විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටි සිසුන් හතර දෙනකු සහ මොරටුව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුවකු 2006 ජනවාරි දෙවැනිදා ත්‍රිකුණාමල වරාය පොලිස් වසමේ මුහුදු වෙරළේදී වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයකු සහ කොස්තාපල්වරුන් 11 දෙනකු ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එල් ඒ අස්හාර් මහතා නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔවුන් අනුරාධපුර බන්ධනාගායේ රඳවා තබන ලෙස ද නියෝග කැරිණි.
අත්අඩංගුවට ගත් වාස් පෙරේරා නම් සහකාර පොලිස් අධිකාරීවරයා එවකට පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කර ඇත.
වෙඩි තබා මරා දමා තිබුණේ මොරටු සරසවියේ ඉංජිනේරු ශිෂ්‍ය තංගතුරායි සිවනාදන් හා උසස් පෙළ විභාගයෙන් පසු සරසවි වරම් අපේක්ෂාවෙන් සිටි යෝගිතසාන් රොහාන්ත්, ශන්මුගරාජා සජීන්තිරන්, මනෝහරන් රාජිහාර් සහ යෝගරාජා හේමචන්ද්‍රන් යන පස් දෙනායි. ඔවුහු 1985 වසරේ උපත ලැබුවෝ වෙති.
ත්‍රිකුණාමලයේ නැව් තටාංගනයට හා ෆෙඩ්රික් කොටුවට අසළ වෙරළේ මේ පිරිස විනෝද වෙමින් සිට ඇත.
එම අවස්ථාවේ ඔවුන් පසු කර ත්‍රීරෝද රථයක් ගොස් ඇති බවත්, ඒ සමගම බෝම්බයක් පිපිරී ඇති බවත්, ඉන් පසු ආරක්ෂක අංශයක බව කියන වාහනයකින් පැමිණි පිරිසක් ඔවුනට හිරිහැර කර වෙඩි තබා ඇති බවත් වාර්තා විය.
ඔවුනගෙන් තිදෙනකුගේ හිසටත්, අනිත් දෙදෙනාගේ පපුවට හා උදර ප්‍රදේශයටත් වෙඩි වැදී තිබිණි.
එතැන සිටි තව දෙදෙනකු මුලින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කැරුණු සැකකරුවන් සහ තවත් සැකකරුවෙක් 2006දීම අත්අඩංගුවට ගෙන සාක්කි නැති කමින් නිදහස් කැරිණි.
තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. ඔහු දැන් ප්‍රභූ ආරක්ෂක අංශයට අනියුක්තව සේවය කරන බව දැනගන්නට ඇත.
මෙම ඝාතන සිද්ධිය මානව හිමිකම් ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් විය.
(ඡායාරූප අන්තර්ජාලයෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන් න දෙයක් නේ පොදු රාජ්‍ය සම්මේලනය ඉවර වනු ගමන් කට්ටිය එළියේ. (අ)
ආත්ම ආරක්ෂාවට වෙන්න ඇති වෙඩි තියලා තියෙන්නේ. (නි)
