IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


‘‘ඕනෑම කුමන්ත්‍රණයක් ආරක්ෂක අංශ බලාගනීවි‘‘

(ජේ.කේ.එල්. චාමින්ද සහ සිරිනිහාල්ගමගේ)

ජනාධිපතිවරණයේ දි පරදින ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්  යම් කුමන්ත්‍රණයක් ඇතිකිරිම සදහා සුදානමක් තියෙනවා නම් එය වැලැක්විම සදහා ජාතික ජන බලවේගය කටයුතු කරනවා මෙන්ම ව්‍යවස්ථානුකුලව පැවරි ඇති බලතල අනුව පොලිසිය, හමුදාව, විශේෂකාර්ය බලකාය, ඇතුළු සියලු දේනා තම වගකිම ඉටුකරාවි කියා තමන් තුල දැඩි විශ්වාසයක් ඇතැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා පවසයි.

ගාල්ල කරාපිටිය, වදුරඹ, අම්බලන්තොට යන ප්‍රදේශවල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා මෙසේද කිවේය.

ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදිව ආණ්ඩුවක් මාරු කිරිමේ අවස්ථාව උදාවි ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම සදහා පොලිසිය, හමුදාව,විශේෂ කාර්ය බළකාය ඇතුළු සියලු දේනා බැදි සිටිනවා.

දුෂිත ප්‍රභු පාලක කණ්ඩායම අතින් පාලන බලය පොදුජනතාව අතට මාරු කර ගැනිම සදහා අනගි අවස්ථාවක් ලැබි තියෙනවා. ජනතාව එය කිසිසේතම් මග හරින්නේ නැහැ. අත්හරින්නේ නැති අවස්ථාවක් තමයි මේ අවස්ථාව. මෙක අපි මග හරින්නෙත් නැහැ.අත්හරින්නෙත් නැහැ.දැන් අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් හොදටම කලබල වෙලා ඉන්නේ. රිදිලා ඉන්නේ. සැලකිය යුතු ප්‍රමාණයක් වියරු වැටිලා ඉන්නේ ඒ අයගෙන් ගිලිහි යන බලය ආරක්ෂාකර ගැනිම සදහා මොනවා මොනවා කළයුතු ද කියා ඒ අය මේ දිනවල කල්පනා කරණවා. ඒ අය මොනව කළත් ජාතික ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය තියෙන්නේ අපේ අතේ නෙවෙයි මේ රටේ පොදුජනයාගේ අතේ. මේ ජයග්‍රහණය ආපසු හරවන්න බැහැ.

අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් කියනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයෙන් පසු මහා කලබලයක් කරන්න හදනවලු. මෙක දිනන හා ආණ්ඩු හදන ඡන්දයක්. අපිට ඕන සාමකාමි ඡන්දයක්. පරදින අයට තමයි කලබල හා ගැටුම් ඕන. සමාජ අස්ථාවරත්වයක් ඕන. දිනන අපිට ඕන. සාමකාමිත්වය.ඒ නිසා ඒ වෙනුවෙන් මැතිවරණය දක්වා, මැතිවරණ දිනය හා මැතිවරණයෙන් පසුවත් උපරිම ලෙස මැදිහත්වන ව්‍යාපාරයක් තමයි ජාතික ජනබලවේගය. මේක නැවත නැවත කියන විට මෙක පිටුපස යම් කුමන්ත්‍රණයක් තියෙනවාද කියන සැකය අපිට තියෙනවා.

අපේ කිසිදු සාමාජිකයෙක් ගල්කැටයක්වත් මේ දිනවල අතින් ගන්න එපා. මේ රටේ ජනතාවගේ කැමැත්ත හරහා ආණ්ඩුවක් මාරකර ගැනිමේ අවස්ථාව තියෙනවා. එක සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව. අපේ රටේ පොලිසිය, අපේ රටේ හමුදාව විශේෂ කාර්ය බලකාය, සියලුදේනා බැදි සිටිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂකරගන්න. ඒ නිසා පරදින පාර්ශවයන් විසින් යම් කුමන්ත්‍රණයක් ඇතිකිරිම සදහා සුදානමක් තියෙනවා නම් ව්‍යාපාරයක් හැටියට එය වැලැක්විමට ජාතික ජනබලවේගය කටයුතු කරණවා වගේම, ව්‍යවස්ථානුකුලව පැවරි තියෙන කාර්යය අනුව පොලිසිය හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු සියලු දේනා ඒ වගකිම ඉටුකරවි කියා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා.

