මධ්‍යම පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පෞද්ගලික ප්‍රවාහන සේවා බස් රථ පරීක්ෂාව සදහා යොදවා සිටින ඇතැම් පරීක්ෂකයන් බස් රථ පරීක්ෂාව වෙනුවට අල්ලස් ගන්නා සැටි එසැණට සාක්කි සහිතව ඔප්පු කළ හැකියි.
බස් රථ කිහිපයක නැඟ ඒ පිළිබඳව සොයා බැලීමට අපට හැකි විය.නිල් පැහැති නිල ඇඳුම් පැළැද සිටි හතර දෙනකු දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම රැක සිට පෞද්ගලික බස් රථ නවතා කොන්දොස්තර මහතා ගසක් අසලට කැඳවාගෙන යති.
ගසට මුවා වී සිදු කරන්නේ කුමක් ද යන්න අභිරහසකි.
ගහට මුවා වනුයේ ප්‍රසිද්ධියේම රුපියල් සියයේ සිට පන්සීය දක්වා වු මුදලක් ලබා ගන්නට බව කොන්දොස්තරවරු කියති.
මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිනි අනෝමා පොල්වත්ත මහත්මිය කියා සිටියේ මෙම පරීක්ෂකවරුන් සිදු කළ යුත්තේ බස් රථයට ගොඩවී පරීක්ෂා කැර අඩුපාඩු ඇත්නම් රථය තුලදීම දඩ කොල නිකුත් කිරීම කළ යුතු බවයි. බස් සේවකයින් බස්සවා වෙනත් ස්ථාන වලට රැගෙන යාම කළ නොහැකි බවයි.
මාර්ග බලපත් සෝදිසි කිරීම් ,මගින්ට ටිකට් දීම ආදී නියමයන් නිසියාකාරව සිදු කෙරෙන්නේදැයි සොයා බැලීම මොවුන්ගේ රාජකාරියයි.
නීතියට පටහැනිව මෙම නිලධාරීන් දවස පුරා සිදු කරන පරීක්ෂණ කටයුතු පිළිබඳව වීඩීයෝ ගත කැර ගැනීමට හා ඡායාරූප ගැනීමට අපට හැකි වුයේ මගීන් ලෙස වෙස් වළාගෙන ගිය නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය අගෝස්තුවේ මම කතරගම යනකොට පොලිසින් නවත්වල කිව මගේ වහනය යන වේගය වැඩි කියල .මම කිව මට දඩ කොලයක් දෙන්ඩ කියල .පොලිස් නිලධාරිය කිව ඔයාට මේක වෙන ක්‍රමයකට විසදගන්න පුළුවන් කියල .එතුමා රාජකාරිය කරන මෝටර් බය සිග්නල් බයිසිකලයේ හදාගන්න කියක් හරි දෙන්න කියල .මම රුපියල් දාහක් දෙන්න එකග උනා .එතුමා කිව අර අලපු කඩෙන් ගිහින් තියන්න කියල .මම කඩේට ගිහිල්ල මුදල් දුන්න .පසුව මට කිව පරිස්සමෙන් යන්න වෙන කෙනෙක් නම් නඩු දානවා කියල .ලගදි රට යන නිසා ප්‍රවේසමෙන් යන්න කිව .(දිල්)
පරණ සුපුරුදු ලංගම සේවය ඇති කරලා මේ බස්වල වැඩකළ අයට එහි රැකියාවන් දීලා ,මෙම බස් හිමියන්ට සාධාරණ මුදලකට අරගෙන ලංගමයටම නම් කරලා දැම්මා නම් ඔය ප්‍රශ්න හුගක් විසදෙනවා. බස් රේස් යන්නෙත් නැහැ. මිනිසුන්ට වැඩට යන්නත් පුළුවන්. මොනවා වෙතත් ලංකාදීපයෙන් කළේ අගය කළයුතු උසස් සේවයක්. මේ වගේම අනිත් ඉහළ නිලධාරීන්වත් එකක් දෙකක් හෝ මෙහෙම දාන්න පුළුවන් නම් ඉතාමත් හොදයි. මේවා කොහොම දැම්මත් අවසාන ප්‍රතිඵල කොහොම වෙයිද දන්නේ නැහැ. (නි)
