
(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් 10ක් මිලදී ගැනීමේ දී අමෙරිකානු ඩොලර් ලක්ෂ 20ක් පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කළැයි අධිකරණයට ප්‍රධාන සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
එයාර් බස් ගනු දෙනුවේ දී රුපියල් කෝටි 10ක අල්ලසක් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධනේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 18 වැනි දා තෙක් රිමන්ඩ් ගත කරනු ලැබ සිටින අතර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මෙම නඩු කටයුත්ත සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාන නිලධාරීහු කටයුතු කළහ.
සැකකරු ලබාදීම සම්බන්ධ නියෝගය 23 වැනි දාට සලකා බලන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
ඡායා ජයමාල් චන්ද්‍රසිරි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරුවන්ට "මහතා " කියා ආමන්ත්‍රණය කරන ලොව තිබෙන එකම රට සකල සිරින් පිරි සිරි ලංකාව පමණක් කියා මගේ ආච්චි හිතන්නේ ... කොහොම උනත්, මේ මැදමූලන චෞර පරම්පරාවේ මංඤං හැතිකරය ඇරලා තියෙන්නේ උඩින් යන ඒවාට පමණක්ද ? No-mole, AIR BUS, SRILANKAN Airlines, මුගේ ගොබ්බ ගොට්ඨා MIG යානා වලින්, මුගේ අතිජාත, පජාත මලයා ලොකෙ වටෙ රොකට්ටුවක් යවනවා කියලා මගේ රටේ ධනය පොම්ප කිරීම මුන්ගේ පරම්පරාවේ උපන් පුරුද්දක්ද කියා මගේ සීයා අහනවා !!!!