මේ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය යම් පසුබෑමකට ලක්ව සිටින බව පිළිගන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.
මේ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල පුළුල්ව සහ දීර්ඝ ලෙස අධ්‍යනය කරමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම එක්සත් ජාතික පක්ෂය වහාම ක්‍රියාකරමින් සිටින්නේ යැයි ද ඔහු පවසයි.
2009 මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයේදී මහනුවර ,මාතලේ ,පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික් වලින් ආණ්ඩුව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සහ ආසන සංඛ්‍යාව මේ පළාත් සභා මැතිවරණයේදී එලෙසම රැකගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇතැයි ඔහු සඳහන් කරයි.
‘ආණ්ඩුවේ භීෂණය , මර්දනය සහ මැර තර්ජන ඇතුළු අභියෝග ගණනාවක් මධ්‍යයේ මධ්‍යම , වයඹ සහ උතුරු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් සියලුම ජනතාවට අප අපගේ ස්තූතිය ගෞරවය සහ ආචාරය පුද කරනවා.
උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් සාධාරණ සහ අපක්ෂපාතීව පැවැත්වීමට මුල සිටම ක්‍රියා නොකළ ආණ්ඩුව හමුදාව යොදවා එම ජනතාවට විවිධ බලපෑම් සහ තර්ජන එල්ල කලා. එමෙන්ම උතුරේ ආරක්ෂක හමුදා මූලස්ථානයක් යොදාගෙන ආණ්ඩුව කේ.පී. නොහොත් කුමරන් පද්මනාදන් පාවිච්චි කරමින් පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාව මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරිමක් බව කිව යුතුයි.
උතුරට මෙසේ හමුදාව යොදවා බලපෑම් එල්ලකරමින්ද කොටි ත්‍රස්තවාදී නායකයින් පාවිච්චි කරමින් විවිධ උපක්‍රම යොදාගෙන බලපෑම් එල්ලකරමින්ද ආණ්ඩුව උක්සාහ කලේ උතුරේ ජනමතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටයි.
මේ අතර, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය මුදල් සම්පත් සහ දේපොල ද රාජ්‍ය බලයද එම යාන්ත්‍රණයද උපරිමයෙන් පාචිච්චි කල ආණ්ඩුව දැයට කිරුළ ප්‍රදර්ශණය විවිධ දන්සල් සහ විශේෂයෙන් මත්පැන් දන්සල් සංවිධානය කරමින් එම පළාත් වල ජනතාවගේ ජනමතයට අයුතු ලෙස බලපෑම් කරමින් මැකිවරණ නීතිරීති උල්ලංඝණය කළා.
රාජ්‍ය දේපොල මුදල් සහ සම්පත් මේ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පාවිච්චි කිරීම තහනම් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කල චක්‍රෙල්ඛ කිසිවක් නොතකා ආණ්ඩුව රාජ්‍ය දේපොළ මුදල් සම්පත් සහ බලය උපරිමයෙන් සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගත්තා.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් නොව ආණ්ඩුවේ මැතිඇමැතිවරු ගණනාවක්ම මේ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් හෙලිකොප්ටර් යානා පවා නීතිවිරෝධී ලෙස පාවිච්චි කල අතර මේ තත්වය හමුවේ මැතිවරණ නීතිරීති සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කිරීමේ චෝදනාවෙන් ගැලවීමට ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාටත් , මැති ඇමැතිවරුන්ටත් හැකියාවක් ඇත්තේ නැහැ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතනවා අඩු වශයෙන් මේ වතාවේදීවත් මේ පක්ෂය තමන්ට කොතනද වැරදිලා තියෙන්නේ කියලා තේරුම් ගන්න මහන්සි ගත්තොත් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලොකුම සේවයක් කියලා. (නි)
