එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීමට ගත් උත්සහායට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහාය නොදුන් බවත් ඒකාධිපතියකු ලෙස හැසිරෙමින් පක්ෂය විනාශ කරන බවත් තව අවුරුදු 10යක්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයේ සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දි අද මිනිත්තු 40ක ප්‍රකශයක් කරමින් කිවේය. ඔහු මෙසේ ද කිවේය. මම ප්‍රජාතන්ත්‍රවාදය සොයා යනවා. රජයෙන් ඇමැතිකමක් ලබාගන්න මට පුළුවන් ඒත් එහෙම කරන්නේ නෑ වයඹට සංධානයෙන් තරග කරනවා. ගිය වර මනාප එක් ලක්ෂ ගණනක් ගත්තා. මෙවර දිනන හැටි විපක්ෂ නායකතුමාට බලා ගත හැකි. එක්සත් ජාතික පක්ෂය ගොඩ ගැනීමට කළ සටනින් ප්‍රයෝජනයක් වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතා ඊළගට කතා කරමින් දයාසිරි මහතා සිය දේශපාලන වළ කපා ගත්තේ යැයි කීවේය. අපි අද ඔහුගේ දේශපාලන මළගමට සහභාගි වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාසිරි මෙහෙම වචනේ වෙනස් කරයි කියලා අපි හිතුවෙ නැහැනේ (නි)
ඔයා අපිව දාලා ආණ්ඩුවට ගියාට අපි ඡන්දෙ දෙන්නේ යුඇන්පී එකට. (නි)
ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදේ කොහේද තියෙන්නේ....? (අ)
දයාසිරි මන්ත්‍රීතුමා කියපුදේ හරි (නි)
කාගේ මළ ගමට කවුරු සහබාගී උනාද මංදා, අපේ මළ ගමට නම් ඔය එක්කෙනක් වත් එන එකක් නෑ.(නදී)
අනේ ඉතින් අපිට මොකෝ? (නි)
ඔයා හුගාක් වෙනස් වෙලා. (නි)
මේ කථාව 100% ඇත්ත. (නි)
දයාසිරි මහත්තයෝ, ඔබ තුමා මම ගොඩක් කැමති දේශපාලඥයෙක්. ආණ්ඩුවට යනවා නම් බලාගෙන ප්‍රෙව්සමෙන් වැඩ කරන්න.(නදී)
තමන්ට සුදුසු තැන නොලැබේ නම් යන එක තමයි ගුණ. (නදී)
දයාසිරි කියන්නේ ඇත්තටම වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. ඔහු ගත්ත තීරණේ හරියටම හරි. දැන් ඉන්න හොරුන්ට ඔබ ආදර්ශයක් වෙන්න.(නදී)
මෙය නොවිය යුත්තකි. (නි)
කාට කාටත් ලොකු පාඩමක්. පවතින රැල්ල මෙයාව එගොඩට ගෙන යන බව නම් නිසැකයි. ඒත් වැඩේ හරිද මන්දා. එක අතකට මෙහෙම වෙනකොටවත් ඉගෙන ගත යුතු අය පාඩමක් ඉගෙන ගනීද? (නි)
ඔය ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තියෙන්නේ? (නදී)
හැබැයි ජනතාවට ආදරේ අය නම් වචන වෙනස් කරන්නෙ නැහැ නේද? (නි)
මේ වගේ බොරු කියන්න වෙනම උගන්නනවද දන්නේ නෑ දේශපාලනේ කරන අයට (අ)
කන්න ඕනේ වුණහම කබරයා තලගොයා වෙනවා , (අ)
අපි ගැන හිතුවා දැන් ඇති. දැන් ඔබ ඔබ ගැන හිතන්න (නි)
එක්සත් ජාතික පක්ෂයට ඔබ කල සේවාව අගයමි. නියම අලියෙක් ලෙස ඔබ ක්‍රියා කළේය. පක්ෂයේ හොඳ මිනිස්සු ඔක්කොම යනවා. (නදී)
අනේ දයා අපිව දාලා ඇයි ගියේ ඔයා. ආණ්ඩුවට තවත් මෙගා ස්ටාර් කෙනෙක්.(නදී)
දයාසිරි කරපු එක හරි .වැඩක් නැහැ රටක හොද විපක්ෂයක් නැති වුණාම රටට අහයපත් ප්‍රතිපල එනවා ..දයාසිරි හොද පුද්ගලයෙක් ජය නියතයි (අ)
බැරිද කොහොමහරි කරලා පක්ෂය ආරක්ෂා කරන්න. (නි)
ගියපු හැමෝම බලු කුක්කෝ ගානටනේ දැන් ඉන්නේ, බලන්න ලක්ෂ්මන් සෙනවිරත්න කිසිම සද්දයක් නෑ. දයාසිරිටත් ඔය දේම වෙයි.(නදී)
දේශපාලකයන්ට ජාති බේද, ආගම් බේද කිසිම දෙයක් නැහැ. 1948 ඉඳලා හැම දේශපාලකයෙක්ම අපිව නොයෙක් කතා කියා කියා රවට්ටනවා අපිත් රැවටෙනවා. (නි)
ඇත්ත, එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් හද නැගු ඔබට සුබපැතුම්. (අ)
ඔහු කල දේ හරි, දුන්න ජනතාවට වරයක් ඔහු ගත්තු තීරණේ හරිද වැරදිද කියල ඔප්පු කරන්ඩ. ඡන්ද අරගෙන පනින්න නෙමේනේ.(නදී)
ඉතාමත් නුවණැති ක්‍රියාවක් දයාසිරි මහතා කලේ. රටට වැඩක් කරන්න පුළුවන් ඔබ වැනි අය සිටිය යුතු තැනට ඔබ පැමිණ සිටි. ඔබගේ අනාගත දිවියට සුබ පතමි.(නදී)
පක්ෂයේ කළ සටන දන්නවා නම් මෙතන මෙහෙම මෝඩ අදහස් දාන්නේ නැහැ අපේ අය. (නි)
දයාසිරි,ඔබ හරිම තැන තෝරා ගත්තා. (නි)
ජය වේවා! (නි)
