ශ්රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 තරගාවලියේ (එස්.එල්.පී.එල්.) කොන්ත‍්‍රාත්තුව සම්බන්ධයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය. එස්.එල්.පී.එල්. තරගාවලිය නිල වශයෙන් ප‍්‍රචාරය කිරීම වෙනුවෙන් අද (16) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී මහේල එසේ පැවසීය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම අත්සන් කිරීම ප‍්‍රමාදවීම එස්.එල්.පී.එල්. තරගාවලියට බලපෑමක් ඇති වී තිබේදැයි මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයට මහේල මෙසේ පැවසීය. ‘‘ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම මේ දක්වා අත්සන් කර නෑ. ඒ පිළිබඳව සාකච් ඡාකරමින් සිටිනවා. එය අත්සන් කිරීමෙන් පසුවයි, මෙම තරගාවලියේ (එස්.එල්.පී.එල්.) කොන්ත‍්‍රාත්තුව පිළිබඳව කටයුතු කරන්නේ’’ මෙම මාධ්‍යහමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා මහතා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව සංචාරවලට සහභාගි වී සිටි නිසා ගිවිසුම් අත්සන් කිරීම ප‍්‍රමාද වූ බවයි.
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එස්.එල්.පී.එල්. කොන්ත‍්‍රාත්තුව ගැන බලන්නේ වාර්ෂික ගිවිසුම අත්සන් කළාට පසුවයි
sltk2004 Tuesday, 17 July 2012 02:02 PM
@සදරුවන්: නොදන්නා දේ ගැන කියන්න එපා. ක්‍රීඩකයින්ට මුදල් නොගෙවා සේවය ලබා ගැනීමට ද 'පරිපාලනය' කියන්නේ ? පැත්තක ඉන්න අර්ජුන මේවට පටලගන්න එපා. අර්ජුන ක්‍රිකට් පරිපාලනේ හිටිය කියල ක්‍රීඩකයින්ගේ ඕනේ එපා කම් ඉබේ ඉටුවෙනවා ද? අර්ජුන ක්‍රීඩකයෙක් වෙලා හිටියනම් අර්ජුන නොමිලේ සෙල්ලම් කරයි ද ?
අන්කල් Tuesday, 17 July 2012 09:02 AM
ඒ ගොල්ලෝ අකුරට වැඩ වගේ...
ප්‍රදීප් Tuesday, 17 July 2012 04:43 PM
එහෙම තමයි ඉන්න ඕන.. ඔහොම යං...
සිලෝන් චූලා Tuesday, 17 July 2012 09:24 AM
ඔබට මෙසේ ාත්ම ශක්තියක් තිබීම පිළිබද ඉතා සතුටුයි
රට වැසියෙක් Tuesday, 17 July 2012 09:44 AM
එහෙම තමයි ඉන්න ඕනේ..අදායමෙන් සියයට විසිපහක් කියන්නේ එතරම් මුදලක් නෙමේ.මේ ක්‍රීඩකයෝ නිසා තමයි අද ලංකාවේ ක්‍රිකට් දුවන්නේ. පාලකයන්ට පුලුවන්ද ඒ පුරප්පාඩුව පිරිමහන්න.
හොට් Tuesday, 17 July 2012 10:08 AM
මේ ඇත්තටම ක්‍රිකට් ඕනෙමද?
සදරුවන් Tuesday, 17 July 2012 11:24 AM
අර්ජුන ක්‍රිකට් පරිපාලනේ හිටිය නම් ක්‍රීඩකයන් මෙහෙම පරිපාලනේ නටවන්නේ නැහැ
ආර් ඒ ඩී ඒ Tuesday, 17 July 2012 10:59 AM
@ රට වැසියා, ඔබත් සමග මම එකගයි... මේ ක්‍රීඩකයෝ ගොඩක් කෑපකිරීම් කරනවා රට වෙනුවෙන්... රටේ කීර්තිය වෙනුවෙන්... ඒ අයට ලෑබෙන මුදල අපේ රටේ තත්වය අනුව වෑඩි උනත් අනික් රටවල් සහ ක්‍රීඩකයන් හා සාපේක්ශව අඩුයි... අමතක කරන්න එපා මේ ක්‍රීඩකයෝ මාස ගනනාවක් පඩි නෑතිව සෙල්ලම් කළා රට වෙනුවෙන්... වචනයක්වත් නොකියා, නොබෑන...! ඒ අයට නෝක්කාඩු කියන, ඔය කතා කරන මිනිස්සු එහෙම කරන්න ලෑස්තිද කියලා තම තමන්ගේ හදවතට තට්ටු කරලා අහලා බලන එක තමයි වටින්නේ... අමතක කරන්න එපා ක්‍රිකට් තමයි අපේ ලෝක මට්ටමට ගිය ක්‍රීඩාව..!
අජිත් විජේසිරි Tuesday, 17 July 2012 11:28 AM
ක්‍රීඩකයෝ එක පැත්තකට අදිනවා... ක‍්‍රිකට් ආයතනයේ බලධාරින් එකක් කියනකොට ක්‍රීඩා ඇමති තව එකක් කියනවා... අන්තිමට තරගයක ජය අපේක්ෂාවෙන් පිට්ටනියට ගොස් ක්‍රීඩකයන් දිරි ගන්වන ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු බිද වැටෙනවා... ක්‍රිකට් ක‍්‍රීඩාව දිනෙන් දින වල පල්ලට යනවා... වර්තමාන පාලකයන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ක්‍රිකට් විනාස කරලා වෙනින් ක‍්‍රීඩාවක් උස්සලා පෙන්වන්නද මන්දා...