IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඔසප් සමයේ වේදනාවලට සරල පිළියම්

 

 

 

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය - චමරි වෛද්‍යරත්න

තරුණවියේ මෙන්ම වැඩිවියේ කාන්තාවන්ගෙන් වැඩිදෙනෙක් පීඩා විඳින රෝග තත්ත්වයකි මාසික ඔසප් වේදනාව. සෑම කාන්තාවක්ම අනිවාර්යයෙන්ම මුහුණ දෙන මෙම ඔසප් වීම ඇයගේ නිරෝගි බව සංකේතවත් කරන කැඩ පතක් බඳුය. ඔසප්වීම දින 28 කට 30 කට වරක් සිදුවීමත් සාමාන්‍යයෙන් දින තුනක් අපහසුවකින් තොරව රුධිරය පිටවීමත් ඉතාමත් සාමාන්‍ය සිද්ධියකි. දරුවකු පිළිසිඳ ගැනීමට සූදානම් වූ කාන්තා ගර්භාෂය ඒ ස`දහා අවශ්‍ය ප‍්‍රධාන සාධකය වන පුරුෂ ශුක‍්‍රානුවක් නොලැබීම නිසා සිදුවන හඬා වැටීමක් ලෙසද මෙම මාසික ඔසප්වීම අර්ථ දක්වා ඇත. මෙසේ සිදුවන්නේ ගර්භාෂයේ කළලයක් ඇතිවීමට සූදානම්ව තිබූ සිවිය ගැලවී යාමයි. නැවත මෙම සිවිය වැඩෙමින් ගැලවීම ආර්ථවය නම් මෙම ක‍්‍රියාවලිය යුවතියක් වැඩිවියට පත්වූ දින සිට එනම් වයස අවුරුදු 12 හෝ 13 සිට ඇය වයස් ගතවී ආර්ථවහරණය වන වයස 45 සිට 50 කාලය දක්වා මෙම ක‍්‍රියාවලිය මසකට වරක් සිදුවේ.              

මෙම සිදුවීම සාමාන්‍යයෙන් නවතින්නේ ඇය ගැබනියක් වූ විට හා ඇය දරුවාට කිරිදෙන අවදියේදී පමණි. ඊට අමතරව ඔසප්වී නැවතීම යම් රෝගයක ලක්‍ෂණයක් ලෙස දැක්විය හැකිය. මේ තත්ත්වයෙන් ඔසප්වීම සිදුවන අතර සමහර යුවතියන්ට ඇතිවන හෝමෝනවල පවතින අසමතුලිතතාවෙන් ඔසප් වීම ලංවන විට ඇතිවන පියයුරුවල ඇතිවන වේදනාව, හිසරදය කොන්දේ වේදනාව මානසික නොසන්සුන්තාවය යටිබඩේ පවතින සුළු සුළු අපහසුතා සාමාන්‍ය තත්ත්වයක් ලෙස දැක්විය හැකිය.

එහෙත් යමෙකුට මෙම ලක්‍ෂණ ඉවසා දරා ගැනීමට නොහැකි හා එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යෑමට නොහැකි වන තරමට දරුණු වෙනවා නම් එය රෝගී තත්ත්වයක් ලෙස දැක්විය හැකිය. ඊට අමතරව දින තුනකට වඩා රුධිර ගලනය සිදුවෙනවානම් එම රුධිරය කැටිති ආකාරයට පිටවෙනවානම් ඒවා දුඟදින් යුකත්වූයේ නම් කොන්දේ වේදනාව දරුණු නම් ප‍්‍රතිකාර ලැබිය යුතු අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. මෙම අසාමාන්‍ය පීඩාවට හේතුව ගර්භාෂයේ හා ප‍්‍රජනන ඉන්‍ද්‍රිය ආශ‍්‍රිත පවතින රෝග තත්ත්වය නිසා විය හැකිය. ගර්භාෂ බිත්තිවල ඇති අසාමාන්‍ය ඝනත්වය ගර්භාෂයේ හටගන්නා ෆයිබ්‍රොයිඩ් නමින් හඳුන්වන  ගර්භාෂ ගෙඩි පිළිකා තත්ත්ව ගර්භාශ ගෙළෙහි ඇතිවන රෝග තත්ත්වය ඩිම්බ කෝෂවල හටගන්නා රෝග හා ආසාදන තත්ත්ව දැක්විය හැකිය.

සාමාන්‍ය අපහසුතා සඳහා යම් යම් අත්බෙහෙත් වලින් සහනය ලබා ගත හැකිය. ඒ අතර ඔසප් දින ලංවන විට කොත්තමල්ලි මිටක් පමණ තලා වතුර වීදුරුවකට දමා රැයක් වසා තබා උදේට උදේට සීනි ටිකක් දමා බීමෙන් ඇතිවන අපහසුතාව මඟ හැරේ. සුදුඵෑණු ද ඔසප් වේදනාවට කදිම ඔසුවකි. තම්බා බීම හෝ පුළුස්සා උක් හකුරු කැබැල්ලක් සමඟ කෑම සුදුසුය. උණු වතුර බෝතලයකින් යටි බඩ තැවීම  කොල්ලු තම්බා හෝ ව්‍යාංජන ලෙස සකසා ආහාරයට දීමෙන් සහනය සැලසේ.

මේ අත් බෙහෙත් වලින් වේදනාව අඩු නොවන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය. ඔසප් වන රුධිර ප‍්‍රමාණය අඩුවීම රක්තහීනතාවය නිසාද පණු රෝග නිසාද මානසික ව්‍යාකූලතා නිසාද අධික තරබාරුව නිසාද ඇතිවේ. එවිට එම තත්ත්වය ප‍්‍රතිකාර කළ යුතුය. අධිකව දින 3කට වඩා රුධිරය පිටවන විට එරබදු දළු පාවට්ටා දළු පොල් සමඟ කොටා මිරිකා පානය කිරීමෙන් රුධිර වහනය නවතී. 

ගර්භාෂ ගත රෝග සඳහා අශෝකාරිෂ්ඨය කුමාරි ආසවල චන්දනාසවල රජ ප‍්‍රවර්ධන වටියල ප‍්‍රදරාරි වටිය පුශ්‍යානුග චූර්ණයල ප‍්‍රසිද්ධ ඖෂධ වෙයි. එහෙත් මෙම ඔසු ලබා දෙන අවස්ථා එකිනෙකට වෙනස්ය. එම නිසා උගත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත නිසි ඔසු ලබා ගැනීමෙන් මසකට වරක් විදීමට සිදුවන අපහසුතාවයන්ගෙන් මිදීම ඉතා පහසුවේ. 



අදහස් (1)

ඔසප් සමයේ වේදනාවලට සරල පිළියම්

දිනුෂා Friday, 11 September 2015 05:47 AM

හොද ලිපියක් (ම)

:       8       97

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3133 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උඩදුම්බර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 3 0


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 20 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 55 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 202 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 222 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site