ඔබට සුබ පැතුම් දයාසිරි මහතාණනි. ඔබ පසුවී හෝ නිවැරදි මාවත ගත්තා. අතීතය අමතක කර යතාර්ථය තේරුම් ගැනිමට නොහැකි අයට කෙසේ වෙතත් රටට යහපතක් ඔබ කරන්නේ. ඔබට තෙරුවන් සරණ සහ තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආදාරය ලැබේවා!(නදී)
යථාර්තය පක්ෂයේ විනාශයට හේතුවුන පුද්ගලයායි. ඒක තමා යථාර්තය. (නි)
ඔබ නිසැකවම ජයග්‍රහණය කරනවා. අනිත් අය කියන දේවල් ගනන් ගන්න එපා.(නදී)
පුංචි අත දරුවෙක් වැරදීමකින් ඇහැට ඇන්නත් අත දිග කෙනෙක් ඇන්නාමලු දැනෙන්නේ. ගෙඩියක් අමාශයේ තැන්පත් කලත් මහජනතාව ඉදිරියේ කලබල නොවන මහජනතාව ආදරය කරන ඉතා ජනප්‍රිය සද්දන්ත හස්ති රාජයෝ මෙල්ල කරන්නට නායකයා හෙන්ඩුව ගිනියම් කරලා රළු අලි බස පාවිච්චි කරන්නේ ඇයි? දයාසිරි මහත්තයට සුබ පැතුම් සමග මගෙන් වතුර බාල්දියක්.(නදී)
බලන් ගියාම ඔක්කොමලා එකයි.(නදී)
දත් තියෙන කාලේ මස් කන්න ඕනේ. දයා ඔයා හරි. ඔබට මහ ඇමති කම ෂුවර්. ජය වේවා.(නදී)
රනිල් අද රෑ ගෙදර ගිහිල්ලා මොනවා කියයිද දන්නෙ නැහැ නේද? (නි)
මේක තමා ඇත්ත.බොරු හෝ ඇත්ත හෝ බලය තිබ්බ පැත්තට කතා කරනවා. ඕක මනුෂ්‍ය ස්වභාවයක් (නි)
ඔබට ජයවේවා! (නි)
ඔබ කරගත්තේ මහම මහා මෝඩ වැඩක්. අපරාදේ ඔයාගේ දේශපාලන ජීවිතයම ඉවරයිනේ (නි)
අපි නම් හෙටත් දෙන්නේ යූ.එන්.පී. එකටම තමයි (නි)
පිඩාවට පත් ජනතාව වෙනුවෙන් ඔබ ගත් තීරණය හරි (නි)
දයාසිරි මහත්තයා,ඔයාගේ කතාවට අපි එකගයි (නි)
දයාසිරි කියන්නේ පක්ෂයකට සම්පතක් (නි)
‘එජාපය ගොඩ ගන්න බෑ‘ නොව “අසාර්ථක නායකයින් සිටින තෙක් එජාපය ගොඩ ගන්න බෑ" (නි)
ඔබ ගැන ආඩම්බරයි. අපේ පක්ෂය ගැන දුකයි. (නි)
මට නම් පුදුම තරහක් එන්නේ (නි)
දයාසිරි, ඔබ පරිස්සමින් (නි)
කොහොම වුනත් ඔබ තීරණය කළ දේට ඔබට සුබ පැතුම්. (නි)
හොද මහත්මයෙක්. ඡන්දදායකයන් පාවා නොදී , මන්ත්‍රී කමෙන් අස්වෙලා පක්ෂය මාරුකරලා නැවත ඡන්දයකින් එන්න කටයුතු කිරීම ආදර්ශයක්.(නදී)
දයාසිරි,දැන් ඕවා කියලා වැඩක් නැහැ (නි)
මම දැනට 35ක් වයසයි. මම දුන්න හැම ඡන්දෙයක්ම යු.එන්.පී එකට දුන්නා. මම හොද යු.එන්.පී කාරයෙක් උනත් මම එයා ගත්තු තීරණයට එකගයි. දයාසිරි කරපු දේ හරි. වැඩක් නැහැ රටක හොද විපක්ෂයක් නැති වුණාම රටට අහයපත් ප්‍රතිපල එනවා. දයාසිරි හොද පුද්ගලයෙක් ජය නියතයි.(නදී)
රනිල් නායකතුමනි ,දැන්වත් තීරණයක් ගන්න. දයාසිරි පක්ෂයේ වැඩකාරයෙක් ඇත්තටම (නි)
මෙච්චර සටන් කරලත් ඔබ අන්තිමට සටන අත්හැරලා දැම්මා.ඔබ අනිවාර්යයෙන්ම දිනනවා. ඒත් අහිංසක ජනතාව ඔබේ පාක්ෂිකයෝ ආයෙමත් පරාදඅයි නේද මහත්තයෝ? (නි)
දයාසිරිට බැනල වැඩක් නැහැ. (නි)
ඔබ තීරණය කළ දේට ඔබට සුබ පැතුම්. (නි)
දයාසිරි ඔයා ගත්ත තීරණයට මගෙන් සුබ පැතුම්. හොඳ වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. ඔබ තුමා ජනාදිපති තුමා එක්ක ඉන්න කවදාවත් වරදින්නේ නැහැ.(නදී)
හම්බන්තොට වරායේ ගලකුත් නැහැ කියලත් කියුවද ? (නදී)
දයාසිරි , ඔබට අපි ඡන්දය දෙන්නෙ නැහැ (නි)
දයාසිරිට බැනල වැඩක් නැහැ. පක්ෂවල නායකයෝ තේරුම් ගන්න ඕනේ දක්ෂයෝ තියාගන්න වැඩ පිළිවෙලක් හදන්න. දැන් ඉතින් නාහෙන් අඩලා වැඩක් නැහැ.(නදී)
අනේ මන්ත්‍රීතිමාටත් ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු වුනානේ (නි)
මගේ මනාපය ගැන මට දුකයි (නි)
ඔබ ගැන අපි දන්නවා (නි)
දැන් කී දෙනෙක් ගියාද? තව යාවි. පක්ෂයට දෙවියන්ගේ පිහිට තමයි. (නි)
හැමෝම බලයට කැමතියි (නි)
ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදේ කොහේද තියෙන්නේ....?(නදී)
අනේ දයා අයියේ, ඇයි අපිට මෙහෙම කළේ? (නි)
නිවරදි තීරණයක්. (නදී)
රනිල් නායකතුමනි, ඔබ සැලෙන්න එපා. අපි ඔබ සමගයි. (නි)
දයාසිරි =දයාව සිරි (නදී)
අඩන්නද හිනා වෙන්නද කියලා හිතාගන්න බැහැ. (නි)
පුලුවන්නම් රනිල් මහත්තයව ආණ්ඩුවට ගන්නකො (නි)
වයඹ දුෂණය පිටු දකින වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න පුළුවන් මහත්තයෙක් ඉන්න එක හොඳයි. රටට හොඳක් වේවි. ජයවේවා!(නදී)
ඔබ යන තැන දැන් නියම ප්‍රජාතන්ත්‍රවාදය තිබේද? (නි)