සුළු හෝ මහා පරිමාණයෙන් කළත් වංචාව වංචාවම තමයි.රජයේ සෑම ආයතනයකම සරුවට සිද්ධ වෙන දෙයක්.දැන් මේ අල්ලස් ගන්න ආයතන ගැන බොහෝ දෙනා හොඳින් දන්නවා.නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නැහැ.රජයට සැබෑ වුවමනාවක් තියෙනවා නම් මෙවැනි නීතී විරෝධී ක්‍රියා නවත්වන්න,කරන්න පුළුවන්. (නි)
ගොඩක් පළාත් වල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිළධාරීන් එහෙම තමයි.ගස් වලට මුවා වෙලා තමා රාජකාරීය කරන්නේ.ඒවාගේ ප්‍රතිපල දරුවන්ගෙනුත් එළියට එනවා.පවු අහිංසක දරුවෝ (නි)
මහ දවාලේ රටේ තොටේ බස්වල පික්පොකට් ගහන අය ගැන අපි ඉතා පහත් ලෙස කතා කළා.මේ පික්පොකට්කාරයින්ටත් වඩා අන්ත නිල ඇඳුමෙන් සැරසුණ වැදගත් මහත්තුරු ගැන කොහොම කතා කරන්නද? ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැ වගේ. දැන් ඉන්දියාවෙත් ප්‍රසිද්ධියේ අල්ලස් ඉල්ලනවලු. (නි)
කාංචන කුමාර ආරියදාස මහතා, ඔබතුමා අවංකවම රටට මෙන්ම අප සමාජයටත් සැබෑවටම ආදරය කරන නිර්භීත ශ්‍රී ලාංකිකයෙක්. ඉදිරියේදීත් මෙවන් දේ තුලින් අපවත් අදාල බලධාරීන්වත් දැනුවත් කිරීමට ඔබට ශක්තිය දිරිය ලැබේවා! මෙවන් පුවතක් පළකිරීම ගැන, ලංකාදීප එසැණට අපගේ හද පිරි ප්‍රණාමය! (නි)
මට හිතෙන්නේ රටේ කප්පම්,අල්ලස්,දුෂිත සිදුවීම් වලට මුලික හේතුව මෙවැනි අකටයුත්කම් සිදු කළ හා කරන අයට දැඩි දඩුවම් නොදීමයි.දැන්වත් තතිරම නොබලා නීති දැඩිව ක්‍රීයාත්මක කළ යුතු වෙනවා (නි)
අපේ රටේ වැසිකිළියකට යන්න ගියත් කප්පම් (නි)
එසැණ මඟින් සිදුකළ මෙම විශ්මිත ක්‍රියාවට සැමගේම ස්තුතිය හිමිවිය යුතුයි. මම හිතන්නේ මෙය තවදුරටත් සංවිධානාත්මකව සිදු කළයුතු මහඟු සේවයක්. අවංක වෘත්තීය මට්ටමේ කාර්මික ශිල්පීන් යොදවාගෙන සැඟවූ මයික්‍රෆෝන් කොන්දොස්තර මහතාට සපයා කතාබහ පටිගත කිරීමට මීළඟ අවස්ථාවේදී ක්‍රියාකළොත් වටිනවා. පොලිසියේ අයත් මේ වගේ වැඩ කරන බව කවුරුත් දන්නා දෙයක්. ඒවගේම මහා පරිමාණයේ පගා හන්නන් සහ අල්ලස් ගන්නන් පිළිබඳව හරි විස්තර පරීක්ෂණ මඟින් සොයාබලා එයාලගේ තොරතුරු සහ ක්‍රියාකාරකම් කැමරාවට අසුකරගැනීමට සැලසුම් සහගතව ක්‍රියාකළ හැකිනම් වඩා හොඳයි. මේ වගේ වැඩකටයුතු වල ඇති නීත්‍යානුකුලභාවය පිළිබඳව දන්නා කියන අයගෙන් නීති උපදෙස් ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. ඉතාම උසස් වැඩක් ඉදිරියටත් මීට වඩා ඉහළින් කරගෙන යාමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)
