IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


එදා ඔලිම්පික් ශූරිය අද?

 SAN_7669    

 

ඔලිම්පික් ක‍්‍රීඩා ඉතිහාසයේ මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම පදක්කම ලද ශ්‍රී ලාංකීය ක‍්‍රීඩිකාව වන්නේ ඇයයි. ඇය සුසන්තිකා ජයසිංහ නමින් අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවේ. සුසන්තිකා මේ සමරන්නේ 15 වසරකට පෙර ලැබූ ඒ පදක්කමේ අභිමානයයි. ඒ වෙනුවෙන් එනම් ඔලිම්පික් පදක්කම ලබා 15 වසරක් ගෙවුණු පසුගියදා ඇය වෙනුවෙන් උපහාර උළෙලක්ද පැවැත්විණි. මෙලෙසින් මතක අලූත් වූ මොහොතක අද දවසේ සුසන්තිකාගේ ජීවිතය ගෙවෙන හැටි මොනවගේද කියා විමසීමට පසුගිය දිනෙක ඇය හට සඳැල්ල කතාබහට අපි ඇරියුම් කළෙමු.

 


button සුසන්තිකා කොහොමද මේ දිනවල වැඩ කටයුතු එහෙම?
ඇකඩමියේ වැඩ කටයුතු සහ දරුවන්ගෙ කටයුතු එක්ක තමයි කාර්යබහුලවෙලා තියෙන්නෙ.

 


button එදාටත් වඩා ඔබ අද කාර්ය බහුලයි කියන්නේ ඇයි?
මලල ක‍්‍රීඩාව වෙනුවෙන් පටන් ගැනීමට යන මෙම ක‍්‍රීඩා අධ්‍යයන ආයතනය ඇත්තටම ජාතික කටයුත්තක්. ඒ වෙනුවෙන් ඉඩම වෙන්කර ගන්න, සල්ලි හොයාගන්න, නිලධාරීන් එක්ක කතාකරලා ඉදිරිය සැළසුම් කරන්න, ඒ වගේ බොහෝ වැඩ බහුලයි. අපේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කිසිම ක‍්‍රමවේදයක් නැහැ, ක‍්‍රීඩාව කඩා වැටුණු ගාණයි. මේ වෙනුවෙන් එක් එක්කෙනාට දොස් කියනවාට වඩා අපි අපට පුළුවන් දේ කරන්න  ඕනෑ. කවුරු සභාපති වුණත්  ඕනෑම කෙනෙකුට එය කරගෙන යා හැකි ජාතික කටයුත්තක්. සෑම ක්ෂේත‍්‍රයකම අයගේ සහයෝගය අරගෙන මෙය දියුණු කිරීම මගේ පරමාර්ථයයි.

SAN_7661

 


button දරුවන් ගැන කිව්වොත්?
පුතා පාසැල් යනවා දැන්. එයා පළමු වසරේ ඉගෙන ගන්නෙ. දුවට තවම අවුරුද්දයි මාස 8යි. දුව ටිකක් දඟවැඩ කරන වයස. ඒ නිසා අපේ අම්මා - තාත්තා මා එක්ක හිටියත් මම නිතරම දරුවන්ගෙ වැඩවලට තමයි මුල් තැන දෙන්නෙ.

 


button සුසන්තිකා කියන ලෝ ප‍්‍රකටවූ මලල ක‍්‍රීඩිකාව සතුටින්ද කාලය ගෙවන්නෙ?
ඇත්තෙන්ම පුදුමාකාර සතුටකින් මම සිටින්නෙ.

 

button ඒකට හේතුව?

මම මගේ උපරිමය රට වෙනුවෙන් කළා කියන සතුට මට තියෙන්නෙ. අසතුටක් නැතුවාමත් නෙවෙයි.

 


button ඒ අසතුටට හේතුව?
ඔලිම්පික් පදක්කමේ සිට ලෝක පදක්කම් තුනක් රටට ගෙනැල්ලා දුන්න සුසන්තිකා නිකම් ඉන්නෙ. ගෙදර නිදි කිව්වොත් හරි. සුසන්තිකා ජයසිංහ ක‍්‍රීඩා ඇකඩමිය ආරම්භයට මුල් පිරුව බව ඇත්ත. නමුත් මේ තරම් ගෞරවයක් ගෙනැල්ලා දුන්න සුසන්තිකාට ඇයි ක‍්‍රීඩා අමාත්‍යාංශයේවත් තනතුරක් නොදෙන්නෙ? මට මෙහෙම නම්? අනෙක් අයට කොහොම වේවිද? ඉතින් ඒ ගැන මට දුකක් තියෙන්නෙ. වර්තමාන ඇමති වුණත් කිව්වාට තවම යතාර්ථයක් වෙලා නැහැ. මම ආසයි ක‍්‍රීඩාවට සේවය කරන්න.

