(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා පොලිසිවල ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් 5308 දෙනාගෙන් 1106 දෙනකුම රාජකාරී කරන්නේ තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින පොලිස් බල ප්‍රදේශයේම බව මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට බාරදී ඇති අධ්‍යයන වාර්තාවක සඳහන් වේ.
තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයේම රාජකාරී කරන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාව 44ක් බවද එම වාර්තාවේ දැක්වේ.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 7.2කි.
තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයේම රාජකාරී කරන ස්ථානාධිපති හෝ අංශභාර ස්ථානාධිපති තනතුරු දරන වැඩි පිරිසක් සිටින්නේ මන්නාරම පොලිස් කොට්ඨාශයයේය. එසේම තම යාබද වසම තුළ ස්ථිරව පදිංචිව සිටිමින් රාජකාරී කරන පොලිස් ස්ථානාධිපති අංශභාර ස්ථානාධිපතිවරුන් වැඩි පිරිසක් මන්නාරම සහ මාතර පොලිස් කොට්ටාස වල සිටින බව එම වාර්තාව සඳහන් කරයි.
තමා ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයන්හි සහ යාබද පොලිස් වසමේ පදිංචිව සිටින ස්ථානාධිපතිවරුන් සහ අංශ භාර ස්ථානාධිපතිවරුන් සේවය කරන කුට්ඨාශ තුළ අපරාධ ඉහළ ගොස් ඇති බව තොරතුරු අනාවරණයවී ඇතැයි පෙන්වා දෙන වාර්තාව අනුරාධපුර කොට්ඨාශය ඊට කදිම නිදසුනක් බවද සඳහන් කරයි.
පසුගිය ආසන්න වසර තුනක දිවයිනේ වැඩිම අපරාධ වාර්තා වූ පොලිස් කොට්ඨාශය ලෙස හඳුනාගෙන ඇත්තේද අනුරාධපුරයි.
පොලිස් ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් තමන් පදිංචි පොලිස් වසමේම රාජකාරී කිරීමෙන් පක්ෂග්‍රාහීව ක්‍රියාකිරීම කාර්ය සාධනය අව ප්‍රමාණය වීම, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට පසුබට වීමඥාති සංග්‍රහය සඳහා පෙළඹවීම වැනි ගැටලු රැසක් මතුවී තිබෙන බව එම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇත.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම අධ්‍යයනය කර කරනු ලැබ ඇත්තේ උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඕඅයිසීලා දාහක් ගමේම පොලිසියේ බින්න බැහැලා
Ghnanarathna Ganegama Wednesday, 01 May 2024 07:44 AM
සාධාරණ සේවයක් කරන කිසිම රජයේ නිළධාරියෙකුට මෙන්ම සේවකයෙකුට තමන්ගෙ ගම් ප්‍රදේශයේ සේවය කරන්න අමාරුයි එහෙම කරනවා නම් එය වහාම නැවැත්වීමට කටයුතු කිරීම රජයේ වගකීමක් වෙනවා රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීමට එම තත්වය ප්‍රබලම හේතුවක් වෙනවා එයට දේශපාලනය ගෑවුනොත් ඉතින් ඉවරෙටම ඉවරයි උදාහරණයක් හැටියට මුලින්ම කලාප අධ්‍යාපන කාර්‍යාල පෙන්වා දෙන්න පුළුවන් ඒවායේ සිටින සේවකයින් පිහිටුවා ගෙන තියෙන සංගම් ප්‍රතිලාභ සදහා ස්ථාන මාරුවක් නොගෙන විශ්‍රාම යනතුරු එකම තැන පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පල්වෙමින් ඉන්නවා සියලු රාජ්‍ය සේවකයින් සදහා (පොලෝසිය ඇතුලුව ) වාර්ෂික ස්ථාන මාරුකිරීම අනිවාර්ය කරන්න ඕන මෙහිදී එකම තැනක අවුරුදු දහයක් පහලවක් සිට මාරුවක් ලබාගෙන ගොස් මාස කීපයක් ඇතුලත නැවත පැමිණෙන අය ඉන්නවා ඒවාටත් ඉඩක් නොදිය යුතුය
kumara Wednesday, 01 May 2024 09:15 AM
පොලිස් නිලධාරීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්ම දුෂිත හා නීති විරෝධී වැඩවලට සම්බන්ධවී ඇති බව දිනපතා පුවත් මගින් පෙනෙන කරුණකි. වැරදි කරන නිලධාරීන්ට තරාතිරම නොබලා ක්ෂණික දඩුවම් දෙන ක්‍රමවේදයක් ඇතිකෙරෙන තෙක් පොලිසිය පිරිසිදු කල නැහැකිය . රටපුර ඇති පොලිස් ස්ථාන හදිසි පරික්ෂාවන්ට ලක්කලොත් පෙනේවි තරම්. ස්ථානාධිපති වරුන්ගෙන් සමහරු සවස් කාලයේදී බීමතින් රාජකාරි කරනවා . පොලිසියේ වාහන තම තමන්ගේ පුද්ගලික භාවිතයට ගන්නවා . විවිධ ආකාරයේ පගා ගන්නවා . ඇයි මේ? නිසි දඬුවම් ක්‍රමයක් නැති නිසා . මාස 6 කට හෝ වසරකට වරක් කොට්ඨාශ භාර නිලධාරීන් විසින් පවත්වන පරක්ෂණ යනු විහිළුවක්. අලුත් පොලිස්පති තුමා පොලිසිස්යත් පිරිසිදු කර අභිමානවත් පොලිස් සේවයක් ඇතිකරාවී යයි සිතනවා.
P.K.Bandara Wednesday, 01 May 2024 10:52 AM
සමහරක් පොලිස් කාරයො ස්ථාන මාරුවක් ලැබිලා ගියත් හිටපු නිළ නිවසින් ඉවත්වෙන්න නැහැ එම ප්‍රදේශයේ ඔහුට බලතල නැතත් සමහරක් හිතවතුන්ට අවශ්‍ය වෙලාවට බලපෑම් කරන්න නිළනිවාසෙ සිටිමින් කටයුතු කරනාවා එහෙම අයගෙන් සාමාන්‍ය ජනතාව බලවත් පීඩාවට පත්වෙනවා මාරුවක් ලැබිලා ගියාම පදිංචිව සිටි නිවසත් බාර දීම අනිවාර්ය කරන්න ඕන
sam Wednesday, 01 May 2024 12:34 PM
මේ කියන ස්ථානාධිපතිලා රාජකාරිය නිසියාකාරව සිදු කරන්නේ නැහැයි කියලා හිතනවා, එහෙම නැතිනම් චෝදනා කරනවා මිසක්, ඒ කිසිවෙකු වැරද්දක් කළා කියලා ඔප්පු වෙලා නැහැ. ඒ උනාට, මේවා කියන පොලිස්පති, මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ලංකාවේ තියන ඉහලම උසාවිය වන, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කරලා දඬුවම් ලබා දීලා, විනය ක්‍රියාමාර්ග ගන්න කියලා පොලිස් කොමිසමට නියෝගයක් දීලා තියනවා. මේ වගේ වැරදි කරලා දඬුවම් ලබාපු පොලිස්පති කෙනෙක් ඉතිහාසයේ කවදාවත් ඉඳලා නැහැ. එයා ලංකාවේ පොලිසිය හදයි කියලා හිතන එක, ගෝඨා රට හදයි කියලා හිතුවා වගේ තමයි.
Frencis Wednesday, 01 May 2024 06:46 PM
වර්තමානයේ පොලිස්පතිවරයා මෙහෙයවන ව්‍යාපෘතිය සාර්ථක වෙන්න අවශ්‍ය නම් පළමුවෙන්ම ඔය පොලිස් නිලධාරින් පදිංචි ප්‍රදේශවලින් වහාම ක්‍රියාත්මක වනසේ ස්ථාන මාරුකිරීම කරන්න ඕනෑ එහෙම නැත්නම් නැටූ තොවිලෙකුත් නැතුව බෙරේ පළුවකුත් නැතුව යාවි..!