කාන්තාවන් සඳහා වැදගත් පනතක් ඉදිරිපත් වූ අවස්ථාවේ එක් පවුලක් වෙනුවෙන් හඬනගන කණ්ඩායමක් පාර්ලිමේනුතුවේ අවිනීතව හැසිරුන බව චන්ද්‍රානි බණ්ඩාර ඇමිතිනිය පැවසුවාය.
බාධා කළ පිරිස අතර හිටපු ඇමැතිවරියක ද සිටි බවත්, බාධා කිරිම් මැද පනත සම්මත කර ගත් බවත් ඇය කීවාය.
කුමාරයෙක් නිදහස් කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ලොකු උත්සාහයක් ගන්නේයැයි ද, පවුල් පාලනයට ජනවාරි අට වැනි දා තිත තැබූ බව ද බණ්ඩාර මහත්මිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමටගොඩදී අඩු වයස්කාර රියදුරෙකුගේ වාහන ධාවනය නිසා දෙදෙනෙකුගේ ජීවිත අහිමිවූ විට ඊට අදාලව එම බාලවයස් රියදුරාත් ඔහුගේ මවත් අත්අඩංගුවට ගත අවස්ථාවේ ඊට එරෙහිව කවුරුවත් කතා කළේවත්, වීදි බැස්සේවත් , උද්ඝෝෂණය කළේවත් නැහැ නේද? එත් එක දරුවෙක්, යෝශිතත් එක දරුවෙක්. වෙනසකට තියෙන්නේ දෙමාපියන්ගේ ලොකු පුංචිකම් විතරයි නේද ? (කෞ)
කතා මිසක් වැඩ නැහැනේ (නි)
ඉතින් ඒ හිටපු ඇමතිනියටත් කියන්නේ අපේ දැන් ඉන්න සමහර අය වගේ පවුල් දෙකක් වෙනුවෙන් පෙනී සිටින්න කියලාද? (නි)
ඔය කියන කුමාරයා ගිය ආණ්ඩුවේ පිහිටෙන් ඩුබායි වල තානාපති කාර්යාලයේ රැකියාවකට අරිනකොට ඔය කවුරුත් ඊට විරුද්ධව වීදි බැස්සේ නැත්තේ ඇයි. ඒකත් වැරදිනේ. (නි)
දෙමටගොඩ රිය අනතුරට ඇසින් දුටු සාක්කි තිබෙද්දී තවත් උද්ඝෝෂණ මොනවාටද? උද්‍ඝෝෂණ ඕනෑ කරන්නේ මිනිහෙක් පැහැරගත් බවට තමුන්ම ප්‍රකාශ කරලා තිබෙද්දී අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරලා ඊටපසුව පැය දෙකෙන් ඇපදෙන සිද්ධි වලට. (නි)
එතකොට අනිත් ඔක්කොම පවුල් වෙනුවෙන් ඔයගොල්ලෝ පෙනීසිටිනවනේ. ඒක හරි සතුටක්. ඔය කළ විදිය හරි නේද? (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)
සහන්, ඒ ඩුබායි ඇරියේ ඔයා කියන කෙනා නෙමෙයි. (නි)
ඔබ කියන පවුල නැත්නම් ඔබට ඔහොම කතා කර කර ඉන්නවත් රටක් නැහැ. (නි)
අනේ මොකටද තවත් කතා? (නි)
තමන් හැදිලා ඉන්න අනුන්ට බණ කියන්න කලින්. මට කියන්න තියෙන්නේ එච්චරයි (නි)
වහල් සේවයටමද පෙරදිග කාන්තාවන් යවන එක ගැන ඇයි කතා නැත්තේ. (ම)
අනේ බණ්ඩාර මැණිකේ ....උනහපුලුවාටත් තමාගේ දරුවා මැණිකක් ....අමතක කරන්න එපා බුරුතු පිටින් දරුවන්...මහමගේ කඳු වශයෙන් අළු වුණ රටේ.....බුරුතු පිටින් දරුවන් ... ආරක්ෂා කළ පියෙක්ගේ දරුවෙක් වෙනුවෙන් කෙලෙහිගුණ දත් මිනිසුන් හෙලන්නේ කිඹුල් කඳුළු නොවනවග....(බ)