(රංජන් කස්තුරි)
මත්පැන් නිවෙස්වලට ගොනැවිත් අලෙවි කිරීමේ ක්‍රමවේදය කුමන්ත්‍රණයක් හෙයින් ඊට විරෝධය දැක්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 63 දෙනකු පමණ මියයන අතර කොරෝනා ආසාදිතව ද මේ වන විට දිනකට පුද්ගලයන් 60ක් පමණ මිය යන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
කොරෝනා වසංතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ ඖෂධ හෝ නිවෙස්වලට බෙදාහැරීම සඳහා මෙතෙක් නිසි ක්‍රමවේදයක් රටපුරාම ක්‍රියාත්මක නොවූ බව ද එහෙත් මත්පැන් අලෙවිය සඳහා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඉක්මන් පියවර ගැනීම ලජ්ජා සහකත ක්රයාවකැයි ද වෛද්‍ය කොළඹගේ මහතා සඳහන් කරයි.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඔන්ලයින් හරහා අරක්කු බෙදනවාට ජී.එම්.ඕ.එ විරුද්ධයි
Praba Wednesday, 16 June 2021 07:39 PM
ඔබතුමන්ලා කෑ ගහලා, සට්‍රයික් කරලා, උසාවි ගිහිල්ලා පිහිටුවා ගත්තු ඔයගොල්ලන්ගේ ආණ්ඩුවනේ ආයිබොවන්ඩ...
Rohana Wednesday, 16 June 2021 08:24 PM
GMOA සමහර අයත් ඕවා පාවිච්චි කරනවනේ... ලබාදුන් පහසුකම එපා කියන්නෙ බොරුවට නේද?
බද්රානි Wednesday, 16 June 2021 08:49 PM
රටේ ජනතාවගේ මානව අයිතියකට විරුද්ධ වෙන්න මේ අය කවුද? අනික බොන මනුස්සයා කොහොමත් බොනවා. බාර් පෝලිම් වල රස්තියාදු වෙනවට වඩා ගෙදරටම ගෙනල්ලා බොන එක කොහොමත් හොඳයි. අරක්කු වෙළෙන්දොයි , දොස්තර මුදලාලිලයි අතර අපට නම් ලොකු වෙනසක් පෙනෙන්නේ නැහැ.
නිලන්ත Wednesday, 16 June 2021 08:55 PM
දොස්තර කෙනෙක් බිහි කරන්න ලංකාවේ ජනතාව කෝටියකට වඩා අධික මුදලක් වැය කරනවා. එවැනි දොස්තරලා මත්පැන් බීලා මිය ගියාම ලංකාවට පාඩුයි. එබැවින් කාන්තාවන්ට මත්පැන් අලෙවි කරන්නේ නෑ වගේ දොස්තරලාටත් මත්පැන් බීම තහනම් කරන්න.
යෝගා Wednesday, 16 June 2021 09:02 PM
එතකොට කසිප්පු බිව්වට කමක් නැද්ද
kasun Wednesday, 16 June 2021 09:05 PM
දැන් බලන්ගියාම ආණ්ඩුව කරන්නෙත් දොස්තරලා
dineth Wednesday, 16 June 2021 09:07 PM
ප්‍රසාද් කොළඹගේ බොන්නේ නැතිනම් ඒක එයාගේ වැඩක්... මෙහෙම ගියොත් මෙයාලා හැම එකටම ඇඟිලි ගහන්න හදයි. නීත්‍යානුකූලව බොන නොබොන එක තමන්ගේ අයිතියක්...
lasantha Wednesday, 16 June 2021 10:34 PM
78% කින් දීමනා වැඩිකරලා තියෙන්නේ ඔයාලාට... පොඩ්ඩක් සද්ද නැතිව ඉන්නකෝ...!!!
upali Wednesday, 16 June 2021 10:41 PM
දැන් ඉතින් කොරෝනා වැඩි වුණොත්, එ්කට හේතුව මත්පැන් බෙදීම කියලා කියයි...!!
Sri Lanka Wednesday, 16 June 2021 11:41 PM
ඔයගොල්ලො සුද්දගේ කට්ටයනේ
ලුම්බිණි Thursday, 17 June 2021 07:01 AM
පඩි වැඩි කර ගැනීමට හැර ඔයගොල්ල මොනදේටද විරුද්ධ වුනේ නැත්තේ?
Bamunuarachchi Thursday, 17 June 2021 10:32 AM
ඔන්ලයින් ක්‍රමයට බීලා අලුතින් මිනිස්සු මත් පැනට පුරුදු වෙන්නේ නැත. බොන්නේ පරණ සෙට් එකමයි. එ් නිසා කලබල වෙන්න එපා. වසා තැබීම නිසා පාඩුව කෝටි 1500 යි. ඒ ගැනත් හිතන්න බදු ආදායම රජයට අත්‍යාවශ්‍ය දෙයක්.
Rohana Thursday, 17 June 2021 10:54 AM
එතකොට GMOA සමහර අය රාත්‍රියට අංග සම්පූර්ණ ආහාර වේලක් භුක්ති විඳින්නේ කොහොමද?..