IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


එස් ඩී බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා චීනයේ හිතවතකු වූ එස් ඩී බණ්ඩාරනායක (98) මහතා අභවප්‍රාප්ත විය.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි.

යක්කල මඩුගස්වලව්වේ පදිංචිව සිටි ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.

පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයෙන් ඉගෙන ගත්තේය.

1952 සිට 1989 දක්වා ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

සැමුවෙල් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පියා වූයේ ගම්පහ මහ මුදලි සී පී ජයස් බණ්ඩාරනායක මහතාය. ඔහුගේ මව මාතර කාන්තාවකි.

ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ පුරෝගාමියා වූ දොස්තර එස් ඒ වික්‍රමසිංහගෙන් ඔහු මුල්ම දේශපාලන පාඩම ඉගෙන ගත්තේ.

ජේ ආර් ජයවර්ධන මහතා විසින් සංවිධානය කැරුණු මහනුවර පාගම ගම්පහ ඉඹුල්ගොඩ දී නතර කළේ එස් ඩී බණ්ඩාරනායක මහතාය.

ඔහු ඩී එස් සේනානායක හිටපු අගමැති සමයේ ගොවි හමුදාවේ සේවය කළේය.

දේශිය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා ඔහුගේ පුත්‍රයෙකි



අදහස් (0)

එස් ඩී බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වෙයි

දුමිත් Wednesday, 04 June 2014 03:57 AM

මෙතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකි. මානවවාදී ජීවගුණය පිරි සැබෑ මානවවාදියෙකි. එසේම ඔහු ශ්‍රී ලාංකික දේශපාලන ක්ෂේත්‍රයේ සුවඳ මුදාහළ සුපිපි අරවින්දයක්ම විය. ලක්මාතාව විසින් ජාතික තලයට ඔසවා තැබූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකි. ගෞරවනීය ඔබට මොක් සුව පතමු. (නි)

:       0       0

රාජුන් Wednesday, 04 June 2014 05:31 AM

දැන් ඉන්න දේශපාලකයින්ට මෙවන් දේශප්‍රේමී, අවංක, මානව ගුණ පිරි නායකයින්ගෙන් ඉගෙනගත හැකි පාඩම් එමටය. මෙතුමා නියම මහජන සේවකයෙකි. ඔහු ලංකාවට ආඩම්බරයකි. ඔබට නිවන් සැප ලබේවා! (නි)

:       0       0

ජපානයේ සිට ඉඳුනිල් Wednesday, 04 June 2014 06:41 AM

වචනයේ පරිසමර්තයෙන්ම අවංක දේශ ප්‍රේමී නායකයෙක් බව විශේෂයෙන් අප ගම්පහ ජනතාව හොදින්ම දනී. ඡන්දයක් එනවිට තමාගේ ඉඩම් විකුණා ඡන්දෙට වියදම් කරපු එකම දේශප්‍රේමී නායකයා ඔබ බව මොනවාට කියාපාන්නද ඔබ තුමාට නිවන් සුව! (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 04 June 2014 07:14 AM

ගරු කලයුතු නායකයෙක්. මගේ උපහාරය! (නදී)

:       0       0

දර්ශ Wednesday, 04 June 2014 07:32 AM

මම මුකුත් කියන්නේ නැහැ. බොරු කියනවා නම් ගම්පහ තියන "මඩුගස් වලව්වට " ගිහින් ඔබ බලන්න...ඔබලටම තේරෙයි මම ඇත්තද, බොරුද කියන්නේ කියලා. දේශපාලනයෙන් කිසිම දෙයක් හම්බ කරගත්තේ නැති , තියන දේවලුත් දේශපාලනය නිසා විකුනපු කෙනෙක්. මෙයාගේ පුතා "පන්ඩු බංඩාරනයකත්" මෙයා වගේමයි. ඕනේ කෙනෙකුට වලව්වට ගිහින් බලන්න පුළුවන්.. පුදුම සරල මිනිස්සු වගයක්...මම දවසක් නිකන් යනගමන් ගියා වලව්ව බලන්න..යනකොට කට්ටියම ටීවී බලනවා. මටත් එතනින් ඉඳගන්න කියල තේ එකකුත් දීල පැයක් විතර යාලුවෙකුට වගේ කතා කරකර හිටියා. මම එදා කලපනා කලා අනේ මේවගේ අවංක මිනිස්සු දැන් දේශපාලනයේ නැත්තේ ඇයි කියලා. මම මගේ ෆොනේ එකෙන් එක විඩියෝ කලා. තාමත් ඒක මා ගාව තියනවා...ඔබට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