රටට ප්‍රබල විපක්ෂයක් නැති නිසා ආණ්ඩු පක්ෂය රිසි දේ කරනවා. රනිල් මහත්තයෝ, පක්ෂයත් රටත් ගොඩගන්න ඕනෑ නම් දැන්වත් තේරුම් අරගෙන වැඩ කරන්න (නි)
පනින රිලවුන්ට පනින්න දෙන්න. නැවත එන්න එපා (නි)
දයාසිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය හොයන්නේ ආන්ඩුවෙන්ද? එතකොට පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ විපක්ෂෙට වෙලා ආන්ඩුවේ ප්‍රජාත්‍රන්ත්‍ර විරොධී ගමනට එරෙහිව සටන් කරනවා කිය කියා කෑ ගැහුවේ ඇයි?(නදී)
දයාසිරි තවම ලපටියි. එක්සත් ජාතික පක්ෂය ධනේශ්වර පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහෙමයි. (නි)
ඉතාමත් බුද්දිමත් තීරණයක්. ඔබට සුභ පතනවා. (නි)
සම්ප්‍රදායක ක්‍රමයෙන් වෙන් වී රටට හොද දෙයක් කරන්න උත්සාහ කරන්න.ඔබට ජයවේවා! (නි)
අනේ දයාසිරි මහත්තයෝ, හැබැයි උනුත් එකයි, මුනුත් එකයි ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදේ ඔය කොහෙවත් නැහැ.(නදී)
හේතුව රනිල් නම් ඔබ මෙසේ ප්‍රකාශ කර නික්ම යායුතුව තිබුනේ අද නොවෙයි. ඔබ සිතන්නේ ඔබ ගැන පමණයි. රට ගැන නෙමෙයි. රට ගැන හිතනවානම් ඔබ මේ පාලන ක්‍රමයට හවුල් වෙන්නේ කොහොමද? එක්සත් ජාතික පක්ෂය කියන්නේ රනිල් නෙවෙයි. දයාසිරි නෙවෙයි. සජිත් නෙවෙයි. පක්ෂය ජයග්‍රහණය කරවන සියළු ජාතීන්ට අයිති ජනතාවයි. ඔබ පිටුපාන්නේ අහිංසක අසරණ ජනතාවටයි. ආණ්ඩුවේ සියල්ල හොඳයි කියලා හෙට උදේම ඔබ කියාවි. මේ ඔබද?(නදී)
පක්ෂය ගොඩගන්න බලන්න (නි)
අනේ කුරුනෑගල යූඑන්පීයට මොකද මේ වේගෙන එන්නේ (නි)
දයාසිරි මහත්තයත් ඉවරයි අනේ අපොයි ලංකාවට මොකද මොකද මේ උනේ.(නදී)
ජයවේවා , ජයවේවා , ජයවේවා! ඔබ අවංක නායකයෙක් . ඔබ ඔබගේ ජනතාවට සේවය කරන්න ජීවිතේ තෘප්තිමත් වෙන්න .ඔබට සුබ අනාගතයක් (නි)
කටිටියම ආවොත් නරකද?(නදී)
රනිලුත් දැන් පක්ෂය අතහැරලා ආණ්ඩුවට ආවා නම් අපි සතුටුයි (නි)
නියමයි දයාසිරි මල්ලි (නි)
මුලදී උනේ මුලාවයි. පමා වී හෝ ඔබට ඇත්ත තේරුණා එකට අපිට සතුටුයි. ඔබට ජය. අනිවාර්යයෙන්ම ඔබයි වයඹ මහා ඇමති. රටට වැඩ කරන්න ශක්තිය ලැබේවා (නි)
ගත්තු කෝටි 25 ට මොකද කරන්නේ? (නදී)
දයාසිරි කියන්නේ ආණ්ඩුවේ සහ ආණ්ඩුවට ජනතාවට හොරෙන් කඩේ ගිය කෙනෙක් වගෙයි දැන් නම් පෙනෙන්නේ. ජනතාව දෙපත් නයින්ට පාඩම් උගන් වාවි.(නදී)
ඔය මොනවා වුනත් අනිත් අය ගැනත් අපි දන්නවා (නි)
යන කට්ටියට යන්න දීලා අන්තිමටම කවුරු එයිද? (නි)
ඡන්දෙ දෙන අයට දැන් වත් ඇස් ඇරේවිද? මේ අය රටකා වතුර බොන අය මිසක් ජනතාවට සේවය කරන්න එන අය නෙවෙයි. පහුගිය කාලෙ ආණ්ඩුවේ වැඩ හරි නෑ කියලා ජනතාවට තේරුම් කලේ මෙතුමා මහා ඉහලින්. දැන් ගියා තියෙන හැලියෙන් බෙදාගෙන කන්න.(නදී)
රටක හොද විපක්ෂයක් නැති වුණාම රටට අයහපත් ප්‍රතිපල එනවා. දයාසිරි හොද පුද්ගලයෙක්. ජය නියතයි (නි)
අනේ මන්දා දයාසිරි මහත්තයෝ ඔබ කියන ප්‍රජාතන්ත්‍රවාදය මොන පැත්තෙද තියෙන්නේ? ඔබේ හිටපු නායකයා තරම් ඉවසන්න ඔබට බැරි උනේ ඇයි.?(නදී)
කැපුවත් කොළ පාට කියන්නේ දේශපාලනය ගැන දන්නේ නැති අය තමා. දේශපාලනය කියන්නේ බලය ලබා ගැනීම සදහා කරන අරගලයක්. බලයක් නැතිව කොහොමද රටට වැඩක් කරන්නේ. බලයක් ලැබෙන කාලයක් පෙනෙන මානයකවත් නැතිනම්, බලය තියන තැනකට යාමේ කිසි වරදක් නැත. අනාගත මහා ඇමති තුමනි ඔබට ජය.(නදී)
අපිට දුකයි, එජාපයේම හිටියානම් හොදයි.(නදී)
යු.ඇන්.පී ලොකු පුටවේ ප්‍රභා හිටියත් ඡන්දෙ දෙන අය මේකෙත් ප්‍රතිචාර දාලා තියෙනවා.(නදී)
යල මහ තේරෙනවා නම් අස්වැන්න බෝල් වෙන්ට හේතු නෑ රාලෝ. වවන්නෝ දිනන්නෝය. (නදී)
මම කියන්නේ ඔය සම්බන්දව නෙමෙයි. කොහොමත් කුණුගොඩට කුණු එකතු වෙනවා.(නදී)
කෝටි 25 ට කව්ද අකමැති. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපල ඔය තියෙන්නේ. නියමයි දයාසිරි. සුභ පැතුම්!(නදී)
අනේ මෙහෙමත් මිනිස්සු. පක්ෂේ වලේ වැටෙන වෙලාවට මෙහෙම දාලා පැනලා යනවා නම් තමන්ගේ ඡන්ද දායකයන් ගැන කොහොම බලයිද? මිදී කන්න බැරි උන නරියා කිව්වෙත් ඔයවගේ කතාවක්ලු. බලා ගෙන යනකොට කව්රු කව්රුත් බලන්නේ තමන්ගේ බඩ කට ගැන විතරයි වගේ.(නදී)
