අම්පාර දිස්ත්‍රික්කයේ අට්ටාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඔලුවිල් මුහුදු තීරය දැඩි ලෙස මුහුදු කෑමට ලක් වෙයි.
ගොඩබිමින් මීටර 50කට වැඩි ප්‍රමාණයක් සේදී ඇත.
මුහුදු තීරය අසල තිබූ පාරක් ද නිසා විනාශ වී ගොස් ඇත.
පොල් ගස් ද මුහුද විසින් ගිලගනු ලැබ ඇත.
මුහුදු තීරය අසල ඇති ප්‍රදීපාගාරය ද මෙම මුහුදු කෑම නිසා විනාශ වීමට බොහෝ විට ඉඩ තිබේ. මුහුදු තීරයේ සිට ප්‍රදීපාගාරයට ඇති දුර ටීටර් 50ක් පමණකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයම පාහේ සෑදී තිබෙන්නේ වෙරළාශ්‍රිත වැලි නිධි වලින් සහ ඒ මත තැන්පත්වූ රෙගොසොල් පාංශු වලින් නිසා එවැනි ස්ථාන පහසුවෙන් ඛාදනයට ලක්වෙනවා. ඊසාන-නිරිත රේඛාව ඔස්සේ රටතුලට සිදුවන මුහුදු ඛාදනය මේ වෙරළ තීරයට ආවේනිකයි. ඒ නිසයි ආරුගම් බේ වැනි අලංකාර ස්ථාන නිර්මාණයවී තිබෙන්නේ. මුහුදු වැලි නිධි තැන්පත්වීම හා එසේ පිහිටි වැලි නිධි යම් යම් ස්ථානවල සෝදා ගොස් වෙනත් තැන්වල තැන්පත්වීම ස්වාභාවිකයි. කාන්තාරයේ වැලි උනත් එකතැන තියෙන්නේ නැහැ. තැනින් තැනට ගසාගෙන ගොස් විවිධාකාරයෙන් තැන්පත්වෙනවා.(නදී)
නාවික හමුදාවෙන් ගාලු නගරයේ මුහුදු සීමාවේ නම් හදලා තියෙනවා පේනවා පාරේ යද්දි. මේ ගැනත් ඉක්මණින් අවදානය යොමු වේවා ! (ස)
හම්බන්තොට පීකොක් හෝටලයේ ඉඳල වම් ඇත පැත්තේ තියෙන මුහුදු වෙරල දිහා බලන්න. මීට අවුරුදු දෙක තුනකට කලින් ගිය අයට මතක ඇති කොපමණ වෙරල ප්‍රමාණයක් තිබුනද කියල. දැන් බලන්න තියෙන ප්‍රමාණය. (ස)
මට හිතෙන්නේ මේකට හේතුව ඔලුවිල් වරාය හදපු එක (නි)
අද නම් නීල්-රනා අහක ගිය ලකුණු ටික ඔක්කොම එකතු කරලා මල්ලට දාගත්තා.වෙනදට මේ මනුස්සයට පන්න පන්න ගහන අය මීක් නැහැ.අනේ හොද දැක්කහම හොද කියන්න. (නි)
වග කිවුතු අංශවෙත නෙත යොමු වේව,මුහුදු කාදනය වලක්වන්න ඕන තරම් ක්‍රම තිබේ. (දී)