
(අංජුල මහික වීරරත්න)
එදා චෝදනා කරපු ව්‍යාපෘති වර්තමානයේ හොඳ යැයි ඒ අයගේ කටින්ම කියවා ගැනීමට පුළුවන් වීම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ රැස්වීමක් අමතමිනි.
"2005ට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබිච්ච තත්ත්වය පිළිබඳව තමුන්නාන්සේලා දන්නවා .මේ අධිවේගී මාර්ගය හැදුවේ මහින්ද රාජපක්ෂට ඇඹුල් තියල් ගෙනියන්න කියලා කිව්වා. මං දැක්කා ඊයෙ, පෙරේදා පෝලිමේ වාහන එනවා. ඇඹුල් තියල් ගෙනියන්න නේද?
දැන් ධීවරයාට මේ තියෙන තෙල් මිලත් එක්ක මුහුදු ගිහිල්ලා අල්ලන මත්ස්‍ය අස්වැන්නෙන් ලාභයක් ලබන්න බෑ. ඒ හින්දා ඉතින් අධිවේගී මාර්ගය ඇඹුල් තියල් ගේන්න හැදුවත් දැන් වැඩේ වෙන්නේ නෑ. වැව්වලත් මාළු නෑ.වැව් හිඳිලා.
පසුගිය කාලසීමාවේදී ආණ්ඩුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණේ නෑ.අවුරුදු දෙකක් විපක්ෂයට බැන බැන හිටියා. අඩුම ගානේ අවුරුදු දෙක ඇතුළත මේ ලුණුගම්වෙහෙර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මොනරාගල, වැල්ලවායේ, බුත්තල වැව් ටික සුද්ධ කරන්න. කයිවාරු ගහන එක නවත්තලා, බනින එක නවත්තලා. අඩුම ගානේ පොඩි වැස්සකට හරි යම් සහනයක් ලබාගන්න තිබ්බා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපෘති නරක නෑ. කරපු ක්‍රමයයි නරක. ඒවල සල්ලි 75% පෞද්ගලික ගිණුම්වලට ගිය එකයි නරක. මහජනතාවගේ සල්ලිවලින් හොර පවුල්, හෙන්චයියෝ පෝසත් වෙච්ච එකයි නරක.
කවදාවත්ම ජනාධිපති වෙන්න බෑ, වැරදිලාවත් වුණොත් ලංකාවට අබ සරණයි.
එදා. බොරු ව්‍යපෘති පෙන්නලා මිලියන ගනනින් මුදල් පාස් කරන් නාකි මයිනගෙ පරම්පරාව. බලන් ඉද්දි හිගන්නො. කෝටිපතියො වුනා. නැත්නම් රැකියාවක් නැති අබුවෝ ඉන්න. ගෝබ්බයින් කොහොමද ඉඩම් වලට අයිති කරුවන් වෙන්නෙ. ලොකු බිස්නස් කරන්න මුදල් කොහින්ද. අද එහෙම නැහැ. රටට අව්ශ්ය දේ උබලා කිව්වත් නැතත් මාලිමාව කරනවා. ගොබ්බයෝ දෙන්නත් එක්ක අදිකරනයට ගිහින් කියන්නමේ සේරම හොරවැඩ මිනිමැරුම්. තාත්තියි අම්මියි කෙරුවේ අපිව බිල්ලට දෙන්න කියලා
එදා නරකයි කිවිවෙි කොමිස් ගහපු නිසයි ..අද ඒවා නැවත පටන් ගන්නවා ජනතාවට වාසි විදිහට
විපක්ෂයට බනින්නෙ ඒ ගොල්ලන්ට බලය අල්ලා ගන්න ඉඩදීලා අමාරුවේ දැමීම නිසයි.
එදා නරකයි කිව්වෙ යන වියදමට තව 50% ක් එකතු කරල තොපි හොරාකාපු නිසා
අවජාතක