එක අතකින් සතුටක් දැනෙනවා, තවත් පැත්තකින් දුකක් හිතනවා. (නදී)
මම කැපුවත් කොළ, මට නැහැ නොවැ මොලේ.(අ)
ඔබ මහා ඇමති වෙලා වෙනසක් කරලා පෙන්වන්න. නැත්නම් ඊලග සැරේ ගෙදර තමයි වෙන්නේ. (නි)
මේක හරිම නරක වයසක් (නි)
මේවයින් ජනතාව පාඩම් ඉගෙනගත යුතුය (නි)
රාජිත ඇමතිතුමා මහින්දට පලු යනකන් බැනලා ආණ්ඩුවට පැන්නා. දයාසිරි ඒවගේ ගෙම්බෙක් කියලා මන් හිතුවේ නැහැ.(අ)
දයාසිරි ඔයා ගැන දුක් වනවා ඇර කරන්න දෙයක් නැ හොඳ කෙනෙක් නරක තැනකට යාම තමා දුක(අ)
දයාසිරි පක්ෂ මාරු කල එක නම් කිසි වැරද්දක් නැහැ,(අ)
පහුවෙනකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන් (අ)
ශ්‍රීලනිප වෙනුවෙන් දර දිය ඇදපු අයව තල්ලු කරගෙන පෙරලගෙන ඉදිරියට යන්න.එතකොට එම පිරිස වටහා ගනීවි ලංකාවේ දේශපාලනය කියන්නේ මොනවාගේ ද කියලා (අ)
ඉතාමත් නිවැරදි තීරණයක්.(අ)
කාවත් විශ්වාස කරන්න බැහැ (අ)
දයාසිරි දේසපාලන වේදිකාවේ ඉන්නා හොද කතිකයෙක් .ඉදිරි පළාත් සබා මැතිවරණයේදී ඔහු ජනතාවට වේදිකාවේ කරන ප්‍රකාශ වලින් යු ඇන් පිය ය තවත් සෝදාපාලුවකට ලක්වේ.(අ)
ආත්මයක් ආත්මයක් ගානේ අපිට නයයි ඕයා.(අ)
අනේ අපි නොදන්න ප්‍රජාතන්ත්‍රවාදය (නි)
මතකෙන් මකා අපි දුක් විඳි හැටි... මතකයි ඔයා අප හැරගිය හැටි... (නි)
දයාසිරි මහතා ඔබ හරි. තමන්ගේ දියුණුවට වැඩක් කරගන්න පුළුවන් තැනකට යන එකයි තමන්ට හොඳ. මමත් එහෙමයි. (නි)
කොහොමද මේ ගොල්ලෝ මෙහෙම කරන්නේ අප්පා ?? ලැජ්ජා නැද්ද? (නි)
අපි හිතුවා අන්තිමේ වෙන්නේ ඔය ටික තමා කියලා... (නි)
"අනේ මන්දා දයාසිරි මහත්තයෝ ඔබ කියන ප්‍රජාතන්ත්‍රවාදය මොන පැත්තෙද තියෙන්නේ? ඔබේ හිටපු නායකයා තරම් ඉවසන්න ඔබට බැරි උනේ ඇයි.?" (අ)
පව් අනේ එයා ..පළාත් සභා අහෝසි කරනකොට ඔයාට මොකක් වෙයිද කියලයි මම කල්පනා කරන්නේ (නි)
නියම තීරණයක් (නි)
තව අවුරුදු 10 විතර යනකොට මිනිස්සු තේරුම් ගනීවි ඇත්ත (නි)
දැන් ඉතින් ගිවිසුමට අදාල දේවල් ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා (අ)
ඉන්නකන් එක එක්කෙනා අඩුවෙයි වගේ (අ)
පල ඇති රුකේ වවුලොත් එල්ල්ලෙනවලු (අ)
ජය වේවා ..(අ)
චරිත ....මොනවැඩ කියන්නේ. පරණ අලියෙක් වලේ එන්නකොට ..පස් ටිකක් දමල වහල දමනවා හැර (අ)
දැන් දවස්දෙකකට කලින් ඔබතුමා කිව්වේ පක්ෂෙ දල යන්නේ නැහැ කියල. දැන් එතකොට ඔබ තුමා කිව්වේ බොරුවක් නේද හැබැටම? හරි එක පැත්තකින් තියමු. දැන් ඔය ප්‍රජාතන්ත්‍රවාදය හොයාගෙන යන්නේ කොහෙද? අමෙරිකවටද? මහා බ්‍රිතාන්යයටද? (අ)
මෙය එක්සත් ජාතික පක්ෂයට මෙච්චර ආදරෙයි නම් අහවල් එකටද ඡන්දයක් වෙලාවේ පක්ෂයට අවාසි වෙන විදියට අයින් වුනේ.මෙයත් ලොකු සල්ලි මිටියකට යටවෙලා බව මෝඩයෝ නොවන හැම කෙනාම දන්නවා.'(අ)
හයිය තිබුණාට මොළේ නෑ (අ)
දයාසිරි මහතාණනි ඔබ වැදගත් මහත්මයකු මෙන් ඉදිරියේදීද ක්‍රියාකර දෙපැත්තේම ඉන්න අනෙක් දේශපාලන හොරුන්ට ආදර්ශයක් වන්න ඔබට සුබ අනාගතයක් (අ)
මම හිතන්නේ දයාසිරි හරි. ගහන්න ගහන්න වැද වැද ඉන්නවට වඩා එලියට බහින එක හොදයි .අනික දයාසිරි එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන් අයව අතරමන් කලේ නැහැ. ඔවුන්ව නියෝජනය කරන්න ඊලග මනාප ගත්කෙන මැතිසබයට යයි දයාසිරිට ඡන්දෙ දුන් අය එයත් එක්ක යයි. ඉදිරියේදී වෙනදේ බලමු, ගියවරට වඩා මෙවර මනාප ගත්තොත් දයාසිරි ගේ තීරණය හරිකියල සිතෙයි .එහෙම වුනොත් ලොක්ක පරාදයි .මම කලින් දිනක කිවුව වගේ දයාසිරි කොතැනම හරි ඉන්න ඕන කෙනෙක්. සුබ ගමන්! (අ)
අපේ මිනිස්සු කතා කරන හැටි..."පක්ෂය දිනවීම", "පක්ෂය ආරක්ශා කර ගැනීම", " පාක්ෂිකයන් අතහැරීම"....ඇයි දන්නේ නැ රටක් ඕනි පක්ෂය තියෙන්න කියලා හිතන්න බැරි..පක්ෂය ට වඩා රට වැදගත් කියලා හිතන්න බැරි..මෙක යුන්පි, පීඒ හැමෝටම අදාලයි..පක්ෂයට පුදුම ආදරයක් , ගැතිකමක්, අන්ධානුකරණයක්...ජාතිය ගැන ආගම ගැන නැති කැක්කුමක්...කලකිරෙනවා.(අ)
