IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


එදා පස්යාලේ : අද යාපනයේ

පොලිස් පහරදීම් සහ පොලිස් වෙඩි තැබීම්   උතුරේ මෙන්ම දකුණේ ද වරින් වර වාර්තා විය. අඟුලානේ තරුණයන් දෙදෙනකු පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමේ සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීහු අඟුලාන පොලිසියට පහර දී වැනසූහ. දොම්පේ පොලිසියේ දී තරුණයකුට පහර දී මරා දැමූ බව කියන සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීහු දොම්පේ පොලිසිය ගිනි තැබූහ. පස්යාලේ තරුණයකු පොලිස් වෙඩිපහරින් මිය යෑමෙන් පසු ප්‍රදේශවාසීහු විරෝධතා පැවැත්වූහ. කඩ වැසූහ.    

සාපලත් යුද්ධයෙන් දිවි ගලවා ගත් යාපනයේ විජයකුමාර් සුලක්ෂන් යුද්ධයෙන් පසු වෙඩි උණ්ඩයකට ජීවිතය බිළි දෙන්නට වෙතියි කිසි දිනකත් සිතන්නට නැත. සුලක්ෂන් සහ කජන් යතුරු පැදියේ යමින් සිටිය දී සුලක්ෂන් පොලිස් වෙඩි පහරින්ද, කජන් හිසට වූ බරපතල තුවාල හේතුවෙන්ද මිය ගියා සේම 2014 ජූනි 11 වැනි දා ගම්පහ පස්යාලේ දී ද යතුරු පැදියක ගමන් ගත් තරුණයෙක් පොලිස් වෙඩි පහරින් මිය ගියේය. එදා පස්යාලේ දී ද පොලිසියට විරෝධය දක්වමින් කඩ වැසූහ. මෙදා උතුරේ ද පොලිසියට විරෝධය දක්වමින් කඩ වසා දැමීය.

ඔහු සුභාෂ් ඉන්දික ජයසිංහය. 24 හැවිරිදි තරුණයෙකි. පදිංචිය මීරිගම කිතුල්වලය.  රැකියාව ලෙස කළේ  දිනපතා පොළියට සල්ලි ලබා දීමය. 2014 ජූනි 11 වැනි දා සවස ඔහු නිවසින් පිටවූයේ එලෙස මුදල් එක් රැස්කරගෙන ඒමටය. පසුදා වන්දනාවක යෑමටද පවුලේ උදවිය සැලසුම් කරගෙන සිටියහ.

pasyala-man

පොළී සල්ලි එකතු කරගෙන නැවත නිවසට යෑමට ඔහු පැමිණියේ සචින් චතුරංග නම් ඔහුගේ මිතුරකු සමඟය. යතුරු පැදිය පැදවූයේ සුභාෂ්ය. නිවසට යන්නට ආ සුභාෂ්ගේ ගමන පස්යාලේදී නැවැතුනේ ඔහුගේ ජීවන ගමන ද නිමා කරමිනි. එදා ඔහු සමග ගිය ඔහුගේ මිතුරා සචින් චතුරංග සිද්ධියට පසු දින මෙසේ කීවේය.

‘මහනුවර පාරේ පස්යාලෙදි පොලිසිය අත දැම්මා. ඉන් පසු යතුරුපැදිය නැවැත්තුවා. පොලිසිය ඇවිත් වෙඩි තිබ්බා. ඉන් පසු මම කෑ ගැහුවා. ඉන් පස්සේ වාහනයකට දාලා සුභාෂ් (තරුණයා) රෝහලට යැව්වා.

පොලිසියේ පස් දෙනෙක් හිටියා එතන. පොලිසිය බීලා හිටියේ. මං කෑ ගහද්දි මට කිව්වා කාටවත් කියන්න එපා. කිව්වොත් මටත් වෙඩි තියනවා කිව්වා.‘‘ යැයි චතුරංග එදා කීවේය.

එදා  පස්යාලේ සිදුවීම ගැන පොලිසිය කීවේ අද යාපනයේ සිදුවීම ගැන කියන කතාවමය.

පස්යාලේ සිදුවීමට පසු දා එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවක් කැඳවීය.

‘‘පොලිස් නිලධාරීන් පවසන්නේ පොලිසිය සංඥා කළා. ඔවුන් නැවැත්තුවේ නෑ. එම යතුරු පැදියට යම් ආකාරයකට ඔවුන් යට වන්නට ගියා. යටකරගෙන යන්න උත්සාහ කළා. ඒ නිසා මේ වෙඩි තැබීම සිදු කළ බව.  කෙසේ වෙතත් මෙහි පිටුපසින් ගමන් කළ තවත් පුද්ගලයෙක් ඉන්නවා සචිත් චතුරංග නමැති 18 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගන්න කටයුතු කර තිබෙනවා.

