ලබන 21 වැනිදා පළාත් සභා ඡන්දයේ ප්‍රචාරක කටයුතු අවසන් වී ඇතත් තරගයට ඉදිරිපත්වී සිටින ඇතැම් අපේක්ෂකයෝ ද, ඔවුන්ගේ ආධාරකරුවෝ ද එස්.එම්.එස් කෙටි පණිවුඩ මාර්ගයෙන් මනාප පොරයට බැස සිටිති.
පක්ෂයේ නම සහ අපේක්ෂකයාගේ අංකය සහ නමද එස්.එම්.එස්. පණිවිඩ මගින් දැනුම් දෙමින් මනාප ඉල්ලීම 19 වැනිදා පෙරවරුවේද සිදු විය.
මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරණ ආකාරයට මෙවර මැතිවරණයේ ප්‍රචාරක කටයුතු 18 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බදු මුදල් වලින් නඩත්තු කරන්න, අපිම පත්කරගන්න පිරිසක් නේද මේ පුටුවලට තරගවදින්නේ. මේ පළාත් සභා ක්‍රමයයි මනාප ක්‍රමයයි වරින්වර ඡන්ද තැබීම් මහ ජනතාවට කරන ලොකු හිරිහැරයක්. (නදී)
අපේ ලයිට් බිල අඩු කළොත් විතරයි ඡන්දෙ දෙන්නේ. (නි)
මම නම් කියන්නේ අපි එක වතාවක්වත් ජනතා විමුක්ති පෙරමුණට ජයග්‍රහණය ලබාදෙන්න ඕනෑ. මේ වගේ ඡන්දයකදී එසේ කිරීමෙන් ඔවුන්ගේ පාලන හැකියාව , දක්ෂතාවය උරගා බලන්න පුළුවන්. (නි)
කොහොමත් ඔය පක්ෂ මාරු කරන අයට නම් හොඳ දඬුවමක් දෙන්න ජනතාව සිතාගත යුතුයි. ඒ වගේම ආධුනිකයන්ට මේ රට පිස්සන් කොටුවක් කරන්න දෙන්නත් හොඳ නැහැ. ඡන්දෙදි ජනතාවට අල්ලස් දෙනවා කියන්නේ ඡන්දෙන් පස්සේ තමන්ගේ වැඩේ කරගන්න මේ වගේ අයට කොහොම අල්ලස් දෙන්න වෙයිද කියලා ජනතාව හිතාගන්න ඕනෑ. (නි)
අනේ දෙවියනේ, ලැජ්ජයි කියන්න. රටකට ගිය කලක්! (නි)
කොට ගමු මැතිදු අද තනියම (අ)
ප්‍රේමකීර්ති ද අල්විස්, විජය කුමාරතුංග මරණ, රෑට දොර යටින් ආපු තුන්ඩු, බස් රියදුරන්ව බසය තුල මරපු හැටි අමතකද? (අ)
සුපර්ස්ටාර්ලා තෝරනවා වගේ ඡන්දෙත් එස්.එම්.එස් වලින්ම තේරුවා නම් ඉතින් හොදයි.(නදී)
බොරු කාරයන් අදුනා ගන්න පුලුවන්. වැඩියෙන්ම බොරු කියන්නේ දේශපාලකයින් කියලා සමික්ෂනයකින් හෙළිවී ඇත.(නදී)
කුමාරි හරි. මගේ ඡන්දේ දිනන්නේ නැති අයට දෙනවා (නි)
ප්‍රේමකීර්ති මැරුවේ ජේ.වී.පී. එකෙන් නෙවෙයි. අද හුලන් විදුලියෙන් රටටම උඩුබුරන ගඳ ගහන කෙනෙක්ගේ කොන්ත්‍රාත් එකකට එහෙම හුඟක් මැරුවා ජේ.වී.පී. ගිණුමට දාලා.(නදී)
කුමාර,ඔයා නේද අර ඕස්ට්‍රේලියාවේ ඉන්නවා කිව්වේ.මම දන්නේ නැහැනේ මෙහෙ කුඹුරු තියෙනවා කියලා ඔයාට කොටන්න. (නි)
ජන්දය දැමීම මනාපය සලකුණු කිරීම එස් එම් එස් ක්‍රමයට තියනවා නම්,අරක්කු වීදුරුවට කෑම පැකට් එකට මේ විදියට ගැටුම් ඇතිකරගන්න එකක් නැහැ (නි)
එස් එම එස් වලින් දැනුවත් වෙලාම පත්කරගන්න වටිනා පිරිසක්. ජනතාව දැනුවත් විය යුත්තේ ප්‍රාදේශීය මට්ටමේ ඉදලා පැනවෙන බදු ගැනයි. නුදුරේදී කොළඹ යන්නත් බදු ගෙවන්න ඕනෑලු නේද? (නි)
පළාත් සභා 6ක් නඩත්තු කරනවා මදිවට මින් පස්සේ 9ක් නඩත්තු කරන්න එපැයි. ඒ මදිවට ප්‍රාදේශීය සභා, නගර සභාත් බලාගන්න එපැයි. ඒ විතරක්ද? පාර්ලිමේන්තුවේ 225 දෙනා ගැනත් බලන්න එපැයි. මේවා කළ හැක්කේ ආසියාවේ ආශ්චර්යයේ හැර වෙන කොහෙද? (නි)
බොහෝ චන්ද දායකයින් තීරණ ගන්නේ මොලෙන් හිතල නෙවෙයි හදවතින් හිතල. මොලෙන් ගන්න තීරණ දිගුකලීනයි සහ හදවතින් ගන්න තීරණ කෙටිකලීනයි.එක වෙබ් එකක පාටකයෙක් ප්‍රතිචාරයක් දල තිබුණා මේ වගේ මිනිස්සු 50ක් ඌරෝ 50ක් හරක් 50ක් එළුවෝ 50ක් ඉන්න ප්‍රදේශයක මිනිසෙක් සහ ඌරෙක් ඡන්දෙ ඉල්ලුවොත් දිනන්නේ කවුද කියල.
