IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඔලිම්පික් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක පරීක්ෂණ කෙරුණේ නෑ

ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණවලට යොමු කිරීමට අවස්ථාව නොලැබුණු බව ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පැවසීය. කොළඹදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙවර ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බහුතරයක් විදේශගතව සිටීම නිසා තහනම් උත්තේජක ගැනීම පිළිබඳ පරීක්ෂාව නිසි ලෙස කළ නොහැකි වූ බවයි. ‘‘ලන්ඩන් ඔලිම්පික් උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායම තහනම් උත්තේජක පරීක්ෂාවට ලක් කළ යුතුව තිබුණා. නමුත් අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සම්බන්ධයෙන් එවැනි කිසිදු ගැටලූවක් පැන නොනගිනු ඇතැයි කියලා’’ යයි ද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. ලන්ඩන් නුවරදී ලබන සිකුරාදා (27) ආරම්භ වන ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිටත්ව යාම පසුගිය 20 වැනිදා සිට ආරම්භ විය. ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනය විසින් පසුගිය මාස හයක පමණ කාලසීමාවකදී කරන ලද කාර්යභාරයන් ගැන කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද, ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන් වන වෛද්‍ය සීවලී ජයවික‍්‍රම, වෛද්‍ය ලාල් ඒකනායක, වෛද්‍ය ශිරෝමි පිලපිටිය සහ  ඕස්ටේ‍්‍රලියානු ජාතික භෞත චිකිත්සක ෂේන් වෙන්ට් යන මහත්ම මහත්මීන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.



අදහස් (0)

ඔලිම්පික් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක පරීක්ෂණ කෙරුණේ නෑ

අමිල කටුනායක Wednesday, 25 July 2012 07:32 PM

මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහනවා...(ස)

:       0       0

වරුණ Wednesday, 25 July 2012 03:55 PM

ක්‍රීඩකයින් පරීක්ෂා කළ යුතුතේ ඔවුන් සමග යන වෛද්‍යවරු විසින් නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 352 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 533 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 329 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 868 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site