IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘එදා පීඑස්ඩී කට්ටියත් මැණික් ගැරුවා : දුන්නේ කාටදැයි කවුරුත් දන්නවා‘

‘පසුගිය කාලවල ජනාධිපති ආරක්ෂක අංශයත් ගංඟාවලට බැහැලා මැණික් හාරන්න කටයුතු කළා. එයාලා මේ මැණික් ගිහින් දුන්නේ කාටද කියා මම අලුතින් කියන්න අවශ්‍ය නැහැ.‘ යි මෛත්‍රීපාල සිරිසේන ජනපති දෙහිඕවිට දී කීවේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැදිහත්වීමෙන් තල්දූව සීතාවක ප්‍රදේශයේ මැණික් ගැරීමේ ව්‍යාපෘතියෙන් ලැබුණු මූල්‍ය ප්‍රතිලාභ තල්දූව හා සීතාවක වසම්වල ආගමික මධ්‍යස්ථාන, සමෘද්ධිලාභීන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ප්‍රතිලාභ ලබාදීමේ උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් දෙහිඕවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී අද (29) පැවැත්විණි.

‘මැණික්  හා ස්වර්ණාභරණ අධිකාරිය පසුගිය අවුරුදු කිහිපයක කාලයේ කටයුතු කළ ආකාරය ගැන මම කිසිසේත් සතුටු වෙන්නේ නෑ. මැණික් සංස්ථාවට අයිති දේවල් කළ යුතුයි. මෙම ආයතනවල කටයුතු දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව කිරීම අත්‍යවශ්‍ය දෙයක්.‘

අමාත්‍යවරු වන රංජිත් සියඹලාපිටිය, අතාවුද සෙනවිරත්න, සබරගමු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, සබරගමු විපක්ෂ නායිකා වෛද්‍ය තුසිතා විජේමාන්න, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අරුණ ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද එහි වූහ.

RDS_4044 RDS_4050 RDS_4075 RDS_4134 RDS_4167 RDS_4179 RDS_4196



අදහස් (0)

‘එදා පීඑස්ඩී කට්ටියත් මැණික් ගැරුවා : දුන්නේ කාටදැයි කවුරුත් දන්නවා‘

තිලක්-ඩුබායි Monday, 29 June 2015 01:05 PM

"රෑ දනියෙල් දවල් මිගෙල්" දැන් පෙන්වනවා. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 29 June 2015 01:17 PM

ජනාධිපතිවරණයට කලින් ගිනි තියපු අට්ටාලය උඩ ඉදගෙන "ඔබල සියලුම දෙන කිසිම බියක් නැතිව උදෙන්ම ගිහින් "හංසයා" ඉදිරියේ කතිරේ ගහන්න.ඉතිරි ටික අපි බලා ගන්නම්.. කියපු කෙනාද කියලත් හිතෙනවා. (බ)

:       0       0

චතුරි Monday, 29 June 2015 01:24 PM

ගත්තු කෙනාට මේ වෙනකොට ඇපත් නැහැ ,නමුත් දුප්පතාගේ දුක දැන් හොදට තේරුම් අරගෙන බලය තියෙනකොට දුප්පත්ගේ මුදලින් පිනුම් ගැහැව්වා දැන් වදින ඇවිදින එක තමයි වැඩේ (බ)

:       0       0

ජයන්ත Monday, 29 June 2015 02:19 PM

මේ කතා වලින් වෙන්නේ ශ්‍රී ලංකා එකට ඡන්ද අඩු වෙන එක කියල ලොකු උන්නේහට තේරෙන්නෙම නැද්ද? (ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 29 June 2015 02:24 PM

කරලා තිබෙන අපරාධවල හැටියට තවමත් යහතින් ඉන්නවා කියන එක ගැනයි මට පුදුමේ (බ)