ඔබතුමාලගේ හැටියට ඔය ටික හොදටම ඇති.. (ස)
වෙච්ච ලැජ්ජාවේ හැටියට ඔය ටික නොකිය හිටිය නම් යන්තන වත් ජාමේ බේරෙනවා.. (දී)
මෙහෙම ගියොත් නම් රෝද තුනේ වාහනේ යන්නත් සෙනග මදි වේවි වගේ..(අ)
ඔබතුමන්ලා ඉන්න තුරු ඕක ගොඩ දන්නා බෑ මහත්යෝ.(අ)
හැමදාමත් ඔය කතා කියා කියා පරාජය වහගන්න හැදුවේ..දැන් අන්ත පරාජයට ගියම තමා මරණ පරිෂණ.. (ස)
17 වසරක් බලේ ඉන්නකොටත් කලේ ඔයටිකමයි. දැන් තේරෙනවද රටට අහිතකර දේවල් ඉස්තාපිත කරපුවගේ රගේ. අනේ මොකටද මගේ කට (අ)
දැන්වත් තේරුම් ගත්තොත් හොදයි.සරත් ෆොන්සේකා මහතා නියමයි. (නි)
දැන් කරන්න තියෙන්නේ අරයගේ මරණ පරීක්ෂණය කරන්න තමයි (නි)
පශ්චාත් මරණ පරීක්ෂණ කලින් මැතිවරණවලට පස්සෙත් කලානේ. එහෙත් ඒ කොරනෙල්ල හරියට තීන්දු දුන්නේ නෑ. මේ සැරේ වත් හරිහමන් කොරනෙල් කෙනෙක් යොදාගන්න.(අ)
දැන්වත් තීරණයක් ගන්න කියන්න (නි)
බුදගමට , දුප්පතුන්ට ,තරුණයින්ට තැන දෙන්න. (නි)
බඩ නම දැන් සුද්ද වෙලා ..ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ ලෙඩා මැරිලා.. (ස)
ෆොන්සේකා ඊළඟ ඡන්දෙදි රටේ විපක්ෂ නායකයා වෙන්න පුළුවන් (නි)
රනිල් සර්, නුඹේ කටෙත් පස් මගේ කටෙත් පස් ... (නි)
විසි දෙවැනි වරටත් පුළුල් ලෙස අධ්‍යයනයක් කරන්න.තමන්ගේ පක්ෂෙට මොකද වුණේ කියලා බලන්නේ නැතුව අනිත් පක්ෂ වල ඡන්ද ඉහළ පහළ ගිය හැටි සෙවීම නිෂ්පල දෙයක් (නි)
අනේ මහලේකම්තුමෝ, දැන්නම් ඔය කතා අහලා හොදටම ඇතිවෙලා ඉන්නේ. (නි)
මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සුදුසුයි කියා තිබේ,නමුත් රජ වෙන්න බැරි එකාට කොහොමත් බැහැ (නි)
ඇයි? මේ සැරේ මැතිවරණය දූෂිත එකක් නොවෙයිද? පක්ෂය පසුබෑමකට ලක් වෙලා නැහැ.කව්ද කියන්නේ? දැන් මැතිවරණ 16 වෙනි එක නේද ඔය පැරදුනේ? (නි)
තාමත් විවේචනය විතරයි, (අ)
දැන්වත් අනුන්ගේ වැරදි හොයන්නෙ නැතුව හිටියොත් හොදයි නේද? (නි)
අනේ! බොරු කළා දැන් හොදටම ඇති (නි)
නටන්න බෑ පොලොව ඇදයි කිව්වලු...... (නි)
මෙහෙම ගියොත් යු එන් පි එක බොහොම ඉක්මනට රටේ තුන්වන පක්ෂය වීමට ඉඩ ඇත. (නි)
දැන් වත් දාලා යන්න, රනිල් මහත්තයෝ, වදින්නම් , අපේ පක්ෂය රැක දෙන්න .බැරි ක්‍රිකට් ගහන්න යන්න එපා. ටීම් එක හොඳ ක්‍රීඩකයෙකුට දෙන්න. (දී)
රනිල් මහතා, ඔබ පක්ෂය අත නොහැර ඉන්න. ඔබ සමග අප මැරෙනතුරු ඉන්නවා. ඔබට පින් සිදු වන්නට රටේ යුද්ධය නිම වුණා. රටේ ගොඩක් අය නොදකින සංවර්ධනයක් ඇති වුණා. තවමත් වෙනවා. එනිසා ඔබ එජාපයේ නායකත්වයේ ඉන්නා තුරුම අපට මේවා ලැබෙනවා (නි)
තව ටික දිනක් යනකොට පශ්චාත් බාගයත් නැති කර ගන්නවා මේ යන විදියට (නි)
දිනුවත් නායකතුමා මම. පැරදුනත් නායකතුමා මම. (නි)
මැරෙන්න කලින් සැපක් විඳලා මැරෙන්න පින නැති අය ආණ්ඩුව දිනෙව්වේ. ඔය හය්වේ,ගුවන්තොට්ටුපොලවල් වල වරායවල් වල අපට ඇවිදගෙන යන්නවත් පුලුවන්ද?රටේ වැඩි දෙනෙක් හින්ගානොකා හිඟා කනවා. දරුවට කිරිටික නෑ.3 වේල කන්න නෑ. අස්ච්ර්යය හීනෙට කටවල් ඇරගෙන චන්දෙ දුන්නා.ගෙවල් වල හුලං.තියෙන අයට වැඩිය නැති අය වැඩියි (දී). .