ඔබගේ තීරණය ඔබට. ඔබ සහතික ලෙසම ශ්‍රී ලංකා කාරයෙකි. ඔබ 2001 දී පිල් මාරු කරන විට මගේ මතකයේ හැටියට ඔබ එතරම් ජනප්‍රිය නැහැ. එත් ඔබ ජනප්‍රිය උනේ යු එන් පි එකේදී. ඔබට ජය ගෙනාවේ එතන. නමුත් මහින්ද මහතා වටේ සිටින අයගෙන් හෝ විමසා කරන පුරුද්දක් ඇත. ඔබ දේම අපි බලා සිටිමු. ඔබට ජය. (අ)
රනිල් මහත්තය කවද ද එන්නේ? කැබිනට් ඇමති කමක් ස්ථිරයි (අ)
දයාසිරි මහත්තයෝ කරන්න දෙයක් නැහැ අපි දන්නවා ඔබ තුමා ගියේ අපේ හරක් නායකතුමා නිසා කියලා.දැන් නම් යු.එන්.පි. එක ගොඩ ගන්න සක්කරයාගේ පුතා වයිමාට වත් බැහැ.(අ)
දයාසිරි මහතා ගත් තීරණය ගැන පුදුම වෙන්නේ නෑ. එත් තව ටිකක් ඉවසන්න තිබුන. (අ)
ඕනම හස්ති රාජයෙක් දියසේන කුමාරය ළඟ දන ගහනවා (අ)
සම්පත් මිලකුත් දීල..අනේ මෙහෙමත් මෝඩ හරක් ඉන්නවනේ..හිතාගෙන ඉන්නේ ලේ කොළ පාටය් කියල.ඇස් ඇරල බලන්නකෝ..අද තියෙන්නේ මොන විදියේ ආණ්ඩුවක්ද කියල..සර්ව පාක්ෂික ආණ්ඩුවක්..නිදහසෙන් පස්සේ මොන කලෙකදිවත් මෙහෙම ආණ්ඩුවක් තිබුනද.(අ)
දයාසිරි ඔබ ගත් තීරණය හරි, මොකද ඩබල් ගේම් ගැහුවා ඇති. අනගතය ගැන හොදට කල්පනා කරන්න, අද මොරටුවේ ඇමති වරුන්ට මිනුස්සු වතුර බෝතල් වෙලින් ගහනවා , අනගෙත මොනවා වෙයිද කියලය හිතාගන්න. රනිල් මහතා ඔබත් පක්ෂයත් බේරුනා කියල හිතාගන්න. අනිත් අයටත් මේවා හොද පාඩම්. යන්න අය එන්නවනම් දැන්ම යන්න කියන්න. ඔබට හොද නායකත්වෙයක් උඩ පිරිසිදු පක්ෂයක් ගොඩ නගා ගත හැක .(අ)
නායක තුමා දැන් වත් පක්ෂේ ගැන බලන්නේ නැද්ද ඔබ තුමාට පොඩි මිනිහගේ දුක තේරෙන්නෙම නැද්ද (අ)
ඊළගට ගාල්ලෙන් කෙනෙක්ද යන්න ඉන්නේ? (අ)
ඔබව විශ්වාසයෙන් හිටියේ දැන් ඉතින් දුකයි ?නායකතුමා දැන්වත් වැඩියෙන් සිතිය යුතුයි ඉදිරි මස දෙකේදී තව කී දෙනෙක් පණිවිඩ කියන්න බැහැ.(අ)
දැන් ජනතාවට කරන්න තියෙන්නේ ජවිපේ එක ප්‍රධාන විපක්ෂය බවට පත්කරවන්න.(අ)
ගෙදරින් තරහ වෙලා එලියට ගියපු දරුවා නැවත ගෙදරට පැමිණිය වගේ එකක් තමයි දයාසිරි නැවත නිදහස් පක්ෂයට අපු එක . දයාසිරි දේශපාලනය පටන් ගත්තේ නිදහස් පක්ෂයෙන්. පටන් ගත් තැනට නැවත ගිය දයාසිරිට මගේ සුබ පැතුම්. (අ)
මෙහෙම වෙයි කියල කවදාවත් හිතුවේ නැහැ.දැන්නම් දයසිරිත් නිකම්ම නිකම් බලලොබි දේශපාලකයෙක් විතරයි. (අ)
දැන් හැමෝටම තියෙන්නේ මහින්ද එක්ක එකතුවෙලා රට ගොඩ ගන්න එක තමයි (අ)
දයාසිරිට අපේ සුබ පැතුම්,ඔබ ගත්ත තීරණය හරියටම හරි (අ)
ඔන්න කනෝ පිනුම් පේනවනම් බලාගනින් කිව්වලු. ඔය කබරගොයා තලගොයා කරගත්ත කියල තමයි මට නම් හිතෙන්නේ. නියම දක්ෂයෙක් නම් දැන් තමයි විපක්ෂය ගොඩ ගන්න ඕන. හැමෝම ඔය විදියට ආණ්ඩුවට හේත්තු වුණාම කාටද විපක්ෂය යන්නේ කියලත් පොඩ්ඩක් හිතන්න වෙයි. (අ)
ඔබතුමාට තිබුනේ විපක්ෂ නායක තුමාවත් එක්කගෙනම යන්න.එතකොටවත් පක්ෂේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද බලන්න (අ)
තව ටික දවසකින් ඔය කෑ ගහන මහත්තයලත් අවස්තාව ලැබුන ගමන් පිනුම් ගහයි (නි)
දැන් සතුටු ඇති නේද සමහරුන්ට? (නි)
කෙකර ගාලා කෙකර ගාලා කොහොම හරි දැම්මා නේද බිත්තරේ. (නි)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
ඔබතුමාට ජය වේවා! (නි)
ඔබගේ දේශපාලනේ ඔතනින්ම ඉවරයි කියලත් හිත ගන්න පුතේ. (නි)
චන්ද්‍රික මැතිනිය ගැහැනියක් වුනත් ලංකාවේ බිහි වුන යකඩ ගැහැනියක්.වැටිලා තිබුන නිදහස් පක්ෂය ගොඩ ගන්න ගමක් නගරක් පාසා රැස්වීම් තියමින් තමා අවුරුදු 17 ක පාලනය නිම කලේ. (නි)
බන්දුල පෙරේරා, බැංකොක්,තායි,සිංගප්පූරු මානසිකත්වයෙන් මිදිලා ඇවිත් නැවත ලංකාදීපයට අදහස් දාන්න (නි)
සුපර් ස්ටාර් එකෙන් ඇට්ටි හැලෙන්නම ගහලත් මෙයාට කිසිම ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැතිව ගිය හැටි.(නදී)
ලජ්ජා නැතිකම මහා මුදලිකමටත් වැඩිය ලොකුයි කියලා කියනවනේ.. (නි)
මෙය ආරම්භය පමණි (නි)
මොවුන්ට ජනතාව තමන් කැමති පාඩමක් උගන්වාවි (නි)
කියල තිබුනා නේද මාව කැපුවත් කොළපාටයි කියලා කතාවකුත්? (නි)
