ජාතික බල සේනාවේ සභාපති මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි සඟවාගෙන සිටින බව කියමින් බොදුබල සේනාවේ හිමිවරුන් පිරිසක් අප්‍රේල් 23 වැනි දා කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ඇතුළු වූ සිද්ධිය අමාත්‍යංශ සීසීටීවී කැමරාවල සටහන් වී නැතැයි එම අමාත්‍යංශය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
දෘඩාංගවල තාක්ෂණික දෝෂයක් නිසා එලෙස සටහන්වී නැති බව එම කැමරා සවි කළ සමාගම දැන්වීයැයි අමාත්‍යංශය කීවේය.
බොදුබල සේනාව අමාත්‍යංශයට ඇතුළු වූ බව කියන දර්ශන විමර්ශන සඳහා ලබා දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විද්‍යුත් මාධ්‍ය කිහිපයකට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව කියන්න කොන්ඩේ බැඳපු පරණ කාලේ චීන්නුන්ට.(දිල්)
අවශ්‍ය වෙච්ච හැම වෙලාවකම ඕනෑම තැනක කැමරා කැඩිලා. කටුගෙයි මතක නේද? ඇත්තටම මොකටද මේවා හයි කරලා තියෙන්නේ? (දිල්)
ආණ්ඩුවේ තැන්වල හයි කරන්නේ කැඩිච්ච කැමරාද?(දිල්)
කටු ගෙයි කැමරාවත් ඔහොම උනා නේ ? ජාතික වස්තු කොල්ලකාපු එක අපේ අය්යලට අමතක වෙලා. (ස)
ගොඩක් ආයතන වල කැමරා තියනව, ගිනි නිවන උපකරණ තියනව. නමුත් නමට පමණයි. වැඩ නෑ. නිසි ප්‍රමිතියක් නැතිව සවිකිරීම් කරල, ගාන කපාගෙන. ජරාවට වැඩේ කෙරෙනව. දැන් බලන්න පුද්ගලික අංශයෙ සේවා ස්ථානවල සවිකරණ උපකරණ. නියමෙට වැඩ. (ස)
හරියට වැඩකරන්න කැමරාව සවිකරගන්න බැරිද? එයාලා නේද අනෙක් උදවියට කර්මාන්ත ගැන උපදෙස් දෙන්නේ? (නි)
ඔහොම ඒවා වෙනවා. පුදුම වෙන්න, කලබල වෙන්න දෙයක් නැහැ. කටු ගෙදරත් ඔහොම වුණා නේද? (නි)
මේ කැමරා මේ විදියට අවශ්‍යම වෙලාවන්හිදී කැඩෙනවා නම් ඉතින් මේවායින් ඵලක් නැහැනේ (නි)
අනිවාර්යයෙන් වටරැක විජිත හිමි එදා අමාත්‍යාංශය අස්සේ ඉන්න ඇති බොදු බල සේනාව ආවා සේම විජිත හිමිද ඇතුලේ හිටිය වග හෙළි නොකර සිටීමට තාක්ෂණයට දොස් පවරන අයට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද? (නදී)
බොරු කෝටියයි. (නදී)
මේ තැන් වල මොනම දෙයක්වත් බලනකොට හරියට වැඩ කරන්නේ නැහැනේ. (නි)
කැමරාව කැඩෙන්නේ ලයිට් යන්නේ ඔක්කොම ලොක්කන්ගේ වාසියටයි (නදී)