ඩයස් Wednesday, 04 June 2014 07:53 AM

ගම්පහ දිස්ත්‍රිකයේ දේශපාලකයිනි, රටේ අනෙකුත් කොතෙකුත් වැරදි කරන දේශපාලකයිනි. එදා සිටි වැදගත් සහ වැදගත් දේශපාලනය ඉගෙන ගන්ඩ. මෙතුමා එ් පරපුරේ අන්තිමයායි. මෙතුමා නැවත අප අතර ඉපදේවා. (නදී)

:       0       0

පුෂ්පා Wednesday, 04 June 2014 08:07 AM

ජපානයේ සිට ඉඳුනිල්, මම අසා ඇති පරිදි ඒ වකවාණුවේදී පිලිප් ගුණවර්ධනයන් ඔහුගේ රබර් වතු විකිණුවා ඡන්ද වැඩ වලට. (නදී)

:       0       0

චතුර Thursday, 05 June 2014 03:25 AM

ඔහු උතුම් පුද්ගලයෙක් (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 04 June 2014 08:59 AM

පුෂ්ප දුවේ, 1970 වෙනතුරුම දේශපාලනය කල බොහෝ දෙනෙක් දේශපාලනයට පිවිසියේ රැකියාවක් හෝ මුදල් ඉපීමක් හෝ බලාපොරොත්තුව නොවෙයි.එදා හිටියේ ගරු මන්ත්‍රීවරු මිස අද වගේ හොරු මන්ත්‍රීවරු නොවෙයි. (ස)

:       0       0

චින්තක Wednesday, 04 June 2014 09:05 AM

දේශපාලන මහත්මයා, ඔබට නිවන් සුව.(ස)

:       0       0

වසන්ති Tuesday, 03 June 2014 07:16 PM

මෙන්න ආදර්ශයට ගත හැකි දේශපාලන උතුමෙක්. එතුමාට නිවන් සැප ලැබේවා. (ස)

:       0       0

සරත් බංඩාර Tuesday, 03 June 2014 07:59 PM

යුගයේ අවංක දේශපාලන නායකයෙක් ,ඔබතුමාට නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

කුමාර ආටිගොඩ Tuesday, 03 June 2014 08:02 PM

මෙන්න නියම දේශපාලකයෝ. රටට ආදර්ශයක්. ඔබ තුමාට නිවන් සැප. (නදී)

:       0       0

සිරී Tuesday, 03 June 2014 08:04 PM

දේශපාලනයෙන් හරි හම්බ කිරීම ආරම්භවීමට පෙර මහජන සේවයට කැපවී සිටි සැබවින්ම අවංක දේශපාලනඥයෙක්. (නදී)

:       0       0

ආදිත්‍ය ද සිල්වා Tuesday, 03 June 2014 08:12 PM

ඔබට නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

රජින්ද Wednesday, 04 June 2014 10:24 AM

දර්ශගේ කතාව නිවැරදිය. මෙතුමා වියත් කථිකයෙකි. උපතින්ම හිමි දේපල වතුපිටි නිසා ජනතා මුදල් ගසා කෑවේ නැත. බොහෝ කලක් රෝගාතුරව හුන් මෙතුමාට නිවන් සුව පතමු. (නදී)

:       0       0

නාලක Wednesday, 04 June 2014 10:40 AM

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ගෙන එන්නට මෙතුමා කරපු දේවල් ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? 1993-94 සමයේත් ඊට පෙරත් ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මැදිහත් වුනු ප්‍රේමදාස සමයේත් ජවිපෙ වෙනුවෙන් කතා කල මොහු ටත් ආරිය බුලේගොඩටත් අද සිටින ජවිපෙ නායකයන් මෙන්ම විමල් වැනි ප්‍රසිද්ධ දේශපාලකයන්ද ණය ගැතියි.... (ස)