දයාසිරි මහත්තයා කියන්නේ කව්ද කියලා හොදටම දන්නේ පඩුවස්නුවර ආසනයේ ඉන්න අපි.මෙතුමා රටේ නායකයෙක් විදියට ඉස්සරහට ගෙන්න දවල් රෑ නැතුව පෝස්ටර් ගහපු ජන්ද දායකයෝ අපි.මෙතන ප්‍රස්නේ තියෙන්නේ දයාසිරි මහත්තයාගේ නෙමේ කියන එක හැමෝම දන්නවා.එහෙම එකේ පක්ෂය බදාගෙන රටේ මින්ස්සුන්ට සේවය කරන්න ඕනෑම කියලා තර්කයක් නැහැ.එක්සත් ජාතික පක්ෂය ගොඩ එන්නේ නැහැ කියලා පාක්ෂිකයෝ වෙච්ච අපිම දන්නා එකේ,එතුමා වෙන පක්ෂයකින් හරි අපේ ප්‍රදේශය දියුණු කරන නායකයෙක් හැටියට ඉදිරියට එන්නයි අපිට ඕනෑ.ඔබතුමා මොන පක්ෂයෙන් චන්දෙ ඉල්ලුවත් අපි ඔබතුමා වෙනුවෙන් චන්දෙ දෙනවා.ඒ ඔබව අපේ රටේ අනාගතේ බාරගන්න නායකයා කරන්න.ඔලුවත් තියෙන මිනිස්සු හැටියට අපි අපේ රටට පත් කරන්න ඕනෑ රටට වැඩක් කරන්න පුළුවන් නායකයෝ.අපි කැපුවත් කොළ කියන මතයේ නැහැ අද .....ඒ නිසා රටේ හැමෝම කල්පනා කරන්න තමුන්ගේ ප්‍රදේශයට පත්කළ යුතු නායකයා කව්ද කියන එක.ඒක පක්ෂ පාට මත තීරණය කරන්න එපා. එහෙම චන්දෙ දීලා පස්සේ දොස් කිව්වට වැඩක් වෙන්නේ නැහැ....... කොහොම වුනත් දයාසිරි මහත්තයට අපි හැමෝගෙම සුබ පැතුම්. (නි)
එකම දේයි කියන්න තියෙන්නේ. 'නදච්චා වසලෝහෝති , නදච්චා හෝති බ්‍රාහ්මණෝ'. (නි)
රනිල් මහතාගේ වැරදි කියමින් සමහරු වැරදි ප්‍රයෝජන ගන්නවා. (නි)
අහෝ දයාසිරි නොදිටි මොක්පුර! (නි)
දයාසිරි ගියා. කමක්නැහැ.එජාපෙ කියන්නේ දයාසිරි නෙමෙයිනේ. (නි)
සුබ අනාගතයක් ! (නි)
රුපියල් කියක් ගත්තද? (නදී)
අනේ මගේ කට... එහා ඉවුරේ තණකොළ කන ගොනා, මෙහා ඉවුරේ තැන දකිනවා මනා, එහෙට වඩා මෙහෙ හොඳ යැයි සිතා, එහෙට ගිහින් මෙහෙ බැලුවම මෙහෙමම නොව හොඳා,..... සුන්ෆලවර්ස් සංගීත කණ්ඩායමේ කටේ මසුරන් දාන්න ඕනෑ (නි)
දයාසිරි කියන්නේ හොඳ අනාගතයක් තිබෙන රටට වැඩ කළ හැකි මහත්මයෙක්. රජය සමග රටට වැඩක් කිරීමට ඔබට හැකිය (නි)
ඔය ඔක්කොම එකයි මට නම් (නි)
එකවගේ අය එකට සැරිසරති (නි)
ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ කා ලඟද ? මිනිස්සු කවුරු කියලද හිතාගෙන ඉන්නේ දයාසිරි. (නි)
අපිටනම් හිතෙන්නේ ආණ්ඩු විරෝධය එන්න එන්නම වැඩි බවයි (නි)
ආරවුල් ඇතිකරන්නේ නැතුව ගිය එක නම් හොදයි (නි)
හා හා දයාසිරි මහා ඇමතිතුමා, ඔයා ඔය විදියට රනිල්ට බනින්න එපා. මෙහෙම ගිහින් තව කවුරු කවුරු යයිද දන්නේ නැහැ. (නි)
දැන් ඉතින් හෙට ඉදලා කටක් ඇරලා කොහොමද ජනතාවට කතා කරන්නේ, ඉස්සර කාලේ කියපු දේවල් බැලුවාම ජනතාවගේ පැත්තේ ඉඳගෙන. (නි)
මේ ඇත්තෙන්ම රටට ඇති ආදරයටද? (නි)
දයාසිරිත් දැන් ගොඩක් දේවල් වලින් දැනුවත් වෙලා වගෙයි (නි)
අනේ මන්දා මේවා අහලා මට දැන් පිස්සු වගේ (නි)
බලය ලන්ගට එනකල් ඉවසන්න බැහැ, බලය හොයාගෙන යනවා. හුගක් අය අද ඔතන ඉන්නේ බලය ලගට එනකල් ඉවසුව නිසා. මේවාට අදහස් ලියලා මට දැන් හරි පිස්සු වගේ අනේ. (නි)
ඔක්කොම එහෙට පනිනවා මෙහෙට පනිනවා. අපි ඉතින් මේ රටවල් වල ඉදන් ණය බර අදිනවා. (නි)
දැන්නම් ආණ්ඩුවේ වැඩ හරියක් ඉන්නේ බාගයක්ම යූ.න්.පී. එකෙන් ආපු අය (නි)
මමත් හිතපු කාලයක් තිබුන දයාසිරි ප්‍රතිපතියක් ඇති කෙනෙක් කියා. මෙයත් අනික් තමන්ගේ වාසිය විතරක් බලන දේශපාලකයිනුත් අතර වෙනසක් නැති බව දැනුයි පෙනෙන්නේ. (නදී)
මේ වෙන දෙවල් වලට කොළ පාට රුධිරය ඇත්තෙක් ලෙස මට හරිම දුකයි. මෙහෙම ගියොත් නම් නැවත් බලයට පත්වීම නම් ටිකක් නෙමෙයි හොදටම අමාරුවෙයි.(දී)
හැම තැනම අහිංසක ජනතාව අතරමන් වෙනවා විතරයි ? එක එක අයගේ වාසියට එහෙට පනිනවා මෙහෙට පනිනවා, අනේ මන්ද චන්දෙ දෙන්නෙත් අපිම නේද ? (අ)
කබලෙන් ලිපට තමයි. (නදී)
කෝටි 25 ක් කියන්නේ කජු ඇට කොස් ඇට නෙමෙයිනෙ. කුඹුරෙන් එන ආදායමෙන් දෙන මුදලකුත් නෙමෙයිනෙ. ඡන්දයෙන් පස්සේ නැවත කිරිපිටි, ගෑස්,පෙට්රෝල් මිල ඉහල දාලා ඒ මුදල පියවා ගනීවි.(නදී)
ගඩාෆිට විරුද්ධව එන ජන රැල්ල මැඩ පවත් වන්න මුදලට ගඩාෆි ගේ ෆොටෝ අරන් ජනතාව සහභාගී කරවපු ජන රැලි තිබ්බා. මේ වගේ ගොඩක් ඒ රැලි වල ගමන් ගත්තා. අර්ද සුනාමියක් වන ගඩාෆි විරුද්ධ ජන රැල්ල උත් සන්න වුනා. අන්තිමට වුන දේ දන්නවනේ? (නදී)