ජාතික ජනබලවේගයේ බලයට පත්වු විට ආණ්ඩුව වැටේනවාලු. ආර්ථිකය වැටෙන්න තියෙන්නේ කොහෙටද? ලෝකයේ ණය ගෙවන්නේ නැති රටක්. ලෝකයෙන් ණයක් දෙන්නේ නැති රටක්. රෝහල්වල බෙහෙත් නැති රටක්.තරුණ තරුණියන්ට රැකියා නැහැ, තුන් වේල කන්න නැති රටක්. රට වැටිලා ඉවරයි. වැටුණු රට ගොඩගන්නයි. අපි බලයට එන්නේ.ඩොලර් බිලියන 12 මාරක් තියෙනවා ස්වෛරිත්ව බැදුම්කර ණය. මෙවා රනිල්ගේ වසර හතරහමාරේ ගත්තු ණය. අපි හදන්නේ ලංකා ඉතිහාසයේ ශක්තිමත්ම හා ජනතාවගේ වැඩිම කැමැත්ත තියෙන ආණ්ඩුවක්. මෙක මාස හයෙන් වැටෙන ආණ්ඩුවක් නෙවෙයි. රටට අවශ්‍ය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර ගන්න. රටේ තිරණාත්මක හා ථෛතිහාසික දිනය වෙනවා 21 වැනිදා උදාවෙනවා..

මේ වතාවේ ඡන්දය කවදාද කියා ගැන ගැන ඉන්නේ මේ රටේ ජනතාව මේ ඡන්දය දිගු කාලයක් මේ රටේ ජනතාවගේ බලාපොරෝත්තු වු ඡන්දය. දිගුකාලයකට පස්සේ ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා ජනතාවගේ ආණ්ඩුවක් හදාගන්න. අපේ රටේ දේශපාලනය කේන්ද්‍ර වෙලා තිබුණේ දුෂිත ප්‍රභුන් අතලොස්සක් අතේ. පොදුජනයා අතේ නෙවෙයි. දේශපාලනය තිබුණේ පවුල් කිහිපයක් අතේ. රටේ සම්පත් සාරයම ඒ පවුල් කිහිපය අතර කෙන්ද්‍රකරගත්තා. ඒ පවුල් කිහිපය රටේ මහජනතාවගේ ධනය කෝටි ප්‍ර කෝටි ගණන් සොරකම් කරගත්තා. පසුගිය කාලයේ මේ රටේ දේශපාලන වේදිකාව සමන්විත වුනේ ජාතිය ආගම රට බේරාගැනිම යන කරුණුයි. මහින්ද ආවේ නැත්නම් ජාතිය, ආගම,රට, අනතුරේ මුස්ලිම් ජනයා අපේ රට මේ විදියට ආක්‍රමණය කරණවා. දෙමල ජනයාගෙන් මෙහෙම ව්‍යසනයක් අපිට තියෙනවා. ඒ නිසා මේ රට අනතුරට වැටිම වැලැක්විම සදහා මහින්ද, ඝෝඨාභය ගෙන්න ඕන. ඒ අයගේ මුළු දේශපාලන ව්‍යාපාරය ජාතිවාදි බවින් ගැබ්වෙලා තිබුනා.

ජාතික ජනබලවේගය අපේ ශිෂ්ඨාචාරය, සංස්කෘතින්, ආරක්ෂා කරලා අනාගත පරම්පාරව වෙනුවෙන් රැක බලාදිම දිම සදහා මැදිහත්වන දේශපාලන ව්‍යාපාරයක් බවද අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේය.

