IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඔබාමා මහින්දගේ අඩි පාරේ නොයයි

තෙවැනි වතාවටත් තමා තරග කළොත් ජයග්‍රහණය කරන බව ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා කියයි.

කෙසේ වුවද තමන් ඇමෙරිකා ව්‍යවස්ථාවට ගරු කර එම අදහසින් බැහැර වන බව ද ඔබාමා පවසයි.

ඇමෙරිකා ජනාධිපති මේ අදහස් පළ කළේ ඉතියෝපියාවේ සංචාරයකට නිරතවන අතරතුරදී ය.

‘මම ඇත්තටම හිතන්නේ මම හොඳ ජනාධිපතිවරයෙක්. මම හිතන්නේ මම තරග කොළොත් දිනන්න පුළුවන්. නමුත් මට බැහැ. අමෙරිකාවේ ඉදිරියට ගෙන යන්න ගොඩක් දේවල් කරන්න මම ආසයි. නමුත් නීතිය නීතියමයි. ඉතින් නීතියට උඩින් කවුරුත් නෑ. ජනාධිපති වුණත් නීතියට යටත්.‘

ඇමෙරිකා ජනාධිපතිවරයකුට බලයේ සිටිය හැකි උපරිම කාලය වසර අටක් ලෙස එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ය.



අදහස් (0)

ඔබාමා මහින්දගේ අඩි පාරේ නොයයි

ගැමුණු Wednesday, 29 July 2015 01:19 PM

ජනාධිපති පුටින් මුලින්ම පුළුවන් දෙපාරම සිය රටේ ජනාධිපති වශයෙන් සේවය කළා. ඉන් පසුව අගමැති වී,දැන් නැවතත් රුසියාවේ ජනාධිපතිලෙස සේවය කරනවා. එය එ් රටේ ජනතාවගේ කැමැත්ත.(නදී)

:       0       0

අරුණ Wednesday, 29 July 2015 01:20 PM

ඇමෙරිකාව සංවර්දිත රටක්. අපි එතෙනට එන්න දක්ෂ ශක්තිමත් නායකයෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ඔය ව්‍යවස්ථා වලට වැඩකරන්න. (නදී)

:       0       0

රත්නසිරි Wednesday, 29 July 2015 01:36 PM

ඔබාමා ගාව සුමනදාස කෙනෙක් නැතුවා වගේ (නදී)

:       0       0

යෝනක Wednesday, 29 July 2015 01:43 PM

ඔබාමා ලොවටම ආදර්ශයක් (නි)

:       0       0

ශාන් Thursday, 30 July 2015 06:50 AM

මහින්ද කියන්නේ කපටි කමින් පිනට ආව මිනිහෙක් නේ. ඔබාමා කියන්නේ උගත් බුද්ධිමත් මිනිහෙක්. (බ)

:       0       0

නලින් Thursday, 30 July 2015 10:19 AM

ඇමෙරිකාවේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (බ)

:       0       0

තිලක Wednesday, 29 July 2015 02:36 PM

ඉතින් ඒක හරි නීතියට යටත් ඇමරිකාවේ ජනාධිපති. මෙහේ අය නෙවෙයි (බ)

:       0       0

කැළුම් Thursday, 30 July 2015 03:36 AM

අනේ ඔබාමා ජනපති තුමනි, තව පාරක් ඉල්ලන්න එහෙම නොඋනොත් අපේ රටෙන් හොටු පෙරපෙර අඩන්න කට්ටිය අරන් එනවා. ඔබට තියෙන්නේ හෝටලයකට කියල කන්න ටිකක් හා බොන්න අරක්කු දෙන එක පමනයි (නදී)

:       0       0

නලින් Thursday, 30 July 2015 03:43 AM

ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ .... අපේ කට්ටිය ගෙදර යන්නේ නැහැ ... ගෙදර ගිහින් නිකන් ඉන්න බැහැ ... (නි)

:       0       0

රවී Thursday, 30 July 2015 03:45 AM

නියම මහත්තයෙක්, අලුත් කෙනෙකුට අවස්ථාවක් දීලා යන එක (නි)

:       0       0

සමන් Thursday, 30 July 2015 03:47 AM

බලන්න අපේ මහින්ද මහත්තයත් ඔය වගේනේ හිතුවේ. එ්කනේ ලේකම්ට රටබාර දුන්නේ. එ් විතරද දේශපාලනයෙනුත් විශ්‍රාම ගියානේ ! (නදී)

:       0       0

පුබුදු Thursday, 30 July 2015 03:52 AM

පියලාල් බූරුවෙක් වගේ කතා කරන්න එපා. කොහෙද සංවර්ධනය නැවතිලා තියෙන්නේ ? මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය / කොළඹ - නුවර අධිවේගී මාර්ගය / ත්‍රිකුණාමල වරාය සංවර්ධනය පටන් ගත්තේ නැද්ද ? ඒවා ලොකුවට උත්සව තියලා බොරු වියදම් කරලා කරපු නැති හින්දා ඔයා දන්නේ නැතුව ඇති. ආදර්ශෙට ගන්න ඕන කතාවක්. ඔබාමට පුළුවන්කම තියෙද්දී මිනිස්සු කැමති වෙලා ඉද්දි උනත් නීතියට පිටින් යන්නේ නෑ. ඇත්තටම ආඩම්බරයි ඔබාමා ගැන (නදී)

