හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා චීනයේ හිතවතකු වූ එස් ඩී බණ්ඩාරනායක (98) මහතා අභවප්‍රාප්ත විය.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි.
යක්කල මඩුගස්වලව්වේ පදිංචිව සිටි ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.
පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයෙන් ඉගෙන ගත්තේය.
1952 සිට 1989 දක්වා ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
සැමුවෙල් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පියා වූයේ ගම්පහ මහ මුදලි සී පී ජයස් බණ්ඩාරනායක මහතාය. ඔහුගේ මව මාතර කාන්තාවකි.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පුරෝගාමියා වූ දොස්තර එස් ඒ වික්‍රමසිංහගෙන් ඔහු මුල්ම දේශපාලන පාඩම ඉගෙන ගත්තේ.
ජේ ආර් ජයවර්ධන මහතා විසින් සංවිධානය කැරුණු මහනුවර පාගම ගම්පහ ඉඹුල්ගොඩ දී නතර කළේ එස් ඩී බණ්ඩාරනායක මහතාය.
ඔහු ඩී එස් සේනානායක හිටපු අගමැති සමයේ ගොවි හමුදාවේ සේවය කළේය.
දේශිය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා ඔහුගේ පුත්‍රයෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න දේශපාලකයින්ට මෙවන් දේශප්‍රේමී, අවංක, මානව ගුණ පිරි නායකයින්ගෙන් ඉගෙනගත හැකි පාඩම් එමටය. මෙතුමා නියම මහජන සේවකයෙකි. ඔහු ලංකාවට ආඩම්බරයකි. ඔබට නිවන් සැප ලබේවා! (නි)
ඔහු වැන්නන් දැන් දේශපාලනයේ නොමැත (නි)
ඔහු උතුම් පුද්ගලයෙක් (නි)
මේ යුගයේ සිටි එකම ගරු කළ යුතු දේශපාලඥයෙක්. ඔබට නිවන් සුව (නදී)
පරම්පරා මානයෙන් හිස උදුම්මා නොගත් අවංක නායකයෙක් වූ දිවංගත එස් ඩී බණ්ඩාරනායක මැතිතුමාට නිවන් සුව! (නදී)
අපේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නිර්මාතෘ විදිහට සලකන්නෙත් මෙතුමාව තමා ... එතුමාට නිවන් සුව ලැබේවා (නදී)
ආයේ අපිට කවදාවත් මේ වගේ දේශපාලන චරිත ලැබෙන්නේ නැහැ. එතුමට නිවන් සැප ලැබේවා! (නදී)
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ගෙන එන්නට මෙතුමා කරපු දේවල් ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? 1993-94 සමයේත් ඊට පෙරත් ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මැදිහත් වුනු ප්‍රේමදාස සමයේත් ජවිපෙ වෙනුවෙන් කතා කල මොහු ටත් ආරිය බුලේගොඩටත් අද සිටින ජවිපෙ නායකයන් මෙන්ම විමල් වැනි ප්‍රසිද්ධ දේශපාලකයන්ද ණය ගැතියි.... (ස)
දර්ශගේ කතාව නිවැරදිය. මෙතුමා වියත් කථිකයෙකි. උපතින්ම හිමි දේපල වතුපිටි නිසා ජනතා මුදල් ගසා කෑවේ නැත. බොහෝ කලක් රෝගාතුරව හුන් මෙතුමාට නිවන් සුව පතමු. (නදී)
දේශපාලන මහත්මයා, ඔබට නිවන් සුව.(ස)
පුෂ්ප දුවේ, 1970 වෙනතුරුම දේශපාලනය කල බොහෝ දෙනෙක් දේශපාලනයට පිවිසියේ රැකියාවක් හෝ මුදල් ඉපීමක් හෝ බලාපොරොත්තුව නොවෙයි.එදා හිටියේ ගරු මන්ත්‍රීවරු මිස අද වගේ හොරු මන්ත්‍රීවරු නොවෙයි. (ස)
ජපානයේ සිට ඉඳුනිල්, මම අසා ඇති පරිදි ඒ වකවාණුවේදී පිලිප් ගුණවර්ධනයන් ඔහුගේ රබර් වතු විකිණුවා ඡන්ද වැඩ වලට. (නදී)
ගම්පහ දිස්ත්‍රිකයේ දේශපාලකයිනි, රටේ අනෙකුත් කොතෙකුත් වැරදි කරන දේශපාලකයිනි. එදා සිටි වැදගත් සහ වැදගත් දේශපාලනය ඉගෙන ගන්ඩ. මෙතුමා එ් පරපුරේ අන්තිමයායි. මෙතුමා නැවත අප අතර ඉපදේවා. (නදී)