මෙම ජන රැළි අමතා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරුන් වන රත්න ගමගේ, නලින් හේවගේ, අතුල වෙළෙන්දාව, යන මහත්වරුන්ද කථා කළ අතර මෙම ප්‍රචාරක රැළි සදහා විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (13)

‘‘ඕනෑම කුමන්ත්‍රණයක් ආරක්ෂක අංශ බලාගනීවි‘‘

Manjula Pradeep Friday, 13 September 2024 04:41 PM

අපිට තියෙන බය ජයග්‍රහණයේදී කලබල කරන එක නෙමෙයි අධිතක්සේරුවෙන් ඉඳලා පරාජය වුණාට පස්සේ හොර කරා කියලා රට පුරා උද්ඝෝෂණ ඇති කරයිද කියන එක තමයි...

:       113       152

Manjula Pradeep Friday, 13 September 2024 04:45 PM

මේ කියන කතාවලින් ඡන්දෙන් පැරදුණොත් රට පුරා තමන්ගේ ගෝලයින් සහ විශ්‍රාමික හමුදාවන් උසිගන්වලා මහ කලබලයක් ඇති කරයි කියන සැකය අපට ඇතිවෙනවා...!

:       107       147

Chamara D Friday, 13 September 2024 05:00 PM

අනේ පින් සිද්දවෙයි... 21න් පස්සේ ඔයා ගෙදෙට්ට වෙලා ඉන්න. අපි පුළුවන් විදියට බදු ගෙවලා රට හදන්නම් 2022 වැටුණාම ඔයාලා කොහේවත් හිටියේ නෑනේ... අපි තමයි බදු ගෙවලා මේ තරමට හරි රට ඉස්සුවේ... ඒක කන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න...

:       99       125

සෙනෙවිරත්න Friday, 13 September 2024 05:16 PM

චාමර, රනිල් කියන ඒවා මෙතැන කියවන්න එපා. ස්වාධීන අදහස් දාන්න, 2022 රට වැට්ටුව අයම රට ගොඩ ගනී කියල හිතන අය ගැන කවර කතාද, ඔය කියන රට ගොඩ ගන්න කව්ද ආරාධනා කළේ? ඒවා රනිල් සහ ගෝඨාභයටම කියන්න.

:       106       81

සෙනෙවිරත්න Friday, 13 September 2024 05:17 PM

මාලිමාවට පරාජය වීමට දෙයක් නැත. මාලිමාව පරාජය වුවහොත් නැවතත් වලව් වල ඉඳුල් කන්න වෙන්නේ රටේ පහළ පන්තියේ රැවටෙන ජනතාවටමයි..!

:       262       250

karolisFriday, 13 September 2024 05:50 PM

ලංකාවේ මිනිස්සුන්ට වලව්වල ඉඳුල් කන්න නම් වෙලා නෑ. හැබැයි වාමාංශික ත්‍රස්තවාදීන්ට විරුද්ධ වෙච්චි හින්දා වෙඩි කන්න නම් වුණා.

:       59       112

ජගත් ලියනගේ Friday, 13 September 2024 05:39 PM

අනුර ජයග්‍රහණය කරාට පස්සේ සිදුවන බල හුවමාරුව ගැන සැකයක් තියා ගන්න අවශ්‍ය නැහැ. මුළු ලෝකයම බලාගෙන ගෙන ඉන්නේ අපේ රට දිහා මේ දවස් වල. අපිට යුද, නාවික, ගුවන් හමුදා, පොලිසිය සහ විශේෂකාර්යා බලකාය ගැන හොඳටම විශ්වාසයි. ඒ ගොල්ලන්ගේ රාජකාරිය ඉටු කරාවි කියලා...!

:       97       69

Manjula Pradeep Friday, 13 September 2024 05:45 PM

අනුර කුමාර වගේ වලව් තුනේම දන්කුඩ කාපු කෙනෙක්ගෙන් අපිට පොඩ්ඩක් විස්තර අහගන්න පුළුවන් වෙයිද?