ඔන්න අපේ "විරෝධාර රණවිරුවන්ගේ" නියම පැටිකිරිය එලියට එනවා. මේ වගේ නොදියුණු රටකයි, දියුණු ශිෂ්ට සම්පන්න රටකයි අතර වෙනස තමයි, පැමිණිල්ල ආපු ගමන්ම ඒක ගැන පරීක්ෂණ කරලා වැරදිකරුවන් අල්ලලා දඬුවම් කරනවා. ඒත් මෙහෙ ඒකේ අනිත් පැත්ත. මම හුණා වගේ කියනවා ඔය ඔක්කොම බේරෙනවා අන්තිමට. ඒක තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ. (නි)
මේවා සහගහන අපරාධ. මේවා ඉතිහාසයේ කළු පැල්ලම්.මෙයාලා නීතිය ඉස්සරහට ගෙනැල්ලා දඩුවම් දෙන්න. ඒක ලෝකයටම අපි යුක්තිගරුක ජාතියක් කියලා පෙන්වීමක්.අපේ ජනතාවගේ මුදලින් ආරක්ෂක අංශ නඩත්තු කරන්නේ ජනතාවගේ ආරක්ෂාවට. (නි)
මේ සිද්ධිය වුනේ ජනවාරි 02. ඊට දවස් 4 කට පස්සේ මේ සිද්ධිය මුල් කරගෙන ජනවාරි 06 වෙනිදා අලුයම ත්‍රිකුණාමලයේ මුහුදේදී සාමාන්‍ය රාජකාරියේ යෙදුනු ඩෝරා යාත්‍රාවක් මිනීමරු කොටි විසින් මුහුදුබත් කළා. ඒකෙ හිටපු නිලදාරීන්ගේ ජීවිත වලට වග කියන්නේ කව්ද ? (නි)
මේගොල්ලෝ 2006 කරපු මිනීමැරුමකට දැන්ද අත් අඩංගුවට ගන්නේ? (නි)
සුලෝචනා, ඔයාට දෙයක් කතා කරන්න නෑයෙක් මැරෙන්නම ඕනෑ වුනාට අනික් මිනිස්සුත් ඔයා වගේම ආත්මාර්ථකාමී කියලා හිතන්න එපා. තමන්ගේ නෑයන්ටත් ඔහොම වෙයි ඔය විදියට යනකොට. එතකොටවත් ඔයා ඒ අපරාධ ගැන කතා කරන්නකෝ. (නි)
ඉන්දික, ඔබ හරි (නි)
එතකොට සෝමපාල උඩුගම්පොල.(නදී)
මේකත් අවුරුදු ගානක් පෙන්නන මෙගා ටෙලි නාට්‍යයේම කොටසක් විතරයි කියලා අපේ මිනිස්සු කවදා තේරුම් ගනීවිද මන්දා? අවසානයේ පාලක සියල්ලෝ සතුටින් නැවත වැජබෙනු ඇත. අපේ මිනිස්සු මෙගා කොටස්වල රසයට හුරේ දමා සියලු බර අදිනු ඇත.(නදී)
එතකොට ට්‍රින්කෝ සෙල්ලම් දාපු කොටි පිස්ටල් ක්ලික් එකට මොකද උනේ?(නදී)
ලංකාවේ සමහර මිනිස්සුන්ගේ ප්‍රතිචාර දැක්කම හිතෙනවා අවුරුදු 30ක් ලංකාවේ ත්‍රස්තවාදයක් තිබුනා කියලා මිනිස්සුන්ට අමතක වෙලා කියලා. මම මේ සම්පත්ගෙන් අහන්නේ යුද්ධය නිසා දිවි පිදු 30000 කට අධික රණවිරුවන්ගේ ජීවිත වලට වග කියන්නේ කව්ද? එහෙනම් ඒ දෙමාපියන්ටත් කියන්න තමන්ගේ දරුවෝ වෙනුවෙන් මානව හිමිකම් නඩු දාලා ඒ අයටත් යුක්තිය ඉටුකරන්න කියලා (නි)
මේකද සාධාරනේ? මොනවා වුනත් මේ වගේ දේවල් වලට දඬුවම් තීරණය වෙන්නේ ස්වභාව ධර්මයෙන්. එය නීතියට වඩා දරුණුයි. එතකොට විනාශ වෙන්නේ පවුල් පිටින් (නි)
සිංහල දෙමල මුස්ලිම් අපි හැමෝම මෙවැනි සිදුවීම් වලට වගකිව යුතුයි.නිතිය බලය අතට ගන්න ගිහින් 89 කාලයේදී සිංහල අපට සිදු වුනෙත් මේ අසාධාරනයමයි. සිංහල දෙමල අපි බැට කෑ හැටි දැන දැනත් මුස්ලිම් නායකත්වය මුස්ලිම් තරුණ කොටස් උසි ගන්වමින් ගෙනයන්නේ මේ අවස්ථාවටම බව අවධාරණය කරනු කැමැත්තෙමි. (දී)