ජෙනරාල් ආවොත් පමණි එජාපය ගොඩයන්නේ එතුමාට බැනල චන්ද දිනන්න බැරිබව තේරුම්ගන්න දැන්වත්. චන්දය නොදාපු පිරිසගගේ චන්දය ගන්න පුළුවන් එතකොට තමා (දී)
දැන් ඉතින් කාපල්ලකො කියලා බඩු මිල වැඩි කරාවි.කිරිපිටි,පාන්, ගැස් පෙන්නාවි.ඊළඟ සලාක චන්දෙත් දිනලා දීපල්ලා කියාවි. (දී)
ඡන්දෙ දිනන්න තිබුන ලොක්කව අයින් කලා නම්, එහෙමත් නැත්නම් ඇමරිකන් කාරයෝ හරි එංගලන්ත සුද්දෝ හරි ඔය පැතිවල වැඩියෙන් හිටියා නම්. ඒත් යූඑන්පී එකේ අවාසනාවට ඒ දෙකම නැහැ. (ස)
එහෙම කියන්න එපා . ඡන්ද පැරදුනාට රනිල් ලොව පිළිගත් නායකයා...ඒ නිසා අවසාන අසුනත් පරදිනකම් රනිල්ට නායක කම දිය යුතුයි . (ස)
වහාම කමිටුවත් පත් කර නායකතුමාට වාර්තාවක් ලබා දෙන්න..එතනින් ඔය ප්‍රශ්නේ අහවරයි නේ..ඕවත් ප්‍රශ්නද ?? (ස)
ජේ වී පි එකට අනිච්චාවත සංකාරා (දී)
ලබන මැතිවරනයදී ඔයත් මහනුවරින් චන්දෙ ඉල්ලලා බලන්න අත්තනායක මහත්තයෝ (දී)
සෑම මැතිවරණ පරාජයකින්ම පස්සේ ඕවා කියනබව අපි දන්නවා (නි)
ඡන්දෙ දින්නන්න යූඑන්පී පාක්ෂිකයෝ ඡන්ද පොළවල් වලට යන්න එපායැ. (ස)
කෙලින්ම පක්ෂ නායකත්වය වෙනස් කරනන ඕන කියා තිස්ස ඇමතිතුමාට නොතේරෙන්නේ , එයාට රාහු කාලය ලබලද?එහෙම නැතිනම් නායකයායට එරෙහි වෙන්න බැරි නිසාද ? කිරිබොන අයටත් මේ ටික කරන්න ඕන කියලා තේරෙනවා. අහෝ ඛේදයකි (ස)
තිස්සල දන්නේ තමන්ගේ තැන ආරක්ෂා කරගන්න බොරුවට කෑගහන්න විතරයි රට ගැන හිතුවේ කවද්ද යන්න තිස්ස නිකන් බයිලා ඇති හොදටම (දී)
හැමදාම කිව්වේ ඔහොම තමයි (දී)
මැරයෝ, මිනි මරුවෝ අයි.ආර්.සී කාරයෝ ඡන්ද ඉල්ලුවා නම් අත උඩින්ම දිනාගන්න තිබුනා.දැන් පස් තමා කන්න වෙන්නේ. (ස)
වරද කොතනද කියන්න මුළු රටම දන්නවා,තමුන්නහලට එක නොතේරෙන එකනේ පුදුමේ කියන්නේ. සජිත් මහත්තයට එක මැතිවරණයකට ඕක දීල බලන්න, වෙනස බලගත්තහැකි.රටේ දුක් විදින ජනතාව වෙනුවෙන්වත් ඔබලාගේ ඉහ මොළ පැදේව. (දී)
නායකයා නොවේ පැරදුනේ, ඡන්ද ඉල්ලපු අය.ඒ අයට ජනතාව කැමැත්ත දෙන්න ඕන ප්‍රදේශය පාලනය කරන්න මොලයක් නැද්ද මේ ටිකවත් තේරුම් ගන්න? (ස)
අනුන්ගේ දේවල් හොයන්න කලින් තමන්ගේ චන්දය බේරා ගන්න (දී)
