IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


එදාට වඩා අද ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයට තැනක් තියෙනවා

2016-08-10-ent-39චැනල් C රූපවාහිනි නාළිකාවේ නිවේදිකාවක ලෙස කටයුතු කරන නිලු තනාෂා වර්තමානයේ සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනියකි. දැනට වෙළෙඳ දැන්වීම් බොහෝ ප්‍රමාණයක දකින්නට ලැබෙන නිලූ පිළිබඳව රසික ඔබ දන්නා දේ අල්පයි. මේ නිසාම මෙවර 'සාරවිට' තරු කතාබහ තුළින් ඇයට ඉඩක් වෙන් කරන්න අපි සුදානම් වුණෙමු.

 

2016-08-10-ent-44නිරූපිකාවක් විදිහට වැඩ කරන්න අරගෙන දැන් කොපමණ කල්ද?

අවුරුදු 3ක් විතර වෙනවා. 2014 අවුරුද්දෙ තමයි මම නිරූපිකාවක් විදිහට මේ ක්ෂේත්‍රයට ආවේ. හැබැයි ඊට කලින් මම රොසෑන් ඩයස් මහත්මියගේ 'මොඩ්ලින්' ඇකඩමියට සම්බන්ධ වෙලා ඒ පිළිබඳව හැදෑරීම් කළා. ඊට පස්සෙ තමයි නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ.

 

ඇයි නිලු නිරූපිකාවක් වෙන්න ආස කළේ?

මම මේ ක්ෂේත්‍රයට ගොඩක් ආසයි. ඒ වගේම මට නිරූපිකාවක් වෙන්න ලොකු උනන්දුවක් තිබුණා. ඊට අමතරව මම කලාවටත් ගොඩක් ආදරය කරන කෙනෙක්. මට හැකියාවකුත් තිබුණා. ඉතින් ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නත් එක්ක තමයි මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. දෙවියන් වහන්සේ මට හොඳ රූපයක් දීලා තියෙනවා. ඉතින් මම ආස කළ වගේම මන් අද නිරූපිකාවක් විදිහට වැඩ කරනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

 

වෙළෙඳ දැන්වීම්වලත් නිලු ඉන්නවා නේද?

ඔව්, දැනට මම බොහෝ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක මම රඟපාලා තියෙනවා. ඒ අතරින් 'ඩයලොග්', 'ග්ලුකොලින්', 'හැටන් නැෂනල් බැංකුව' ගොඩක් ජනප්‍රිය වුණ වෙළෙඳ දැන්වීම්. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටත් මම දායක වෙලා ඉන්නවා. දැනට චැනල් සී නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් මම කටයුතු කරනවා.

 

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තම කිව්වොත් ලංකාව කියන්නෙ තවමත් දියුණු වෙමින් පවතින රටක්. ඉස්සර නම් 'ෆැෂන්' කියන දේට ලංකාවේ තැනක් තිබුණේ නැහැ. නමුත්, අද ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. දක්ෂ නිරූපිකාවක්, හොඳ විලාසිතා නිර්මාණකරුවන් වගේම කලාවට ගොඩක් ආදරය කරන පිරිස් බිහි වෙලා තියෙනවා. ඒ ගැන හිතුවොත් අද ලංකාවේ තියෙන නිරූපණ ක්ෂේත්‍රය ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්.

 

නිරූපිකාවක් හා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට අද ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

නිරූපිකාවක් විදිහටත්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් අද මම මේ ක්ෂේත්‍ර තුළ වැඩ කරනවා. මම හැමදාම උත්සාහ කරන්නේ මට පැවරෙන වැඩේදී මගේ උපරිමය යොදන්න. මම හිතනවා ඒ හරහා මට හොඳ නමක් මේ ක්ෂේත්‍රවලදී ලබාගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ ක්ෂේත්‍රවල මම ඉක්මන් ගමනක් අපේක්ෂා කරන්නේ නැහැ. හෙමින් හෙමින් මම මගේ ගමන යන්න තමයි මම සැලසුම් කරලා තියෙන්නේ.

 

උදව් කළ අය?

මගේ පවුලේ අයගෙන් මට කියලා නිම කරන්න බැරිතරම් සහයෝගයක් ලැබෙනවා. මාව නිරූපණ විදිහට මාව හැඩගස්සලා ගත්ත රොසෑන් ඩයස් මහත්මිය මට ගොඩක් උදව් කළා. ඇය තමයි මගේ නිරූපණ ගුරුවරිය. එතුමියගේ මඟපෙන්වීම නිසා මට මේ ක්ෂේත්‍රය තුළදී නමක් හදාගන්න ලොකු පිටුවහලක් වුණා. චමු ශ්‍රී අයියාවත් මම මේ වෙලාවේදී මතක් කරන්න ඕනා. ඊට අමතර නිරූපණ ක්ෂේත්‍රයේ මගේ යාළුවෝ හැම දෙනාවත් වචනයකින් හරි උදව් කළ නම් කියූ නොකියූ සියලු දෙනාවත් මේ වෙලාවේදී මම මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර

2016-08-10-ent-42 2016-08-10-ent-41 2016-08-10-ent-40 2016-08-10-ent-38 2016-08-10-ent-37



අදහස් (0)

එදාට වඩා අද ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයට තැනක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 269 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 414 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 308 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1181 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1076 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 5669 4

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39177 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site