මේකේ අදහස් දාන සමහරක් 50-50 කොහෙද? මෙයාලට අපේ අය ගැන කැක්කුමක් ඇත්තේම නැහැ. (දී)
අනේ, දැනුයි මෙයා මතක් උනේ මේක උසාවියට දාන්න. (අ)
විදු, කව්ද එතකොට 88/89 කාලේ දිවි පුදපු 60,000 ට ආසන්න තරුණ ජීවිත වලට වග කියන්නේ? ඔයාද? දැන් ඔය වලවල් වල ඇටසැකිලි මතු වෙන්නේ. කිසිම වගකියුතු ආරක්ෂක අංශයකට බැහැ අහිංසක මිනිස්සු මරන්න. ඇමරිකවේ වුනත් ලංකාවේ වුනත් වැරැද්ද වැරැද්දමයි. හදවතට කතාකරලා අහන්න ඔබේ පුතාට දුවට ඔය දේ වුනොත් ඔබ ඔය විදියටම කතා කරාවිද කියලා. මනුෂ්‍යයෙක් ලෙස කල හැකි වටිනාම දේ තමයි මිනිස් ජීවිත ආරක්ෂා කිරීම. මිනිස් ජීවිත විනශ කරන මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න එපා. එය තවත් මිනිස් ජීවිත විනාශ කිරීමට අනුබල දීමක්. වැරැද්ද වැරැද්ද විදියට දකින්න. (දී)
මේවා අහස පොලව නුහුලන අපරාධ. මේ වගේ අපරාධ වලට දඩුවම් දෙන්න ඕනෑ. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙන්න පුළුවන්. (දී)
ලකී තව දුරටත් මේ නොදියුණු අපිට පවු නොදී කොහේ හරි තියන රටකට මක බෑවෙනවකෝ. ලොකු උදව්වක්.(නදී)
ලාල් මහත්තයෝ, අපි ඔක්කොම මිනිස්සු. අපේ අය තමයි ඔක්කොම. අපේ අය නොවෙන්න අගහරු ලෝකෙන් ආපු මිනිස්සු නැහැනේ ලංකාවේ. මනුෂ්‍ය ජීවිත ගැන කැක්කුමක් තියෙන නිසා තමයි මේවට අපි විරුද්ධ. මම හැම වෙලේම හිතන්නේ මට මෙහෙම වුනොත්, මගේ දරුවෙකුට මෙහෙම වුනොත් කියලා හිතලා කොහොමද මට හිතෙන්නේ කියලා තමයි මම අදහස් දක්වන්නේ හැම වෙලේම. අපි හැමෝම මනුස්සයෝ ලාල් මහත්තයෝ. (දී)
එස්.ටී.එෆ් එක ඒ දවස් වල වැඩ කරනකොට ඔය කාටත් හොදා. දැන් තමා කට්ටියටම මානව හිමිකම් මතක් වෙන්නේ මොකද දැන් කොහෙවත් බෝම්බ පුපුරන් නැහැනේ. එල්.ට්.ට්.ඊ එකේ මහා මොළ කාරයෝ එලියට ආවේ යාපනය කැම්පස් එකෙන් තමා. අපේ සිංහල ජාතියට ඉක්මනටම හැම දෙයක්ම අමතක වෙනවා. ඒ මිනිස්සු අද හිරේ ඉන්නේ මේ රට වෙනුවෙන් වැඩ කරලා. ගොඩක් කට්ටිය බන කියනවා දැන්. ආයෙමත් යුද්දයක් ආවා නම් බලන්ඩ පුළුවන් බන කියන අය මොනාද කියන්නේ කියලා. මෙහෙම වෙන කොට තමා සුද්දා සිංහලුන් ගැන කියපු කතාව ඇත්ත කියලා හිතෙන්නේ.(නදී)