:       0       0

එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 03 June 2014 09:01 PM

එදා මෙදාතුර මෙතුමා අතින් සිදුවුණ ජාතික මෙහෙවර මෙතෙකැයි කියන්න බැහැ. අද සිටින බඩගෝස්තරවාදී දේශපාලන අඥානයින් හා සසඳන විට එස්.ඩී.බණ්ඩාරනායක කියන්නේ යුග පුරුෂයෙක්. ඒ මහතාට සසර කෙළවර නිවන් සම්පත්තිය ලැබේවා! (නි)

:       0       0

සිංහ Tuesday, 03 June 2014 09:03 PM

රටට ආදර්ශයක්. ඔබ තුමාට නිවන් සැප (නදී)

:       0       0

අහිංසා Tuesday, 03 June 2014 09:11 PM

මට හිතෙන විදිහට ඒ අවංක දේශපාලනය කරපු, වචනයේ පරිසමාප්තයෙන්ම මහත්වරු හිටිය යුගයක.. ජිවත්ව හිටපු අවසන් අවංක දේශපාලකයා මෙතුමයි..සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම විශිෂ්ට ලෙස හසුරුවපු මෙතුමා දේශපාලනය කියන්නේ කුමක්ද කියලා ක්‍රියාවෙන්ම පෙන්වපු මහත්මයෙක්....ප්‍රිය මහත්මයාණෙනි ඔබතුමාට නිවන්සුව ලැබේවා..(නදී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 04 June 2014 11:12 AM

ආයේ අපිට කවදාවත් මේ වගේ දේශපාලන චරිත ලැබෙන්නේ නැහැ. එතුමට නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

පිටිගල Tuesday, 03 June 2014 09:27 PM

ඉතාම අවංක පිරිසිදු දේශපාලඥයෙක්. අද ඉන්න අය මෙතුමා ආදර්ශයට ගන්න. (නි)!

:       0       0

ලියනගේ Tuesday, 03 June 2014 09:48 PM

ඔබට නිවන් සුව පතමි. (නි)

:       0       0

සලීම් Tuesday, 03 June 2014 10:23 PM

ඉතා උතුම්, මහත්මා ගතිගුණ වලින් සපිරුණු මහතෙක් (නි)

:       0       0

සෝමදාස Tuesday, 03 June 2014 10:30 PM

මෙතුමා ආදර්ශවත්, උතුම්, මහත්මා ගතිගුණ ඇති දේශපාලන නායකයෙකි. එතුමාට නිවන් සුව පතමි. (නි)

:       0       0

සමීර Thursday, 05 June 2014 10:50 AM

ඔහු වැන්නන් දැන් දේශපාලනයේ නොමැත (නි)

:       0       0

ඈශ්ලී - කටාර් Wednesday, 04 June 2014 01:22 PM

අපේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නිර්මාතෘ විදිහට සලකන්නෙත් මෙතුමාව තමා ... එතුමාට නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 04 June 2014 01:22 AM

නිහතමානී දේශපාලන නායකයාණනි ඔබට නිවන් සුව අත් වේවා. (ස)

:       0       0

රුවන් Wednesday, 04 June 2014 01:27 AM

අවංක දෙසපාලනයේ අන්තිම පුරුක ....ඔබ තුමන්ට නිවන් සුව ! (ස)

:       0       0

දේදුනුපිටියේ උපනන්ද හිමි ඇමෙරිකාව Wednesday, 04 June 2014 01:42 PM

පරම්පරා මානයෙන් හිස උදුම්මා නොගත් අවංක නායකයෙක් වූ දිවංගත එස් ඩී බණ්ඩාරනායක මැතිතුමාට නිවන් සුව! (නදී)

:       0       0

සිල්වා Wednesday, 04 June 2014 02:34 AM

මහතාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

අරුණ ප්‍රදීප් Wednesday, 04 June 2014 02:23 PM

මේ යුගයේ සිටි එකම ගරු කළ යුතු දේශපාලඥයෙක්. ඔබට නිවන් සුව (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 556 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1113 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 716 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 249 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1185 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 809 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39780 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site