ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිලට දිල්හාර ප‍්‍රනාන්දු කැදවා තිබේ. දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව මේ මස 20 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩකයන් කීප දෙනකු තෝරා ගැනීම සඳහා පුහුණු තරග දෙකක් පැවැත්වෙයි. මෙම පුහුණු තරග සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා ඒකාබද්ධ පිලට දිල්හාර ප‍්‍රනාන්දු කැඳවා තිබේ.
මෙම පුහුණු තරග දෙක මේ මස 14 සහ 15 දෙදින කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න ද, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිලේ නායකයා ලෙස ඩිල්ෂාන් මුණවීර ද, කටයුතු කරති.
දකුණතින් වේග පන්දු යවන දිල්හාර ප‍්‍රනාන්දු 2012 වසරේ ජනවාරි මස 11 වැනිදා දකුණු අප‍්‍රිකාවේ පාල් නුවරදී, දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව සභාගිවූ එක්දින තරගයෙන් පසු මාස 19 කින් එක්දින ජාත්‍යන්තර තරගයට ක‍්‍රීඩා කර නැත. එම තරගයේදී දිල්හාර යැවූ ඕවර 9 න් ලකුණු 65 ක් ලබා ගැනීමට දකුණු අප‍්‍රිකානු පිතිකරුවෝ සමත් වූහ. 33 හැවිරිදි දිල්හාර එක්දින තරග 147 කදී කඩුලූ 187 ක් දවාගෙන තිබේ.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල:
දිමුත් කරුණාරත්න (නායක), මහේල උඩවත්ත, ඇන්ජලෝ පෙරේරා, තිළිණ කණ්ඩම්බි, කෞෂාල් සිල්වා, ජනක ගුණරත්න, චතුරංග ද සිල්වා, ෆර්විස් මහරුෆ්, ඩිල්රුවන් පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, විමුක්ති පෙරේරා, මධුර ලක්මාල්, ඉෂාන් ජයරත්න සහ මාලිංග බණ්ඩාර
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල:
ඩිල්ෂාන් මුණවීර (නායක), චාමර කපුගෙදර, සචිත‍්‍ර සේරසිංහ, සමීර සොයිසා, අෂාන් ප‍්‍රියංජන්, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න, දිල්හාර ප‍්‍රනාන්දු, තිළිණ තුෂාර, ළහිරු ගමගේ, කෝසල කුලසේකර සහ ඉසුරු උදාන
(●●)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාව එක්ක තරග කරන කොට වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයන් කණ්ඩායමේ සිටිය යුතුයි. ද.අප්‍රිකාව සමග ක්‍රීඩා කරන සෑම කණ්ඩායමක්ම කරන දෙයක් තමයි පැයට කිලෝ මීටර් 140 ඉක්මවා පන්දු යවන්නන් කණ්ඩායමට ඇතුල් කර ගන්න එක. දැනට එසේ පන්දු යැවීමට හැකි අය සිටින්නේ මාලිංග විතරයි. කුලසේකර අබාදයකට ලක්ව ඇති නිසා දිල්හාර කණ්ඩායමට ඇතුල් වෙන එක වැදගත්. බලමු පුහුණු තරග වල දිල්හාරගේ රග දැක්වීම කොහොම වෙයිද කියලා.(නදී)
ඇන්ජලෝ හොදට බැට් කළොත් හොදයි (නි)
දිල්හාරගෙන් අපිට ලොකු දෙයක් කරගන්න තිබ්බා. එයාව එක දීගට තරඟ වලට දැම්මා නම්. හැම තේරීම් කමිටුවක්ම එයාව කැපුවා (දී)
දිල්හාරගේ පන්දු යැවීමේ විනයක් නැහැ. වාස් ට ලොකු දෙයක් ලංකාව වෙනුවෙන් කරන්න තියෙනවා. වේගයට වඩා වැදගත් විනයක් සහිතව ඔලුව පාවිච්චිකරලා පන්දු යැවීම. මොකද අපිට වඩා වේගපන්දු යවන කට්ටිය දකුනු අප්‍රිකාවේ ඕන තරම් ඉන්නවා.(නදී)
දිල්හාර ඉස්සර ඉදලම එකපාරට උඩින් තමයි එන්නේ. (නදී)
ෂෙහාන් ජයසුරියව මේ පාරත් දාලා නෑ නේද.(නදී)
ඒවාට කතාකරන්න කඋරුත් නැහැ. (නි)