තරුණයාගේ ප්‍රකාශයෙන් තරුණයා සටහන් කරන්නේ ඔවුන් ඒ අවස්ථාවේදී ඉදිරිපට පැමිණියා. ඉන් පසු නැවැත්තුවා. නවත්වලා යන්න උත්සාහ කරද්දි වෙඩි තැබීම වුණා කියලයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල පොලිස් අධිකාරී සහ නිට්ටඹුව පොලිසිය විමර්ශනයෙන් ඉවත් කර ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ විමර්ශන පවත්වනවා.‘‘ යැයි අජිත් රෝහණ මහතා එදා කීවේය.

යතුරු පැදිය වැටී තිබූ ස්ථානය ලෙස පොලිසිය වෙන ස්ථානයක් පෙන්වූ බව අසල් වැසියෝ කීහ.

එදා අසල්වැසි කාන්තාවක මෙසේ කීවාය.

‘පොලිසියේ දෙන්නා එයා (සුභාෂ්) අනිත් පැත්තට පෙරළුවා. ඔහු වැටී සිටියේ ඇලෝවීල් කඩේට යන පාර ළඟ. සුදු වානයක් නවත්වලා එහි දාගෙන ගියා. හෙල්මට් දෙකත් බිම තිබ්බා. දැන් ලකුණු කරලා තිබුණු තැන නෙමෙයි වැටිලා හිටියේ.‘   ඇය කීවාය.

මිය ගිය තරුණයාගේ පියා එදා මෙසේ කීවේය.

‘‘මගේ පුදා රස්සාවක් විදියට කරන්නේ සල්ලි පොලියට දීලා එකතු කරන එකයි. හෙට වන්දනාවේ යන්නත් ඕනා නිසා කළල් පිටිය සෙඩ් එකෙන් තෙලුත් ගහගෙන එන්නම් තාත්තේ කියලා පුතා ගියා. තවත් යාළුවෙක් එක්ක එද්දි පොලිසියෙන් අත දාලා. බයිසිකළේ නැවැත්තුවට පස්සේ මොනවත් අහන්නේ නැතිව වම් පැත්තෙන් වෙඩි තියලා දකුණු පැත්තෙන් එන්න. මේ කියන කෙනාට කියන්න මම බයික් එක අරගෙන ඔය කියන ස්පීඩ් එකෙන් (වේගෙන්) යන්නම් මට වෙඩි තියන්න කියලා.  මෙවැනි අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න එපා. දෙපොළක ඉඳන් වෙඩි තියලා නෑ. ඊයේ රෑ මං යද්දී එක තැනයි මාර්ක් කරලා තිබ්බේ.‘‘ යැයි පියා කීවේය.

තරුණයාගේ අවසන් කටයුතු දා ප්‍රදේශවාසීහු දේහය සහිත මිනී පෙට්ටිය මහ පාරේ තබාගෙන පොලිසියට එරෙහිව විශාල විරෝධතාවක් පැවැත්වූහ. අවසන් කටයුතු දා ප්‍රදේශයේ බොහෝ කඩ සාප්පුද වසා තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊට දින කිහිපයකට පසු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත්තේය. 2014 ජූනි 17 වැනි දා එම පොලිස් කොස්තාපල්වරයා එවකට අත්තනගල්ල   මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර (දැන් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්) ඉදිරිපත් කරනු ලැබූ අතර ඔහු පසු දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 පසු දින යළි මෙය ගැනුණු අතර මරණ පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත්වරිය නිගමනය කළේ මෙය මිනී මැරුමක් ලෙස නිරීක්ෂණය නොවන බවයි. සැකකාර පොලිස් නිලධාරියා නොසැලකිලිමත් ලෙස ගිනි අවි භාවිත කිරීමෙන් මෙය සිදුවී ඇති බව අධිකරණය නිගමනය කළේය.  සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් පන් දහසක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

පස්යාලේ දී යතුරු පැදියේ පසු පැදි කරුට දිවි ගලවා ගැනීමට වාසනාව තිබුණ ද මෙදා යාපනයේ සිදුවීමේදී දිවි ගලවා ගැනීමට එම යතුරු පැදියේ පසුපසින් ගිය කජන්ට වාසනාව නොතිබිණි.

