IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඒ පාර ගුරුන්ට තර්ජන?

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයයේ ගුරුවරුන් කිහිප දෙනකුට සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයාට එල්ලවීයැයි කියන තර්ජන සම්බන්ධයෙන් මොරටුව පොලිසියට කළ පැමිණිලි ගැන නිසි විභාගයක් කර ගුරුවරනට බියකින් සැකයකින් තොරව රාජකාරි කරගෙන යෑමට  අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය පොලිස්පතිට ලිඛිතව දැනුම් දුන් බව එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

 කළමනාකරන කමිටුව නියෝජනය කර ගුරුවරුන් කිහිප දෙනකුට සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්ට එලෙස තර්ජනය කර ඇති බවත්, මේ හේතුව නිසා පාසල් සංවර්ධන සමිතියේ ලේකම් එම තනතුරින් ඉවත් වී ඇති බවත්  ස්ටාලින් මහතා සඳහන් කරයි.

 පාසල් පරිපාලනයට එරෙහිව සිදුවිය හැකි ක්‍රියාමාර්ග නතර කිරීමට කටයුතු කරන ලෙස ද විදුහල්පතිට, ගුරුවරුනට හා සිසුනට ගැටළුවකින් තොරව පාසල් කටයුතු කර ගැනීමට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස ද හෙතම ඉල්ලයි.



අදහස් (0)

ඒ පාර ගුරුන්ට තර්ජන?

ෂෙරිෆ් Sunday, 25 August 2013 10:04 PM

දණගහන්න සැරසෙනු....! (නි)

:       0       0

සේරම් Monday, 26 August 2013 12:19 AM

අහෝ රටකට ගිය කලක්! මොනවා කියන්නද මොනවා කරන්නද කියා නොදනී (නි)

:       0       0

උපාලි Monday, 26 August 2013 07:04 AM

සේරම්, ඔබ කියනවා වගේ 'අනේ අපේ රටට ගිය කලක්'. මෙවැනි හැම සිද්ධියකින්ම පෙනෙන්නේ නීතියේ බිඳ වැටීමයි. ඕනෑම කෙනෙකුට ඕනෑම විකාර වැඩක්, තර්ජනයක්, අපරාධයක් කර ඉන් බේරී සිටීම ඉතාම පහසුයි. පොඩි අත්තක් අල්ලගත්තාම ඇති. (නි)

:       0       0

සෙන්සා Monday, 26 August 2013 09:33 AM

කරුණාකර වාර්ථාව සමිපූර්ණයෙන් දමන්න. තර්ජනය කර ඇත්තේ කවිද?මොනවා සමිබන්ධයෙන්ද? පැහැදිලිව ලියන්න. නැතිනමි මෙම වාර්තාවෙ ඇති වටිනාකම මොකක්ද? (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 26 August 2013 10:20 AM

මේක හරිම කරදරයක් .. එක වෙලාවකට විදුහල්පතිට තර්ජන .. දැන් ගුරුවරුන්ට ..... ඔය ආදී ශිෂ්ශයෝ ටික තමයි පාසැල කන්නේ....මේ අයට ඕන කොහොම හරි සල්ලි කීයක් හරි කඩා ගන්න... එන එන එක ඒගොල්ලො එක්ක හිටියොත් හොඳයි. නැත්නම් එයා හොඳ නෑ... කානිවල් එකක් කරන්න තියෙනවානම් ඔය එක ප්‍රශ්නයක් වත් නෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 585 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 827 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 37 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1253 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2477 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3259 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35026 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24039 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site