IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඔසප් අක‍්‍රමිකතා වලට ආයුර්වේද ප‍්‍රතිකාර

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න

යම්කිසි ස්ත‍්‍රියක් ගැබ් ගෙන ඇති  කාලයේ ස්තනය කාලය හෙවත් දරුවාට කිරිදෙන සමයේත් සාමාන්‍යයෙන් ඔසප් වීම සිදු නොවේ. එහෙත් නූතනයේ බොහෝ යෞවනියෝ නියමාකාරයෙන් ඔසප් නොවන්නාවු තත්ත්වයෙන්  පිඩා විදීයි. මෙය ආර්ථවඝාතය හෙවත් කිලි නැතිවීම ලෙස දැක්විය හැකිය.

යම් ස්ත‍්‍රියක් යෝග්‍ය වයසේ මල්වරවිම හෙවත් ප‍්‍රථම ආර්ථවය සිදු නොවන විටත් දින විසි අටකට තිහකට වරක් ආර්ථවය සිදු නොවීමත් රෝග තත්ත්වයක් ලෙස සැලකිය යුතුය.

රක්තාර්ශස් රෝගයෙන් පීඩා විඳන විටද, රක්ත ගුල්මය නිසාද, රත් පිත් රෝග ඇතිවිටද, අක්මාවේ හා ප්ලීහා රෝග ඇතිවිටද, තෛරොක්සින් හෝමෝනයේ ඌනතා ඇති විටද, බියවීම මානසික ආතතිය, රක්ත හීනතාව,  ගර්භාෂයේ පිළිකා හා ගර්භාෂයේ ගෙඩි ඇති වූ විටද, පවුල් සැලසුම් වලට යම් නික්ෂේපණය හා හෝමෝන පෙති ගන්නා විටද, තරබාරුව  නිසාද,  මැදි වයසට පැමිණ ආර්තවය නැතවී යන්නට කාලය එළඹී ඇති විටද ආර්ථවය නැතිවීම හෝ  කල් යෑම සිදුවේ.

රක්තාර්ශස් රෝගය යනු ගුද මාර්ගයෙන් රුධිරය පිටවීමේ රෝගයයි. ගුද මාර්ගය අභ්‍යන්තරයේ පවතින අර්ශස් ගෙඩි පිපිරීම හා තුවාල වීමත් මළබද්ධතාව හේතු කොටගෙන මළ කොටස් ඝන වීමෙන් මළ මාර්ගය සීරීමකට ලක්වීම නිසාත් මළ මගින් රුධිරය පිටවේ. මෙසේ රුධිරය පිටවෙන රෝග කරන කොට ආර්ථව අභාවය සිදුවේ. එවිට ඒ සඳහා ප‍්‍රතිකාර කළ යුතුය. කළුතල කල්කය, හාතාවාරිය මුල් කල්කය, දෙළුම් යුෂ එළකිරි සමඟ සේවනය කිරිමෙන් රක්තාර්ශස් රෝගය සුව කර ගත හැකිය.

රක්තහීනතාව කරන කොට ආර්ථවය නැවතීම සිදුවූ බව වටහා ගත් විට රුධිර පරීෂණයක් කිරීමෙන් රුධිරයේ අඩංගු හිමෝග්ලොබින් ප‍්‍රතිශතය හඳුනාගෙන ඒ සඳහා ප‍්‍රතිකාර හා පෝෂ්‍යදායී ආහාර පාන ගැනීමෙන් රුධිරය වඩවා ගත හැකිය. බොහෝ විට රක්ත හීනතාවට හේතුවන කරුණු අතර පණු රෝග වලින් පීඩා විඳිම සුලභය. අද සමාජයේ වැඩිහිටියන් පණු රෝග පිළිබඳව දක්වන සැලකිල්ල ඉතා අල්පය. රෝගීන් හා සාකච්ඡා කරන විට මුළු ජීවිත කාලයේදීම පණු බෙහෙත් නොබී සිටි රෝගීන් පවා අපට හමුවී ඇත.  සමහර විට ඒ පිළිබඳව දැනුවත් කිරීම් පවා ඔවුන් නොපිළිගන්නා අවස්ථාද ඇත. එහෙත් පණු රෝග පෝෂණ ඌනතා රෝග වලින් පෙළෙන විට ඉතා වුවමනාවෙන් ප‍්‍රතිකාර කළ යුතු රෝග අවස්ථාවකි. එවිට පණු බෙහෙත් නිසි ආකාර ගැනීමෙන් රෝග තත්ත්වය මැඩ පවත්වා ගත හැකිය.

තෛරොක්සීන් ඌනතාව ද රුධිර පරීක්‍ෂාවකින් දැනගෙන ඒ සඳහා හෝර්මොන ප‍්‍රතිකාර ලබා ගැනිම උගත් වෛදයවරයකු හමුවීමෙන් ලබා ගත යුතුය. බිය හා මානසික ආතතිය ඇතිවූ විට උගත් මනෝ උපදේශකයකු හමුවී ගැටලූවලට හොඳින්  මුහුණදීමේ කලාව ඉගෙන ගැනීමෙන් එය නැතිකර ගෙන මානසික සුවය ලබා ගෙන සිත ශක්තිමත් කර ගත හැකිය.  පවුල් සැලසුම් කිරීමට බෙහෙත් ලබා ගන්නා විට ආර්තවය නැවතීමකින් තොරව ලබා ගන්නා ක‍්‍රම හඳුනාගෙන ඒවා පිළිපැදීමට වග බලා ගැනීම සුදුසු වේ.