:       0       0

සෙනරත් Thursday, 30 July 2015 04:02 AM

ඇමෙරිකාවට ඕනේ තරම් නායකයෝ ඉන්නවා, ඇමෙරිකාව ගැන හිතන. එ්ත් ලංකාවට එහෙම නැහැනේ. (නදී)

:       0       0

සිරිමල් Thursday, 30 July 2015 04:11 AM

ජනාධිපති කෙනෙක් ඕන තරම් කාලයක් රට පාලනය කළාට කමක් නෑ, දුෂණය වංචාව, මැරකම්,කොමිස් ගැහිලි,වැනි අපරාධ කරන්නේ නැතුව. (බ)

:       0       0

හෆීල් Thursday, 30 July 2015 04:12 AM

ඔබාමා ඔබ එහම වුනාට, අපේ මහින්ද එහෙම නැහැ (බ)

:       0       0

සමන් Thursday, 30 July 2015 04:21 AM

කලින් සුමනදසගේ කීමට ඇනගත්තා, දැන් විමල්, ගම්මානපිල , වාසුගේ කීමට එන ගන්න හදන්නේ! (ම)

:       0       0

දුමින්ද Thursday, 30 July 2015 04:22 AM

ඉල්ලන්නේ කොහොමද ඇමරිකානු සුදු-කළු ගැටුම දුර දිග ගිහින් (ම)

:       0       0

කාසිම් Wednesday, 29 July 2015 12:03 PM

මහින්ද වගේද ඔබාමා (බ)

:       0       0

විජයබාහු Wednesday, 29 July 2015 12:02 PM

නීතියේ නිර්වචනය නොදැන ඉන්න තරම් ඔබාමා මෝඩද (බ)

:       0       0

අසෝක Wednesday, 29 July 2015 12:02 PM

ශිහ් ! විමලාවතී ඉන්න තිබුනේ අැමෙරිකාවෙනේ ? (බ)

:       0       0

සේන Wednesday, 29 July 2015 12:09 PM

ලෝකේ ඕනෑම ශිෂ්ඨ සම්පන්න ජන නායකයෙක්ගේ තමන්ගේ වාසියට රටක පොදු නීතිය වෙනස් කරන්නේ නැහැ.(නදී)

:       0       0

රීසා Wednesday, 29 July 2015 12:12 PM

අනේ යන්න එපා. ව්‍යවස්තාව වෙනස් කරලා ඉන්න. ගියත් අපි එනවා ගෙදරට හොයාගෙන අපිට ඔයාව ඕනි කියල ඉල්ලන්න. එතකොට එන්නම ඕනි. (නදී)

:       0       0

ආනන්ද Wednesday, 29 July 2015 12:12 PM

ඒකටත් එක්ක ලංකාවේ හිටපු අය බලයට හරිම කෑදරයි (නදී)

:       0       0

අචිනි Wednesday, 29 July 2015 12:13 PM

අගමැති කමට වත් බැලුවොත් හොඳ නැද්ද ? අර අහවල් රටේ කෙනා වගේ (නදී)

:       0       0

නිමල් Wednesday, 29 July 2015 12:17 PM

මේවා දැකලා වත් මොලේ පෑදෙන්න ඕනේ මේ මනුස්සයාගේ (නදී)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 29 July 2015 12:23 PM

මහින්ද උන්නැහේගෙන් ඔබාමා කෙනෙක් බලාපොරොත්තුවෙන්න බැහැ. මේ දෙන්න මොන අතින් බැලුවත් හාත්පසින්ම වෙනස් දෙන්නෙක්. මොනවා වුනත් මේ වටිනා කතාව අහල මහින්ද උන්නැහේට එයා දැන් වලිකන පාර්ලිමේන්තු මැතිවරණයෙන් අයින්වෙන්න නම් තවමත් පුළුවන් (නදී)

:       0       0

කාව්‍යා Wednesday, 29 July 2015 12:28 PM

අයියෝ වෙනස් කරන්නකෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මහින්ද හිටිය නම් කෙලින්ම ඕක කරනවා. මහින්ද වගේ හොරෙක් නෙමෙයි ඔබ තුමා නියම නායකයෙක්. (නදී)

:       0       0

ආනන්ද විජේසුරිය Wednesday, 29 July 2015 12:31 PM

ඒකට අපේ ගොයියා (නදී)

:       0       0

අනු Wednesday, 29 July 2015 12:38 PM

පිස්සු තමයි (නදී)

