IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


එස්. එල්. පී. එල් අවලංගු වෙයි ?

කණ්ඩායම හිමිකරුවන් විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවිය යුතු වගකීමේ මුදල් නියමිත දිනයට නොගෙවීමත් කී‍්‍රඩකයන්ගේ ගෙවීම් පිළිබඳ බැංකු වගකීම් සහතික ඉදිරිපත් නොකිරීමත් නිසා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් දෙවැනි වරට පැවැත්වීමට සූදානමින් සිටි එස්. එල්. පී. එල්. තරගාවලිය අවලංගු වන තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ.

එස්. එල්. පී. එල් තරගාවලියේ අධ්‍යක්‍ෂක, අජිත් ජයසේකර මහතාගෙන් ඒ පිළිබඳව කළ විමසීමකදී ජයසේකර මහතා පවසා සිටියේ තරගාවලිය බොහෝ දුරට අවලංගු වීමට ඉඩ ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ඒ සම්බන්ධයෙන් අද (17 වැනිදා) දිනය තුළදී තීරණයක් ගැනීමට නියමිත බවත්ය.

”මෙම වගකීමේ මුදල් ගෙවීමට ඔවුන්ට දී තිබූ කාලය ඊයේ (16 වැනිදා) අවසන් වුණා. ඇරත් කී‍්‍රඩකයන්ගේ ගෙවීම් ස්ථිර කිරීම සම්බන්ධයෙන් ඔවුන් කිසිදු පියවරක් ගෙන නෑ”

”මේ තත්ත්වය යටතේ අපට තරගාවලිය තියන්න අපහසුයි. යම් විදිහකින් ඔවුන් මුදල් නොගෙවා සිටියොත් කී‍්‍රඩකයන්ගේ මුදල් ගෙවන්න වෙන්නේ අපටයි....ඒත් ඒක කරන්න බෑ” යයිද ජයසේකර මහතා එසැණට පැවසීය.
අයි. පී. එල්. තරගාවලියෙන් ඉවත් කරන ලද ඇතැම් කණ්ඩායම්ද තමන්ගේ කී‍්‍රඩකයන්ට මේ දක්වාත් මුදල් ගෙවා නැතැයි වාර්තා වේ.

මේ දිනවල ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින, ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම වන දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මුලින් සැලසුම් කළ තිබිණ. එහෙත් එම ටෙස්ට් තරගාවලිය අවලංගු කිරීමට සිදුවූයේ එස්. එල්. පී. එල්. තරගාවලියට කාලය වෙන්කර ගැනීම සඳහාය.

එස්. එල්. පී, එල්. තරගාවලිය නොපැවැත්වුවහොත් ශී‍්‍ර ලංකාවට තරගාවලි දෙකක්ම අහිමි වෙයි.



අදහස් (0)

එස්. එල්. පී. එල් අවලංගු වෙයි ?

සිල්වා Wednesday, 17 July 2013 07:27 PM

ලෝකෙටම ඉන්නේ සිංහලයන් එක ජාතියක් විතරයි. ඇයි අපි අලුත් දෙයක් කරන්නේ නැත්තේ? (නි)

:       0       0

අනුර Thursday, 18 July 2013 11:09 AM

මෙන්න අපේ ලංකාවේ ක්‍රිකට් වල අනාගතය (නි)

:       0       0

ගයාන් Wednesday, 17 July 2013 12:46 PM

දැන් හැමතැනම 20/20 තියෙනවා . අපිත් 20/20 නැතුව, එක කන්ඩායමකට ඕවර 10 ක් හිමිවෙන පරිදි 10/10 තරගාවලියක් පැවැත්වුනා නම් හරි. අලුත් දෙයක් නිසා ජනප්‍රිය වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

ජයලත් Thursday, 18 July 2013 01:14 AM

මොනවා උනත් ඔය තේරුමක් නැති සල්ලි විනාස වෙන ඒ මදිවට අන්තිමේ ලජ්ජවෙන්නත් සිද්දවෙන ඔය තරගය නවතින එක ගැන සතුටු වෙනවා.(නදී)

:       0       0

සිල්වා Wednesday, 17 July 2013 01:04 PM

මෙහෙම ගියොත් ලංකාවේ ක්‍රීඩාවලට බුදු සරණයි! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 17 July 2013 05:56 PM

ඒක හොදයි (නි)

:       0       0

වරුණ Wednesday, 17 July 2013 01:11 PM

ඇති යන්තන්. නැත්තන් විලි ලැජ්ජාවේ පන යනවා. ඒ වගේම කෝටි ගණක ලොස් එකකින් ලංකාවේ ක්‍රිකට් බේරෙන අතර සංවිධායකයන්ගේ සල්ලි පිල්ලි ගහන එකත් නවතිනවා (නි)

:       0       0

බන්දුල Thursday, 18 July 2013 11:59 AM

ඉන්දියාව කියන්නේ ක්‍රිකට් වෙනුවෙන් ජීවිතය වුනත් කැපකරන්න සුදානම් මිනිස්සු ඉන්න රටක්. ඒ නිසා එහෙ ඉන්න කෝටිපතියෝ අයි පි එල් වෙනුවෙන් වියදම් කරන මුදල් උපයාගන්න එක එයාලට ප්‍රශ්නයක් නෙමෙයි. පිටරට වල කරන දේවල් අනුකරණය කරන්න අපේ අය හරිම දක්ෂයි. නමුත් මේක අපේ රටට ගැලපෙන්නේ නැති බව දැන්වත් තේරුම් ගත යුතුයි. මේ වගේ දේවලින් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට හානියක් වෙන්න බැරි නැහැ. (නි)

:       0       0

අශාන් Thursday, 18 July 2013 07:41 AM

ඉන්දියාව අයි.පී.එල්. වලින් තමයි අළුත් ටීම් එකක් හැදුවේ. ඒවායින් තමයි මැච් වලදී කණ පැලෙන්න ගහන්නේ. එස්.එල්.පී.එල්. තරගාවලිය නැතිවීම ලංකාවේ ක්‍රිකට් වල අවසානය වෙන්නත් පුළුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 2 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 13 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 166 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 561 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2898 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1502 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site