 


button මුලින් කිව්ව දේට අමතරව අද දවස ඔබ ගෙවන්නෙ කොහොමද?
යාළුවන්ගේ විශේෂ අවස්ථාවලට වගේම රටේ විවිධ ආයතන සහ ස්ථාන, සමිති වෙතින් ලැබෙන ආරාධනාවලට සහභාගී වෙනවා. උත්සව අවස්ථාවලට සහභාගී වෙනවා. මගේ ජීවිතේ එහෙම සංකීර්ණ නැහැ.

 


button ජිවිතයේ වින්දනය මොනවගේද?
මම කලාවට වගේම කලාකරුවනට ආදරෙයි. බොහෝ වෙලාවට චිත‍්‍රපට සහ වේදිකා නාට්‍ය මුල්ම දර්ශනය සඳහා ආරාධනා ලැබෙනවා. ඒවාට කොහොම හරි කාලය හදාගෙන යනවා. ජනතාව මට කරන ආදරයට මම ගෞරව කරන්නෙ එහෙමයි. කලාවේ නියැළුණේ නැතත්, මාත් කලාවකට ජිවත් වන කෙනෙක්.

SAN_7674

 


button විලාසිතා ගැන හිතන්නෙ සහ ඔබගෙ විලාසිතා තේරීම මොන වගේද? 
විලාසිතාවලදී නම් මම මට ගැළපෙන දේ විතරයි තෝරාගන්නෙ. ගමකින් ආකෙනෙක් ලෙස මම එය ආදර්ශවත් ලෙස කළ යුතුයි.

 


button ඔබ වඩා ගරු කරන කාන්තාව කවුද?
සෑම කාන්තාවකටම ගරු කරනවා. සෑම කාන්තාවක්ම රැජිණක්. ඇයට බොහෝ දේ කළ හැකියි.

 


button ඔබ අද දරු දෙදෙනෙකුගේ මවක්, ඒ හැඟීම මොන වගේද? 
ඉතාම උත්තරීතරයි. මගේ මව ගැන හිතනකොට මම ප‍්‍රාර්ථනා කරන්නෙ ‘‘මව මතු බුදුවේවා’’ කියලයි.

SAN_7702

 


button ඔබ කතාවට දක්ෂයි. එහෙම නේද? 
ඔය අහන්නෙ මගේ කට ගැන නේද? කට වගේම වැඩ, වැඩ වගේම කට කිව්වොත් හරි.

 


button උයන - පිහන වැඩත් කරනවද?
මොනවද මේ අහන්නෙ? ඒවා කාන්තාවක් දැනගත යුතුමයි. නැත්නම් ගැහැණියක් වෙන්නෙ කොහොමද?

 


button ආදරය ඒ ගැන අද හැෙඟන්නෙ කොහොමද?
සතා සීපාවාගේ සිට හැමෝටම උතුම් දේ එයයි. හැමෝම ආදරය මත රැකෙන්නෙ. ආදරයේ ස්වභාවයන් විවිධාකාරයි. කොහොම වුණත් ඒක ශ්‍රේෂ්ඨ දෙයක්

 


button දරු දෙදෙනාගේ අනාගතය ගැන කොහොමද හිතන්නෙ?
මම හැමදාම උදේට ඒ දෙන්නාගෙ හිසට අත තබා ප‍්‍රාර්ථනා කරන්නෙ, ශ්‍රේෂ්ඨයෙක් -  විශිෂ්ඨයෙක්. නායකයෙක් වෙන්න කියලයි. රාත‍්‍රියට නින්දට යද්දීත් එම ප‍්‍රාර්ථනාවම කරනවා.

 


button සමකාලීනයින් දැන් හමුවන්නෙ නැද්ද?
ශ‍්‍රියානි, දර්ශා, මම මේ හැමෝම දැන් අම්මලානෙ. නිතර හමුනොවුණත්, අපි හමුවන අවස්ථා තියෙනවා.

sadun-gamage



අදහස් (0)

එදා ඔලිම්පික් ශූරිය අද?

