IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


එස්.ටී.එෆ් 13 දෙනා යළි රිමාන්ඩ්

 විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් පස් දෙනකු 2006 ජනවාරි දෙවැනිදා ත්‍රිකුණාමලය මුහුදු වෙරළේදී වෙඩි තබා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින  එස්.ටී.එෆ් සාමාජිකයන් 13 දෙනා ඇප පිට නිදහස් කරන්නැයි ඔවුන්ගේ නීතීඥයන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එල් ඒ අස්හාර් මහතා ඔවුන් අගෝස්තු 05 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.



අදහස් (0)

එස්.ටී.එෆ් 13 දෙනා යළි රිමාන්ඩ්

වෙල්මුරුගන් Friday, 19 July 2013 01:40 AM

විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දෙමල සිසුන් පස් දෙනාව කොටි ලැස්තුවට එක්කරලා ඒ සිසුන්ව ඝාතනය කරපු එස්.ටී.එෆ් සාමාජිකයන් 13 දෙනාව වීරයෝ හැටියට නම් කරන්න. නැත්නම් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එල් ඒ අස්හාර් වත් කොටි කියලා සමහර අය කෝපවේවි.(නදී)

:       0       0

මංගල Friday, 19 July 2013 06:53 AM

සාමකාමී රටේ සහජීවනය අවශ්‍යයි. නීතිය සැමට පොදුයි. අපක්ෂපාති පරීක්ෂණයක් කරලා සාදාරනයක් කරන්න. (නි)

:       0       0

වරුණ Friday, 19 July 2013 07:27 AM

කටුනායක ඇගලුම් සේවකයයි, හලාවත ධීවරයයි, වැලිකඩ බන්ධනාගරයයි සම්බන්ධ සිද්ධි ගැනත් මේකත් එක්කම පරීක්ෂණ වැඩිදුරට පැවැත්වුවා නම් හරි (නි)

:       0       0

සත්‍යා Friday, 19 July 2013 01:30 PM

සෝවාන් වෙලා යුද්ද කරන්න බැහැ කියන දේ පිළිගන්න ඔබට අහිංසක මිනිසුන් මැරූ බවත් පිළිගන්න වෙනවා මහත්තයෝ. ලෝකේ කොතැනක හෝ අහිංසක මිනිසුන් නොමරා කල යුද්දයක් ඉතිහාසයේ නැහැ. බන්දුල මහත්තයෝ පුදුමේ කියන්නේ 88/89 මතක් උන ඔබට 83 මතක් නොවුනේ කෙසේද ? බලන්න එක දෙයක් , අපේ බෞද්ධයෝ බංගලිදේශ් බෞද්ධයන්ට ගහද්දි මේ විරෝධය පානවා. ඉරාකෙට ගහද්දි මුස්ලිම්වරු මෙහෙ විරෝදය පානවා. කොටින්ට ගහද්දි ඉන්දියාවේ දෙමල මිනිසුන් විරෝධය පානවා. කවුරුත් තමන්ගේ ජාතියට ආගමට ලැදීයි මහත්තයෝ. මෙතැනදී ඔබ හරි ඔබ ඔබේ ජාතියට ලැදියි. නමුත් සත්‍ය හිතට ගන්න. ඔබ යුද්ද කරලා අපේ රට බේරා ගත්තා. එයට මගේ උත්තමාචාරය. ඒත් ප්‍රර්ථනා කරන්න මේ රත්තරන් පොලවේ කිසිදාකවත් යුද්දයක් ඇති නොවේවා කියලා. ඒ සෑම ජාතියක් වෙනුවෙන්ම .. අපි නැගිටිමු එක්සත්ව , එක සිත්ව. පෙර කී කල දේ ගැන නොසිතා.(නදී)

