IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


’’ ඔන්මැක්ස් ‘ සභාපති අත්අඩංගුවට ගන්න රතු වරෙන්තුවක්

( රෝෂන් තුෂාර)

" ඔන්මැක්ස් ඩී.ටී." නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ සභාපතිවරයාගේ අන්තර්ජාල ගිණුම්වල   රුපියල් කෝටි 1645 කට අධික මුදලක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපළේ කිෂ්ටො කරන්සි හා බයිනෑන්ස් මුල්‍ය වේදිකා හරහා මෙම අන්තර්ජාල ගිණුම් පවත්වාගෙන ගොස් ඇති සැකකාර සභාපතිවරයා යු එස් ඩි පි මිලියන 4.7 මුදලක් මෙසේ ආයෝජනය කර ඇති අතර " ඔන්මැක්ස්  මූල්‍ය සමාගමේ සැකකාර අධ්‍යක්ෂක වරයෙකු කිස්ටො කරන්සි ගිණුම් 400ක් හරහා මුදල් තැන්පත් කර ඇති බවත්,ගිණුම් හතරකින් සෘජුවම මුදල් සභාපතිවරයාට බැර වී ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.

සැකකාර අධ්‍යක්ෂක විසින් සෘජුවම තැන්පත් කර ඇති මුදල රුපියල් කෝටි 385ක් වන බවද කරුණු ඉදිරිපත් කෙරිණි.
මීට අමතරව ජෝර්ජියානු ජාතිකයෙකුගේ ගිණුමකට රුපියල් කෝටි 490කට අධික මුදලක් බැර වී ඇති බවද කරුණු ඉදිරිපත් කළේය.

මෙම සභාපතිවරයා හා විදේශිකයා  ජාත්‍යන්තර පොලිසිය හරහා අත්ඩංගුවට ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් රතු  වරෙන්තුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා  නිකුත් කළේය .

ඔන් මැක්ස් සභාපතිවරයා ලෙස කටයුතු කළ මදුරංග ප්‍රසන්න සමරකෝන් හෙවත් සෑම් බස්නායක නමැති සැකකරු  පොලිසිය මඟ හරිමින් ඕස්ට්‍රේලියාවට පෙන ගොස් ඇති බවට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය .



අදහස් (1)

’’ ඔන්මැක්ස් ‘ සභාපති අත්අඩංගුවට ගන්න රතු වරෙන්තුවක්

Ruwan Wednesday, 13 March 2024 11:30 AM

ඔය වගේ අය අල්ලාගන්න බැරුව සිරිලංකා පොලිසිය ඇඹරුණාට බඩගින්නට කන්න කොස් ගෙඩියක් අඹ ගෙඩියක් වත්තකින් කඩා ගන්න දුප්පත් අහිංසක මිනිස්සුන්ට සද්දේ දාලා උස්සන් ගිහින් කූඩුවේ දාන්න නම් හරි හපන්නු... මේවාට බැංකුවල ලොකු පුටුවල අයත් හවුල්. නැත්තන් පෞද්ගලික ගිණුමක මේ තරම් මුදලක් සංසරණය වෙද්දී ඒ ගැන හොයලා බලන්නේ නැතුව ඉන්නේ නැති නිසා...!

:       2       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 373 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 118 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1807 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2315 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3711 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site