
(සඳලි සත්සරණි)
වියළි කාලගුණික තත්වයක් පැවතියද ජල විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය තරම් ජල ධාරිතාවක් ජලාශවල පවතින බැවින් විදුලි උත්පාදනයට කිසිදු බාධාවක් නැතැයි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ නිලන්ත ධනපාල මහතා පවසයි
පැසිෆික් සාගරයේ එල්නිනෝ කාලගුණික තත්ත්වය තවමත් ශ්‍රී ලංකාවට ඍජුව බලපා නොමැති අතර, සාමාන්‍යයෙන් එහි බලපෑම මෙරටට එල්ල වන්නේ ලබන වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාසවලදී බවද ඔහු කීය
යල කන්නයේදී, වියළි කලාපයට වැසි නොලැබුණද, තෙත් කලාපයේ ජලාශවල යහපත් ජල ධාරිතාවක් පවතින බව හෙතෙම පෙන්වා දෙයි.
ඒ අනුව කාසල්ර්රි ජලාශයේ සියයට 92 ක පමණ ජල ප්‍රමාණයක්ද, කොත්මලේ ජලාශයේ සියයට 90 ක පමණ ජල ප්‍රමාණයක්ද පවතින බව හෙතෙම පැවැසීය .
විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින ජල ප්‍රමාණය කිසිදු අඩුවකින් තොරව ලබා දීමට ජල කළමනාකරණ අංශ කටයුතු කර ඇති අතර, පවතින තත්ත්වය හමුවේ ඉදිරියටත් ජල විදුලි උත්පාදනය සදහා ජලය සපයා ගැනීමේ කිසිදු ගැටලුවක් පැනනැගී නොමැති බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්. නිනෝ තත්ත්වය ලංකාවට බලපාවි කියන ලබන වසරේ මුලදී එතකොට ජල විදුලි නිෂ්පාදනය ගැන පුරෝකථනය මොකක්ද. දැන් ගැන ( short term) විතරක් මදි. රජයේ මධ්‍යම කාලීන (medium term) උපාය මාර්ගයක් තියනවාද ලබන වසරේ මුල ජල විදුලි සැපයුම අඩු වුනාම 2026 සහ ඊට කලින් කාලවල අපේ රටේ වුනා වගේ තාප විදුලියෙන් ආවරණය කරන මිල අධික ක්‍රමයට යන්න. එහෙම නැත්නම් මේ වෙනකොට දීර්ඝ කාලීන (long term) syrategy එකක් ගැන සැලසුම් තියනවාද. පලන්ගැටියන් වගේ අද ගැන විතරක් හිතන එක මදි.