ජනක් Wednesday, 11 November 2015 12:50 PM

උයන්නට පිසින්නට සමත් ඔබතුමී බත් උයන විට හාල් ගරලා ද උයන්නේ කියා ගෞරවයෙන් විමසමි ? (බ)

:       0       0

කුමාරි Friday, 27 November 2015 09:30 AM

ඔබට සුබම සුබ අනාගතයක්.(ම)

:       0       0

කමල් Monday, 16 November 2015 01:03 PM

දක්ෂ ක්‍රිඩිකාවක්. (ර)

:       0       0

ටෙනිසන් Friday, 13 November 2015 01:08 PM

ඔබට සදා ජය! (නි)

:       0       0

අදිකාරම් Tuesday, 01 December 2015 07:52 AM

දිරිය මවක් , ඔබ සහ ඔබගේ මතු පරම්පරාවටද ආශිර්වාද ලැබේවා. (ස)

:       0       0

ඉරෝෂන් Friday, 13 November 2015 06:20 AM

සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

තිලක්ෂිනි Saturday, 21 November 2015 05:37 AM

ඔබට ජය, දක්ෂ ක්‍රීඩිකාවක් රටට ඔබ උතුම් දායාදයක් !(ම)

:       0       0

සිරිවර්ධන Tuesday, 17 November 2015 08:29 AM

අශෝක,,,,, ඔබ ගැන දුකයි.(ම)

:       0       0

ශ්‍රියිනි Wednesday, 18 November 2015 09:35 AM

ඔබ අපේ රටට දායාදයක්, ඔබට සුබ අනාගතයක්!(ම)

:       0       0

නුවන් Wednesday, 11 November 2015 03:09 PM

නොදන්නා දේශපාලන වේදිකා උඩ නැගල කෑ ගහපු හැටි මතකයි (අ)

:       0       0

ටෙනිසන් Saturday, 28 November 2015 05:04 AM

නොගත්තාට වැඩක් ලොවක් වටිනා ලඳක්.... නොබිදෙන මහ ගලක් වගේ තිබෙන සිතක්.... (නි)

:       0       0

සජිත් Thursday, 12 November 2015 06:24 AM

ශක්තිමත් ගැහැණියක්. (ර)

:       0       0

පියුමි Saturday, 14 November 2015 08:01 AM

ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

රුවන් Thursday, 12 November 2015 08:05 AM

කොයි ආණ්ඩුවක් යටතේ වුණත් කට පරිස්සම් කර ගන්න කෙනාට තනතුරු සිකුරුයි. (ම)

:       0       0

තිලක් Wednesday, 11 November 2015 08:11 PM

ඔභට සුබ පැතුම්! (නි)

:       0       0

අසෝකා Friday, 13 November 2015 01:04 AM

මේ ලෝකයේ මම කැමතිම කාන්තාවන් දෙදෙනෙක් සිටිනවා. ඒ ඩයනා කුමරිය හා සුසන්තිකා ජයසිංහයි. ඔබට සහ ඔබේ පවුලට සදා ජය පතමි!!! (නි)

:       0       0

මාලක Thursday, 12 November 2015 01:31 AM

සුසන්තිකාට සහ ඇගේ පවුලට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි. සමහරුන්ගේ ඌන මානසිකත්වය තැන නොතැන බලා ප්‍රදර්ශනය කිරීම පිළිකුල්. සැමවිටම තවත් කෙනෙක් ගරහා, පහත්කොට සැළකීමට තැත් කිරීමෙන් සිදුවන්නේ තමන්ගේ පහත්කම ලොවට කියාපෑමයි (නි)

:       0       0

අබරන් Thursday, 19 November 2015 04:33 AM

අහෝ අසෝක, කුමක් කියන්ටදැයි නොතේරේ ...(ස)

:       0       0

ජැක්සන් ආරචිපාල Friday, 13 November 2015 10:58 AM

අසෝකා ගැන පුදුම කනගාටුවක්! ඉතිහාසයේ කාන්තා චරිත 2-3ක් වත් කරුණාකර කියවන්න. (ස)

:       0       0

සොපි Wednesday, 11 November 2015 12:02 PM

මුල අමතක නොකළ ඔබ ගැන ආඩම්බරයි (බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 12 November 2015 11:23 AM

ඔබ අප රටට ලැබුණු මහඟු දායාදයක් වුවත් දේශපාලනීකරණය වූ ක්‍රීඩාව හා එය මෙහෙයවූවන් නිසා ඔබේ උපරිමය රටට අහිමි වුනා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 178 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 57 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1149 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 449 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1132 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 223 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30071 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23666 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site