තරබාරුව නිසා ඔසප් නැවතීම අද සමාජයේ බහුලව දක්නට ඇත. මේ නිසා දරුඵල අහිමි වීමත් දරුවන් ගණන සිමාවීමත් සිදුවන නිසා ආහාර පාලනය හා ව්‍යායාම් කිරීමෙන් බර අඩු කර ගෙන නිරෝගී භාවය ලබා ගත යුතුය. 

මෙසේ ආර්තවය නැතිව යෑමෙන් ස්ත‍්‍රිය සුදුමැලි වීම, හිසරුදාව ඇතිවීම, කරකැවිල්ල, යටි බඩේ හා පිටේ ඇතිවෙන වේදනාව, උකුල් සන්ධියේ හා කලවාවල ඇතිවෙන වේදනාව, යෝනි මාර්ගයේ අනින්නාක් වැනි වේදනාව හා මානසික ව්‍යාකූලතාව ඇතිවේ.

මෙම අවස්ථාවේදී විරේක කිරීම් ආදී පංචකර්ම චිකිත්සා ක‍්‍රමද, සතකුප්ප කොල්ලු ඉගුරු, ගම්ම්රිස්, තිප්පිලි , සිරිතේක්කු , අරළු, නෙල්ලි හා තලදඬු  එන කෂාය වර්ගද කුමාරි ආසව රජඃ ප‍්‍රවර්ධන වටිය යන ඖෂධ වර්ග යෙදිමෙන් ද තරබාරුවට පිළියම් යෙදීමෙන්ද අස්වැසීම් ආදී  මානසික සහනය ලබාදෙන කටයුතු කිරීමෙන්ද මළ ශුද්ධිය ඇතිවීම පිණිස විරේක ඔසු හා අහාර පාන දීමෙන්ද යළි ආර්තවය ඇතිවේ.

 

 

 

 

 

 



අදහස් (8)

ඔසප් අක‍්‍රමිකතා වලට ආයුර්වේද ප‍්‍රතිකාර

ජයනි සමරදිවාකර Monday, 08 April 2019 02:45 PM

මම අවුරුදු 25 ක අවිවාහක ගැහැණු ළමයෙක්. මම වැඩිවියට පැමිණියේ අවුරුදු 12දී. එදා සිටම දින 28ට වරක් නිවැරැදිව ක්‍රමානුකූලව මට ඔසප් විය. නමුත් මේ 2019 ජනවාරි සිට මගෙ ඔසප් අක්‍රමිකතා ඇතිවිය. මම කොලෙස්ටෙරෝල් සහ සෙම සඳහා බෙහෙත් ගන්න අයෙක්. මට යම්කිසි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

:       13       23

චතූරිකා Thursday, 15 October 2020 04:42 AM

මේ නිසා හිත රිදවාගතයුතු නැත.

:       0       1

චාරුකා Sunday, 05 September 2021 04:10 PM

මම සීස කලේ. අධික වේදනවක් එනවා නියම දින වලට ඔපස් වෙන්නේ නෑ එකට කුමක්ද කල යුත්තේ.

:       0       0

Pubudu SanjeewaneWednesday, 08 May 2024 02:55 PM

ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල මාස එකහමාරක් ඔපස් වීම නතර නොවී එක දිගටම වුණා. නතර වෙන්න බෙහෙත් ගත්තා. දැන් ආයෙමත් දවස් 10ක් තිස්සේ වෙනවා. මේකට මොකක්ද කරන්නේ...?

:       0       0

අසිතා Saturday, 30 October 2021 08:24 AM

මාගේ දියනියගේ වයස 14 අවුරුද්දක් වෙනවා. ඇය මල්වර වෙලා ඇයට ප්‍රතම වරට ඔසප් සිදු උනේ ඔක්තෝබර් 15. එය සාමාන්‍ය ය ආකරයට දින තුනක් පමන තිබිලා හොද උනා. නමුත් දැන් සුමානයක පමන ඉදන් නැවත අසනීප වෙලා එය අඩුනොවී තිබෙනව. ඇයට කිසිදු වේදනාවක් නැතැයි , ඇය කියනවා. එයට මොකක්ද කරයුතු ප්‍රතිකාරය ?

:       4       7

Dinusha Monday, 06 December 2021 09:39 AM

මට ඔසප් වීම කලින් වෙනවා ඒ සදහා හේතුව කුමක්ද මට වයස12

:       0       1

නිපුනි Wednesday, 22 December 2021 01:46 PM

මට අවුරුදු 20යි .අවුරුදු 17දි ඉදන් මමට ඔසප් වෙන්නෙ අඅවුරුද්දකට දෙපාරක් තුන් පාරක් විතර ගොඩාක් විට තද ඔලුවෙ කැක්කුමක් තියෙනවා හිසකෙස් යනවා. මොකක්ද කල යුතු ප්‍රතිකාරය එය රෝගී තත්වයක් ද?

:       5       0

Sadi Monday, 24 January 2022 11:50 AM

මට දැනගන්න පුළුවන්ද කොත්තමල්ලි පානය කොහොමද ගන්නේ කියලා? කොත්ත මල්ලි ඇට වතුරට දාලා ඒ වතුර හිස් බඩටද බොන්න ඕනෑ? මට දෙසැම්බර් මාසයේ මෙන්සස් හැදුන්නෑ. මෙන්සස් හැදෙන්න වගේ අමාරුව එනවා. යටිබඩයි, කොන්දයි රිදෙනවා. ඒත් හැදෙන්නේ නෑ. මොකක්ද කරන්න ඕනේ ඒකට. මේ මාසෙත් නෑ තාම...!

:       9       28

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 651 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 607 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 132 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 860 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 190 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1088 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site