:       0       0

ඉමල්කා Monday, 29 June 2015 02:27 PM

විස්ස සම්මත කර නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට කටමැත දෙඩූ මෛත්‍රිපාල චම්පක රතන හිමි ආදීන්ට අද කට බිම අතුල්ලා ගැනීමට සිදු වී ඇත. විශ්වාසභංග යෝජනා ගෙන ආ මහින්ද පිළට මෛත්‍රිපාල පිළ අකුල් හෙලුවේ ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයේත් ශ්‍රීලනිප සභාපති ධුරයේත් බලතල යොදා ගනිමින් රනිල් හා ඇමැතිවරුන් ආරක්‍ෂා කෙළේ ය. අවසානයේ දී තවදුරටත් කල්ගැනීමට නොහැකි වූ කල පාර්ලිමේන්තුව විසුරුවා හැර අගමැති හා ඇමැතිවරුන් ගලවා ගත්තේ ය. තමන්ගේ විස්ස ව්‍යාපෘතියවත් රැක ගැනීමට මෛත්‍රිපාලට නොහැකි විය. ඔහු දූෂිතයන් රැක ගැනීමට තම ව්‍යාපෘතිය පාවා දුන්නේ ය. එමගින් ජනාධිපතිකම ද තම දේශපාලන ජීවිතයද පැවැත්ම ද රැක ගන්නට ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුට එ ජා පක්‍ෂයෙන් දැඩි බලපෑමක් එල්ල විය. ඒ හමුවේ ඔහු අවසානයේ දී අතපය හකුළා ගත්තේ ය. පරාජිතගේ සැලසුම් ද පරාජයට පත්විය. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 29 June 2015 02:30 PM

මහින්ද රාජපක්ෂ කරන ලද අපරාධ සහ දූෂන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 7000 කට වැඩි යයිද ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට ඉන්නේ 600 ක් පමණ නිලධාරීන් පිරිසක් බැවින් පරීක්ෂණ පමා වනවා මිස...... (බ)

:       0       0

අශෝක Monday, 29 June 2015 02:49 PM

පක්ෂ , පාට කුමක් වුනත් හොරුන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුමයි. ඒ සදහා අදාල ආයතන වලට උපරිම බලය ලබාදීම ජනපති තුමනි ඔබගේ මහගු කාර්යභාරයකි . (බ)

:       0       0

ඇසළ Monday, 29 June 2015 02:52 PM

දිව දික් කරනවද බලන්න එකක්ද දෙකක්ද තියෙන්නේ කියල බලාගන්න. (බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 29 June 2015 02:55 PM

අන්තිම මාස දෙක වෙනකම් දුෂිත රජයේ සියලු වරදාන වරප්‍රසාද විදගෙන බලවත් කැබිනට් ඇමති කෙනෙක් හැටියට මේ සියල්ල දැක දැක නිහඩව සිටීම මගේ නීතියේ හැටියටනම් හිටුවා පස් ගැසිය යුතු වරදක්,,යහපාලගේ නීතියේ හැටියට බුරු පොලේ හිටියත් එකයි ..බුරු ගැහුවත් එකයි. හැබැයි යහපාලන නීතියේ එහෙම නැහැ වගේ..ඒකෙ ඕන තරම් බලන් ඉන්න පුළුවන්..පොලිසියෙන් පනින වෙලාවට බුරු කොලේ අතේ නොතිබුනානම් වැඩේ ගොඩ..කලින් ගහපුවා වලංගු නැහැ..(බ)

:       0       0

අජිත් Monday, 29 June 2015 03:06 PM

දැන් සියලු කුණු වැඩ වලට දඬුවම් ජනාධිපතිතුමාට කරන්න කියන එක මහා විහිළුවක් .එජාප ආණ්ඩුවක්නේ තිබුනේ . ඒ ආණ්ඩුව සමහර හොරුන්ව ආරක්ෂා කරන අතරේ ජනාධිපතිතුමාට කියනවා දඬුවම් කරන්න කියල . එජාපෙ සහ අභයාරාම කල්ලිය ජනාධිපතිතුමාව හිරකරමින් ඔහුට නිදහසේ කටයුතු කරන්න ඉඩ නොදී ඉන්නවා . මෙරට ජනතාව දන්නවා මේ කල්ලි දෙකම ඉතිහාසයේ කළ දේවල් හා අද කරන දේවල් . ජනාධිපතිතුමනි අවංක, බුද්ධිමත් මිනිසුන් ඔබ සමග (බ)

