IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


එදා බියගම දියුණු කළා වගේ අද රටම දියුණු කරනවා

(අංජුල මහික වීරරත්න)

බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපයේ මුළු රටම ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමා දේශපාලන ජීවිතය ඇරැඹීමට  බියගම ආසනයට එන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා බියගම ආයෝජන කලාපය පිහිටුවීම ඇතුළු එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි කලකදී විශාල දියුණුවක් ලැබූ බව කීය.

ඒ අයුරින් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහල නංවා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  සපුගස්කන්ද  අබේසේකරාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සපුගස්කන්ද අබේසේකරාරාමාධිපති  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ  අනුශාසනා පරිදි සපුගස්කන්ද අබේසේකරාරාමය, සාංචි චේතියගිරි  විහාරයන්හි නියෝජ්‍ය විහාරාධිපති බානගල විමලතිස්ස හිමිගේ මෙහෙයවීමෙන් මෙම ආගමික වැඩසටහන සංවිධාන කර තිබිණි . එදා බියගම දියුණු කළා වගේ අද රටම දියුණු කරනවා

 

 

 

 



අදහස් (11)

එදා බියගම දියුණු කළා වගේ අද රටම දියුණු කරනවා

sachith Friday, 26 January 2024 08:38 AM

අනේ ඔවු, 77 චන්දෙන් පස්සෙ චන්දෙ ඉල්ලුවෙම නෑනෙ, ගෙදරට වෙලානෙ හිටියෙ. දැන් ඉතින් ඇවිත් කොරන්න,

:       13       21

Perera Friday, 26 January 2024 09:27 AM

ඔව් ඉතින් බටලන්දත් තිබුනෙ බොහොම දියුණුවට බියගම පැත්තෙ නෙ.

:       17       21

බියගම වැසියෙක් Friday, 26 January 2024 10:16 AM

මන් මේ බැලුවා අදත් උදෙන්ම කව්රුහරි ප්‍රභූවරයෙක් අපව දාලා යන්න ගිහිල්ලාද කියලා. දුක වාවගන්න බැරුවයි, ඉන්නේ තාමත්...!!!

:       0       21

Nimal Friday, 26 January 2024 10:48 AM

එදා බියගම දියුණු කළේ ගෝනවල සුනිල් එක්ක එකතු වෙලා... 1981 යාපනය දියුණු කළේ ගාමිණී සහ සිරිල් එක්ක එකතු වෙලා. නායකයාගේ උපදෙස් මත...

:       4       16

කමල් Friday, 26 January 2024 11:26 AM

මේ නොදරුවට කවුරුහරි කියලා දෙනවාද අද වෙනවිට බියගම තත්වය... වෙළඳ කලාපේ හුඟක් ආයතන කරගන්න බැරුව වහලා යනවා... එක්කෝ වරින්වර වැඩ. දැන් ඒ පැත්තේ මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ, වක්‍ර රැකියා බොහෝමයක් නැතිවෙලා. අඩුම ගණනේ වෙළෙඳ කලාපෙට එන ප්‍රධාන පාර ආණ්ඩුවෙන් හරියට හදලා නැහැ පහුගිය අවුරුදු දෙකකින්.

:       2       17

සුජීව Friday, 26 January 2024 11:30 AM

මීට කලින් පාසලක උත්සවයකදීත් කියලා තිබුණා මේ කතාව. මේ ජනපති තවම ජීවත් වෙන්නේ මීට වසර පහළොවකට කලින් තොරතුරු එක්කද? අද බියගම පැත්තේ මිනිස්සුන්ගේ ගෙවල් බෝඩින් වේලෙනවා. කුලියට දෙන්න බැරුව, කඩ කල අය වේලෙනවා, ලයිට් බිල් වැඩිකරලා යටිතල පහසුකම් නැතිව කම්හල් වැහිලා, සේවකයෝ නැහැ... තියෙන කම්හල් ටිකත් අමාරුවෙන් ඇදගෙන යන්නේ...!

:       2       15

Rata Perata Friday, 26 January 2024 12:52 PM

ඔන්න ආයෙත් සීයා කතන්දර කියන්න පටන් අරගෙන... මෙන්න මේ මනුස්සයාට කියන්න ඔක්කොටෝම ඉස්සරවෙලා ඡන්දෙකින් පත්වෙලා එන්න කියලා..

:       2       7

Kazi Shajahan Friday, 26 January 2024 02:20 PM

බියගම දියුණු කළේ ගෝනවල සුනිල් එක්කනේ... සුනිල් සමාදාන විනිසුරුවරයෙක් කළානේ...!

:       3       7

Hafeel Friday, 26 January 2024 02:26 PM

ඔයා බියගම ආයෝජන කලාපය ඉදිකළත්, අද රට බංකලොත් වෙලා නේ. කලින් අපේ සහෝදර ප්‍රේක්ශකයක් කිව්වා වගේ ගෝනවල සුනිල් අයත් වෙන්නේත් බියගමට...!

:       3       7

සල්ලි Friday, 26 January 2024 04:03 PM

මොකක්ද බන් බියගම දියුණු වෙලා තියෙන්නේ ? නාගරීකරණය වෙලා විතරයි . ඕක දියුණුව ද?

:       3       6

Bamunuarachchi Saturday, 27 January 2024 10:37 PM

ඔහේට ගෝනවල කල්‍යාණ මිතුරා නැතුව ඕක කරන්න පුලුවන්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 640 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 834 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1924 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1053 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2623 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site