IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


‘ඔස්කාර්’ සම්මාන උළෙල: හොඳම චිත්‍රපටය ‘ඕපන්හයිමර්’

හොදම නළුවා කිලියන් මර්ෆි

ලෝක සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින්, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් ඩොල්බි රඟහලේදී පැවැත්විණි. 

හොදම නිළිය එමා ස්ටෝන්

96 වැනි වරට පැවැත්වුණු සිනමා සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණ, හොඳම නළුවා සහ හොඳම සිනමා පටය ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීමට ‘ඔාපන්හයිමර්’ චිත්‍රපටය සමත් විය. 

‘ඔාපන්හයිමර්’ යනු පරමාණු බෝම්බය නිර්මාණය කළ ඇමෙරිකන් විද්‍යාඥ රොබට් ඕපන්හයිමර්ගේ ජීවිත කතාව ඇසුරින් සිනමාවට නැගුණු සිනමා නිර්මාණයයි.

මෙහි ‘ඔාපන්හයිමර්’ ලෙස චරිත නිරූපණය කළ කිලියන් මර්ෆි හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

හොඳම අධ්‍යක්ෂවරයා වූයේ ‘ඔාපන්හයිමර්’ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන්ය.

‘ඕපන්හයිමර්’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස ජනප්‍රිය නළු රොබට් ඩවුනිං ජූනියර් සම්මානයට පාත්‍ර විය.

හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘පුවර් තිංග්ස්’ චිත්‍රපටයේ අපූරු රංගනයක යෙදෙන එමා ස්ටෝන්ය.

හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය ‘ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට්’ නමැති බ්‍රිතාන්‍ය යුද චිත්‍රපටයයි.

හොඳම සහාය නිළිය ලෙස සම්මාන දිනුවේ ජෝයි රුන්ඩොල්ෆ්ය. ඒ, ‘ද හෝල්ඩෝර්ස්’ චිත්‍රපටය වෙනුවෙනි.

‘ද බෝයි ඇන්ඞ් ද හෙරන්’ චිත්‍රපටය හොඳම සජීවීකරණ චිත්‍රපටය බවට පත් විය.



අදහස් (1)

‘ඔස්කාර්’ සම්මාන උළෙල: හොඳම චිත්‍රපටය ‘ඕපන්හයිමර්’

Sellakkara Kolla Monday, 11 March 2024 02:28 PM

ලැබිය යුතුම සම්මානයක්...! 

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කීපයකට ඉතා තද වැසි
2024 නොවැම්බර් මස 24 124 0

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
2024 නොවැම්බර් මස 24 571 0

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ


දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 1258 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1364 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 539 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1736 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site