:       0       0

කුරුවිට Monday, 29 June 2015 03:16 PM

ඉමල්කා සහතික ඇත්ත (බ)

:       0       0

අර්ජුන රණවන Monday, 29 June 2015 04:30 PM

ඔබ තුමන්ගේ ප්‍රකාශය අවංකවම කළානම් එය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න .ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරක් බව අපි නැවතත් අවධාරණය කරමු.අපි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ මේ සොරුන්ට අනුග්‍රහ දක්වන්නට නො වේ. සොරුන් දේශපාලනයෙන් අතු ගා දමන්නට ය. (බ)

:       0       0

අබේරත්න Monday, 29 June 2015 04:33 PM

කට්ටියක් මැණික් ගරුවා. තවත් කට්ටියක් වැලි ගරුවා. මහජනතාව හාල් ගරනවා (බ)

:       0       0

චමිලා Monday, 29 June 2015 05:01 PM

ඕක අපිට කියල වැඩක් නැහැ . ඒකට තමා මහජන මුදල් වියදම් කරලා ජනාධිපති කෙනෙක් පත් කරලා තියෙන්නේ . ඔබ ගේ වගකීම වැරදි කරන අයට දඩුවම් කරලා රට පාලනය කිරීම .(බ)

:       0       0

වසන්ත Monday, 29 June 2015 05:30 PM

ඔබතුමා උපකාර කළ යුතු අයට උපකාර කරන එකට ඔබතුමාට පින් සිද්ද වෙනවා. හිටපු අය කරපුව ලබන පරම්පරාව හරි වමාරයි..... (බ)

:       0       0

විපුල Monday, 29 June 2015 05:36 PM

මේවා කිව්වෙත් ඔබලාමයි. එ්කෙන් බලය ලැබුනේ ඔබලාටයි. නමුත් කිසි කෙනෙක් දින 100 යට හිර ගෙදරට නොදැමුවෙත් ඔබලාමයි.බලය ලැබුනම වැඩ කරගන්න නොලබුනෙත් ඔබලාටයි. (බ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 30 June 2015 10:45 AM

වෛරය (බ)

:       0       0

සිරිවර්ධන Monday, 29 June 2015 10:26 AM

වෙන කාටද අපි කවුරුත් දන්න කෙනෙක්ටනේ.(හේ)

:       0       0

රුපසිංහ Monday, 29 June 2015 10:55 AM

නියම වැඩක්, මේවාගේ අසරණ මිනිස්සුනට එදා මොනවද ලැබුනේ. බුද්ධිමත් ජනතාව කියලා අසරණ, නුගත් ගම්වල මිනිස්සු ගොනාට අන්දන කලේ ඉවර කරන්න ඕන. (ම)

:       0       0

සුමුදු හේවා Tuesday, 30 June 2015 01:49 AM

බලන්න මේ මිනිස්සු දිහා දුක් විඳලා තියෙන තරම පේනවා. බලන්න දේසපාලකයන් දිහා , සැප විඳින බව පේනවා..මේ දුක් විඳින මිනිස්සු මේ සැප විඳින මිනිස්සු තමාගේ දේපල කොල්ල කනකන් බලාගෙන ඉන්නවා. ඒ ගොල්ලනට කොල්ල කන්න බලය දෙනවා. කුඩු ගෙන්න බලය දෙන්න..බලන්න ඔය පින්තුරවලින් ගොඩක් ලොකු කතාන්තරයක් කියනවා..මෝඩකම සහ කපටි කම පෙනෙනව. මේ වගේ මිනිස්සුන්ගේ දේපල කොල්ලකන්න තරම් දේසපාලකයෝ කොයිතරම් නිර්දයද? ඒවා කොල්ලකන්න බලාගෙන ඉන්න තරම් මේ මිනිස්සු කොච්චර මෝඩද? අසරණද?(අ)

:       0       0

අන්නා Tuesday, 30 June 2015 02:14 AM

එතකොට මහවැලි ගගේ වැලි ගොඩදාපු සල්ලි ගත්තේ කව්ද? (අ)

:       0       0

ජයා Monday, 29 June 2015 11:52 AM

දැන් ඔයත් ෆයිල් හංගනවාද? දන්නවනම් අල්ලලා හිරේ දාන්න එපැයි (බ)