දයාසිරීගේ දේශපාලන අනාගතේ ඉවරයි.(නදී)
ගිලෙන බෝට්ටුවට නැග්ගා කියලා හිතාගන්න. හැබැයි කෝටි 25 අතේ. හැබැයි මහත්තයෝ සල්ලි නොවෙයි ජීවිතේ. තව වසරක් දෙකක් ඉවසුවා නම් ඔබට හොඳ කල දසාවක් තිබුනා. මේවා සතොස හොරකම් කල අයගේ කුමන්ත්‍රණ බව මතක තියාගන්න.(නදී)
රස දන්නෝ රස තැන සොයා යති. ජයසේකර මතතාට ජයෙන් ජය වේවා.(නදී)
සමහර අයගේ වැරදි නිසා එජාපය බංකොලොත් වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ තිස්ස ,රවී, ලක්ෂ්මන් ,ජෝන් වගේ ටිකක් විතරයි. ආණ්ඩුවේ හොදකමකට ගියා නෙමෙයි. මෙයත් පහුගිය කාලේ ආණ්ඩුවට බැනපු හැටි දෙරණ නාලිකාවේ ඊයේ පෙන්නුවා.(නදී)
කල කිරීමක් තිබුනානම් යන්න තිබුනේ කලින්. ඔබ හොදම ඉල්ලුම තියන වෙලාවට විකිණිලා තියනවා.(නදී)
මන්ත්‍රීතුමා ,ඔබට තිබුනේ රජයට එකතු වීම නොව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වසයෙන් සිට කරන හොඳ දෙයට සහය දීමත් ,වැරදි දෙයට විරුද්ධ වීමත්. ඔබතුමාට දැන් ආණ්ඩු පක්ෂ නායකයන්ගේ අදහස් අනුමත කිරීම මිසක වෙන දෙයක් කරන්න බැහැ. අනිත් එක ඔබතුමන්ට ලැබුන මනාපයෙන් බාගයක් ඔබතුමාට වුනත් ඉතිරි කොටසත් මන්ත්‍රී අසුනත් ඡන්ද ක්‍රමය අනුව ලැබුනේ එක්සත් ජාතික පක්ෂයට. (නි)
පුංචි ටිකිරිගේ ටිකිරි මොලේ ගොම පස් පිරිලා කියල මම කලිනුත් කිව්වා. මේක අරබියාවත් ලිබියාවවත් නෙමෙයි මහත්තයෝ ඔයාලගේ ඔය හීන සැබෑ වෙන්න. ජනාධිපති තුමත් මේ රජයත් බලයට ආවේ වැඩි ජනතා මනාපෙන්. ප්‍රජාතන්ත්‍රවාදීව, මෙයාල අරින්න පුළුවනුත් ඒ ක්‍රමෙන් විතරයි. ජනතා කැමැත්ත තියෙන කෙනා බලේ ඉදීවි. ඔය බල්ලෝ උඩු බිරුවට කදු පාත් වෙන්නේ නැහැ. ඔයාට මේ ආණ්ඩුවට අකමැති උනාට වැඩි පිරිසක් කැමතියි. ඒ බව අමාරුවෙන් උනත් ඔයාට පිළිගන්න වෙනවා. ඔයගේ මෝඩ ගති ප්‍රදර්ශනය කරන්න එපා. මම මෙච්චර කල් හිතගෙන හිටියේ රටට අපහාස කරන්නේ දෙමළ කොටි නඩේ විතරයි කියලා. ඔයාලා වගේ අය එහෙම හිතනවා කියල දැනුනම දැනෙන්නේ මහා අප්පිරියාවක්. මේ වගේ අයටනේ මේ රට නිදහස් කරලා දුන්නේ. (නදී)
සිරි අමෙ සාරා......ජය සිරි අමෙ ධාරා...! (නි)
මන්ත්‍රීතුමා මගේ ඉහත ප්‍රකාශයේ අවසන් වැකිය ගැන සමාවන්න. ඔබතුමා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා එක්සත් ජාතික පක්ෂයට චන්දය දීපු අයට වරදක් වෙලා නැහැ. ඔබතුමා ඔබතුමාගේ හිතට එකඟව ප්‍රජාතන්ත්‍රවාදයට අනුව වැඩ කරලා තියෙනවා. එයට පින්. වර්තමාන විපක්ෂ නායකත්වය අනුව නම් විපක්ෂය ගැන සිතන්න බැහැ. නමුත් මම දේශපාලන පක්ෂ ගැන හිතන කෙනෙක් නෙමෙයි.හිතන්නේ සිංහලයාගේ අනාගතය ගැන පමණි. (නි)
රට කරවන්නනම් මසුරන් ඇතිව අතේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ//(නදී)
කෝටි ගණන් මුදලට ඔලු ගෙඩි ටික එහාට මෙහාට කළාට ඒකෙන් ජනතා කැමැත්ත පිලිබිඹු වෙනවා කියලා මම ඇහුවේ දම්මික පෙරේරා කියන කෙනාගෙනුයි (නි)
අසරණ කොල්ලෝ ජීවිත පරිත්‍යාග කරලා,ජාතික වීරයෙක් වන ජෙනරල් සරත් ෆොන්සේකාගේ හමුදා නායකත්වයෙන් රට නිදහස් කරලා බාර දීලා තියෙන්නේ පුදුම කට්ටියකටනේ.අනේ අපොයි! දැන් ඉතින් රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
දම්මික පෙරේරා, බලයේ වැජඹෙන සියල්ලන් එදා බලයට ආවේ වැඩි ජනතා මනාපෙන්. (නි)
පුංචි ටිකිරිගේ ටිකිරි මොලේ ගොම පස් පිරිලා කියලා මම කලිනුත් කිව්වා. මේක අරබියාවත් ලිබියාවවත් නෙමෙයි මහත්තයෝ ඔයාලගේ ඔය හීන සැබෑ වෙන්න. ලංකාව දැන් ලිබියාවටත් එහා ගිහින් නැද්ද කියලා ඔයාම කියන්න. (නදී)
තිලක්-ඩුබායි, කෝටි 25 ක් කියන්නේ කජු ඇට කොස් ඇට නෙමෙයිනෙ. කුඹුරෙන් එන ආදායමෙන් දෙන මුදලකුත් නෙමෙයිනෙ. ඡන්දයෙන් පස්සේ නැවත කිරිපිටි, ගෑස්,පෙට්රෝල් මිල ඉහල දාලා ඒ මුදල පියවා ගනීවි.(නදී)
ඇයි දයාසිරිව නවත්ත ගත්තේ නැත්තේ.(නදී)
එයාට හිතුනා. එයා ගියා (නි)
