පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා අද (18) පත්කරනු ලැබීය.
පත්වීම් ලිපිය පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් මින් ස්වල්ප මොහොතකට පෙර ලතීෆ් මහතා වෙත බාර දුන්නේය.
ලතීෆ් මහතා සිකුරාදා (19) වැඩ බාර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා අගෙයි. සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
නැගෙනහිර පන්සල් වලට අරියාදු වැඩියිලුනේ. නැගෙනහිර ආරක්ෂාව භාරව ඉන්නේ එස්ටීඑෆ් නේද. දැන් ඉතින් ඉතිරි වැඩ ටික අපි බලාහිඳිමු (නි)
ඉතා හොඳ පත්වීමක් (නි)
පොලිසිය තුළ කොන්ද කෙළින් තියාගෙන ඉතා නිර්භිතව අවංකව රාජකාරිය කරපු උසස් ගණයේ නිලධාරියෙක්. අපේ ප්‍රණාමය! (හේ)
සුදුස්සාට සුදුසු තැන.(හේ)
නියමයි, එක ගලෙන් කුරුල්ලන් දෙන්නයි. (ර)
හොරුන්ට අපරාධ කාරයින්ට නරක කාලයක්. මෙය ඉතා නිර්බීත අවංක නිලධාරියෙක්. (ර)
ඔබට අපගේ සුබ පැතුම්! නීතිය හරි හැටියට ක්‍රියාත්මක කිරීමට සහ සාමය රැක ගැනීමට පසුබටවන්න එපා. (නි)
සුබ පැතුම් මහත්මයාණෙනි! (නි)
සුදුසුම පුද්ගලයාට මෙම තනතුර ලැබී ඇත (නි)
මා කුඩා කල සිට දන්නා ලතීෆ් මහතාට ජයවේවා! (නි)
උණුසුම් සුබ පැතුම් මහතාණෙනි! විශේෂ කාර්ය බලකායේ 1983 දී අාරම්භක නිලධාරියෙක් හැටියට කළ සේවය ඇති විශාලයි. මඩකලපුව අවට කඳවුරු ගණනාවක් ඇතිකිරීමට දායක වූ දැනුම් සම්බාරයක් ඇති ඉතාමත් විශිෂ්ට ගනයේ නිලධාරියෙක්. (නි)
ප්‍රථමයෙන් සුදුස්සාට සුදුසු තැන ලැබී ඇති මොහොතක ඔබට සුබපතමි. අප ඔබෙන් බලපොරොත්තු වෙන්නේ දුප්පතාට තිබෙන නීතියම ඇති හැකි අයට, දේශපාලකයන්ට සහ ඔවුන්ගේ හෙන්චයියන්ටත් ක්‍රියාත්මක කරන්න ඔය තනතුර පාවිච්චි කරයි කියලයි. (නි)
පොලිසිය තුළ අපි දැකපු කොන්ද කෙළින් තියාගෙන අවංක රාජකාරිය කරපු නිලධාරියෙක් මෙතුමා. අපේ ප්‍රණාමය! (නි)
හොද තීරණයක් සහජීවනය පෙන්නන මෙවැනි පත්වීම් කිරීම අගය කරන්න ඕනේ (ම)