් තොරව ෆොන්සේකා මහතාගේ රැස්වීමට සහභාගි වන්න සූදානම් වෙලා සිටිය බව. රනිල් වික්‍රමසිංහ මහතා වැනි දූරදර්ශී නායකයෙකු පක්‍ෂයේ සිටියදී එතුමාගේ නායකත්වයෙන් පක්‍ෂය ඉදිරියට ගෙන යනු විනා වෙනත් විකල්ප සොයන්නට යෑම අනුවන කමක් බවද සඳහන් කරමු. කෙසේ වෙතත් පක්‍ෂයේ උන්නතියට පමාවී හෝ උරදෙන හරින් මැතිතුමාට අපි සුභ පතමු. (නදී)
රුක්මන්, ඔයාගෙ අදහස උතුම් දෙයක්, මමත් එකඟයි, (ස)
"මොළේ තියෙන විට බලේ නැහැ. බලේ තියෙන විට මොලේ නැහැ" දේශපාලනය කරන්න මොලේ ඕනේ නැහැ. (ස)
බංගලි වළලු බ්‍රේස්ලට් එහෙම දෙන බව කීවද? (ස)
මොලේ තියෙන විට බලේ නැහැ බලේ තියෙන විට මොලේ නැහැ.(නදී)
රුක්මන්-මිලානෝ, ඔබගේ අදහස මල් හතයි. සුභ පැතුම්! (නි)
හරින් මන්ත්‍රීතුමනි, ඔබ දරන මත වලට මම ගොඩාක් කැමතියි. දිගටම එ.ජා.ප තුළ රැඳී සිටින්න. (නි)
මම විශේෂයෙන් ගරුකරන කෙනෙක්, හරින් මැතිතුමා. මම කියන්න කැමතියි මෙහෙම දෙයක්. මිලාන් වල අපි යම් මුදලක් උපයන උදවිය.එනිසා හරින් මහත්තයා, මම කැමතියි යෝජනාවක් කරන්න.අපේ ඉතාලියෙ එ.ජා.ප. සාමාජිකයන්ගෙන් යම් මුදලක් මාස්පතා එකතු කරන්න.එමඟින් පදනමක් හදලා අහිංසක දුප්පත් මිනිස්සුන්ට, දුප්පත් අයට යම් උපකාරයක් කරන්න. (නි)
මම පෙරමුණෙහි සාමාජිකයෙක්. ඒත් හරින් මහත්තයට හරිම කැමතියි.හේතුව ජාතික ගැටලුවේදී එතුමා ඉන්නෙ සාධාරණ පැත්තෙ. දෙමළ ජනතාව ගැන කතා කළාට කමක් නැහැ.ඒත් කොටින්ට කඩේ යන්නෙ නැතුව. මෙතුමාට කිවයුතු දෙයක් තිබෙනවා. මෙහෙ ඉන්න මිනිස්සු එක්ක තැන් තැන් වල කන්න බොන්න යන්න එපා. හොඳ ගති පැවතුම් තිබෙන, දේශපාලන දැනීමක් තිබෙන අය සමඟ මෙහි ගතකරලා තමන් ආ ගමන සාර්ථක කර ගන්න. මොකද ඔබතුමාට හොඳ අනාගතයක් තිබෙනවා. (නි)
ශාන්ගේ අදහස හරියටම හරි. බලයට අපු ඔක්කොම ගැන හිතල බලන්න ඒ අය විපක්ෂයේ ඉන්න විට හරිම සාාධාරණයි හරිම නිහතමානියි හරිම අවංකයි.පුද්ගලයන් ගැන විස්වාසය තැබීම අත්හරින්න. වැඩ පිළිවෙලක් ගැන ප්‍රතිපත්තිමය කරුණු ගැන විශ්වාසය තබා වැඩකරන්න (ස)
විපක්ෂයේ ඉන්නකොට ගොඩක් මන්ත්‍රීවරු නරක නැහැ. බලයට ආපුවාම තමයි මේ අය උමතු වෙන්නේ, පිටරටවල ඉන්නකොට අපේ ලංකාවේ අය බේද බින්න නොවී හෝ නොකර ඉන්නවනම් ගොඩක් පින්. (දී)
මමත් ශ්‍රිලන්කික පුරවසියෙක්මි. අපේ රටේ පාර්ලිමේන්තුවේ අද ඉන්න මන්ත්‍රීවරු, ඇමතිවරු 225 දෙනාගෙන් කීදෙනාද අවංක දේසපාලනය කරන්නේ ? රට, ජාතිය ගැන කැක්කුමක් ඇති රටේ යහපත ගැන අවංක චේතනාවෙන් වැඩ කරන්නේ ? මෙතුමා මම දකින්නේ විරුද්ද පක්ෂයේ දැනට ඉන්න මන්ත්‍රී වරුන්ගෙන් දක්ස, අනාගතයක් හිමි මන්ත්‍රීවරයෙක්. දැන් බලයේ ඉන්න මන්ත්‍රීවරු ඇමතිවරු බහුතරයක් රට ජාතිය, රටේ දියුණුව ගැන නොව ඔවුන්ගේ වාසිය ගැන තමා වඩාත් උනන්දු වෙන්නේ. අපේ රටට උවමනා මේ වගේ දක්ස අවංක දේසපාලකයන්. මොවුන්ට බලයක් ලැබුනොත් දැන් ඉන්න ඇමතිලා වගේ වෙනස අපි මෙයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපිට උවමනා අවංක දේසපාලකයන් පමණි. (දී)
අසන්ත -මිලානෝ ,එතකොට ඔබේ පක්ෂයේ ඉන්න සියලුම මන්ත්‍රීවරු අවංකද ?(දී)
ඇත්තටම ඔබ වගේ අය එනකම් අපි බලාගෙන ඉන්නේ. මෙහේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට වෙන අසාධාරනකම් කියන්න.ඒවා පාර්ලිමේන්තුවේ කතා කරවන්න. (ස)
මෙහේ මොන දේශපාලනේද? (ස)
මම සන්ධාන සාමාජිකයෙක්.දේශපාලනයේ අවංක සහ අවංක නොවන පිරිස් සිටිනවා. මෙහිදි හරින් මහත්තය හොඳ කෙනෙක් බව පෙනෙනවා. නමුත් විපක්ෂයේ සිටින සියලුම මන්ත්‍රීවරු එසේ නොවන බව කියන්න ඕනෑ. (නි)
ලංකාවේ ඇමතිලා මෙහෙ ආවම ඔවුන්ට නුරුස්සද්දීත් බලෙන් සෙකියුරිටි කියා තමන්ගේ වියදමෙන් පස්සෙන් යන අය මෙයාගේ පස්සෙනුත් යනවද නැත්නම් මග අරිනවද? (නදී)
හරීන් ප්‍රනාන්දු මැතිතුමා, හොඳ අනාගතයක් තිබෙන දක්ෂ දේශපාලඥයෙක් .ඔබට ශුභ අනාගතයක්! (නදී)
චතුර මහත්මා, මම එ.ජා.ප .මිලානෝ ශාඛා සමිතියේ නිලධාරියෙක් හැටියට ඔබේ අදහස ඉතාමත්ම අගය කරනවා.අපි කුමන පක්ෂවල සාමාජිකයින් වුවද මෙන්න මේ බුද්ධිමත් මහත්මා දේශපාලනයේ නිරත වෙනවා නම් රටට සිදුවන්නේ යහපතක්මයි (නි)