:       0       0

බන්දුල Friday, 19 July 2013 08:39 AM

වෙල්මුරුගන් මහත්තයෝ, අපිත් ඔය කලේ ත්‍රින්කෝ හිටියා.ඔය කියන වෙලාවට මුදු වෙරළවල් අයිනේ මෙලෝ මනුස්සයෙක් ඉන්න කාලයක් නෙමෙයි ඒ කාලේ.ගම් වලට පැනලා අහිංසකයෝ පෙති ගැහුවේ, අහිංසකයෝ යන බස් වලට ක්ලේමෝ තිබ්බේ, පිස්තෝල කල්ලි ලීඩ් කලේ ඔය වයසේ කට්ටිය තමයි ඔක්කොම. විශ්ව විද්‍යාල වලට තේරුණු අය නෙමෙයි විශ්ව විද්‍යාල වලට ගිහින් ඒවා ඇතුලේ ඉදන් මිනීමැරුවෙත් ඔය වයසේ කට්ටියම තමයි.අපේ සමහර අයට අතීතය මතක නැහැ. ඔබතුමා දෙමල හින්දා ඔයගැන අදහස් දානවා ඇති. 88/89 දහස් ගණන් සිංහල කොල්ලෝ කෙල්ලොත් ඔය විදියට වඩා අමානුෂික විදියට මැරුම් කෑවා.ඔක්කොම ඉන්නේ අහිංසකයෝ වගේ මිනිස්සු අස්සේ.වැඩේ වැරදුනොත් අහිංසකයෝ.වැඩේ හරි ගියොත් මහා විරුවෝ. මේ වරුණ කියන කෙනාට කියන්න දෙයක් තියෙනවා. කටුනායකදී පොලිසියට ගහපු විදිය අපි දැක්කා.ධීවරයෝ හැසුරුණු හැටි අපි දැක්කා. බන්දනාගරේ සිද්ධිය අපි දැක්කා. එයාලව දෝතට අරන් නලවන්නද කියන්නේ? ඔය බබා. යන්න මොන්ටිසෝරියකට සුප්පුවක් කටේ ගහගෙන.රටකට පොලිසියක් හමුදාවක් ඉන්නේ පොල් ගාන්න නෙමෙයි (නි)

:       0       0

තුසිත් Friday, 19 July 2013 02:13 PM

බන්දුල මහත්තයා, ඔබ 100% නිවැරදියි.අපේ ඉන්න සිංහල සමහර අයට ඕවා තේරෙන්නේ නැහැනේ මහත්තයා. (දී)

:       0       0

සිටිසන් Friday, 19 July 2013 09:22 AM

නියමයි බන්දුල (නි)

:       0       0

සත්‍ය Friday, 19 July 2013 10:19 AM

බන්දුල මහත්තයෝ ඔයාලා එදත් අදත් දෙකේම කලේ කරන්නෙත් මේ එල්.ටී.ටී එක සහ අහිංසක මිනිසුන් ගැන එක විදියේ අදහස් පල කරන එක, ඇත්තෙන්ම බැලුවොත් බන්දුල වගේ අය එල්.ටී.ටී එකට වඩා භයානක ත්‍රස්තවදීයෝ. හමුදාවේ හැමෝම නැති උනත් ටික දෙනෙක් උතුරේ එල්.ටී.ටී එකට සමාන දේවල් කලා. ඒකයි ඇත්ත. බන්දුල මහත්තයෝ ඔයා ත්‍රිකුනාමලයේ හිටියා නම් පාතාලේ කුමාර අයියා , අහිංසක දෙමල වැසියෝ කීදෙනෙක් හමුදා සෙබළු එක්ක ගිහින් මැරුවද කියල එයාගෙන් අහල බලන්න. යුද්දයක් ගැන කතා කරනවානම් එක පැත්තක් ගන්න බැහැ සහෝදරයා , මිනිස්සු යුද්දෙට ගියා මිස සෝවාන් වෙච්ච අය යුද්දේ කලේ නැහැ. (නදී)