පන්සලට, ගමට. ගොවියට, ධීවරයට, කම්කරුවට, ශිෂ්‍යයින්ට කතා කල හැකි නායකයෙක් සහ සගයින් හිටියොත් පක්ෂය ගොඩ ගත හැකියි. නැත හොත් ඔබ බස්නාහිර ,දකුණින් 3 වෙනියා . සුදුස්සාට, නියම තැන දෙන්න. අලුත් මිනිසුන්ගෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය හදන්න. දැනම් ජනතාවට ඔබල එපා වෙලා ඉන්නේ. සජිත්ව කොළඹට ගේන්න. නායකත්වය දෙන්ඩ. නැත්නම්, ඉවරයි පුතේ. (ස)
තිස්ස, තිස්ස, මේ පරාජය සහ ඉහත ලැබූ පරාජයන් හැර තවත් පරාජයන් ඇද්ද ..... (ස)
ලොව පිළිගත් නායකයා... රටේ මිනිසු පිලිගන් නැහැ (දී)
අනේ තිස්ස මට නම් හරිම පවු කියලා හිතෙනවා දැන්වත් තේරුම් ගන්න (නි)
ඔය කිව්ව හැමදේම ආණ්ඩුව කළත් ඡන්දෙ දැම්මෙ මහජනතාව නේද ආයුබෝවන්. (නි)
ඔබතුමා කියන කරුණු කරන අපි පිළිගන්නවා. නමුත්, ඔබ නායකත්ව මණ්ඩලය වෙනස් කළ යුතුයි (නි)
කටපාඩමින් කියනවා වගෙයි (නි)
පැරදිච්ච දුකට මේ කියන්නේ.තව කතා අහගන්න පුලුවන් ජ.වී.පෙ.එකෙන් . (නි)
ඕක ඉතින් හැමදාම කියන දේනේ. (නි)
වෙච්ච දේවල් මදිවට තවත් පරීක්ෂණ පවත්වන්න හදනවා (නි)
අනේ බුදු සර්, දැන්වත් ඔය කතා නවත්තන්න. (නි)
පශ්චාත් මරණ පරීක්ෂණ කරනු හැර මෙම නායකයන්ට කළ හැකි වෙන කිසිත් නැත. (නි)
දැන්වත් තේරුම්ගන්න. (නි)
අති සාර්ථක 23 වෙනි මරණ පරීක්ෂණය (නි)
අනේ අයියේ, ඕක නෙමෙයි ඇත්ත හේතුව (නි)
මං අර කියපුවා ඒ විදියටම කියලා අයියෝ.. ! (නි)
කුරුණෑගල දිස්ත්‍රික්කයට යු එන් පී යෙන් තරග කළ අයගෙන් කී දෙනෙක් මැතිවරණය වෙනුවෙන් ගෙන් ගෙට ගියාද? ජනතාව අතරට ගියාද? සොයා බලන්න. (නි)
ඉතින් මොනවාහරි කියන්න වෙනවානේ (නි)
හොඳ දෙය අගය කරන්න නොදන්නා කුහකකමට පාඩමක් (නි)
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පසුබෑමකට ලක්ව සිටින බව කුණ්ඩසාලේ 23.8% ක ප්‍රතිශතයක් ගැනීමෙන් පිළිගන්න සිදු වී ඇත. (නි)
දැන් බයිලා ගහලා වැඩක් නැහැ. (නි)
දැන්වත් පක්ෂය ගැන නිවැරදි තීරණයක් ගන්න (නි)
දැන්වත් අර කට්ටිය රජයට එකතුවෙලා රජය තවත් බලවත් කළොත්, ඉන්දියාවේ බලපෑම් වලට අපිට එකහඬින් විරුද්ධ වෙන්න පුළුවන්. (නි)
දැන් මොනවා කරන්නද? (නි)
මරණ පරීක්ෂණයෙන් පස්සේ ?? (නි)
පරාජිතයින්ගේ ගීතය අහලා අහලා එපාවෙලා අප ඉන්නේ. (නි)
මිදී කන්න බැරි වුණහම නරියත් ඔහොම කිව්වලු (නි)
අපිටත් හිතා ගන්න අමාරුයි , මෙච්චර ශක්තිමත් ,එඩිතර නායකත්වයක් තිබෙද්දිත් මොකද වුණේ කියලා. (නි)