ඒ මීට වසර දෙකකට පෙර සිදුවූ පස්යාලේ සිදුවීමයි. එම සිදුවීමට වසර දෙකකට පෙර තවත් කතා බහට ලක්වන පොලිසිය රිය අනතුරක් යැයි කී සිදුවීමක් විය.

2012 සැප්තැම්බර් මාසය වැඩිපුරම කතා බහට ලක් වූයේ විශ්ව විද්‍යාලය ආචාර්යවරුන් අරගලයයි. අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්යවරු දකුණේ සිට කොළඹට පා ගමනක් සංවිධානය කර තිබිණි. ඊට සහයෝගය දෙමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද මහ නුවර සිට කොළඹට පා ගමනක් සංවිධානය කර තිබිණි. 

Janaka-bandara-ekanayake2012 සැප්තැම්බර් 26 වැනි දා පා ගමන නිට්ටඹුවෙන් අවසන් වූ අතර පසුගිය අරමුණ වූයේ කැලණිය දක්වා ගමන් කිරීමටය. එවකට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වූ සංජීව බණ්ඩාර ඇතුළු පාගමගේ සංවිධායකයන්ගේ එදින නවාතැන් පොළ වූයේ ගම්පහ බණ්ඩාරවත්තේ නිවසකි. රාත්‍රී ආහාර ගෙන ඒම සඳහා අන්තරේ චින්තක රාජපක්ෂ යක්කලට ගොස් ඇති අතර ඔහුගේ පසු පසින් යතුරු පැදියක් ලුහු බැඳ ආ බව චින්තක සාක්කි දෙමින් කීවේය. එම නවාතැන් පොළේ සිටි කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ සරසවියේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර යන දෙදෙනා යතුරු පැදියෙක් නුගේගොඩ දෙල්කඳට යෑමට පිටත් වූයේ මධ්‍යම රාත්‍රියේ ය. ඒ අත්පත්‍රිකා තොගයක් ගෙන ඒම සඳහාය.

ඔවුන් ගොස් පැය ගණනක් වුවත් යළි නොපැමිණි අතර ගම්පහ ඉඹුල්ගොඩ පාසල් හංදිය ආසන්නයේ යතුරු පිදි අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇති බව අන්තරේ සෙසු සගයන්ට ආරංචි වූයේ උදෑසනය. ඔවුන් එම ස්ථානයට ගියත් මෘත දේහ තිබුණේ නැත. පසුව ඔවුහු රෝහලට ගොස් පිරික්සද්දී මිය ගොස් ඇත්තේ සිය සගයන් දෙදෙනා බව තහවුරු කර ගත්තේය.

මෙය සැක කටයුතු මරණයක් බවට වාර්තා වීමත් සමග අනතුර වූ යතුරු පැදිය එම ස්ථානයටම ගෙන ගොස් යළි ප්‍රතිනිරූපයක් කළ රස පරීක්ෂණය පවත්වන ලෙස එවකට ගම්පහ මහේස්ත්‍රාත් (දැන් ගම්පහ මහාධිකරණ විනිසුරු) ඛොමා ස්වර්නාධිපති මහත්මිය නියෝග කළාය. ඒ අනුව රස පරීක්ෂණය තිබුණත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළ ආකාරයට ප්‍රති නිරූපනයක් නොකළ බවත්, යතුරු පැදිය එම ස්ථානයට ගෙන නොආබවත් නීතීඥ රාජිකා සිල්වා මහත්මිය මහේස්ත්‍රාත්වරියට පැමිණිලි කළාය.

Sisitha-Priyankara 

මෙය සැලසුම් සහගත මිනී මැරුමක් බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුව සිටි නජිත් ඉන්දික මහතා රහස් පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ වී තිබේ.

එම විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ සැකකටයුතු මරණය සිදු වූයේ 2012දීය. ඉන් වසර දෙකකට පසු 2014 පස්යාලේ සිදුවීම වාර්තා විය. එම සිදුවීමෙන් වසර දෙකකට පසු එනම් 2016 පසුගිය සතියේ යාපනයේ සිදු වීම වාර්තා විය.

යාපනයේ සිදුවීමෙන් මිය ගියේ නඩරාජා කජන් නම් කිලිනොච්චියේ පදිංචි යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවකු සහ විජයකුමාර් සුලක්ෂන් නම් චුන්නාකම්හි පදිංචි යාපනය විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය සිසුවෙකි.  

