මේ දවස්වල නිතර නම කියැවෙන සුප්‍රකට කොමිසමක ඉහළම තනතුරක් දරන නෝන කෙනෙක් පසුගියදාක අලුත් කඩේ පැත්තෙදි කළුකෝට්කාර යාළුවො කස්ටියක් හම්බ වුණා.
මේ නෝන යහපාලන කස්ටිය අතරේ ජනප්‍රිය කෙනෙක් වුණාට විපක්‍ෂ කස්ටිය එයා ගැන මනාපයක් නැති නිසා නෝන විපක්‍ෂයෙ හිතවත්තු වන කළුකෝට්කර යාළුවන් එක්ක කතා කරද්දි විහිළුවෙන් වගේ අපූරැ ප්‍රශ්නයක් ඇහුවලු...
"ඔයාලගෙ කස්ටිය මට ලස්සන විහිළු නමක් දාලය කියල ආරංචියි" නෝන කිව්වා...
"මොකද්ද අනේ ඒ නම. අපි නම් දන්නෙ නැහැ..." එයා කළුකෝට්කාර මිත්‍රයෙක් කිව්ව.
ඊළඟට කොමිසමේ නෝන අකුරැ තුනක නමක් කියලා ඒක නේද මට දාපු නම කියල මිත්‍රයගෙන් ඇහුව.
ඒත් මිත්‍රය උත්තර දෙන්න ගියේ නැහැ. හිනාව තද කරගෙන නිකම් හිටියා...
ඊළඟට ආයෙත් නෝන කතා කළා "කමක් නැහැ... කෝකටත් නම දාපු අයට කියන්න මම ඒ නමට හුඟක් කැමැතියි... ආසයි කියලා..." එහෙම කියපු නෝන යන්න ගියා...
එතුමිය ගියා. හිනාව තදකරන් හිටපු කළුකෝට් මිත්‍රයට හයියෙන්ම හිනා ගියාලු... හිනාවෙලා ඉවරවෙලා මෙහෙම කිව්වලු...
"එයා දන්නෙ නැහැ ඇත්තටම දාපු නම මොකද්ද කියල.. ඕක නෙවෙයි එයා ඔය නමේ අකුරැ මාරැ කරගෙන..." කළුකෝට් උන්නැහේ කිව්ව... එතකොට එතන හිටපු එයාගෙ තවත් මිතුරෙක් කිව්ව ඉතින් තෙපර බාන්නෙ නැතුව හරි නම කියපන් කියල..
"අපෝ මට පුළුවන්ද මෙතන කැත වචන කියන්න" කියපු කළුකෝට් යාළුවත් මාරැ වෙලා ගියා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඒ නම කියන්නකෝ
රිතික් Tuesday, 23 August 2016 03:37 AM
අනේ ඒ නම කියන්නකො කවුරුහරි (නි)