මම මුකුත් කියන්නේ නැහැ. බොරු කියනවා නම් ගම්පහ තියන "මඩුගස් වලව්වට " ගිහින් ඔබ බලන්න...ඔබලටම තේරෙයි මම ඇත්තද, බොරුද කියන්නේ කියලා. දේශපාලනයෙන් කිසිම දෙයක් හම්බ කරගත්තේ නැති , තියන දේවලුත් දේශපාලනය නිසා විකුනපු කෙනෙක්. මෙයාගේ පුතා "පන්ඩු බංඩාරනයකත්" මෙයා වගේමයි. ඕනේ කෙනෙකුට වලව්වට ගිහින් බලන්න පුළුවන්.. පුදුම සරල මිනිස්සු වගයක්...මම දවසක් නිකන් යනගමන් ගියා වලව්ව බලන්න..යනකොට කට්ටියම ටීවී බලනවා. මටත් එතනින් ඉඳගන්න කියල තේ එකකුත් දීල පැයක් විතර යාලුවෙකුට වගේ කතා කරකර හිටියා. මම එදා කලපනා කලා අනේ මේවගේ අවංක මිනිස්සු දැන් දේශපාලනයේ නැත්තේ ඇයි කියලා. මම මගේ ෆොනේ එකෙන් එක විඩියෝ කලා. තාමත් ඒක මා ගාව තියනවා...ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
ගරු කලයුතු නායකයෙක්. මගේ උපහාරය! (නදී)
වචනයේ පරිසමර්තයෙන්ම අවංක දේශ ප්‍රේමී නායකයෙක් බව විශේෂයෙන් අප ගම්පහ ජනතාව හොදින්ම දනී. ඡන්දයක් එනවිට තමාගේ ඉඩම් විකුණා ඡන්දෙට වියදම් කරපු එකම දේශප්‍රේමී නායකයා ඔබ බව මොනවාට කියාපාන්නද ඔබ තුමාට නිවන් සුව! (නදී)
මෙන්න ආදර්ශයට ගත හැකි දේශපාලන උතුමෙක්. එතුමාට නිවන් සැප ලැබේවා. (ස)
මෙතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකි. මානවවාදී ජීවගුණය පිරි සැබෑ මානවවාදියෙකි. එසේම ඔහු ශ්‍රී ලාංකික දේශපාලන ක්ෂේත්‍රයේ සුවඳ මුදාහළ සුපිපි අරවින්දයක්ම විය. ලක්මාතාව විසින් ජාතික තලයට ඔසවා තැබූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකි. ගෞරවනීය ඔබට මොක් සුව පතමු. (නි)
මහතාණෙනි, ඔබට නිවන් සුව! (නි)
අවංක දෙසපාලනයේ අන්තිම පුරුක ....ඔබ තුමන්ට නිවන් සුව ! (ස)
නිහතමානී දේශපාලන නායකයාණනි ඔබට නිවන් සුව අත් වේවා. (ස)
මෙතුමා ආදර්ශවත්, උතුම්, මහත්මා ගතිගුණ ඇති දේශපාලන නායකයෙකි. එතුමාට නිවන් සුව පතමි. (නි)
ඉතා උතුම්, මහත්මා ගතිගුණ වලින් සපිරුණු මහතෙක් (නි)
ඔබට නිවන් සුව පතමි. (නි)
ඉතාම අවංක පිරිසිදු දේශපාලඥයෙක්. අද ඉන්න අය මෙතුමා ආදර්ශයට ගන්න. (නි)!
මට හිතෙන විදිහට ඒ අවංක දේශපාලනය කරපු, වචනයේ පරිසමාප්තයෙන්ම මහත්වරු හිටිය යුගයක.. ජිවත්ව හිටපු අවසන් අවංක දේශපාලකයා මෙතුමයි..සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම විශිෂ්ට ලෙස හසුරුවපු මෙතුමා දේශපාලනය කියන්නේ කුමක්ද කියලා ක්‍රියාවෙන්ම පෙන්වපු මහත්මයෙක්....ප්‍රිය මහත්මයාණෙනි ඔබතුමාට නිවන්සුව ලැබේවා..(නදී)
රටට ආදර්ශයක්. ඔබ තුමාට නිවන් සැප (නදී)
එදා මෙදාතුර මෙතුමා අතින් සිදුවුණ ජාතික මෙහෙවර මෙතෙකැයි කියන්න බැහැ. අද සිටින බඩගෝස්තරවාදී දේශපාලන අඥානයින් හා සසඳන විට එස්.ඩී.බණ්ඩාරනායක කියන්නේ යුග පුරුෂයෙක්. ඒ මහතාට සසර කෙළවර නිවන් සම්පත්තිය ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා (නදී)
දේශපාලනයෙන් හරි හම්බ කිරීම ආරම්භවීමට පෙර මහජන සේවයට කැපවී සිටි සැබවින්ම අවංක දේශපාලනඥයෙක්. (නදී)
මෙන්න නියම දේශපාලකයෝ. රටට ආදර්ශයක්. ඔබ තුමාට නිවන් සැප. (නදී)
යුගයේ අවංක දේශපාලන නායකයෙක් ,ඔබතුමාට නිවන් සුව ලැබේවා (නදී)