:       54       103

SaraFriday, 13 September 2024 06:46 PM

අනුරලා ඉඳුල් කාපු නැති වලව්වක් කියමු බලන්න...!

:       39       101

රම්බොඩ Friday, 13 September 2024 05:49 PM

කවුරුන් හෝ දිනාවි. එයින් කම් නැත. රටට සෙතක් වෙනවා නම් ඊට අකමැති වන රටට ආදරය කරන කිසිවෙකුත් නැත. මාලිමාවට තම කැමැත්ත පලකිරීමට මෙන්ම අනෙක් පක්ෂයකට කැමැත්ත පල කිරීමට කෙනෙකුට ඇත්තේ. සම අයිතියකි. අන්ධව පක්ෂ බදාගෙන, බොරු සිහින දැක දැක සල්ලි තියෙන එකා කෙරෙහි කුහකව බලමින් ඉන්න ව්‍යාජ සමාජවාදීන්ට බලයක් ලැබුණහොත් බූරුවාට අං ලැබුණා සේ වේදෝයි මට නිකමට හිතුනේ 89 භීෂණයේ ගිනි රස්නය හොඳින්ම දැණුනු අයෙක් නිසාවෙනි...!

:       26       55

Bernard Perera Friday, 13 September 2024 07:23 PM

අනුර කුමාර දිසානායක මහතා දැන, උගත්, බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙක්. ඇත්ත ඇති සැටියෙන්ම රටට හෙළි කරන, හොර බොරු වංචා දූෂණ කප්පම් මිනිමැරුම් චෝදනා නැති එකම නායකයා.

:       97       58

Nishan Saturday, 14 September 2024 07:46 AM

අනුර කුමාර දිසානායක ඔය කතාවම කිව්වා 2019 ඡන්දේ ලං වෙලත්. බලාපොරොත්තු තබා ගැනීමේ කිසිම වරදක් නෑ ඒත් ඒවා ඉෂ්ඨ වෙන ඉතිහාසයක් නම් එයාලට නෑ. කොහොම උනත් දැනටමත් චන්ද ව්‍යාපාරයේ ත්‍රස්තවාදය පතුරුවා තියෙන්නේ මාලිමාවයි.

:       3       53

බණ්ඩා Saturday, 14 September 2024 12:14 PM

මොනම හේතුවක් මත හෝ ජ. වී. පෙරමුණේ මාලිමාව මැතිවරණය ජයග්‍රහණය කළහොත් එයට අකුල් හෙලන කිසිම කුමන්ත්‍රණයක් නොකර බලය ඔවුන්ට දිය යුතුයි. ඔවුන් ගේ දේශපාලනය තුල කිසිම ප්‍රජාතන්ත්රවාදයකට ඉඩක් නොමැති අතර ඔවුන්ට කල හැකි ආණ්ඩුවක්ද නැත. එය ගොටාගේ ප්‍රෝඩාව මෙන් ජනතාව විසින් දැනගත යුතුය. එවිට නැවත කිසි දිනෙක ජනතාව මුල කල නොහැකිවනු ඇත.

:       6       56

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උසස් පෙළ ප්‍රතිපළ නැවත සමීක්‍ෂණය අයදුම්පත් කැඳවයි
2025 අප්‍රේල් මස 28 11 0

උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 28 46 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි


අකුණක් 5ක් රෝහලට යවයි
2025 අප්‍රේල් මස 28 120 0

අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ


‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘
2025 අප්‍රේල් මස 28 255 0

දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය


ජනපති බංගලා ගැන ළඟදීම තීරණයක්
2025 අප්‍රේල් මස 28 397 0

ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්‍


විමර්ශන ගැන තීරණයක් ගන්න දේශබන්දු කමිටුව අද යළි රැස්වේ
2025 අප්‍රේල් මස 28 238 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනාව විමර්ශන කෙරෙන තිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද නැවත රැස්වීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 977 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 425 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 573 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site