සුලක්ෂන් සිසුවාගේ නිවස පිහිටියේ යාපනය චුන්නාකම් සිට කිලෝමීටරයක් පමණ දුරින් කන්දරෝඩෙයි   ප්‍රදේශයේ ය. සහෝදර සහෝදරින් අට දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා සුලක්ෂන් ය. වැඩිමල් සහෝදරයා යුද සමයේ අතුරුදන් වූ ලැයිස්තුවේ සිටින්නෙකි. පියා සින්නතුරෙයි විජයකුමාර් තල් ගසකින් වැටී ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබ සිටියි. අක්කා විවාහ වී සිටින්නීය. හත වසරේ සහ උසස් පෙළ කලා අංශයෙන් හදාරණ සහෝදරයන් දෙදෙනෙක් ද සුලක්ෂන්ට සිටිති.

සුලක්ෂන් රඟපෑමට, කතිකත්වයට මෙන්ම ගීත ගායනයටද විශ්ෂ දක්ෂතා පෙන්වීය.  2015 පැවැති චිත්‍රපට තරගයකින් ඔහු දක්ෂතම විකට නළුවාට හිමි සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනා ගත් අතර 2015 යාපනය චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑවේ ද සුලක්ෂන්ය. ‘සුලක්ෂන්‘ යන නම කියූ සැනින් ප්‍රදේශවාසීහු ඔහු ගැන දනිති. ඔහු යාපනයේ ප්‍රසිද්ධ වීදි නාට්‍යකරුවෙකි.

Nilukshan-and-Kajanමීට මාස කිහිපයකට පෙර සුලක්ෂන්ට ආවා යැයි කියාගත් පිරිසක් පහර දි ඇති අතර ඔහු ඒ ගැන පොලිසියට පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ල ගැන පොලිස් විමර්ශනයක් සිදු වී නැතැයි යන තොරතුරක් මේ වන විට මානව හිමිකම් කොමිසමට ලැබී තිබේ.  

පිටු පසින් වෙඩි තැබුවා නම් පිටුපස සිටි කජන්ට වෙඩි නොවැදී යතුරු පැදිය පදවාගෙන ගිය සුලක්ෂන්ට වෙඩි වැදුනේ කෙසේද? සුලක්ෂන්ගේ සිරුරට වෙඩි කිහිපයක් වැදුණේ කෙසේද? හෙල්මට්වලට හානියක් නොවී පිටුපස ගිය කජන්ගේ හිසට බරපතල හානි වූයේ කෙසේද? අහසට වෙඩි තැබුවා නම් ඒවා සුලක්ෂන්ගේ සිරුරට වැදුණේ කෙසේද ආදී සැකකටයුතු කාරණා රැසක් ඔස්සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ රහස් පොලිසිය   විමර්ශන පවත්වයි.

006-sulakshan



අදහස් (0)

එදා පස්යාලේ : අද යාපනයේ

සරත් Thursday, 03 November 2016 11:38 AM

බුදු බණ බොරැ වෙනනේ නෑ (ම)

:       0       0

ජනහිත Thursday, 03 November 2016 06:06 AM

පොලිසියේ ඉන්නෙත් සාමාන්‍ය මිනිහෙක් බව ඔය කාකි ඇඳුම ඇඳගත්තම අමතක වෙනවා. මේ වගේ දේවල් අද ලෝකයේ බොහෝ රටවල සිදුවීම ඉතාමත්ම කණගාටුදායකයි. (නි)

:       0       0

දුමින්ද Thursday, 03 November 2016 06:26 AM

නීතිය නවන පොලිස් රාජ්‍යක ගමන

:       0       0

රූපවතී Thursday, 03 November 2016 10:16 AM

අනේ පව් දෙවියනේ! අසරණ අහිංසක වටිනා තරුණ දරුවෙක්. මෙවන් අපරාධය කළවුන්ට මරණ දඩුවම සමඟින් මිනීමරුවාගේ සියලුම දේපල වත්කම් ඒ මියගියවුන්ට හිමිකර දියයුතුයි. ඔබට නිවන් සුව ලැබේවා!!! නැවත මේ යමපල්ලන් අතරේ ඔබ නොඉපදේවා! නිවනෙම සැතපේවා!!!! (නි)

:       0       0

පවන් Thursday, 03 November 2016 07:25 AM

මේ අකල්හි සමුගන්නේ ජාතියේ අනාගතයයි. කඳුලට වේදනාවට ජාති කුල ගොත් නැත. සියලු තරුණයන්ට ඇත්තේ පොදු ප්‍රශ්නයි. ඒ දැවෙන ප්‍රශ්න විසඳුමට අපි එක් විය යුත්තේ ජාතිභේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් හැටියටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 981 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2013 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1056 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 350 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1574 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1106 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site