:       0       0

පියලාල් Wednesday, 29 July 2015 12:40 PM

මහින්ද ව්‍යවස්ථාව වෙනස් කරලයි තුන්වන වර තරඟ කළේ. එනිසා ඒක නීතියට අනුකුලයි. ඇමෙරිකාව දියුණු රටක් නිසා එකම ජනපති වරයෙක් දිගටම සිටිය යුතු නැහැ. නමුත් ලංකාව දියුණු වේගෙන යන රටක් නිසා එක ක්‍රමයක් යම් කාලයක් පැවතිය යුතුයි. දැන් බලන්න කලින් කරපු සංවර්ධන වැඩ නැවතිලා. ඉතින් කොහොමද දියුණු වෙන්නේ. සිංගප්පුරුවේ හිටපු ජනපති ලික් උවාන් යු දැඩි නීති රෙගුලාසි පනවා අවුරුදු 35 දිගටම පාලනයක් ගෙන ගොස් රට දියුණු කලා. (නදී)

:       0       0

ජයා Wednesday, 29 July 2015 12:40 PM

හලෝ ඔබාමා , ඔයා ගිය සැරේ දිනුවෙත් යන්තමට. සෙනට් එකේ බලයත් දැන් නෑ. තව සැරයක් දිනයි කියල තමයි බය. (නදී)

:       0       0

දසත් රණසිංහ Wednesday, 29 July 2015 12:40 PM

ඔබාමාටත් කලින් කියන්න තිබුනනේ. එහෙම උනානං අපේ ලොක්කත් වැදගත් විදියට නම්බුව තියාගෙන ගෙදර ඉන්නවනේ. මෙහෙම චාටර් වෙන්නේ අපරාදෙනේ. මේක ඔබාමාගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න ඕන. (නදී)

:       0       0

වින්සන්ට් Wednesday, 29 July 2015 12:40 PM

සමහර විට දේශපාලන අනාථයෝ සමඟ දුෂිත චෝදනාවලට ලක් වුවන්ගේ ඉල්ලීමක් ලැබුනොත් කියාවි, අපේ රටේ වගේ ජනතා ඉල්ලීමට රට බේරා ගැනීමට නැවත පැමිණෙන බවට. මෑත කාලීනව ශ්‍රි ලංකාවේ ජනප්‍රියම දේශපාලකයා රටේම ජනතාවගේ ගෞරවය ලැබීමට වාසනාව තිබියදී එය නැති කර ගැනීම කණගාටුවට කරුණකි. (නදී)

:       0       0

නාමල් නිව්යෝක් Wednesday, 29 July 2015 12:41 PM

මොහු ඉතා හොඳ ජනාධිපතිවරයෙක්. 3 වර නොයිල්ලන එක ගැන මටත් කණගාටුයි. නමුත් නීතිය නීතියමයි. (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 29 July 2015 12:43 PM

මහින්දට ඇතිවු ලැජ්ජාව ඔබාමා දකින්න ඇති (නදී)

:       0       0

දර්ශා Wednesday, 29 July 2015 12:46 PM

"අටට" මෙහෙමනම් තව හිටියොත් ලෝකෙට මොකක් වෙයිද ? අපිට ? (බ)

:       0       0

වින්සන්ට් Wednesday, 29 July 2015 12:47 PM

මෙතුමාගේ ප්‍රකාශය තමන්ට වසන් කිරීමට කිසිවක් නැති නිදහස් පුද්ගලයකු බවට අපට තේරුම් ගත හැකිය. (බ)

:       0       0

රසික Wednesday, 29 July 2015 12:51 PM

ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (නි)

:       0       0

අශාන් Wednesday, 29 July 2015 12:52 PM

ඔබාමාට සල්ලි නැතුව ඇති. නැත්නම් මන්ත්‍රීලා ටිකක් සල්ලි වලට අරගෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න වුණත් තිබුනා. (නි)

:       0       0

නිමල් Wednesday, 29 July 2015 12:56 PM

මේ අදහස් දාපු එක්‌කෙනෙක් හරි කියන්න, මහින්ද නැතුව වෙන කව්ද රට හැදුවේ කියලා... තමන්ගේ හිතට අවංක වෙන්න (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න Wednesday, 29 July 2015 01:03 PM

හඳුනාගත්ත ද "ඔබ මා"... නැත ....නැත. ඔබාමාට හඳුනාගන්න ලැබෙන්නේ නැත. (නි)

:       0       0

ධම්ම Wednesday, 29 July 2015 01:03 PM

අපේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ ලොක්කාට එහෙයි කියන ඇම්බැට්ටයින්. ඒක රාජපක්ෂගේ වැරැද්දක් නොවෙයි රටේ මිනිසුන්ගේ වැරැද්ද. (නි)

:       0       0

දයාජ Wednesday, 29 July 2015 01:12 PM

ඔබාමා තාමත් ඇමෙරිකාවේ ජනප්‍රියයි.තුන්වන වතාවට තරඟ කරන්න පුළුවන්කම තිබුනා නම් එයත් තරඟ කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 27 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 26 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3435 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2492 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3104 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5892 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18732 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site