එස්. එල්. පී. එල්. තරගාවලිය අවලංගු වන තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් ඒ වෙනුවට කලින් පැවැති අන්තර් පළාත් විස්සයි/20 තරගාවලිය පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වෙයි. මෙම අන්තර් පළාත් තරගාවලිය බොහෝ විට කණ්ඩායම් 5 කින් සමන්විත වනු ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
මේ වසරේ සැප්තැමබර් මාසයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ ලීග් (විස්සයි/20) කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරන කණ්ඩායම තෝරා ගැනීමට මෙම තරගාවලිය පැවැත්විය යුතුය.
අන්තර් පළාත් තරගාවලියට කණ්ඩායම් 5 ක් සහභාගි වන්නේ නම් එය තරග 13 ක තරගාවලියක් හෝ තරග 23 ක තරගාවලියක් වීමට ඉඩ තිබේ.
තරගාවලියට ඇතුළත් කරනු ලබන කණ්ඩායම් සංඛ්‍යාව පිළිබඳ අවසන් තීරණය අද පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටු රැස්වීමේදී ගැනීමට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන එක්දින සහ විස්සයි/20 තරගාවලියෙන් පසුව ජාතික කණ්ඩායමේ කී‍්‍රඩකයන්ට විවේක කාලයක් හිමිවන බැවින් එම කී‍්‍රඩකයන් මෙම අන්තර් පළාත් තරගාවලියට අනිවාර්යයෙන්ම කී‍්‍රඩා කළ යුතු බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි හරියට කරනවා නම්...(නි)
ඉන්දියාව කරන කරන එක කරන්න යන්නේ නැතුව අපිට පුළුවන් දෙයක් කරමු. (ස)
ඉන්දියාව පහල කටින් හිනාවෙනවා ඇති ,අපරාදේ අපිට ටෙස්ට් තරගාවලි 2ක් ඒ කියන්නේ ටෙස්ට් තරග 6ක් නැතිඋනා. මේවට වග කියන්න ඕනා කවුද? ක්‍රීඩකයෝද ? පාලකයෝද ?(නදී)
ෂුවර් එකට අපේ ටිම් එකේ අය ඔය තරග වලට ක්‍රීඩා කරන්නේ නැහැ. (නදී)
ඉන්දියාව කරන කරන එක කරන්න යන්නේ නැතුව අපේ ඉස්සර තිබ්බ ක්ල්බ් ලෙවල් දියුනු කළා නම් ඉවරයිනේ. හැබැයි අයි. පී. එල් ගහන එකත් තහනම් කරන්න. නැතිනම් අපේ ක්‍රිකට් ඉවරයි. (නි)
මේවට තමයි දෙකොනින් හිනා යන්නේ (නි)
ලංකාවට ඉන්දියා පිටපත් එපා. (නි)
ඉන්දියාව අයි.පී.එල්. තියලා ටීම් දහයකට විතර ක්‍රීඩකයෝ තෝරගත්තා. අපේ රටේ එක ටීම් එකේ එකොලොස් දෙනාවත් තෝරාගන්න දන්නෙ නැහැ.පුදුම දුකක් ඇතිවෙන්නේ(නි)
අදහස නම් ගොඩක් හොදයි.(නදී)