ලංකාවේ රාජ්‍යය ආයතනයකට යන්න බැහැ, අපිරිසිදුකම. කොහොමහිරි ගියත් වැඩකරන අයගේ මුහුණ බලන්න බැහැ, කිසිම ප්‍රසන්නකමක් නැහැ. අල්ලස් ගන්න හැම කෙනාගේම දේපල රාජසන්තක කරන්න ඕනෑ. නැත්නම් දඩය මිලියන ගණනින් වෙන්න ඕනෑ (නි)
ලංකාවේ නීති පද්දතිය දුර්වලයි .නීති හදන්නේ ගැලවීමටත් ක්‍රමයක් හදමිනුයි. (නදී)
ලංකාවේ නීති පද්දතිය දුර්වලයි. නීති හදන්නේ ගැලවීමටත් ක්‍රමයක් හදමිනුයි. (නදී)
විලන් කැනඩා ඔය කියන දේ කරන්න ගියොත් අතේ ඇගිලි ගනටවත් සේවකයෝ ඉතුරු වෙයිද දන්නේ නැහැ.(දිල්)
ජරාවට ඉඩ දෙන්නම එපා මේවා තමා රටට කරන සේ වා ව'ගොඩක් ස්තුතිය (දිල්)
කෝටි ප්‍රකෝටි ගණනින් ගහන ඒවා බලන්නත් අපි ආසයි. (නි)
ගාමිණී,සිල්වා පැරිස්, ඔබ සත්‍යයක් කිවුවත් දැන් කිසිවෙක් පිළිගන්නේ නැහැ. (නි)
ඉරට මුවාවෙන් ඉඳගන ඉස පීරනවා.... ගහට මුවාවෙන් ඉඳගන පගා ගහනවා.... (නි)
සියලුම පළාත්වල මේ අාකාරයෙන්ම පරීක්ෂා කරනවා නම් හොදයි (නි)
හැමදෙයක්ම මේ වගේ හොයනවා නම් හොඳයි. (ස)
කොල්ලුපිටියෙ ඉන්න අයත් ඔහොමම තමයි. අඩුම 200ක් දෙන්න ඕනෙ. නැත්නම් දඩ ගහනවා. (ස)
මමත් ලංකාවට තව දින දහයකින් එනවා. මේ වගේ සුලභ දසුනක් ජායාරූප ගැනීමට හෝ වීඩියෝ ගත මටත් අවස්තාවක් ලැබුනොත් ඔබ වෙත එය යොමු කිරීම සඳහා ඔබව සම්බන්ධ කරගන්නේ කෙසේද? (ස)
ඒ ගොල්ලන් වෙන වැඩක් කරන්න ගිහින් වෙන්න ඇති.(නදී)
ලංකාදීපයට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැනි වංචා හෙළි කිරීම ගැන. දේශපාලකයෝ තමන්ට කඩේ යන අයට මෙවැනි තනතුරු දෙනවා. ඉන් පස්සේ ඔවුන් දේශපාලන බලය පාවිචි කරමින් බය නැතුව මෙවැනි වැඩ කරනවා. බස් සංගම් නායකයෝ බස් මගීන්ව සුරා කන්න ගාස්තු වැඩි කර ගැනීමට සටන් කරනවා මිසක් මෙවැනි දේවල් ගැන සොයා බැලීමක් නැහැ. දැන් ලංකාවේ මුදල් ආයෝජනය කර ව්‍යාපාර ආරම්භ කිරීමට අපහසුයි. අල්ලස නිසා. මගේ රට දිනෙන් දින ප්‍රපාතයට යනහැටි දකිනකොට මට දුකයි (නි)
ලංකාවට ප්‍රභාකරන් කළාට වැඩිය විනාශයක් අල්ලස නිසා සිදු වෙනවා. රජයට මෙය මැඩලීමට ශක්තියක් තිබේද? ප්‍රභාකරන්ට විරුද්ධ යුද්ධය ජයගත්තත් අල්ලස ඉදිරියේ රට අසරණ වී ඇත." වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව " (නි)
