එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකුට විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් එම පක්ෂයට පනවා තිබූ වාරණය ඉවත් කරමින් ගල්කිස්ස ප්‍රධාන දිසා අධිකරණයෙන් දුන් නියෝගය අගෝස්තු පළමු වැනිදා දක්වා අත්හිටුවමින් එදින දක්වා වාරණය ක්‍රියාත්මක කරන ලෙස ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණය අද නියෝග කළේය.
මොහොමඩ් ඉසැඩ් රෂීන් හා රෝහිණී වල්ගම යන සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් අධිකරණය සමන්විත විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන මොහාන් ලාල් ග්‍රේරු, ලක්ෂ්මන් සෙනවිරත්න, උපේක්ෂා ස්වර්ණමාලි, මනූෂ නානායක්කාර, අර්ල් ගුණසේකර ද, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ සාමාජික ප්‍රභා ගනේෂන් හා ජාතික කම්කරු පෙරමුණේ සාමාජික පලනි දිගම්බරම් මහත්වරු ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණයට වෙන වෙනම පෙත්සම් ගොනු කළහ.
ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී පක්ෂ තීරණය නොතකා රජය සමග ඡන්දය දීම නිසා ඔවුන් පක්ෂයෙන් නෙරැපීමට ගත් තීරණයට එරෙහිව ඔවුහු අධිකරණ පිහිට පැතූහ.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක, පක්ෂයේ උද්දේශික විනය කමිටුවේ ලේකම් අසේන්ද්‍ර සිරිවර්ධන යන මහත්වරුන් නම් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය මාර්ගයක්මේ හත් දෙනාට විරුද්දව ගන්නවාට ඡන්දය දුන් අපි කැමති. (අ)
ලබන ඡන්දෙ වෙනසක් දකින්න ලැබෙයි වගේ නේද? (නි)
ඔය හත්දෙනා පාර්ලිමේන්තුවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ චන්ද වලින්. ඔය හත්දෙනාගේම මන්ත්‍රී කම් අහෝසි කරනවට අපිනම් එකඟයි. (දී)
දේශපාලනේ කියන්නේ ඕකට තමයි. කාගේ හරි ඡන්දෙකින් රජ සැප විඳීම.(අ)
සුස ගේ අදහස තමයි මමත් දරන්නේ.(නදී)
සුසා ඔයාගේ කතාව හරි. ඒ වගේම ආණ්ඩු පක්ෂෙන් විපක්ෂෙට ගියත් මන්ත්‍රීකම අහෝසි කල යුතුයි. මොකද එතකොට ජනතා කැමැත්ත නියෝජනය වෙන්නේ නැහැ.(නදී)
තමන්ගේ පක්ෂයේ විනය කැඩුවට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරන්නවත් ඉඩක් නැහැ. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලේ මීට වඩා හොඳයි මගේ හිතේ. (නදී)
සෑම මන්ත්රිවරයෙකුටම හරි දේට හරි තීරණ ගැනීමේ අවස්ථාව තිබිය යුතයි (දී)
නීතිය කාටත් පොදුයි එය ක්‍රියාත්මකවීම අනේ මන්දා ? අලියට කතිරේ ලකුණු කරලා තමයි මනාප අංකයට ලකුණු කරන්නේ. එතකොට ඒ අය අලි. බුලත් කොලේට, සීනුවට, කරත්ත රෝදෙට, ගසට කතිරේ ගැසුවාම ඒකත් එහෙම තමයි. උත්තරීතර චන්ද දායකයාගේ උත්තරීතර චන්දය එක් එක් පුද්ගලයන් උත්තරීතර චන්ද දායකයන්ගේ කැමැත්තට උත්තරීතර චන්දයට විරුද්දව කටයුතු කරනවා නම්. එය උත්තරීතර චන්ද දායකයා නොමග යැවීමක් හා ඔහුට කරන වංචාවකි. ඉතින් මෙවැනි අකීකරු ක්‍රියාවන් සඳහ නියැලෙන්නන්ට තීන්දු දීමට සුදුසු විනිශ්‍යකරු, මම හිතන්නේ උත්තරීතර චන්ද දායකයා පමණි ... (දී)
අහිංසක මිනිසුන්ගේ චන්දෙ අරගෙන පක්ස මාරුකරන එක මෙලො වසයෙන් පටිසන් දෙනවා (දී)
පක්ෂයෙන් නෙරපන්න ඕනෑ කවුද කියලා අපි නම් දන්නවා. හැබැයි එහෙම කළොත් ආන්න එදාට පක්ෂය හරියනවා. (නි)
වහෙන්ඔරෝ භාෂාවෙන් කාටද දැන් ඔය ඕවා කියන්නේ? කාට කිවුවත්, අපේ රනිල් මහත්තයා නොසිටියා නම් අද එ.ජා.ප. යක් නැහැ (නි)