ඒ මිනිස්සු අද හිරේ ඉන්නේ රට වෙනුවෙන් වැඩ කරන්ඩ ගිහින්. එල්.ටී.ටී.ඊ එකේ මහා මොළ කාරයෝ ගොඩක් හිටියේ කැම්පස් වලින් ආපු අය. අපේ අය මනුස්ස කම ගැන කතා කරනවා දැන් මහා ලොකුවට. ඒ මොකද දැන් යුද්දේ ඉවර නේ. සිංහල ජාතියට තරන් මුල අමතක වෙන ජාතියක් තවත් මේ ලෝකේ නැතිව ඇති. ඒ මිනිස්සු ආසාවට මිනි මරුවා නෙවේ මේ රට වෙනුවෙන් තමා ඒ දේවල් කරන්ඩ ඇත්තේ. ගොඩක් අයට දැන් තමා දුක හිතිල තියෙන්නේ ආයෙමත් යුද්දයක් ආව නම් බලා ගන්ට පුළුවන් ඔය දැන් බන කියන අය මොකද කරන්නේ කියලා. අපේ සෙබළුන්ගේ මිනි උඩින් නැගිටපු ජාතියක් අපි. ඒ නිසා මේ ජරා එල්.ටි.ටි.ඊ එක වෙනුවෙන් කඩේ යන්ට එපා සිංහලුනේ.(නදී)
මෙයාලා අහිංසකයෝ කරන්න කට්ටිය හදන්නේ. එද තිබුණු විදිය දන්නේ අපි. මේ වයසේ කොල්ලෝ තමයි එල්.ටී.ටී එකේ වැඩි හරියක් හිටියේ. ගම් වලට පැනලා ළමයි කපල කොටලා මැරුවේ. බස් වලට බෝම්බ තියලා අහිංසකයෝ මැරුවේ. පිස්ටල් කල්ලි වල ඉදන් මිනී මැරුවේ. එදා තිබුණු තත්වේ උඩ රෑට මුහුදු වෙරළේ විනෝද වෙන්න කව්ද යන්නේ.(නදී)
අරුණ, අතීතයට පන දෙන්න හදන්න එපා. කොටි මිනී මරපුවත් වැරදියි තමයි. කොටින්ටත් මේ වගේම දඩුවම් කරන්න ඕනෑ. 88/89 කලේ මරපුවත් වැරදියි තමයි. ඒවටත් දඩුවම් කරන්න ඕනෑ. ඒවාට නම් ගොඩක් අයට දඩුවම් හම්බ වුණා ස්වභාව ධර්මයෙන්. කල් ගිහින් හරි අනික් යටත් හම්බ වේවි. (නි)
කාලෙකට පසු දුටු හොඳ ප්‍රවෘත්තියක්. යුද අපරාදකරුවන්ට දඬුවම් දීම දෙමළ මිනිසුන්ගේ හිත් දිනාගත හැකි ක්‍රමයයි.(නදී)
මේ වගේ අපරාද වලට දඩුවම් දෙවියන්ගෙන්ම ලැබෙන්න ඕනෑ. 89 මගේ අයියටත් ඕකමයි වුනේ. (නි)
මෙයාලා ඔහොම්මමයි (නි)
ඉතින් මේ මිනිස්සු වෙනම රටක් පොලිස් සහ ඉඩම් බලතල ඉල්ලන එක අහන්නත් දෙයක්ද ? (නි)
උණ්ඩයක්වත් හදන්න තාක්ෂණයක් නැති අපි අධිරාජ්‍යවාදීන්ගේ උපායන්ට හසුවී අපේම අනාගත පරපුර වනසනවා. (නි)
සිද්ධිය සෝචනීයයි නමුත් 2006 සිද්ධියක් දිහා බැලිය යුත්තේ එදා පැවති වාතාවරණයට අනුකුලවයි.(නදී)
මම සිංහල. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි.මේ දරුවන්ගේ ජිවිත අපරාදේ. අපරාද වලට දඬුවම් දිය යුතුමයි. හමුදාව කියන්නේ ප්‍රභාකරන්ගේ ගෝලයෝ වගේ ත්‍රස්තවාදී වැඩ කරන අය නොවෙයි. ඒ අය හරි විනයක් ඇතුව ඉන්න, කටයුතු කරන්න ඕනෑ (නි)
කවදා වාතාවරණය යටතේ බැලුවත් අපරාධය අපරාධමයි. (නි)
අදහස් සැමටම පොදුවන ලෙස ප්‍රකාශ කරන්න වගබලා ගැනීම අප කාගේත් වගකීමක් වගේම ,ජිනීවා වලට මේක හොද ප්‍රවෘත්තියක් වේවි නේද? (නි)
දහස් ගනන් මරපු කරුණව පාර්ලිමේන්තු ගෙනාවා. ගම්වලට පැනලා සිවිල් මිනිසුන් ඝාතනය කරපු කොටින්ව පුනරුත්තාපනය කරලා එළියට දැම්මා. මේ පොලිස් නිලදාරීන් මේ දේ කලේ ආණ්ඩුව ආරක්ෂා කරන්න මිසක් තමන්ගේ දේපලක් බේරාගන්න නෙමෙයි. මේ අය වහාම නිදහස් කළ යුතුයි.(නදී)
