කෝප් කමිටුවේ නිර්දේශ පිළිබඳව අද පැවැති අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කළ බවත්, එම නිර්දේශ නීතිපතිවරයාට සහ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවට යොමු කර පරීක්ෂණ පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ දී අවධානය යොමු කළ බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ පයාගල රාජිත සේනාරත්න ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයක දී ය.
‘කෝප් කමිටුවේ සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙක්. රාජපක්ෂ සමයේ කෝප් කමිටුවේ සභාපති වූයේ අමාත්‍යවරයෙක්. එයයි යහපාලන රජයේ වෙනස. කෝප් කමිටුවේ නිර්දේශ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී සාකචිඡා කළා. එම නිර්දේශ කථානායක වරයා හරහා නීතිපතිවරයාට යොමු කිරීමටත්, රාජ්‍ය මුල්‍ය දෙපාර්තෙමින්තුව හරහා පරීක්ෂණ පැවැත්වීමටත් අවධානය යොමු කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එම පරික්ෂණ පිළිබදව කරුණු පැහැදිලි කළා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිධූරයට පත් කරන විට මම විරුද්ධ වුණා. ඔහු පිළිබදව විශ්වාසයක් නොමැති බව ප්‍රකාශ කළා. එවිට අග්‍රාමාත්‍යවරයා කියා සිටියා ප්‍රශ්නයක් ඇති වුවහොත් පසුව විසදාගමු කියලා. නමුත් මා ප්‍රකාශ කළ ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රශ්නයක් ඇති කර ලංකාවම ගඳ ගැස්සුවා. ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ඇතුළු පිරිසක් අල්ලස් කොමිසටම මෙම ප්‍රශ්නය ඉදිරිපත් කර තිඛෙනවා. රාජපක්ෂ පාලන සමයේ දී ඔවුන්ට මෙවැනි ප්‍රශ්න අරගෙන අල්ලස් කොමිසමට යන්න බැරි වුණා. එදා ප්‍රශ්න අරගෙන ගියා නම් වාසුදේව මන්ත්‍රීවරයාට වෙන්නේ ඇමැතිකම නැතිවීම පමණයි.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුජීව, හීන මවන්න එපා. රාජපක්ෂට ආපහු ආණ්ඩු පිහිටුවන්න බැහැ. හැබැයි සමහරවිට විරුද්ධ පක්ෂ නායකයා වෙන්න නම් පුළුවන් වෙයි. රාජපක්ෂව ඉස්සර කරගෙන ඉන්නේ ඡන්ද පදනමක් නැති අය. (නි)
ඔච්චර වැරදි දැක දැක ඉන්නේ නැතුව අයින් වෙන්න තිබුණානේ. බලය රැක ගැනීම විතරයි මෙතුමාගේ එකම අරමුණ (බ)
කෝප් එක වුනත් මහබැංකු වංචාව ඇදල ගත්තේ ඒකට විරුද්ධව මහා ජනමතයක් ගොඩනැගුනු නිසයි. රටම ඒ ගැන කතා කරන්න ගත්තු නිසයි. මේගැන හැමෝම කතාවෙන නිසයි කෝප් කමිටුව මෙවැනි උත්තරයක් දුන්නේ.... (බ)
මේ මොන කථාද ටෙලිෆෝන් බිල් එනකොට දැනේවි. කවුරුත් එකයි (බ)
ඒකනේ ඒ අයව පැරදුනේ. දැන් අයට ඡන්දෙ දුන්නේ ඒකාලේ මෙහෙමයි කිය කිය ඉන්න නෙමෙයි. හරියට වැඩ කරන්නයි. (ම)
රටක රජකම හෝ ජනාදිපතිකම හෝ අගමැතිකම වගකීම් උසස් යන ඉහළ දුරයන් දෙන්නේ,,! එරටේ ප්‍රධාන පවතින ආගම, කුලය, ජාතිය, හා උගත්, වැදගත්කම අනුවයි නමුත් ලංකාව තිබුණේ රජකාලේ දැන් ලංකාව වැනසී තියෙන්නේ එ් නිසයි, එය ඔප්පු කිරීමට අද සිට එකල ඉතිහාසය දිහා බලන්න . (ම)
