(කේ.ආර්.රාජමන්ත්රී)
කොරොනා වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දෙන ප්‍රතිශක්ති එන්නත් ලබා නෙගන්නා පිරිස්වලට ඉදිරියේදි ඌව පළාතේ රාජ්‍ය ආයතනවලට හෝ මුස්ලිම් පල්ලිවට ඇතුලූ විමට අවසර නොදෙන බව ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසාමිල් මහතා පසයි.
ඒ මහතා එම අදහස් පළ කළේ වැලිමඩ ප්‍රාදේශිය සභාව වැලිමඩ නගරයේ ඉදිකළ පදික වෙළඳකුටි 61 විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජනහමුවේදිය.
ලෝකය පුරා පැතිරි ඇති කොරොනා වසංගතයෙන් අපේ රටේ ජනතාව බේරා ගැනිමට ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලූ රජය සෞඛ්‍ය අංශ හා ත්රීවිධ හමුදාව විශාල වෙසෙක් දරණවා.
මෙම පැතිරිම වලකා ගන්න රජය රුපියල් කෝටි ගනන් මුදල් වැයකරමින් එන්නත් ගෙනවිත් තිබෙනවා.
නමුත් ඇතැම් දෙනා මෙම එන්නත් ලබා නොගන්නා බවට දැනගන්න තිබෙනවා’ මෙයින් මුස්ලිම් මගේ සහෝදරයන්ද අකමැත්ත ප්‍රකාශ කරණවා. අපිට කිසිවකුටත් බලහත්කාරයෙන් එන්නත් විදින්න ඕනෑකමක් නෑ. මම මොණරාගල හා වැල්ලවාය මුස්ලිම් සහෝදරයන් හමුවි කොරොනා ප්‍රතිශක්ති එන්නත ලබා ගැනිම පිළිබදව කරුණු පැහැදිලි කළා.
ලංකාවේ ඉන්න හැදෙනාම රජයෙන් ලබාදෙන මෙම එන්නත විඳගත යුතුමයි. එසේ එනනත විඳ නොගන්න ඌවේ ජනතාව පිළිබදව අපිට හැමෝගේම යහපත ගැන සිතලා තීරණයක් ගන්න වෙනවා.
ඌව පළාතේ අමාත්‍යාංශ ප්‍රාදේශිය ලේකම් කාර්ය්යාල හා ප්‍රාදේශිය සභාවලින් සේවා ලබා ගන්න එන ජනතාව හා මුස්ලිම් පල්ලිකරා එන පිරිස් කොරොනා ප්‍රතිශක්ති එන්නත් ලබාගෙන සිටිම අනිවාර්ය්ය වෙනවා. ප්‍රතිශක්ති එන්නත් සිදුකිරිමෙන් පසු නිකුත් කරණ සටහන රැගෙන නොපැමිණෙන අය අදාල ආයතනවලට ඇතුලූ නොකර ගැනිමට ඉදිරියේදි සැලසුම් සැකසිමට පියවර ගන්නා බව ඌව ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසාමිල් මහතා වැඩිදුරටත් පැවසිය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එන්නත් කාඩ් එක නැත්නම් ඌවේ කාර්යාල රැසක දොර වැසේ
කිරි පුතා Friday, 06 August 2021 05:28 PM
මම ඉන්නේ පිටරටක. එන්නත් අරන් නැත්නම් මෙහෙ කිසිම තැනකට ඇතුල් වෙන්න බෑ...
ගමරාළ Saturday, 07 August 2021 07:22 AM
කෝ මේ සිසිර ඇමති උන්නැහේට තේරෙන්නෙ නැද්ද මෙරට සිටින ඉතාම දක්ෂ පාරම්පරික වයිද්යවරුන් මේ රෝගයට බෙහෙත් කරගෙන ඇති නමුත් සුද්දන්ගෙ නීති හා පණත් නිසා දේශීය දෙය වැලලී යනවා මේ තීරණය දේශීය වෙදකමට මරුපහරක් කියන්න පුලුවන්
Sri Lanka Saturday, 07 August 2021 08:20 PM
මොකක්ද එහෙ නීතිය..? මිනිස්සුන්ට බලෙන් බෙහෙත් විදින්න එපා. අසනීපයට බෙහෙත් දෙන්න.
de silva Monday, 09 August 2021 10:33 AM
මෙවැනි නීති පනවන්න ඉස්සරවෙලා ජනතාවට එන්නත් කරගන්න පහසුකම් සියල්ල සපයා දිය යුතුය .අද එන්නත්කරණය සඳහා සිටින පෝලිම් දිහා බැලුවහම පෙනෙනවා ජනතාව එන්නත්කරණයට නොපැකිලව ඉදිරිපත් වන බව .මෙතන ෆේල් වෙලා තිබෙන්නේ කලට වෙලාවට එන්නත් ටික ගෙන්වා ගන්න බැරි වුන ඔබත් ඇතුළු පාලකයින් මිසක් ජනතාව නොවේ .