මෙවැනි නිලධාරීන් අවරුදු 10 බැගින් බරපතල වැඩ ඇතිව හිරේ යවා සියලු දේපල රාජ සන්තක කර ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ආදායම් රජයට ගත යුතුය. (නදී)
මේවා විතර නොවේ, තව කොටුව, නුවර වැනි බස් හෝල්ට් වල එක බස් එකට රුපියල් 100 සිට 200 දක්වා ගන්නවා. මේ මුදල දුන්නොත් තමයි බස් එක හෝල්ට් එකේ ගන්න පුළුවන්.නැත්නම් ගාන්න දෙන්නේ නැහැ.මේක සත්‍යයක් (නි)
මාතෘකාව දකිද්දීම මම හිතුවා මේක කාංචනගේ වැඩක් කියලා (නි)
ඇත්ත.(නදී)
ලොක්කෝ ගස් කපති.... සොක්කෝ අතු කපති..... අපි තවත් ගස් වවමු....!! (නි)
ලංකාවේ ඉහළම තැන ඉදලා පහළම තැනට යනකම් අල්ලස.වංචාව.. (ස)
මෙන්න සොයා ගැනීම් අරින්න එපා. අපෙන් සුභ පැතුම්. තව තව හොර වැඩ අල්ලන්න වාසනාව ලැබේවා! (නදී)
පොඩියට හෝ අල්ලස් ගන්න එක වැරදියි. එච්චරයි (නි)
ලංකාවේ පඩි දෙන එක නවත්වලා අල්ලසෙන් හා කොමිස් වලින් හොයාගන්න කිව්වා නම් හොදයිනේ (නි)
අපේ රටේ පවතින නීතිය සම්බන්ද ගැඹුරු අධික්ෂණයක් පවත්වා සංශෝධනයක් ඉදිරිපත්කිරීම අපේ නීතිමය විද්වතුන්ගේ වගකීමක්. නමුත් කව්ද මේවාගෙන සිතන්නේ? නීති පද්දතියත් අපේ රටේ බල්ලට ගිහිල්ලා. (දිල්)
ඉතාම හොද දෙයක් එසැන කරලා තියෙන්නේ.ලොකු අය කරන ඒවත් හොයල දමන්න. හොද ආරම්භයක්(දිල්)
අසේල, ඔබතුමා ඉහළම තැන කිවුවේ කාටද? (නි)
පටි රෝල්, එසැණට ජය වේවා! හැබැයි මේක දැක්කම වෙන ක්‍රමයක් හොයා ගනීවි.(නදී)
ඒත් ගොඩක් වෙලාවට අල්ලස් ගැන පැමිණිලි කළ විට අපට අසන්න ලැබෙන්නේ "එක්කෝ අල්ලස දුන්න කෙනා පැමිණිලි කරන්න ඕනෑ, නැත්තම් අල්ලස් ගත් කෙනා පැමිණිලි කරන්න ඕනෑ" කියලයි (නි)
මුලින්ම එසැණට හදවතින්ම ස්තුතිය පුද කරමි. ඉතාමත් අගනා ප්‍රශංසනීය මහජන සේවයක් ඔබතුමන්ලා කර තිබෙන්නේ. රජයෙන් පඩි ගන්න නිලධාරීන් අල්ලස් ලබාගෙන සියලු අඩුපාඩු වසන් කර මේ ආකාරයෙන් ඉහළ නිලධාරීන් නොමග යවනවා. අල්ලස් ලබාදෙන බස් රථ වල කිසිම අඩුපාඩුවක් නැතැයි කියා සහතික දෙනවා. ඒවා තමා මහමග සිදුවෙන මාරාන්තික අනතුරු වලට මුල්වෙන හේතු. මේ එක කොටසක් පමණයි. තවත් කීයක් ඉන්නවද මෙලෙසින් අල්ලස් ගන්න රජයේ සේවකයින් හා නිලධාරීන්. පොලීසිය, රෝහල, නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේ සියලු රාජ්‍ය අංශ වල නිලධාරීන් හසු කර ගැනීමට ඔබ සියලුදෙනාට හැකියාව හා ධෛර්ය ලැබේවා කියා පතමි. එසේ හසුවන නිලධාරීන් සිරදඬුවම් වලට අමතරව ලංකාවේ පෞද්ගලික හෝ රජයේ හෝ කිසිම ආයතනයක රැකියා කිරීමේ අවස්ථාවද නොලැබෙන පරිදි ඔවුන්ට තහනම් පැනවිය යුතුය. අල්ලස් ගැනීම නතර කිරීමට එය ඉවහල් වනු ඇතැයි සිතමි. (නි)
