මිනුවන්ගොඩ ආඬිඅම්බලම පාරේදි ත්‍රී රෝද රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් හය හැවිරිදි දැරියක් මියගිය බව පොලීසිය කියයි. ඉදිරියෙන් ගිය ලොරියකින් වැටුණු එළවළු ගෝනියක වැදීමෙන් ත්‍රී රෝද රිය පෙරලී මෙම අනතුර සිදුවිය
මිනුවන්ගොඩ ආඬිඅම්බලම පාරේදි ත්‍රී රෝද රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් හය හැවිරිදි දැරියක් මියගිය බව පොලීසිය කියයි. ඉදිරියෙන් ගිය ලොරියකින් වැටුණු එළවළු ගෝනියක වැදීමෙන් ත්‍රී රෝද රිය පෙරලී මෙම අනතුර සිදුවිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිණි, කූඩය පයින් ගිය කෙනෙක් මතට වැටුනා නම්, පයින් යන එකත් තහනම් කරනවා ද ? (නි)
ලුම්බිණි කියන්නේ මෝඩ කෙනෙක් බව තවම තේරුම් ගන්න බැරිවුනාද? පහුගිය දවසක දේවාලයකට තෙල් බෙහෙත් කෙමක් කරගන්නත් ගියා කියලා ලඟදි දවසක රූපවතී අක්ක දාලා තිබුන මතකයි! (නි)
ශ්‍රී ලංකාවෙන් ත්‍රීරෝද රථ සම්පුර්ණයෙන්ම ඉවත් කරන්න (නි)
භාන්ඩ ප්‍රවාහනය විදිමත් කළයුතුය.නීතිය තිබුනට ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ . පව් අහිංසක ජීවිත. (නි)
ඇන්ටෝ, ලංකාවේ තරම් නීති ඇති රටක් වෙන කොහෙවත් නෑ.... ඕනෑම නීතියක් පළවෙනි මාසය, දෙක පමණයි... අනික පොලිස් රාළහාමිලාටත් අමතක වෙනවා පරණ නීති, එයාලටත් මතකයේ තබාගන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ? (දී)
ලංකාවේ මාර්ග අනතුරු වැඩිවෙන්න හේතුව හොයන්න කවුරුවත් නැහැ. සුද්ද දාල දුන්න පාරවල් ටික ටික ලොකු කර කර තාවකාලික පැලැස්තර අලවන එක තමයි හැමදාම කරන්නේ. අපේ රටේ ඇත්තම මහා මාර්ග පධතියක් ඉඳි වෙලා නීති රීති සංශෝධනය වුන දවසට මෙවන් අකල් මරණ අවම වේවි. (දී)
ලුම්බිණි, එහෙනම් පාපැදි,මෝටර් සයිකල් ,පයින් යන මිනිසුන්වත් සියලුම මාර්ගවලින් ඉවත්තළ යුතුයි...... මෙමදැරියට නිවන්සුවපතමි (අ)
පව් අසරණ මල් කැකුළ, දෙමාපියන්ට කොතරම් දුක හිතෙන්න ඇද්ද? (නි)
ලංකාවේ නීති අපරාධකාරයන්ට වාසි වෙන ආකාරයටයි තියෙන්නේ.ඕනෑම දෙයක් කරලා හිරේ ගියත් ඇප දීලා ටික දවසකින් නිදහස් කරනවා.ඉතින් මිනිසුන් වගකීමක් නැතුව ඉබාගාතේ වැඩ කරනවා.මේ ක්‍රමේ වෙනස් වෙනකන් හැමදාම මේ වගේ දේවල් අහන්න ලැබෙයි (නි)
නොසැළකිලිමත් ප්‍රවාහනය... (නි)
ඔය ලගදි ගේනවා නේද නීතියක් එළවලු ප්ලස්තික් ඇසුරුම් වල ගෙනියන්න ඕනෑ කියලා. මොකද දන්නෙ නැහැ නේද ඒ නීතියට වුනේ. (නි)
ලුම්බිණි, මෝඩ කතා කියන්න එපා. එතකොට පොඩි මිනිස්සු යන්නේ මොකෙන්ද? (නි)
ප්ලාස්ටික් කූඩ වලින් එලවළු ප්‍රවාහනය කළා නම් ඔය අනතුර සිදුනොවෙන්න ඉඩ තිබුනා. (නි)
පිපෙන්නට පෙර මිලින වූ පුංචිම පුංචි මල් කැකුලට නිවන් සුව පතමි (නි)
භාණ්ඩ ප්‍රවාහනය සඳහා නීති සැකසිය යුතුයි.විවෘත ලොරි වැනි වාහන වල භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ආරක්‍ෂිත ආවරණයක් හෝ දොරගුළු දමා වැසිය හැකි ආකාරයේ ක්‍රමවේදයක් අනුගමනය කල යුතුයි. අධික ලෙස භාණ්ඩ පටවාගෙන යන හෝ ඉහත කී ක්‍රමය අනුගමනය නොකරන්නන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.එහෙත් මේක ශ්‍රී ලංකාව නිසා මාගේ යෝජනාව දේශපාලුවෙක් විසින් කපා හැරීමටත් ඉඩ ඇත.මෙම ඛේදජනක සිද්ධියට ගොදුරුවූ අහිංසක දරුවාට නිවන් සුව අත්වේවා ! (නි)
පොඩි අනතුරක් වුනත් ජීවිත නැති වෙනවා. ත්‍රී රෝද රථ ප්‍රධාන පාර වලින් අයින් කළයුතුයි. මේවා සුදුසු වාහන තදබද නැති පාරවල් වලට. (නි)
අපරික්ෂාකරී බර වාහන රියදුරෙකු සහ සහයකයෙකු නිසා අහිංසක දැරියකට ජීවිතය අහිමි විය.රටට සහ දෙමාපියන්ට සම්පතක් අහිමිය. අපරික්ෂකාරී රියදුරු අමනයන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතුය. රියදුරු බලපත්‍ර වලට,වාහන වලට නොයෙකුත් නීති පනවන මහත්තුරුනි, මේ රියදුරු අමනයන්ට දැඩි දඬුවම් දීමට නීති පනවන්න. (නි)