මහා මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු වලට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව සොයාබලන්න. කටමැත නොදොඩා පිවිතුරු හෙළ උරුමය, ඒකාබද්ධ විපක්ෂය මේ ගැන සොයාබලන්න. ඔබට තොරතුරු ලැබෙනු ඇති. නැත්නම් අපිට සිතාගන්නට වෙන්නේ ඒකාබද්ධ විපක්ෂයටත් කුට්ටියක් ලැබුන බවයි. මහා බැංකු මගඩිය පියවාගන්න මහජනයාට බදු පැනවීම හෙළා දකිමු. විදි බහිමු. එකතු වෙමු. (නි)
රාජපක්ෂ සමයේ ඉදිරිපත් වුණ කෝප් කමිටු වාර්තා අනුව එතුමාලා වැඩ කළාද? (නි)
ඔය ඉස්සරහට තියන කාලෙත් ගත කරන්න එපායැ. එකපාර ඔක්කොම කියන්න එපා. මේ අවුරුදු දෙකේම කළේ වැඩ නොවෙයි, පහුගිය කාලේ අයට බැනපු එකනේ. දුකක් නැහැ, අඩුගානේ මහින්ද යුද්ධය ඉවර කළා කියලාවත් කියනවා නම්. (නි)
ඔව් මමත් කිව්වා..., මමත් කිව්වා කියලා කියන්න දැන් පෝළිම් ගැහිලා ඒවි. මහින්දව දාලා මෛත්‍රී ළඟට ඇවිත්ල්ලා ඊටපස්සේ රනිල් ළඟට පැනගත්තේ එතන හොඳ හින්දනේ. දැන් ඉතින් ගෙදර යන දවස එනකම් ඔහොමම යමු. (නි)
කළුතර සහ බේරුවල ඉන්න අපෙන් අහන්න එයාලගේ වැඩ ගැන. ඉස්සර ටකරන් බෙදුව හැටි වගේ තමයි දැනුත් වැඩ. (නි)
රෝහණ හරියටම හරි. (නි)
එදා ප්‍රශ්න අරගෙන යන්නේ කාට විරුද්ධවද? ඉතින් ඒ කාලේ විපක්ෂය හිටියේ මර නින්දේද? මහින්දලා වැරදි කළා නම් ඇයි විපක්ෂය නැඟීහිටියේ නැත්තේ? අල්ලස් කොමිසමට ගියේ නැත්තේ? (නි)
ඇයි අනෙක් වැරදි කළ අය වගේ කෙළින්ම එෆ්සීඅයිඩි එකට යවන්නේ නැත්තේ? (නි)
රාජපක්ෂ රජයක් තිබුනා නම් මේ ෆයිල් හංගලා ඒ ගැන හොයන්න ගිය අයට සහ පත්තර වලට ලියපු අයට දෙයියන්ගේම පිහිටයි. (නි)
සුජීව, ඔයා හරියටම හරි. යන්න තැනුත් හදාගන්න කියන්න දැන්මම. (නි)
“පයාගල රාජිත සේනාරත්න ක්‍රීඩාංගනය“. ඒ වුණාට කෑගහන්නේ රාජපක්ෂලා පොදු දේපල වලට තමන්ගේ නම දාගන්නවා කියලා. (නි)
රාජිත මහතා ගැන අපි හොඳට දන්නවා. ඔබේ කතා අහලා ඒවා පිළිගන්න මිනිස්සු නැහැ. නමුත් ඒවාට ප්‍රතිඋත්තර දෙන මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. (නි)
ඇත්ත තමයි. රාජපක්ෂ සමයේ ඉදිරිපත් වුණ කෝප් කමිටු වාර්තා අනුව එතුමාලා වැඩ කළාද? දැන් එ්කාබද්ධේ අය කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේ. (නි)
තාමත් ඔය කතා කියලා මහජනතාව රවටන්න හදන්න එපා. කියන කතා කිසිම වැදගැම්මකට නැති, බරක් නැති ඒවානේ. (නි)
සුජීව, ඔයා තවමත් දවල් හීන දකිනවා. මහබැංකු බැඳුම්කරය වංචාවක්. ඒවාට දඬුවම් ලැබෙයි. (නි)
රාජිත ඇමතිතුමා බලන්නේ තමන්ට ලකුණු දාගන්න. ආණ්ඩුව පමණක් නොවෙයී - මුළු කබිනේට්ටුවම ගදයී. රාජිත ඇමතිතුමා, ඔයාට විරුද්ධ ඇති වංචාකාරී නඩුව ඉක්මනට විසදා ගන්න. රාජපක්ෂ රජයක් ආවොත්, යන්න තැනක් නැතිවෙයී. (අ)
ගඳ ගස්සන මිනිස්සු ගෙනාවේ කවුද.(අ)
ඔය නොකියා කියන්නේ තමාගේ ඇමතිකම රැකගන්න ඕනෑම වැඩක් කරනවා, ඉවසනවා කියන එකනේ (නි)