දැන්නම් ඕවා අහලා ඇතිවෙලා (නි)
ඉතුරු පළාත් සබා ඡන්දයට කලින් නායකත්වය පිළිබද යම් වෙනසක් කළොත් මොකද? (නි)
දැන් බොරුවට එක එක කතා කියලා වැඩක් නැහැ. ලංකාවේ දේශපාලනය ගැන කතා කරලා වැඩකුත් නැහැ. (නි)
ඕකට තමුන්නාන්සේලාට මරණ පරීක්ෂණ තියන්න ඕනෑ වුනාට, සාමාන්‍ය පාක්ෂිකයන් හා ජනතාව වන අපි දන්නවා හුගක් කලක සිට සෙමින් සෙමින් මරණයට හේතුව සහ ලෙඩේ මොකක්ද කියලා. (නි)
ඊයේ මොනවද කිවුවේ? අද මොනවද කියන්නේ? (නි)
නැහ්...!!! එ ජා ප ය පසුබෑමකට ලක්වෙලාද? අයියෝ! දැන්නේ දන්නේ. (නි)
අනේ! හැමදාම අහන බණ එපා වෙලා (නි)
"මෝඩකමට බේත් නැත" ඒ විතරක් නෙමෙයි, පණ්ඩිතයන්ට ඒ දන්ඩෙත් මේ දන්ඩෙත් යන්න බැහැ මාමේ (නි)
තව පළාත් සබා තුනක් ළගදීම විසුරවනවාලු, බොරු කයිවාරු නොගසා ලැහැස්ති වුණොත් නරකද ? (නි)
හැමදාම ඡන්දෙකින් පස්සේ වාදනය කරන සුපුරුදු බයිලා තැටිය අසා රස විදිමු සුපුරුදු ලෙසමා..... (නි)
පුදුමයි පිළිගත්තා තිස්ස.මොනවා හරි කියන්නත් ඕනෑනේ නේද? (නි)
නායකත්වය වෙනස් කරන්න. ලබන සැරේ දිනනව සිකුරුයි.වෙන විසදුමක් නැහැ. (නි)
එක්සත් ජාතික ප්‍රශ්නය කිසිම පසුබෑමක් ලබා නැහැ,භීෂණය දුෂණය නිසා අපි ලැබිය යුතු ජයග්‍රහණය නොලැබී ගියත් ආණ්ඩුව පෙරලීමේ මුල් පියවර තබා තිබෙනවා,2014 දී අනිවාර්යෙන්ම බලයට එනවා (නි)
කිතුල් ගහේ නැගපු බබුන් ආතත් කිව්වලු තණ කොළ ගහේ තිබුනේ නැහැ කියලා. අපට තණකොලත් නැහැ මාමේ කන්න... (නි)
අනුන්ගේ අඩුපාඩුකම් හොයන්න කලින් තමන්ගේ අඩුපාඩු සොයන්න (නි)
ඕවා අපිට කියන්න එපා (නි)
දැන් ඉතින් වෙන කුමක් කියන්නද? (නි)
වහාම පියවරක් ගත යුතුයි (නි)
බයිලා කියන්නේ නැතුව, අරයට මෙයට චෝදනා නොකර වැටුන වලෙන් ගොඩ එන්න මගක් හොයාගන්න. (නි)
හැමදාම පශ්චාත් පරීක්ෂණ තිය තියා ඉන්න වේවි (නි)
කෝ රනිල් මහතා? (නි)
තමන්ගේ වැරදි මොනවද කියලා හොයන්නේ නැතුව ,අර කව්ද කොටිහමට තඩිබානවා කියලා ,තිස්ස මහත්තයා අහලා නැද්ද ? හැමදාම පරීක්ෂණ ,නිරීක්ෂණ ,තියන්නේ නැතුව කරන්න පුළුවන් කෙනෙකුට දීලා අයින් වෙන එක මීට වඩා නම්බුයි කියලා අපිට නම් දහස් වාරයක් හිතිලා තියෙනවා (නි)
ඔය කවුරු ආවත් එන හැමෝම නැති කරන්නෙ අපේ රට...... (නි)