පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ආරම්භ කළ දා පටන් පරීක්ෂණ පවත්වා මේ වන විට විසි තුන් දෙනකු අත්අඩංගුවට ගෙන නඩු පරවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ අතර ප්‍රබල දේශපාලකයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ මහාචාර්යවරයෙක් ද වෙති.
මූල්‍ය අපරාධ කොට්ඨාසය අරඹා අදට අවුරුද්දක් සපිරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු පෙරටම (නි)
බලය ඕනෑවුණාම ඕනෑදෙයක් කරනවා. සමහරු හෝන් ගැහුවා, වළං පොළොවේ ගැහුවා. බල තණ්හාව. බලේ ඉන්නකොට මොළය නැහැ. මොළය පෑදෙනකොට බලය නැහැ (නි)
ද සිල්වා මහතා කියන කතාව සහතික ඇත්ත. කවුරු ආවත් සැප විඳින්නේ ඔය කියන මහා ලොකු නිලධාරින් යැයි කියාගෙන ආයතන වල සියළු වරප්‍රසාද විදින කට්ටිය තමයි. මේ අයගේ වත්කම් සහ වෙනත් දේවල් හොයලා බැලුවොත් රටේ සල්ලි වලට වුණේ මොකක්ද කියලා සහ දේශපාලඥයින්ගේ වැරදි රැසක් සොයාගත හැක. (නි)
නඩු පවරා විතරක් වැඩක් නැහැ. කඩිනමින් අවසන් කරන්නනත් ඕනෑ. (නි)
එෆ්සීඅයිඩියෙ බලතල වැඩිකරලා පවුලේ අයගෙත් වත්කම් පරික්ෂණ බලය දුන් එක නම් හොඳයි. මේ හොරු හොරාකෑවේ අපේ සීනි 250 න්, පරිප්පු 100 න් ගත් බදු වලින් සහ අපේ දුප්පත් අම්මලා අක්කලා මැදපෙරදිග දහදුක් විඳලා එවන සල්ලි වලින් (නි)
ශ්‍රීලාල් හරියටම හරි (නි)
පොල් ගහන්නේ, දේවාල ගානේ ගිහින් දෙවියොත් රවට්ටලා තමන්ගෙ වැරදි වහගන්න යන්නේ, පරීක්ෂණ එපා කියන්නේ වැරදි කරපු අයයි. එහෙම කරන අය ගැන විශේෂයෙන්ම බලන්න කියලා ජනතාව වශයෙන් අපි ඉල්ලා සිටිනවා. (නි)
ලොකු ලොකු රජයේ ආයතන වල හිටපු ලොකු ලොකු නිලධාරීන් ගැන පරීක්ෂණ කරන්න. ලොකු ලොකු දේවල් එළියට ඒවි. ඇඟට පතට නොදැනි හිමින් හිමින් රට කෑවේ මෙවැනි අයයි. (නි)
දේශපාලඥයින්ටත් වඩා භයානක ඒ වටේ ඉඳගෙන දේශපාලඥයින්ගේ බලය තමන් අතට අරගෙන හොරකම් මැරකම් තක්කඩිකම් කළ දුෂිත නිලධාරින් බව කාටවත් නොතේරෙන්නේ ඇයි? මොන ආණ්ඩුවක් ආවත් මේ කට්ටිය සැපසේ ඉන්නවා වාසි පැත්තට හේත්තු වෙලා. අන්න එහෙම අය ගැන බලන්න. රටට දිගුකාලීන යහපතක් වෙනවා නිසැකයි. (නි)
අසනීප වලට රෝහල් ගතවෙන අයත් අත්අඩංගුවට ගන්නවද? (නි)
ඔහොම යමුකෝ (නි)
ඉස්සර කෙළින්ම ඇඟිල්ල දික්කරලා හොරු, මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ කියපු, ඒත් දැන් පිරිසිදු යහපාලකයින් වෙලා ඉන්න අයත් ඉන්නවද ඔය ගොඩේ? අපිට මතකනේ ඉස්සර කැලණියේ කුඩු අරයගෙ කිවුව, මීගමුවේ කුඩු මෙයාගේ කිවුවා, එතනෝල් අරයගෙ කිවුවා. අම්මපා කියලත් දිවුරුවා. දැන් ඒ කවුරුත් යහපාලකයින්. හැබැයි ඔවුන්ට නම් කිසි පරීක්ෂණයක් වෙන හැඩක් නැහැ. (නි)
ඔය මහාචාර්යවරය කවුද කියලා කියනවාද (බ)
ඔහොම යමුකෝ (නි)
එන්ගලන්තෙ එන්ගලන්තෙ ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
මේ වැඩෙන් වෙන්නේ පොල් ගණන් යන එක තමයි (නි)
ආණ්ඩුවට ගිය අය හැර අනිත් ටික පමණද? (නි)
කවුද මේ අය? (නි)
වරදක් කරලා තියෙනවා නම් ඉතින් දඩුවම් දෙන්න ඕන. (බ)
මේ අතරේ යුඇන්පී අය කී දෙනාද? ආණ්ඩුවිරෝධී කී දෙනාද කියලා කියනවද? එතකොට කුඩුකාරයෝ, එතනෝල්කාරයෝ කීදෙනෙක් ඉන්නවද? (නි)
මේක තමයි එහෙනම් පරීක්ෂණ අංශය එපා කියලා පොල් ගහන්නේ. තව ඉස්සරහට පොලීසි, උසාවි, නඩුකාරයෝ එපා කියලත් පොල් ගහවි. (නි)