වෙනත් ක්‍රම වලින් බඩවියත රැක ගන්න දම්මික පෙරේරා වගේ අයට නම් සති අන්තයේ හොටලේකට ගිහින් හොදට කාලා බීල එන්න පුළුවන්. බිල ගෙවන්නේ මහජන මුදලින්මනේ. අන්ත දුක් මහන්සි වෙලා හරි හම්බ කරන අපි වගේ අයට නම් ලයිට් බිල, වතුර බිල,ටෙලිෆෝන් බිල, දොස්තර චැනල් කරන්න, ෆාර්මසි වලින් බෙහෙත් ගන්න, පුද්ගලික පන්ති යවන්න, වරිපනම් ගෙවන්න, ගියහම හෝටල් තියා ගෙස්ට් හවුස් එකකටවත් යන්න සල්ලි ඉතිරි වෙන්නේ නැහැ. (නි)
යූ.එන්.පී. ය ගොඩගන්න පුළුවන් එක්කෙනෙක් නම් ඉන්නවා (නි)
ආවා ආවා දයාසිරි අයියා ආවා......අයියෝ විපක්ෂේ.(නදී)
දැන් ඉතින් විපක්ෂේ ඉන්නේ වැඩක් නැති කට්ටියක් (නි)
හරීන් මහත්තයෝ, වල නෙමෙයි කපා ගත්තේ පාර.(නදී)
දැන් කී දෙනෙක් නම් යන්නම ගියාද? (නි)
දයාසිරි ගිය එකට වගකියන්න ඕනෑ රනිල් නෙමෙයි. (නි)
21 වැනි සියවසේ පක්ෂ ඒකාධිපති කිරුල මෙවර හිමිවෙන්නේ කාටද? (නි)
අපි හදමු කුරුණෑගල හරහා කොහෙට හරි අධිවේගී පාරක්. (නි)
ඔබ වගේ කෙනෙක් පක්ෂය අතහැර ගිය එක පිඩිත ජනතාවට ගොඩක් වේදනයි. ඒක එසේ වුනත් ඔබට කෙනහිලිකම් කරපු අයට තව දීර්ග කාලයක් ඔය පක්ෂයට වෙලා ඉන්න පුළුවන්. කොළඹ 7 ජිවත් වුනත්, රටේ ජනතාවට කතා කරන්න දන්නේ නැත්නම්, පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හා ජනතාවගේ හිත දිනාගන්න දන්නේ නැත්නම්, කපටිකම ඔලුවේ ඉඳන් කකුලට වෙනකම් පැතිරිලා නම්, කුමන්ත්‍රණකාරයෙක් නම් ජනතාව ආත්ම ගානක් ගියත් ජනතා පාලනය බාර දෙන්න කැමති නැහැ. (නි)
ඇත්ත බොහෝ දෙනෙක් දැන් දන්නවා (නි)
දයාසිරි හරි මාර්ගය හොයාගත්තා. ඔබට ජය වේවා! (නි)
දයාසිරි ගිය එක හොඳයි. දැන් වෙන කාටහරි අවස්ථාව ගන්න පුළුවන් (නි)
මේ රටේ දැන් විපක්ෂයක් කියන එකක් නැති වෙයි. (නි)
බලාගෙන ගියහම දේශපාලකයින් අපිටත් වඩා අන්තයිනේ. (නි)
ඇත්ත අපි දන්නවා. ඈ්‍වරයි,දෑවරයි,තුන් ඈවරයි. අනිච්චාවත සංඛාරාම වුනා. (නි)
ඔය දුන්නු කෝටි ගාණම හොයන්නේ දුප්පත් මිනිසුන් කන පරිප්පු ටිකෙන්,පාන් කෑල්ලෙන්,හාල් වලින් ගහන බදු මිල වැඩි කරලා. ඒක ඡන්දයෙන් පස්සේ බලාපොරොත්තු වෙන්න. (නි)
දවසක් දයාසිරි මහත්තයා කිවුවා එයා කතරගම ඉදලා එනකොට හම්බන්තොට අය කියනවලු අනේ අපිටත් නැව් එන්න නැව් එන්න කියලා. දැන් කතරගම ගිහින් බලන්න කියන්න එහෙ අය මොකද කියන්නේ කියලා. (නි)
විජේ, දැන් කියයි හම්බන්තොට වරායම නැව් වලින් පිරී ඉතිරී ගොස් කියලා (නි)
දයාසිරි මහත්තයෝ දැන් හම්බන්තොට වරායට නැව් එනවයි ? දැන් වරායේ ගල නැත්ද ? ගුවන් තොටුපොළට ගුවන් යානා එනවයි ? අනේ මන්දා ඔබ තුමාලට චන්දය දෙන අපිටම තමයි ලැජ්ජාවක් නැත්තේ? (දී)
දයාසිරි හොදායි.... (දී)
ඔබ තුමා විතරයි හිටියේ දැන් පක්ෂයට හරි (දී)
දෙසපාලකයන්ගේ මේ සර්කස් අපේ රටේ අයට හොදට පුරුදු දෙයක්. මේ ගැන කතා කරලා නිකම් ලේ පුච්ච් ගන්න එපා. මහා දේශපාලකයන් ,පිලිප්,සි.පි සිල්වා ඇතුලූව අද වෙනකොට කොතරම් දේශපාලකයෝ පක්ෂ මාරු කරලා ඇද්ද? අපිට ඔයගොල්ලන් ගේ බයිලා අහලත් හොදට පුරුදුයි.(නදී)
දයාසිරි මහත්තයෝ, නිල් පාට සින්දුවක් කියාගෙන මාරු වෙන්න. (නදී)
දයාසිරි මහත්තයා,ඔයාගේ කතාවට අපි එකගයි (නි)
දැන්නම් කවුරු ගියත් ආවත් පක්ෂය ගොඩගන්න බැහැ (නි)
වැඩ කරන්න පුළුවන් තරුණයන්ට පක්ෂය බාරදෙන්න සුදුසුම වෙලාව දැන්. (නි)
කොලපාට කාටත් නැති කරන්න බැහැ (දී)
එක්සත් ජාතික පක්ෂය මවමෙන් රැකගමු පනමෙන් සුරකිමු (දී)
එක්සත් ජාතික පක්ශ ගසේ මුල් දයාසිරි නොවේ දයාසිරි ඉබේට හැදිච්ච ගසේ අත්තක් පමණි. එතින් කාටද ගස උගුල්ලන්න පුළුවන් (දී)
මට ඇහුන ඔබ කියනවා එක්සත් ජාතික පක්ෂය වඳ කෙසෙල් ගසක් කියලා. නමුත් මේ වෙනකම් ඔබ ජනතා ප්‍රසාදයට පත් චරිතයක් වී තිබුනා. මම චන්දය දෙන්නෙත් මේ ආණ්ඩුවට. අපි නමුත් වැරදී දේ දකිනවා . ආපු ගොඩක් අය හොඳ මිනිස්සු . වැඩ කරන්න පුළුවන් . නමුත් කතාව විතරයි. නමුත් වයඹට වැඩක් කරන්න සුබ පතනවා ! (නි)
ඔය ගිය පැත්තේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද හැබැට ?ඔහේ ගියේ මුලින් හිටපු පැත්තටමනේ. (දී)
ඇත්ත මම දන්නවා (නි)