කතරගම ඇසල උත්සවයට සහභාගි වීම සඳහා පාද යාත්‍රාවේ වන්දනාකරුවෝ විශාල පිරිසක් ඔකඳ දේවාලයට පැමිණ සිටිති.
ඔකඳ දේවාල ආරම්භ කරනු ලබන්නේ අගෝස්තු (01) අලූයම ඔවුහු කුමන හා යාල ඔස්සේ කතරගම බලා ගමන් අරඹති.
යාපනය, වවුනියාව, මඩකලපුව හා ත්‍රිකුණාමලය සිට මේ පිරිස පැමිණ සිටිති. වාර්ෂිකව මෙම බැතිමතුන් බාර හාර ඔප්පු කිරීම සඳහා මෙලෙස පාද යාත්‍රාවේද යෙෙදි‚. කතරගම ඇසළ මංගල්‍ය යට සහභාගි වීම සිදුකරති.
මෙලෙස පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට අවශ්‍ය කරන ආහාර පාන, ජලය, ආරක්ෂාව සෞඛ්‍ය සේවාවන් ගිලන් රථ සේවාවන් ඇතුළු සේවාවන් අම්පාර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, පොලිසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය, ලාහුගල ප්‍රාදේශීය සභාව ඇතුළු පහසුකම් සලසා තිබේ.
සෑම වසරකම බැතිමතුන් විශාල පිරිසක් ඔකඳ හරහා පාද යාත්‍රාවෙන් යෙදෙන අතර මෙවරත් විශාල පිරිසක් පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙතැයි ආරක්ෂක අංශ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දසුන් පෙළක්, සිතට සිසිලක් දැනෙයි (නි)
මෙහි අගය කලයුත්තේ බෝයින් හෝ එයාබස් වලින් නොගොස් වන්දනාවක යන දුෂ්කර පා ගමනය.මට හොදට විශ්වාසයි මේ පින්වතුන්,මත්පැන් බොමින්,කැලේ ඉන්න අහිංසක මුව පැටුවන්ට කරදර කරමින්, විනෝද ගමනක යෙදෙන නැති බව.ඔබලා යන මේ ගමන, කිසිම අතවරන්ගෙන් හා බාදා වලින් තොර එකක් වේවා.මේ දුටු මට ඉතා පහන් සිතක් පහළ වුනා.ඔබලා දිහා දෙවියන් නොබලනවා නම් කා දිහා බලන්නද? (නි)
ඉතා සිතින් අගයමි. (නි)
තාමත් මේ දේවල් මේ විදියට රැකි තිබීම අගය කළ යුතුයි. (ස)
චමිල හරි. මෙ මිනිස්සු ඔවුන්ගේ විශ්වාස සහ ඇදහිලි නවීන තාක්ෂණික දියුණුව නිසා තාම අතහැර නැහැ. (ස)
පිටිගල, කොහොමද සිසිලසක් දැනෙන්නේ ? (නි)