මෙම ඡායාරූපය දකිනකොටත් මගේ ඇගේ ලේ කෝපවෙනවා.එසැණට පින් මේ වගේ අය සමාජයට පෙන්වීම ගැන (නි)
ලංකාදීපයට මගේ උණුසුම් සුබ පැතුම්! මේ වැඩේ දිගටම කරන්න. ලොකු එකා හරි පොඩි එකා හරි හොරකම හොරකමයි. ඊළග පාර මේ අයගේ මුහුණත් ප්‍රසිද්ධ කරන්න (නි)
මේවා සුළු ප්‍රමාණයේ දවසේ වියදම සොයා ගන්න අල්ලස් පමණි. අධි පරිමාණයේ අල්ලස් එකවරකට පරම්පරා ගණනක් නඩත්තු කළ හැකි ඒවායි. (නි)
මේවා සුළු ප්‍රමාණයේ දවසේ වියදම සොයා ගන්න අල්ලස් පමණි . අධි පරිමාණයේ අල්ලස් ඒවා එක වරට පරම්පරා ගණනක් නඩත්තු කල හැකි ඒවාට මොකෝ වෙන්නේ ? (දිල්)
මේ බස්කරුවන් ගෙවන අල්ලස මගියාගෙන් තමයි අල්ලන්නේ. බස් ගාස්තුව වැඩිවීමට මෙයත් එක සාධකයක්. (නි)
ලංකාදීපයට මගේ උණුසුම් සුබ පැතුම්! ජයවේවා! ජයවේවා!! ජයවේවා!!! (නි)
මේ අයට දීලා තියෙන ඇදුමත් ගුවන් හමුදාවේ ඇදුම වගේනෙ.හැසිරීමත් හරියට පොලිස් ට්‍රැෆික් එකේ කට්ටිය වගේ. අල්ලස ලොකුවට ගත්තත් පොඩියට ගත්තත් අල්ලස අල්ලසම තමයි (නි)
ලංකාවේ දඩ කොළයක් නොකාපු ගෙයක් නැතුව ඇති (නි)
එහෙත් කවදාවත් ඇමතිලාගේ හොර වැඩ කිසිම විටෙක හසුවන්නෙ නැහැ. ආණ්ඩුව මුලින්ම මිනිහෙක්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් හදන්න ඕනෑ (නි)
තව ටිකක් පැහැදිලි වුණා නම් තවත් හොදයි (නි)
කාංචන කුමාර ආරියදාස මහතා හොද ගවේෂකයෙක්. අචාර්ය උපාධි කඩෙත් ඇල්ලුවා කට්ටියට මතකද? ප්‍රවේශමෙන් ඔබ. ජයවේවා! (නි)
ලංකාදීපයට මගේ උත්මචාරය පුදමි . එසේම මෙවන් සමාජයට හිතකර දේවල් කිරීම සදහා තව තවත් ශක්තිය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි.(නදී)
බලාගෙන යනකොට ලංකාදීප රහස් පොලිසියටත් වඩා මරුනේ. ලංකාදීපයට දීර්ඝායුෂ ලැබේවා! (නදී)
පොලිසියේ ක්‍රමය කිසි වෙනසක් නැහැ, මෙයාලට දෙන්න ඕන නියම දඩුවම රැකියාව අත්හිටුවීම. එතකොට දරු පවුල බඩගින්නේ ඉන්නකොට මතක් වෙයි, අනුන්ට දුන්න ගින්දර. පලාත් සභා අවශ්‍ය නැත. ඉන්දියාවට බොහොම හොදයි. ඉන්දියාව දුන්න රෝගය ලංකාව බයට ගත්ත රෝගය.(නදී)
ෆස්රුල් ගපුර් කියන කතාව හරි . (නි)
මෙන්න නියම වැඩ! (නි)
මිනිස්සුන්ගේ කාලය කකා මිනිස්සු තල තලා දුවන පුද්ගලික බස් කියන්නේ ජාවාරමක්. ඒ හා බැඳුන අනිත් හැමදේකම තියෙන්නෙත් හොරකම තමයි (නි)