:       0       0

සත්‍ය Friday, 19 July 2013 10:21 AM

මිස්ටර් සිටිසන් , ඔයාටත් එක්කයි කිවුවේ (දී)

:       0       0

ටෙෂාන් Friday, 19 July 2013 02:59 PM

ඔවුන් වැරදිනම් අනිවාර්යෙන්ම දඩුවම් කරන්න ඕනෑ, නීතිය කාටත් පොදුයි. ලොක්කෝ කඩකරන නිසා අපිත් කඩකරන්න ඕනෑ කියන මතයේ හිටියොත් අපේ රට බේරා ගන්න බැරිවෙනවා. ඒ නිසා අපි අපේ රටේ නම ආරක්ෂා කරමු. (දී)

:       0       0

සම්පත් Friday, 19 July 2013 10:33 AM

මේ බන්දුලලා සිටිසන්ලා වගේ අයටත් මේ වගේ කරනන් තමා වටින්නේ.(අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 July 2013 10:35 AM

අයියෝ , මොනවද මේ කතා? දහස් ගානක් සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු මරපු සමහර අය ඔය අපුරුවට ඉන්නේ. ඔන්න ඔහේ මේ 13 දෙනාටත් පාඩුවේ ඉන්න දෙමු (දී)

:       0       0

සමිත Friday, 19 July 2013 10:42 AM

එතකොට පොලිස් නිලදාරීන් දහස් ගණනක් මැරූ සමහර අය නිදැල්ලේ ඉන්නේ. කවුද ඒවාට වගකියන්නේ. (දී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 July 2013 11:06 AM

සත්‍යා මහත්තයෝ, සෝවාන් වෙලා යුද්ද කරන්න බැහැ. හමුදාවල හිටපු අපි ඒක දන්නවා. ත්‍රස්තවාදීන් එක්ක කරන ගැටුමකදී අහිංසකයෝ මැරෙන්න පුළුවන්. මොකද උන් ඉන්නෙත් අහිංසකයෝ අතර අහිංසකයෝ වගේ වෙලාව එනකම්. 88/89 ජේ.වී.පී ත්‍රස්තවාදේ මර්දනය කරද්දී අහිංසකයෝ තමයි වැඩිපුර මැරුම් කෑවේ. එතැනදී ජාති බේදයක් නැහැ. ඔය කියන පස් දෙනා අහිංසකයෝ කියලා ඔයාට කියන්න පුළුවන් වගේම මට එයලා කොටි සංන්විදානයට සම්බන්ද අය කියල කියන්නත් පුළුවන්. අහිංසකයෝ ඔය වෙලාවට වෙරළවල් ගානෙ ඔය වගේ වාතාවරණයක් තියෙද්දී කල්ලි ගැහෙන්නේ නැහැ කියලා අපි අපේ අත් දැකීමෙන් දන්නවා. මෙයලා අහිංසක උනත් ඒ වගේ වාතාවරණයකදී ඒ විදියේ සිදුවීමකදී එතන හිටියා නම් සිදු වුනු දේ දේ අනිවාර්යයෙන් වෙනවා. අමු අමුවේ මිනී මරපු කොටින්ට පුනුරුත්තාපනය වෙලා සමාජ ගත වෙන්න අවස්ථාව දෙද්දී භීෂණ වාතාවරණයකදී සිදු වුනු සිදුවීමකට දැන් මේ අය දන් ගෙඩියට දක්කන්න හද වන්නේ කව්ද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය.(නදී)

:       0       0

චන්දිමා Friday, 19 July 2013 11:11 AM

මේ ලෝකෙම දැනට ඉන්න මානව හිතවාදින් ලෙස පෙනී සිටන කිසිදු අයෙකු පිලිතුරු නොදෙන කාරණය තමයි කොටි අතින් මැරුන අහිංසක සිංහල මිනිසුන් ගැන නුඹලා කුමක් කියන්නේද යන ගැටලුවයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 0 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2339 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1275 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 849 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1480 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site