:       0       0

රුවන් Tuesday, 30 June 2015 02:20 AM

ජයා කියන එක ඇත්ත... ඒත් ඒ අයව අල්ලලා හිරේ දාන්න හදන කොට විරුද්ධ වෙන්නෙත්, පාර්ලිමේන්තුවේ බිම වාඩි වෙන්නෙත් ජයා වගේ අයම තමා...(බ)

:       0       0

දුමින්ද Tuesday, 30 June 2015 02:26 AM

රූකාන්ත -චන්ද්‍රලේකගේ කොණ්ඩේ කපපු අයමද මැණික් ගැරුවේ (බ)

:       0       0

උක්කුබණ්ඩා Monday, 29 June 2015 11:57 AM

මේවා නීති විරෝධී වැඩනම් දැන් ඔබ ජනාධිපති නිසා දාන්නකෝ නඩු. ලංකාවේ ඉහලම තනතුරත් මඩ ගහනවානම් තව මොනවද? (බ)

:       0       0

චොක්සි Monday, 29 June 2015 12:03 PM

මේවා තමයි කියන්න දන්නේ . වැඩක් කරන්න බැහැ....(බ)

:       0       0

ලාල් Monday, 29 June 2015 12:10 PM

ඊයේ පෙරේද දවසක මහ රෑ කාටත් හොරා හම්බවුන වෙලාවේ මේවා ගැන අහන්න තිබුන නේද? කවුරු කවුරුත් කරන්නේ මාධ්‍ය සංදර්ශන තියන එක තමයි , මොකද මේ රටේ මෝඩ ඡන්ද දායකයෝ ලේසියෙන්ම අන්දන්න පුළුවන් කියල තමා හැමෝම හිතන් ඉන්නේ (බ)

:       0       0

පොළොන්නරුවේ ගොවියා Tuesday, 30 June 2015 02:34 AM

පිවිතුරු යහපාලන එහෙම ඉවසා කල් බැලු හින්දා තමයි එතුමා ජනාධිපති වුණේ. මහින්ද රජතුමාට වගේ අවුරුදු 2ක් ඉන්න තියෙද්දි බල කෑදරකම් ඇව්ල්ලා ඉල්ලන් කන්න තරම් එතුමා මෝඩ නැහැ. (අ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 30 June 2015 02:38 AM

තිලක් ඩුබායි මොකද මේ මෛත්‍රී මහත්තයට පහර ගහන්නේ..යහපාලානේ ඔයාටත් එපා වුණාද?මොනවද එතුමා ඔය තරම් කරලා තියෙන අපරාද? (අ)

:       0       0

රුවන් Tuesday, 30 June 2015 02:43 AM

හා හා ... පිවිතුරු යහපාලම ඕක කියපු එක ලොකු දෙයක්... දැන් තේරෙනවනේ කට්ටිය ගාගන්නේ නැතුව වැඩේ දුන්න හැටි....(අ)

:       0       0

අර්ජුන රණවන Monday, 29 June 2015 12:17 PM

ඔබතුමාගේ ප්‍රකාශය අවංකවම කළානම් එය ක්‍රියාවෙන්ද පෙන්විය යුතුය. රෑට මහින්ද සමග රහස් කතා ඔබගේ අවංක භාවයට කැළලකි (බ)

:       0       0

ජීවා Monday, 29 June 2015 12:20 PM

හත්වලාමේ පීඑස්ඩී එක තිබුනේ. චන්ද්‍රිකාගේ කාලෙනේ, ඔය සිද්ධිය උන්දැගෙ කාලේ වුන එකක් , දැන් උන්දැ ඔබතුමාගේ යාලුවෙක් නිසා අහල බැලුවනම් නරකද? (බ)

:       0       0

අමිත් Monday, 29 June 2015 12:32 PM

මැණික් ගරපුවා කඩු හොරකම් කරපුවා නිධන් ගත්තුවා මේ රටේ සියලු දෙනා දන්නවා. දැන් ඔබතුමාට තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1492 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1980 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 468 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3087 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2503 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1829 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34722 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site