කටුනායක වෙළද කලාපේ සේවක අයිතීන් වෙනුවෙන් පැවති උද්ඝෝෂණයේදී වෙඩි තැබූ තරුණයට හා හලාවතදී වෙඩි තබා මරාදැමු ඇන්තනි ධීවරයා ඝාතනයට සම්බන්ධ කට්ටියවත් නුදුරු අනාගතයේදී මේ වගේ සිද්දියකට මුහුණ දෙන්න වේවි (නි)
වාස්ලට අපලයි වගේ.(නදී)
පොලිසිය ගැනනම් සතපහක විශ්වාසයක් නැහැ. එස්.ටී.එෆ් හා හමුදාව ගැන මිනිස්සු හරි ආඩම්බරෙන් ඉන්නේ. මේ පිළිබඳව සොයා බලා අගතියට පත් අයට සාදාරණය ඉටුකරන්න කියා ඉල්ලනවා. (නි)
පොදුරාජ්‍ය සමුළුව කිට්ටු වෙනකොට කට්ටිය කලබලවෙන හැඩයි (නි)
පිටිගල මිලානෝ, ඔයාගේ මල්ලි හරි පුතා හරි මේ විදියට මැරුනා නම්, ඒත් ඔයා එදා වාතාවරණය අනුව බලනවද ? (නි)
මිනිස්සු නොමිනිස්සු වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ
නීතිය සැමටම සාදාරන විය යුතුයි. ඇත්තටම එල්. ටී. ටී. ඊ. සංවිධානය වර්ධනය වුනේ මේ වගේ සිද්දීන් තුලයි. මේ අය එල්. ටී. ටී. ඊ. නම් අනුගමනය කල යුතු වෙනම ක්‍රියා පටිපාටියක් තිබුනා. 88 - 89 කාලෙත් මේ වගේ සිදුවීම් එවකට කුඩා ළමුන් ව සිටි අපට හොදට මතකයි. මොන විදියටවත් මේ වගේ සිදුවීම් සාදාරනය කරන්න එපා. මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ දේවල් තරයේ හෙලා දැකිය යුතුයි. (නි)
අනේ වාස්ලට අපලයි වගේ (ස)
මෙයට දැඩි දඬුවම් දිය යුතුයි. අපි සිංහල බහුතරය.. අපි සුළුතරය උනොත් කොහොමද වෙන්නේ කියල හිතලා කටයුතු කරමු. ලංකාවේ සියලුම අපරාදකරුවන්ට දැඩි දඬුවම් දිය යුතුයි. (ස)
එස්.ටී.එෆ් එක වැරදි නම් උපරිම දඬුවම් දීල ඒ ළමයින්ගේ පවුල් වලට සාදාරණයක් ඉටු කරන්න ඕනේ. (ස)
මේ තරුණයන් මරුනේ බෝම්බ ගැහුවේ මොවුන් කියා වැරදි ලෙස හඳුනාගැනීමක් නිසා . යුද්ධ වලදී මෙසේ වෙනවා . ඇමෙරිකන් ඩ්‍රෝ න් වලින් වැරදිලා පොඩි දරුවන් බුරුතු පිටින් මරන්නේ . මිනි මැරූ කොටින්ට වසර 1 කින් සමාව දී නිදහස් කර පොලිසියට පවා බඳවා ගත් ලෙසට මොවුන්වද සමාව දිය යුතුයි. (ස)
ශිෂ්‍ය කම නිදහසට කාරණාවක් නෙමෙයි..ත්‍රස්තවාදියා ත්‍රස්ත වාදියාම තමයි. (ස)
වරුණ හීන දකිනවා.මේ සිද්ධිය අපි දැක්කේ නැහැ.නමුත් ඔය කියන සිද්ධි දෙක අපි දැක්කා. එයාලා හැසුරුණු විදිය දැක්කා. (නි)
වරුණ මොකද මේ හැමනිතරම කටුනායක වෙළඳ කලාප ඝාතනයක් ගැන කතා කරන්නේ ? ඔයාගේ නෑදෑ කෙනෙක්ද මැරුනේ? (ස)