මෙයාලට නම් පිස්සු. මම ගාල්ලේ, මටත් එස් එම් එස් එවලා ... (ස)
දයාසිරි මැතිතුමා, අංක 30,අපේ සුබ පැතුම්!(නදී)
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට වයඹ ජනයාට ලැබේවා! (නි)
අර කැලණියේ චන්ඩියා තව පක්ෂෙක මීටිමක්ට පැනල ගුටි නොකා බේරුනේ 99න් කියන්නේ ඇත්තද. ඉතින් මේ අයටනේ අපි ගිහින් ඡන්දේ දෙන්නේ.(නදී)
අනේ කමල්, මට ඔය විකාර තේරෙන්නේ නැහැ.අපි ඉතින් කුඹුරක් කොටගෙන එදා වේල කාලා සතුටින් ඉන්න අය,අපිට ඔය කව්රු දිනුවත් මේ වෙනකම් වැඩක් වෙලා නැහැ.අපේ ඡන්දෙ වෙන අය පාවිච්චි කරන නිසා තමයි මම ඡන්දෙ දුන්නේ දිනන්නේ නැති පිලකට,මෙවරත් එසේම තමයි කමල් මහත්තයෝ (නි)
තුඩැල්ල පැත්තෙත් මැතිවරණ අපේක්ෂකයෙකුගේ ලොකු බැනර් එකක් තියෙනවා (නි)
අපිට නම් මේ අයගෙන් වැඩක් නැහැ.ඡන්දය දීමෙන් වළකිමු. (නි)
ඡන්දය නැති පැති වල අයටත් යවලා ඇති (නි)
මොනවා කළත් අපේ අයියලා 21 වෙනිදට උදෙන්ම දත් මදින්නේත් නැතුව ගිහින් ඡන්දෙ දීලා වරද්දා ගන්නවා (නි)
කුමාරි, මෙදා පාරත් ඔයා පොඩි පක්ෂයකට කතිරය ගහන්න (නි)
කුමාරි බබා වගේ ඉදලා ඉස්සර ඉදන්ම කියල තියෙන්නේ බොරුමනේ. මම හොද වෙලාවට කුමාරිගෙන් අහන්න ගියේ නැත්තේ. අනේ පව් ඉතින් කුමාරිගේ මහත්තයට. අපි ඔය පළාත් සභා නතර කරලා, දිසා ලේකම්, ප්‍රාදේශීය ලේකම් හරහා පළාත් සේවය කරන ක්‍රමේකට ගියොත් හොදයි නේද? නිකරුනේ සල්ලි නාස්ති නොකර?(නදී)
ඉස්සර මට මතකයි විවිධ පක්ෂ වවල අය දුටු දුටු තැන අහනවා කාටද ඔයා ඡන්දෙ දෙන්නේ කියලා, අහන හැමෝටම කියනවා ඔයාට නැතුව වෙන කාටද කියලා.අන්තිමට මම ඡන්දෙ දීලා එනවා කිසිම දෙයක් මගෙන් අහපු නැති පක්ෂයකට (නි)
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.(නදී)
කෝටි ගානක් වියදම් කරමින් සියලුම අපේක්ෂකයන් මහා ඇමති වෙන්නට දඟලනවා. ඇත්තටම මේ ජනතාවට සේවය කරන්නද ?(නදී)
දුරකථන සමාගම් වලට අදායම හොද ඇති.(නදී)
ඡන්දේ ඉවර වෙනකම් වගේම ප්‍රථිපල කියලා ඉවර වෙනකනුත් පාරේ බැහැලා යන්න බැහැ.(නදී)
මේ විහිලු සහගත, ම්ලේච්ඡත්වයෙන් යුත් ඡන්ද ක්‍රමය වෙනස් කරන තුරු ඡන්දය දීමට යාමෙන් වැළකී සිටින්න. එවිට අපිට පුළුවන් ලොවට පෙන්වන්න අපේ විරෝධය.(නදී)